Divaina - බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් නවසීලන්තය සමග තරගාවලිය අවලංගු කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 bangs නවසීලන්තයේ සංචාරයක නිරත වී සිටින බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමට ඊයේ (15 වැනිදා* ක‍්‍රයිස්ට් චර්ච්හිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවී තිබේ. මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් එල්ල කර ඇති මෙම ප‍්‍රහාරයෙන් බංගලාදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේදී සිකුරාදා දේව මෙහෙයට සහභාගී වීම සඳහා බංගලාදේශ කි‍්‍රකට් කණ්ඩායම දේවස්ථානයට පැමිණෙමින් සිට ඇත. ප‍්‍රහාරය එල්ල වීමෙන් පසුව ඔවුන් හැකි ඉක්මනින් හැග්ලි ඕවල් ක‍්‍රීඩාංගණය වෙත යවා ඇති අතර මේ වන විට ඔවුන් ආරක්ෂිතව සිටින බවද වාර්තා වේ.
 
 නවසීලන්තය සහ බංගලාදේශ කණ්ඩායම අතර එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබු අතර මේ සිද්ධියෙන් අනතුරුව බංගලාදේශ - නවසීලන්ත ක‍්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles