Divaina - පෙරළිකාර යුද හමුදාව ක්ලිෆර්ඞ් කුසලාන අවසන් තරගයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 1අවසන් පූර්ව වටයේදී ලකුණු 32-23ක් ලෙස පොලිස් කී‍්‍රඩා සමාජ කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ යුද හමුදා කණ්ඩායම 2019 ක්ලිෆර්ඞ් කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීමට පෙරේදා (19 වැනිදා) සමත් විය.
 
 තුරග තරග පිටියේදී පැවැති අදාළ තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විටදී ලකුණු 16ක් ලබා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායමට වඩා ලකුණු 2ක් ඉදිරියට ඒමට පොලිස් කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත් වී සිටියේය. එහෙත් තරගයේ දෙවැනි අර්ධයේදී හොඳින් තරගයට අවතීර්ණ වූ යුද හමුදාව ජයග‍්‍රාහි ලෙස තරගය නිමාකරන්නට සමත් විය.
 
 යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ඉෂාර මධුශාන් සහ නුවන් පෙරේරා එක් උත්සාහක දිනුම බැගින් සහ පරාක‍්‍රම රත්නායක උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කිරීමට සමත් විය. චරිත් සෙනෙවිරත්න ප‍්‍රවර්තන තුනක් සහ ද`ඩුවම් පහර දෙකක් එල්ල කිරීමට සමත් විය.
 
 පොලිස් කී‍්‍රඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් විහඟ පිවිතුරු සහ උදය සංජුල එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය. ජනිත් චන්දිමාල් එක් උත්සාහක දිනුමක් සමගින් ප‍්‍රවර්තන එකක් සහ ද`ඩුවම් පහර දෙකක් එල්ල කිරීමට සමත් විය.
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles