Divaina - ‘114 වන ආදරවන්තයින්ගේ සටන’ හෙට සහ අනිද්දා ගාල්ලේදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p16 1ගාල්ල මහින්ද සහ රිච්මන්ඞ් විද්‍යාලාන්තර ක‍්‍රිකට් තරගය ‘114 වන ආදරවන්තයින්ගේ සටන’ හෙට සහ අනිද්දා (15 සහ 16) යන දෙදින තුළ ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් කර ඇත.

මෙවර අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලිය තුළ පළමු කාණ්ඩයෙන් තරග වදින මෙම කණ්ඩායම් දෙකම අති ප‍්‍රබල කණ්ඩායම් 02 ක් ලෙස දිවයිනේ සියලූ පාසල් වලට අභියෝගයක් වෙමින් තරග වැදී ඇති අතර රිච්මන්ඞ් විද්‍යාලය පාසල් ක‍්‍රිකට් දෙදින තරගාවලියේ අවසන් පාසල් 12 අතරට තේරී පත් වූ අතර මහින්ද විද්‍යාලය ඉන් ඉදිරියට යමින් මේ වන විටත් අවසන් පාසල් 08 අතරට ද තේරී පත් වී සිටී.

රිච්මන්ඞ්- මහින්ද වාර්ෂික මහා ක‍්‍රිකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට ඇරැුඹෙන අතර මෙතෙක් පැවැති තරග අතුරින් මහින්ද විද්‍යාලය තරග 23 ක් ජයග‍්‍රහණය කර ඇති අතර රිච්මන්ඞ් විද්‍යාලය ද තරග 23ක් ජයග‍්‍රහණය කරමින් සම තත්වයේ පසුවෙයි. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් ව ඇත. වර්ෂ දෙකකදී මෙම මහා තරගය පවත්වා නොමැත. අවසන් වරට මහින්ද විද්‍යාලය තරගය ජයග‍්‍රහණය කරන ලද්දේ 2008 වසරේ දී ය. රිච්මන්ඞ් විද්‍යාලය 2015 වර්ෂයේ අවසන් වරට තරගය ජයග‍්‍රහණය කර ඇත.

මහින්ද විද්‍යාලය මෙවර මෙහෙයවනු ලබන්නේ සිවුවන වසර කී‍්‍රඩකයකු වන විනුර දුල්සර විසිනි. ඔහු මෙවර ශතක දෙකක් අර්ධ ශතක 04 ක් සමගින් ලකුණු 800 සීමාව ඉක්මවා ඇත. මෙවර තරගාවලිය තුළ මහින්දයේ උප නායකත්වය අශේන් කණ්ඩම්බි ට හිමි ව ඇත. මහින්දය වෙනුවෙන් පස්වන වසරේ ක‍්‍රීඩක හංසික වැලිහිඳ ලකුණු 900 සීමාව ඉක්මවා ඇති අතර ශ‍්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කිරීම නිසා පාසල් තරග අහිමි වූ නවෝද් පරණවිතාන ද ලකුණු 450 සීමාව ඉක්මවා ඇත. මහින්ද පිලේ තවත් බලාපොරොත්තුවක් වන ශ‍්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කරන ලද නිපුන් මාලිංග ද තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් සිටී. මහින්ද කණ්ඩායමේ වැඩිම කඩුලූ ලාභියා වන්නේ කුෂාන් මධුෂ වන අතර ඔහු කඩුලූ 64 ක් දවාගෙන ඇත. කවීෂ, කෞෂික මෙන්ම ධනුජ ද ලකුණු අතර සිටීම මහින්දය පැත්තෙන් ශක්තියකි. එසේම පසන් පෙතංගොඩගේ හා සුභානු රාජපක්ෂගේ දඟ පන්දු ගැන ද මහින්දීයන් කතා කරන්නේ ආඩම්බරයෙනි.

රිච්මන්ඞ් විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ තවීෂ අභිෂේක් විසිනි. ඔහු මෙවර තරගාවලිය තුළ ශතක 01 අර්ධ ශතක 03 ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවා යමින් රිච්මන්ඞ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත.

රිච්මන්ඞ් විද්‍යාලයේ උපනායකත්වය දරනු ලබන්නේ ආදිත්‍ය සිරිවර්ධන විසිනි. ඔහු ද මෙම තරගවාරය තුළ අර්ධ ශතක 05 ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවා ඇත. වයස අවුරුදු 19 පහළ ශී‍්‍රලංකා කණ්ඩායම නියෝජනය කරන දිලූම් සුදීර සහ සඳුන් මෙන්ඩිස් මෙවර රිච්මන්ඞ් කණ්ඩායමේ ප‍්‍රධාන තුරුම්පු දෙකකි. දිලූම් මේ වන විට කඩුලූ 70 ක් සහ ලකුණු 350 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වා ඇත. සඳුන් කඩුලූ 33 ක් සමඟින් ලකුණු 400 ඉක්මවා ඇත. එසේම විනුජ කිරිඇල්ල, දිමුත් සඳරුවන්,ෂම්මු විමුත් සහ අම්ෂි ද සිල්වා ගැන ද මෙවර රිච්මන්ඞ් කණ්ඩායම වැඩි බලාපොරොත්තු දල්වාගෙන ඇත.

රිච්මන්ඞ් විද්‍යාලයීය කණ්ඩායම,

තවීෂ අභිෂේක් (නායක), ආදිත්‍ය සිරිවර්ධන (උප නායක) සඳුන් මෙන්ඩිස්, දිලූම් සුදීර, ෂම්මු විමුත්, අම්ෂි ද සිල්වා, විනුජ කිරිඇල්ල, චමත් දිල්හාර, නිම්නාද කිරින්දගේ,දිමුත් සඳරුවන්, භානුක මනෝහර, කල්ප නෙත්සර, කිවිඳු නිර්මාණ, සනුල් සංදීෂ්, අචින්ත ඉෂිවර, ධම්මික සුදර්ශණ (පුහුණුකරු), ලක්මාල් ද සිල්වා (සහය පුහුණුකරු), එස්.ආර්. නානායක්කාර (ක‍්‍රිකට් භාර ආචාර්ය)

මහින්ද විද්‍යාලයීය කණ්ඩායම,

විනුර දුල්සර (නායක), අශේන් කණ්ඩම්බි (උප නායක) හන්සික වැලිහිඳ, නවෝද් පරණවිතාන, නිපුන් මාලිංග, පසන් පෙතංගොඩ, සුභාණු රාජපක්ෂ, ලහිරු භාෂණ, කෞෂිත කොඩිතුවක්කු, සදෙව් ඉඳුවර, කුෂාන් මධුෂ, කවීෂ මල්ලියාවඩු, ඔසිදු කුලරත්න,ධනුජ ඉදුවර,රන්මිණ හෙට්ටිආරච්චි, අශේන් ශාමික, අනිල් රිදියගම්මනගෙදර (පුහුණුකරු), සුනෙත් කුඩාහෙට්ටි(සහය පුහුණුකරු) වයි.නිශාන්ත කුමාර (ක‍්‍රිකට් භාර ආචාර්ය)

සටහන හා ඡුායාරූප බෝගහගොඩ ඒ.ඩබ්ලිව්.ඒ නිමල්

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles