The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Number Match Sinhala

divaina banner new

p16 4මේ දිනවල පින්ලන්තයේ ක්‍රියාත්මක ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්‌කම් බලාපොරොත්තුවක්‌ වන අරුණ දර්ශන මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරගයේ පළමු වැනියා වෙමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූයේය.
 
 ඒ අනුව අදාළ අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.20 පමණ පැවැත්වීමට නියමිතව තිබේ.
 
 පළමු වටයේ තුන්වැනි තරගය සඳහා සහභාගිවූ අරුණ තත්. 46.81 ක දක්‌ෂතාවක්‌ දක්‌වමින් මෙම අවස්‌ථාව හිමිකර ගැනිණි. ශ්‍රී ලංකාවේ වත්මන් මීටර් 400 ඉසව්වේ වේගවත්ම ධාවකයා වන ඔහුගේ පෞද්ගලික හොඳම දක්‌ෂතාව තත්. 45.79 කින් එම ඉසව්ව අවසන් කිරීම වේ.
 
 8 වැනි මංතීරුවේ ධාවනයේ යෙදෙමින් ඔහු විසින් මෙම දක්‌ෂතාව දක්‌වන අතරවාරයේදී අදාළ දෙවැනි සහ තෙවැනි ස්‌ථාන පිළිවෙළින් බ්‍රසීලයේ බෲනෝ සිල්වා (තත්. 47.05) සහ ඉතාලියේ ක්‌ලව්ඩියෝ ජෙට්‌ජා (තත්. 47.09) අතරේ බෙදී ගියහ. ඔවුන් දෙදෙනාටද අවසන් පූර්ව වටයේ ස්‌ථානයන් හිමි විය.
 
 මීට අමතරව බාලිකා මීටර් 100 ඉසව්ව සඳහා සහභාගි වූ අමාෂා ද සිල්වා මූලික වටයේ සිව්වැනි තරගයේදී පස්‌වැන්නා වෙමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූවාය.
 
 තත්. 11.75 ක කාලයක්‌ වාර්තා කරමින් ඇය අවසන් පූර්ව වටය සඳහා පිවිසි අතර ඇගේ පෞද්ගලික හොඳම කාලය වශයෙන් ත්ත්. 11.71 ක්‌ දැක්‌විණි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

wickrmasin250

දියග

instine250

මීවිත

rohitha250

More Articles