Divaina - ශී‍්‍ර ලංකා පාසල් හොකී තරගාවලියේ ශාන්ත පීතර සහ සහිරා සම ශුරයෝ වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 3ශී‍්‍ර ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් මිහින්තලේ රජරට විශ්වවිiාලයීය කී‍්‍රඩාංගණයේදී පවත්වන ලද ශී‍්‍ර ලංකා පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියෙහි බාලක ශූරතාව සමව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මාතලේ සහිරා විදුහල සමත් විය. එකී දෙවැනි අනුශූරතාව මාතලේ කි‍්‍රස්තුදේව විදුහල සතු විය.
 
 මෙවර තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාව මාතලේ ශී‍්‍ර සංඝමිත්තා විදුහල නියෝජනය කළ කී‍්‍රඩිකාවෝ දිනා ගත්හ.
 
 එහි අනුශූරතාව කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට හිමි වූ අතර දෙවැනි අනුශූරතාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සතු විය.
 
 පසුගිය වර බාලක සම ශූරයින් වූ මාතලේ විජය විදුහලට සහ මාතලේ ශාන්ත තෝමස් විදුහලට මෙවර පදක්කමක් දිනා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි.
 
 දිගු කලකට පසුව කි‍්‍රයාත්මක වෙමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල මාතලේ සහිරා විදුහල සමඟ සම ශූරතාව තහවුරු කර ගැනීම මෙවර දක්නට ලැබුණු සුවිශේෂත්වයකි. එමෙන්ම බාලිකා අංශයේ දෙවැනි අනුශූරතාව වෙන්නප්පුවට රැගෙන යෑමට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් වීම ද කැපී පෙනුණි.
 
 අනුරුද්ධ
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles