Divaina - කෝලිලාගේ ගෙදරදී ෆින්ච්ලා ශූරයෝ වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


kolila555
ඉන්දියානුවන්ට මව්බිමේදී අමතක නොවන තරගාවලි පරාජයක් උරුම කර දුන් ඔස්ටේ‍්‍රලියාව පෙරේදා රාත‍්‍රියේදී දිල්ලි නුවර පැවැති පස්වැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කළේය. ඒ අනූව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් වශයෙන් ඒරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ටේ‍්‍රයානුවන්ට හිමිවිය.
 
 ‘මෙය විශිෂ්ඨ අවස්ථාවක්. අපිට ලෝක කුසලාන ජය ගන්න පුළුවන් බව මෙම ජයග‍්‍රහණයත් සමග ඔප්පු වුනා.’ යැයි ඔස්ටේ‍්‍රලියානු නායකයා තරගයෙන් පසුව පැවසීය. තරගාවලිය 2-0 ක් වශයෙන් ඉන්දියානුවන් ඉදිරියෙන් සිටියද අනතුරුව පැවැති තරග තුනම ජය ගැනීමට ඔස්ටේ‍්‍රලියානුවන්ට හැකිවිය.
 
 පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ඔස්ටේ‍්‍රලියානුවන් ලබාගත් ලකුණු 272 ට පිළිතුරු වශයෙන් සත්කාරකත්වයේ වාසිය සතුව සිටි ඔස්ටේ‍්‍රියානු ඉනිම ලකුණු 237 කට සීමා විය. ඔස්ටේ‍්‍රලියානු ජයග‍්‍රහණය වෙනුවෙන් උස්මන් කවජා පන්දු 106 කී හතරේ පහර 10 ක් සහ හයේ පහර දෙකක් සමග ශතකයක් ලබාගත් අතර හැන්ඞ්ස්කොම්ප් අර්ධ ශතකයක් (52* වාර්තා කළේය.
 
 ඉන්දියානු ඉනිම වෙනුවෙන් රෝහිත් ෂර්මා (56* පමණක් අර්ධ ශතකයක් වාර්තා කරද්දී කීදර් ජදෙව් ලකුණු 44 ක් සහ බුවනේෂ් කුමාර් ලකුණු 46 ක් වශයෙන් ලබා ගත්තේය. නායක විරාට් කෝලි ලකුණු විස්සකට දැවී ගිය අතර ඉන්දියානුවන්ගේ ඉනිම විනාශ කිරීමේදී කමින්ස්, රිචඞ්සන් සහ ස්ටොයින්ස් කඩුලූ දෙක බැගින් බිද දැමුහ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles