Divaina - ශී‍්‍ර ලංකාවට එරෙහි ස්කොට්ලන්ත සංචිතය එළි දක්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 4එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගි වන ස්කොට්ලන්ත සංචිතය
 
 පසුගියදා ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව එඩින්බර්ග් හි පැවැත්වෙන තරග දෙකකින් සමන්විත අදාළ තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කොට තිබේ.
 
 නම්කරන ලද ස්කොට්ලන්ත කණ්ඩායමේ නායකත්වය කයිල් කෝට්සර්ට හිමිවී ඇති අතර නවක කී‍්‍රඩකයෙකු ලෙසින් 23 හැවිරිදි ඩිලන් බර්ජ් ද කණ්ඩායමට කැඳවා තිබේ. මීට අමතරව ඇෆ්ගනිස්ථාන සංචාරයේදී ආබාධයකට ලක් වූ රිච් බෙර්න්ග් හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
 
 දෙරට අතර පළමු එක්දින තරගය මැයි 18 වැනිදා ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය මැයි 21 වැනිදා ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
 
 ස්කොට්ලන්ත සංචිතය - කයිල් කෝටර්ස් (නායක), ඩිලන් බර්ජ්, ස්කොට් කැමර්න්, මැතිව් ක්රොස්, ඇලසාඩෙර් එවන්ස්, මයිකල් ජෝන්ස්, කාලම් මැක්ලියඞ්, ගවීන් මෙයින්, ජෝර්ජ් මන්සි, සෆියාන් ෂරිෆ්, ටොම් සෝල්, ක්රේග් වොලස්, මාර්ක් වොට්, බ්රේඞ් වීල්.
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles