The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

p16 5ගාලු ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ කඩුලු සියයක්‌ දවා ගත් දෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට රංගන හේරත්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු හයක්‌ පමණි. ඔහු අද ගාල්ලේදී ක්‍රීඩා කරනු ලබන්නේ සිය අවසන් ටෙස්‌ට්‌ තරගයට පෙර ක්‍රීඩා කරන තරගය බවට ඉඟි පළ කර තිබේ.
 
 මුත්තයියා මුරලිදරන් ගාලු ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ තරග 15 කදී කඩුලු 111 ක්‌ දවා ගන්නා අතරවාරයේදී හේරත් තරග 17 කදී කඩුලු 94 ක්‌ බිඳ දමා ඇත. මේ වන විට ටෙස්‌ට්‌ තරග 90 කදී මුළු කඩුලු 418 ක්‌ දවාගෙන ඇති 40 හැවිරිදි හේරත් සිය සමුගැනීමට හොඳම කාලය එළැඹ ඇතැයි බී.බී.සී. මාධ්‍ය හමුවේ පවසා තිබේ.
 
 ''මේ කාලය තමයි සමුගැනීමට හොඳම කාලය. නොවැම්බර් මස එංගලන්තය සමග තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවිය නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද නවක ක්‍රීඩකයන්ට ඒක අවස්‌ථාවක්‌. දැන් කණ්‌ඩායමට නවක ක්‍රීඩකයන් පැමිණෙන වකවානුවක්‌'' යෑයි ඔහු වැඩිදුරටත් පවසයි.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles