The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Lolc mCash 365x90 S

UPali

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලට සහභාගී වීම සම්බන්ධයෙන් රුසියාවට පනවා තිබූ තහනම දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.
 
 රාජ්‍ය අනුග්‍රහයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් රුසියාවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තහනමක්‌ පනවන ලද්දේ 2015 වසරේ නොවැම්බර් මාසයේදීය.
 
 මෙම තහනම හේතුවෙන් තවත් දින කිහිපයකින් ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්වීමට නියමිත යුරෝපීය මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමේ අවස්‌ථාව රුසියාවට අහිමි වී ඇත.
 
 රුසියාව පසුගිය වසර කිහිපය තුලදී තම වැරදි ප්‍රධාන අංශ කිහිsපයකින් නිවැරදි කරගෙන ඇතත් තවත් සකස්‌කරගත යුතු අඩුපාඩු කිහිපයක්‌ම රුසියානු මලල ක්‍රීඩා ක්‌ෂේත්‍රය තුළ පැවතීම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තහනම තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජගත් මලල ක්‍රීඩා සංගමය පවසයි.
 
 ඒමන්ති මාරඹේ
 

sikuru

සිනමා කලා

dil250

නවලිය

nava250

දියග

gaga250

මීවිත

rana250

More Articles