Divaina - ‘මේ චෝදනාව ගොනු කළේ කණ්ඩායමෙන් එළියට දාපු ක‍්‍රීඩකයෙක්’; අවිශ්ක ගුණවර්ධන කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

අයි.සී.සී.යේ චෝදනාවලට අවිශ්කගෙන් මෙහෙයුමක්
 
avisaජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන එ්කකය විසින් අවිශ්ක ගුණවර්ධනට එල්ල කරන ලද චෝදනා පදනම් විරහිත බවත් තමා වැරදිකරුවකු නොවන බැවින් සිය නිර්දෝෂිභාවය වෙනුවෙන් සටන් කරන බවත් ඔහු පවසයි.
 
 ඉකුත් 10 වැනිදා අයි.සී.සී. දූෂණ මර්දන පනතේ වගන්ති කිහිපයක් කඩ කිරීම හුවා දක්වමින් අවිශ්ක ගුණවර්ධනට දින 14 ක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙසට දැන්වීය. එම දින 14 ඇතුළතදී කරුණු ඉදිරිපත් කිරීමට ඔහු සමත් නොවුණහොත් අයි.සී.සී.ය විසින් ඔහුට ක‍්‍රිකට් සම්බන්ධ කිසිම වැඩකට සහභාගි විය නොහැකි ලෙස තහනමක් පැනවීමට නියමිතව තිබුණි.
 
 කෙසේ වෙතත් තමා නිර්දෝෂි බවත් අදාළ සිද්ධියට හේතුව ඔහු විසින් කණ්ඩායමෙන් එළියට දැමූ ක‍්‍රීඩකයකු පැවසූ දෙයක් බවත් ගුණවර්ධන පවසයි.
 
 සිය නිර්දෝෂිභාවය සම්බන්ධයෙන් නීතිඥයන් සමග මාධ්‍ය හමුවට පැමිණි අවිශ්ක ගුණවර්ධන මෙසේ සඳහන් කළේය.
 
 ‘‘අද මා පැමිණෙන්නේ පෞද්ගලිකව ආරක්ෂා වීමට නොව. අනිත් ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙනුයි.
 
 මා මෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් කැප කිරීම් කරන සියලූ දෙනා නිහ`ඩව සිටිද්දී තවත් කිහිප දෙනෙකු අපි ගොඩනගා ගත් දේ විනාශ කිරීමට උත්සහ කරමින් ඉන්නවා. ඊනියා චෝදනාවලට පදනම් වනවා යැයි අයි.සී.සී.ය පවසන්නේ මා යම් කිසි සිදුවීමක් වාර්තා නොකිරීමයි. මගෙන් විමසීමකින් තොරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මගේ සේවය අත්හිටුවා තිබෙනවා. මම එම චෝදනාවලින් නිර්දෝශී බව මතක් කර දෙනවා. වයස අවුරුදු 11 දී ක‍්‍රිකට් ආරම්භ කරපු මා කිසිම විටෙකත් නීති විරෝධී ක‍්‍රියා කරලා නැහැ.’’
 
 ‘‘පුහුණුකරුවකු ලෙසත් සාධාරණව කටයුතු කර තියෙනවා. පසුගිය වසර 12 ක කාලයේ පාසල් මට්ටමේ සිට ‘එ්’ කණ්ඩායම දක්වා පුහුණුකරුවකු ලෙස කටයුතු කර තියෙනවා. මෙම චෝදනාවේ පදනම වන්නේ තනි ක‍්‍රීඩකයකු විසින් අයි.සී.සී. යට කරන ලද ඊනියා චෝදනාවයි. ශරීර යෝග්‍යතාව හේතුව නිසා කණ්ඩායමෙන් එළියට දැමූ ක‍්‍රීඩකයකු තමයි මට එරෙහිව අයි.සී.සී.යට චෝදනා කරන්නේ. අයි.සී.සී.ය මගෙන් ඉල්ලපු බැංකු පොත්, දුරකතන සහ සියලූ දේ ලබාදී පරීක්ෂණවලට මම සහය ලබා දුන්නා. මම වැරදිකරුවකු කිරීමට පෙර මට ද`ඩුවම් ලබාදී තිබෙනවා. මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම වෙනුවෙන් මම සටන් කරනවා. එතෙක් මාව වැරදිකරුවෙක් කරන්න එපා.
 
 අවිශ්ක ගුණවර්ධන 2017 වසරේ ඩුබායි හී පැවැති ටී.10 තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමේදී යම් කිසි සිදුවීමක තොරතුරක් වසන් කළේ යැයි අයි.සී.සී.ය ඔහුට චෝදනා ගොනු කර තිබේ. අවිශ්ක ගුණවර්ධනගේ නීතිඥවරයා පවසන්නේ අයි.සී.සී.යට කරුණු දැක්වීමට ඩුබායි යෑමට සිදුව ඇත්තේ තමන්ගේ පෞද්ගලික වියදමින් බවත් එයත් අසාධාරණ තීන්දුවක් බවයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles