The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

p16 1ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ශ්‍රේණියේ ඉහළ නැඟීමට සත්කාරකත්වයේ වාසිය සමග මාන බලන ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග තෙවැනි වරටත් ටෙස්‌ට්‌ තරගාවලි ජයක්‌ ලැබීමට සන්නද්ධවී අද (12 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආගන්තුකයන් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු සටනට සහභාගි වේ.

දකුණු අප්‍රිකානුවන් වත්මන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්‌ථානයේ සිටීම අභියෝගයක්‌ වුවත් ඒ සඳහා මුහුණ දීමට තම කණ්‌ඩායම ශක්‌තිමත් මනසකින් සැදී පැහැදී සිටින බව ඊයේ තරගය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ නවක ක්‍රීඩක රොෂේන් සිල්වා පවසයි.

''දකුණු අප්‍රිකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්‌ඩායම් දෙක අතර ඉන්න කණ්‌ඩායමක්‌. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් ඉතාමත් හොඳ බව හැමෝම දන්නවා. රාබඩා, ඩේල් ස්‌ටේන් සහ පිලැන්ඩර් ලොව හොඳම වේග පන්දු යවන්නන් සමග තමයි දකුණු අප්‍රිකානු කණ්‌ඩායම අපිව හමුවන්නෙ. නමුත් ඒ අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්‌ති වෙලයි ඉන්නෙ.'' යනුවෙන් රොෂේන් සිල්වා පවසයි.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දහවැනි ටෙස්‌ට්‌ තරගාවලිය මෙය වන අතර අවසන් වූ තරගාවලි වාර්තා අනුව දකුණු අප්‍රිකානුවන් ඉන් හත්වරක්‌ම තරගාවලි ශූරතාව දිනා ගන්නා අතරවාරයේ ශ්‍රී ලංකාව දෙවරක්‌ පමණක්‌ ශූරයන් වී තිබේ. 1993 වසරේ සිට දෙරට මුණ ගැසුන ටෙස්‌ට්‌ තරග 25 කදී ශ්‍රී ලංකාව තරග පහක්‌ ජය ගන්නා අතරවාරයේදී දකුණු අප්‍රිකාව තරග 14 ක්‌ ජයගැනීමට දක්‍ෂ වී තිබේ. එහෙත් අද පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගයට පැය කිහිපයකට පෙර අයි.සී.සී.ය චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ සම්බන්ධයෙන් විශේෂ තීරණයක්‌ ගැනීමට නියමිතව තිබීම ශ්‍රී ලංකාවට අතිරේක පීඩනයකි. ඒ සම්බන්ධ තීරණය කුමක්‌ වුවත් අභියෝගයට මුහුණ දෙන්න කණ්‌ඩායම සූදානම් බව රොෂේන් පවසයි.

''චන්දිමාල් ගැන අයි.සී.සී.ය අවසන් තීරණය දෙන්න තව පැය කිහිපයක්‌ තියෙනවා. ඒ නිසා ඒ තීරණය කුමක්‌ වුවත් අපි කණ්‌ඩායමක්‌ වශයෙන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා ඕනෑම අභියෝගයක්‌ හමුවේ ක්‍රීඩා කරන්න.''

ශ්‍රී ලංකාව හමුවේ අයි.සී.සී. තීන්දුව වැට උඩ තියෙද්දී දකුණු අප්‍රිකානුවන් හමුවේ දඟ පන්දුවට මුහුණ දීමේ අභියෝගය කර මත පැටවී තිබේ. ශ්‍රී ලංකාව ගාල්ලේදී සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 30 න් 17 ක්‌ ජය ගනිද්දී පරාජය වී ඇත්තේ තරග හතක්‌ පමණි. ඒ අනුව දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට පිටිවහලක්‌වී ඇති බව පැහැදිලි වන්නේ ගාල්ලේදී දැවී ගොස්‌ ඇති කඩුලු 80% ක්‌ම දඟ පන්දු යවන්නන් විසින් ඩැහැ ගැනීම හේතුවෙනි. ගාල්ලේ මෙතෙක්‌ පැවැති තරග 30 අතරතුරදී දඟ පන්දු යවන්නන් විසින් කඩුලු 470 කට ආසන්න සංඛ්‍යාවක්‌ දවා ගෙන ඇත. එහිදී මුරලිදරන් (111), රංගන හේරත් (94) සහ ඩිල්රුවන් පෙරේරා එකතුව කඩුලු 204 ක්‌ දවා ගෙන තිබේ. අද තරගයේදී හේරත් සහ ඩිල්රුවන් ක්‍රීඩා කිරීම දකුණු අප්‍රිකානුවන්ට එතරම් සුවදායක කරුණක්‌ නොවනු ඇත.

''කොහොමත් ගාල්ල තණතීරුව දඟ පන්දු යවන්නන්ට උචිත බව හැමෝම දන්න කරුණක්‌. නමුත් මේ තණතීරුව තවම අපි හරියට දැක්‌කෙ නැහැ වහල තිබුණ නිසා. කොහොම වුණත් තරගයට ක්‍රීඩා කරන සංචිතය කොහොමද යන්න තීරණය කරන්නෙ අපේ කණ්‌ඩායම් රැස්‌වීමේදී. අපි විශ්වාස කරනවා දඟ පන්දු යවන්නන්ට උචිත වේවි කියා.'' රොෂේන් තණතීරුව සම්බන්ධයෙන් පවසන්නේ එවැනි අදහසකි.

කොදෙව් සංචාරයේ සිදුවූ මතකයද අවදි කළ රොෂේන්, ''ඇත්තටම මම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ඉස්‌සල්ලා ගොඩක්‌ මහන්සි වුණා. ඒ තරගාවලියට ඉස්‌සල්ලා තිබුණ පළාත් තරගාවලියේ තරග තුනකට මම ලකුණු පන්සියකට වැඩිය ලබාගෙන හොඳ මානසිකත්වයකින් තමයි කොදෙව් ගියේ. ඒත් හිතපු නැති විදිහට තමයි තණතිලි හම්බ වුණේ. මොකද අපි පළමු තරගය පරාද වුණ නිසා අපිට තෙවැනි තරගයේදී සමහර විට තණකොළ ගොඩක්‌ තියෙන විකට්‌ එකක්‌ දෙන්න ඇති. චන්දිමාල් මෙන්ම පුහුණුකරුවනුත් කිව්වෙ ඒ අයගේ ක්‍රිකට්‌ දිවියේ දැක්‌ක වේගවත්ම තණතිල්ලක්‌ කියලා. පුහුණුකරු හතුරුසිංහ අපිට කිව්වා ලෝකයේ වේගවත්ම තණතීරු තුනෙන් එකක්‌ කියලා. දැන් බංග්ලාදේශය එහෙදී ක්‍රීඩා කරන අයුරු දැක්‌කම පේනවා කොච්චර අමාරුද කියලා. නමුත් අපි එහෙදී ඒ අභියෝගය භාර අරගෙන කණ්‌ඩායමක්‌ විදිහට ක්‍රීඩා කරපු නිසා තමයි ජය ගත්තේ. කොහොමත් අන්තිමට ක්‍රීඩා කරපු බංග්ලාදේශ, ඉන්දියාව සහ කොදෙව් සංචාරය හොඳට කරපු නිසා අපිට මේ තරගාවලිය ජය ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.''

රොෂේන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට තේරීමෙන් පසු ශ්‍රී ලංකාවේදී සහභාගි වන පළමු ටෙස්‌ට්‌ තරගයද මෙය වේ. එහිදී ඔහු පිතිකරු ස්‌ථානයේ ඕනෑම තැනක පන්දුවට පහරදීමට සූQදානම් බවද අවසන් වශයෙන් පැවසීය.

අසේල විතාන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ සිට

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles