Divaina - බංග්ලාදේශ ක‍්‍රිකට් පිල විශේෂ ආරක්ෂාවක් යටතේ ගෙන්වා ගැනීමට සාකච්ඡාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 ආසියානු ක‍්‍රිකට් සභාපතිවරු සිංගප්පූරුවේදී හමුවෙති
 
 අසේල විතාන
 
 sammis145බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර ලබන ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිත එක්දින ක‍්‍රිකට් තරගාවලිය යොදාගත් පරිදිම පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලාපොරොත්තුවෙන් පසුවේ. එ් අනුව බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා අතර විශේෂ හමුවක් ලබන 27 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට යෝජිතව තිබේ.
 
 පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් බංග්ලාදේශ යොවුන් පිල මෙම මස මුලදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණද එම සංචාරයද අවලංගු විය. අනතුරුව ලබන ජූලි මසදී බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම සමග ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියද අවලංගු කිරීමට සිදුවන බව එරට ක‍්‍රිකට් සභාපති නස්මුල් හසන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
 
 කෙසේ වෙතත් බංග්ලාදේශය මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහය අත් නොහරින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ‘‘බංග්ලාදේශය ක‍්‍රිකට් ආයතනය දැන් තියෙන තත්ත්වය අනුව තරගාවලියට සහභාගි වෙන්නෙ නැහැ කිව්වට අපි එ් අයත් සමග මේ ගැන සාකච්ඡුා කරනවා. මොකද අපි අමාරු අවස්ථාවලදී බංග්ලාදේශයට උදව් කරලා තියෙනවා. එ් නිසා විශේෂ ආරක්ෂාවක් යටතේ අපි බංග්ලාදේශ තරගාවලිය යොදා ගත් පරිදිම පැවැත්වීමට එරට ක‍්‍රිකට් සභාපතිවරයාව මුණ ගැසෙනවා. අපේ වැඩපිළිවෙළ ගැන අපි එ් අයව දැනුවත් කරනවා.’’
 
 ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධානීන්ගේ හමුවක් ලබන 27 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වෙන අතර එම හමුවෙන් පසුව ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා තීරණය කර තිබේ.
 
 බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය එරට විදේශ අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයෙන් වැඩිදුරටත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමටද නියමිත බව වාර්තා වේ. බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය අනුව කිසිම රටක් එහි සංචාරය කරනු ඇතැයි විශ්වාස නොකරන බවයි.
 
 ‘‘වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය නිසා බංග්ලාදේශ ක‍්‍රිකට් පිල ලංකාවට යැවීමට අපි සූදානම් නැහැ. අපේ ජාතික කණ්ඩායම විතරක් නෙමෙයි කනිෂ්ඨ කණ්ඩායමත් ශ‍්‍රී ලංකාවට යැවීමට අපි තීරණය කර තිබුණා. නමුත් මේ තියෙන තත්ත්වය අනුව අපි විතරක් නෙමෙයි වෙන කිසිම රටක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරයි කියලා මම හිතන්නේ නැහැ.’’ යනුවෙන් බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා පැවසීය.
 
 ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය ගැන සහතිකයක් ලැබෙනතුරු සංචාරය කිරීමට අදහසක් නොමැති බවත් බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා පවසයි. ඔහු ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි. බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින තරග තුන ලබන ජූලි මස 25, 27 සහ 29 දින පැවැත්වීමට නියමිතව තිබුණි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles