Divaina - ක්‍රීඩා අමාත්‍යාංශය අහක බලද්දී - ජාතික දැල් පන්දු පිල වික්‍රමයක්‌ කරයි - ලෝක ශ්‍රේණියේ 6 වැනියාට ශ්‍රී ලංකාව සමවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

p16 5ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව ඉලක්‌ක කර ගනිමින් මලාවි සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායම ප්‍රබල මලාවි පිල හමුවේ පැවැති තරගය කරට කර සටනකින් පසුව විසදුමකින් තොරව නිමාකර ගැනීමට සමත් විය.
 
 ලබන සැප්තැම්බර් මස සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාව ඉලක්‌කකර ගනිමින් මලාවි කණ්‌ඩායම සමග පෙරහුරු තරගයකට ශ්‍රී ලංකා පිල සහභාගී විය.
 
 අදාළ සංචාරයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදනයක්‌ දැල් පන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටියද, එය ප්‍රතික්‌ෂේප වෙද්දී කෙසේ හෝ කණ්‌ඩායම සංචාරයට සහභාගී කරවීමට දැල්පන්දු සම්මේලනය කටයුතු කිරීම අගය කළයුතු වෙයි.
 
 මේ තරගයේ විශේෂත්වය වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්‌ථානයේ සිටින මලාවි කණ්‌ඩායමට එරෙහිව අදාළ ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්‌ථානයේ සිටින ශ්‍රී ලංකාව තරගය ජය පරාජයකින් තොරව අවසන්කර ගැනීමට හැකි වීමයි.
 
 දෙපිළම අදාළ තරගයේදී 56-56 වශයෙන් සම සමව අවසන් වෙද්දී පළමු කාර්තුවල අවසන් ලකුණු තත්ත්වය 17-14, 11-11, 17-16 සහ 11-15 ක්‌ වශයෙනි.
 
 මෙම තරගයේදී මලාවි ජාතික කණ්‌ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් හය දෙනෙකුද ක්‍රීඩාකර ඇති බවට වාර්තා වේ.
 
 අද දිනයේදී ශ්‍රී ලංකා පිල මලාවි ජාතික කණ්‌ඩායම සහ මලාවි දැල්පන්දු ක්‍රීඩා සමාජ කණ්‌ඩායම සමග තරග සඳහා සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල මෙම සංචාරයේදී සමස්‌ත තරග 6ක්‌ ක්‍රීඩා කිරීමට නියමිතය.
 
 ශ්‍රී ලංකා සංචිතය
 
 චතුරංගනී ජයසූරිය (නායිකා), දර්ෂිකා අබේවික්‍රම, ගයනි දිසානායක, තර්ජනී ශිවලිංගම්, සුරේෂා කුමාරි, තිළිණි වත්තේගෙදර, ගයාංජලී අමරවංශ, නෞෂලී රාජපක්‌ෂ, දුලාංජි වන්නිතිලක, දුලංගා ධනංජි, හසිතා මෙන්ඩිස්‌, එලියන්තිනී සේතුකාවලන්, රුවිනි යසිගම්මන, ශ්‍යාමලී රත්නායක, තිසුරි විඡේසුන්දර, තිලකා ජිනදාස (පුහුණුකාරිණි.)

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles