Divaina - ලෝක කුසලානට යන ශ‍්‍රී ලංකා පිලේ පුහුණුව තවත් කල් යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 3ලබන මස එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් වත්මන් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් තවදුරටත් කල් යන බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා ප‍්‍රධානීන්ද මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡුා මට්ටමේ සිටින නමුත් පුහුණුව ආරම්භ කරන දිනයක් තවමත් තීරණය කර නොමැත.

ලෝක කුසලාන සංචිතය නම් කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 22 වැනිදා සිට දඹුල්ලේදී පුහුණුව ඇරඹීමට නියමිතව තිබුණද පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර හමුවේ එම පුහුණුව කල් දැමුණි. නමුත් දිගින් දිගටම විවිධ තැන්වලින් හමුවන සැක කටයුතු භාණ්ඩ සහ අනිකුත් ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් කණ්ඩායමේ පුහුණුව මෙසේ කල්ගොස් තිබේ.

කෙසේ වෙතත් රටේ ආරක්ෂක තත්ත්වය සලකා බලා දඹුල්ලේදී පවත්වන්නට නියමිතව තිබූ පුහුණු සැසි කොළඹදී පැවැත්වීමටද යෝජනා වී තිබේ. එහිදී කොළඹ ආර්.පේ‍්‍රමදාස සහ එස්.එස්.සී. යන ක‍්‍රීඩාංගණවලදී එම පුහුණු සැසි පැවැත්වීමටද මේ වන විට සාකච්ඡුා මට්ටමේ පවතින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය තවමත් කණ්ඩායමක් වශයෙන් මුණ ගැසී නැති අතර ඔවුන්ට පුහුණුව සදහා සහභාගි වීමට අවශ්‍යතාවක් තිබුණද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එම පුහුණු සැසි මග හැරී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයකු පවසා සිටියේ, ‘අපේ ක‍්‍රීඩකයන් විවිධ තැන්වල ඉඳලා තමයි පුහුණුවට එන්නේ. පුහුණුවේදී ආරක්ෂාව තිබ්බත් ගෙදර ඉදලා එන්නත් ක‍්‍රීඩකයන් මේ තත්ත්වය අනුව බයෙන් ඉන්නවා. මොකද නුවන් ප‍්‍රදීප් වගේ අය මීගමුවේ ඉඳන් එන්න ඕන. අපි බලාපොරොත්තු නොවූ දෙයක් නිසා පුහුණුව මග හැරුණා. ඉදිරි දිනයේදී අපි පුහුණුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එ් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැනුම් දෙන තුරු බලා සිටිනවා.’ යනුවෙනි.

ලෝක කුසලානට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන මස 06 වැනිදා ස්කොට්ලන්තය බලා පිටත්ව ගොස් එංගලන්තයට පැමිණීමට නියමිතව තිබේ. ස්කොට්ලන්තය සමග ශ‍්‍රී ලංකාව එක්දින තරග දෙකකට සහභාගි වන අතර එම තරග දෙක ලබන මස 18 සහ 21 යන දෙදින පැවැත්වේ. ලෝක කුසලාන සමාරම්භක තරගය ලබන මස 30 වැනිදා පැවැත්වේ.

අසේල විතාන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles