Divaina - ලෝක කුසලාන කඩුලූ දඩයම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 magraලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවා ගැනීමට ඔස්ටේ‍්‍රලියාවේ ග්ලෙන් මැක්ග‍්‍රාත් සමත්ව තිබේ. ඔහු 1996 සිට 2007 වසර දක්වා සහභාගි වූ ලෝක කුසලාන තරගාවලි හතර තුළදී සහභාගි වූ තරග 39 කදී කඩුලූ 71 ක් බිඳ දමා ඇත.
 
 ග්ලෙන් මැක්ග‍්‍රාත්ගේ පන්දු යැවීම අනුව ලෝක කුසලාන තරගාවලියේදී ඔහු කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය 18.19 ක් වශයෙන් සටහන් කරගෙන තිබේ. පන්දුවාර 325.5 ක් යවමින් මැක්ග‍්‍රාත් එම දක්ෂතාව දක්වද්දී ඔහුට එරෙහිව ලකුණු ලබා ඇත්තේ 3.96 ක වේගයකිනි.
 
 මැක්ග‍්‍රාත් පළමු වැන්නා වෙද්දී අදාළ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ය. මුරලිදරන් 1996 සිට 2011 දක්වා සහභාගි වූ ලෝක කුසලාන තරගාවලි පහකදී කී‍්‍රඩා කළ තරග 40 කදී බිද දමා ඇති කඩුලූ සංඛ්‍යාව 68 කි. මුරලිගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.63 කි. මුරලිට එරෙහිව ලකුණු ලබා ඇත්තේ 3.88 ක වේගයකිනි.
 
 ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලූ පනහේ සීමාවට පැමිණි තෙවැනි පන්දු යවන්නා වන්නේ පාකිස්තානයේ වසීම් අක‍්‍රම්ය. වසීම් අක‍්‍රම් තරග 38 කදී කඩුලූ 55 ක් ලබා තිබේ. ශ‍්‍රී ලංකාවේ චමින්ද වාස්ට කඩුලූ පනහක් ලබා ගැනීමට අවස්ථාව තිබුණද 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔහුව බංකුවේ තැබීම හේතුවෙන් අදාළ අවස්ථාව ඔහුට නොලැබුණි. වාස් ලෝක කුසලාන තරග 31 කදී කඩුලූ 49 ක් ලබාගෙන සිව්වැනි ස්ථානයේ පසුවේ.
 
 මෙවර ලෝක කුසලානයේදී හොඳම පන්දු යවන්නන් වශයෙන් ඉන්දියාවේ ජස්ප‍්‍රිට් බුම්රා, ශ‍්‍රී ලංකාවේ ලසිත් මාලිංග දකුණු අප‍්‍රිකාවේ කාගිෂෝ රබාඩා, පාකිස්තානයේ ජුනයිඞ් ඛාන්, ඇෆ්ගනිස්තානයේ රෂීඞ් ඛාන්, ඔස්ටේ‍්‍රලියාවේ ඇඩම් සම්පා, එංගලන්තයේ ක‍්‍රිස් වෝර්ක්ස්, ටිම් සවුති සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ කෙමාර් රොච් පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂිත පන්දු යවන්නෝ වෙති.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles