Divaina - ශ‍්‍රී ලංකාවේ රැඳී සිටිමින් දූෂණ හෙළි කරන්නැයි ක‍්‍රිකට් සභාපති අයි.සී.සී.යෙන් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


අසේල විතාන
 
 sammi135ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන කාර්යාලය ශ‍්‍රී ලංකාවේ කැමැති කාලයක් ස්ථාපනය කරමින් මෙරට ක‍්‍රිකට් දූෂණ සහමුලින්ම නවතා දැමීමට කටයුතු කරන ලෙස ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ ප‍්‍රධානී ඇලෙක්ස් මාෂල්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් දුෂන බොහෝ ඇති බවට පසුගියදා අයි.සී.සී.ය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම තුළින් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බලවත් හානියක් සිදුව ඇති බවත් අදාළ චුදිතයන් කවුරුන්ද යන්න සොයා බලා හැකි ඉක්මනින් එම දුෂන හෙළි කරන ලෙස ක‍්‍රිකට් සභාපතිවරයා ඉල්ලා තිබේ.
 
 ‘අපේ ක‍්‍රිකට්වල දුෂණ බොහොමයක් තියෙන බවට අයි.සී.සී.ය පසුගියදා පැවසුවා. අපි නිලවරණයකින් දිනලා ඇවිල්ලා තියෙන්නෙ මේ දුෂන සියල්ල නවත්වන්න. මම අයි.සී.සී. ප‍්‍රධානියාගෙන් ඉල්ලා සිටින්නෙත් හැකි තරම් කාලයක් ශ‍්‍රී ලංකාවේ ඉදලා මේ දුෂිකයන්ව සොයලා දෙන්න කියලා. නැතිනම් මේක අපේ රටට විශාල කැලලක්.’ යැයි ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.
 
 අයි.සී.සී.ය විසින් ඉදිරිපත් කරන කි‍්‍රකට් දුෂිකයන්ට තම පරිපාලනය යටතේ කිසිම තනතුරක් කිරීමට ඉඩ නොදෙන බවත් අදාළ විෂබීජ ඇත්නම් ඒවා සහමුලින්ම තුරන් කිරීමට අයි.සී.සී.යට උපරිම සහය ලබාදෙන බවත් ෂම්මි සිල්වා පවසයි.
 
 ‘‘අපි අයි.සී.සී.යට කිව්වෙ ඔවුන්ගෙ පරීක්‍ෂණ කරන්න අවශ්‍ය සියලූ පහසුකම් සහ සහය අපි ලබාදෙනවා කියලා. අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියට ගෙන යන්න මේ විෂබීජ සහමුලින්ම ඉවත් කරන්න ඕන. අපි ඇවිල්ලා ඉන්නෙ විනය ඉහලින් තියෙන ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් ඇති කරන්න. පසුගිය කාලයේ සිදුවු ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. හැබැයි අයි.සී.සී.ය කියන තරගපාවාදීම්වලට සම්බන්ධ පුද්ගලයන් ඉන්නවනම් ඒ අයට ක‍්‍රිකට් ආයතනයේ දොර විවෘත කරන්නේ නැහැ.’’ යැයි ක‍්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
 
 පසුගියා හිටපු ක‍්‍රිකට් නායක සනත් ජයසුරියටද අයි.සී.සී.ය විසින් වසර දෙකක තහනමක් ලබාදුන් අතර එයට හේතුව වුයේ අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ නීති දෙකක් වන පරීක්‍ෂණ මග හැරීම සහ ඒවාට සහය නොදීම වැනි කරුණු ජයසූරිය විසින් උල්ලංඝණය කළ බව සඳහන් කරමිනි. නමුත් ජයසුරිය ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී සිදුවූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අයි.සී.සී.ය දිගින් දිගටම පරීක්‍ෂණ සිදුකළද ඔහු කළ වරද සම්බන්ධයෙන් අයි.සී.සී.ය කිසිදු සඳහනක් නොකළ අතර නීතිරීති උල්ලංඝනය කිරීම පමණක් සඳහන් කළේය.
 
 මීට අතරව නුවන් සොයිසා සම්බන්ධයෙන්ද අයි.සී.සී.ය පරීක්‍ෂණ පවත්වන අතර හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ පරිපාලකයන් සම්බන්ධයෙන්ද ඔවුන් විධිමත් පරීක්‍ෂණ සිදුකරමින් පවතී. එම පරීක්‍ෂණ ඉදිරි මාස කිහිපය තුළදී අවසන් කිරීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles