Divaina - ‘කි‍්‍රකට් නිලවරණයේ දී රණතුංග පාර්ශ්වයට ඡන්දය දීම හේතුවෙන් ගාලූ ක‍්‍රීඩා සමාජයේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


votesපසුගියදා පැවැති කි‍්‍රිකට් නිලවරණයේ දී ගාලූ ක‍්‍රීඩා සමාජයට අයත් ඡුන්ද දෙක එම ක‍්‍රීඩා සමාජයේ බහුතර කැමැත්තට පිටුපා යමින් පුද්ගලික මතය පදනම්ව පාවිච්චි කර ඇති බව එහි උප සභාපති ශාන්ති ලාල් අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
 
 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේ දී රණතුංග පාර්ශ්වයට ඡුන්දය දීම හේතුවෙන් ගාලූ ක‍්‍රීඩා සමාජයේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් යන ශීර්ෂය යටතේ 2019.03.04 ‘‘දිවයින’’ ක‍්‍රීඩා පිටුවේ පළවූ ප‍්‍රවෘත්තියට පිළිතුරු ලෙස එහි උප සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියි.
 
 ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජය මේ වනවිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පාලක (Controlling) ක‍්‍රීඩා සමාජයක් වශයෙන් කි‍්‍රයා කරන අතර ශ‍්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා ඡන්ද 2 ක අයිතියක් ඇති ක‍්‍රීඩා සමාජයක් වේ.
 
 ඉහත කී ඡන්ද බලය ක‍්‍රීඩා සමාජයේ සියලූ සාමාජිකයන් සතු සාමූහික ඡන්දයක් වන අතර එම ඡන්දයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණයේ දී කුමන පාර්ශ්වය සඳහා පාවිච්චි කරන්නේද යන කැමැත්ත (Mandate) තීරණය කිරීම ක‍්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන කමිටු රැස්වීමකදී ගනු ලැබේ.
 
 ඒ අනුව පසුගියදා (2019.02.16) පැවැත්වූ ගාලූ කි‍්‍රකට් සමාජයේ කමිටු රැුස්වීමේදී බහුතර සාමාජික සංඛ්‍යාවක් විසින් තීරණය කරන ලද්දේ ශම්මි සිල්වා මහතා නියෝජනය කරන පාර්ශ්වය වෙනුවෙන් ගාලූ කි‍්‍රිකට් සමාජයේ කැමැත්ත (ඡන්දය) කි‍්‍රකට් ආයතනයේ නිලවරණයේ දී භාවිත කිරීමටය. එහෙත්, නිලවරණය සඳහා සහභාගි වූ ක‍්‍රීඩා සමාජයේ ලේකම් ධුරය දැරූ ගජබා පිටිගල සහ කි‍්‍රකට් ලේකම් චාල්ස් සිල්වා යන අය ක‍්‍රීඩා සමාජයේ තීරණයට පටහැනිව කටයුතු කරමින් වෙනත් පාර්ශ්වයක් සඳහා ඡුන්දය ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව ගාලූ ක‍්‍රීඩා සමාජයේ ව්‍යවස්ථාව ප‍්‍රකාරව වරදක් සිදුකර ඇති බැවින් ඒ සඳහා විශේෂ කමිටු රැුස්වීමක් කැඳවා ඒ පිළිබඳව ව්‍යවස්ථානුකූලව කටයුතු කර ඇති බව වගකීමෙන් ප‍්‍රකාශ කර සිටිමි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles