Divaina - අන්තර් පාසල් ලීග් රග්බි නැවතත් ඇරඹේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 3රටේ උද්ගතව තිබූ හදිසි තත්ත්වය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමූ 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 31 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා නැවතත් අදාළ තරගාවලිය පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා පාසල් රග්බි සම්මේලනය ප‍්‍රකාශ කර සිටී.
 
 අධ්‍යාපන අමාත්‍යාංශය, කී‍්‍රඩා අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය එක්ව අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා මේ වන විට අවසර ලබා දී ඇති අතර කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ සහ නුවර බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අදාළ තරග පැවැත්වෙනු ඇත. මීට අමතරව බ‍්‍රැඞ්බි පළිහ තරග රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී සහ මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
 
 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියෙන් අනතුරුව ජූලි 6 වැනිදා සිට ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles