Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

යහපාලන ආණ්‌ඩුවේ තෙවැනි අයවැය ඊයේ ඉදිරිපත් කෙරිණි. එය 'රවි' ගේ මාරුවීමෙන් පසු (ග්‍රහ මාරුව නොවන බව සිහිපත් කර සිටිමු.) මුදල් අමාත්‍ය පදවියට පත් මංගල සමරවීරගේ 'මංගල' අයවැයයි. මේ කාරණාවලට වඩා ජනතාව විශ්වාසයෙන් යුතුව බලා හිඳින්නේ අයවැය තෙවැනි වර කියෑවීමෙන් පසු ඊළඟ අවුරුද්දේ අයවැයට ගෙන ඒමට නියමිත සංශෝධන මොනවාද යන්න ගැන බව අපේ හැඟීමය. මීට පෙර යහපාලන ආණ්‌ඩුවේ හැම අයවැයකදීම එවැනි තත්ත්වයක්‌ දක්‌නට ලැබුණු බව අමතක කළ යුතු නැත.

යථාර්ථය සහ මායාව අතර අවකාශයේ ගලායන සිතුවිලි ධාරාව හඳුන්වන්නේ 'ෆැන්ටසිය' (Fantasy) යනුවෙනි. යථාර්ථය "බෝරිං" වීමත් සමඟ එහි පැවැත්ම විසින් ෆැන්ටසියක්‌ ඉල්ලා සිටී. ෆැන්ටසියේ දිශාව (ආශාව) වන්නේ එය යථාර්ථයක්‌ බවට පත්වීමය. රටක දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම රටේ සිවිල් පුරවැසියන් තුළ ද ඇත්තේ ෆැන්ටසියකි. එම ෆැන්ටසියට අනුව දේශපාලකයා යනු

* පුරවැසියන්ගේ කැමැත්තෙන් බලයට පැමිණ, පුරවැසියන්ගේ බදු මුදලින් නඩත්තු වන, පුරවැසියන්ට සේවය සැලසීමට කැප වී කටයුතු කරන සේවකයෙකි. ඔහු

* රටේ භූමිය සහ ස්‌වභාවික සම්පත් කළමනාකරණය කරමින් අනාගත ජනගහන අර්බුදයට කල්තියා සැලසුම් සකස්‌ කරයි.

* කසළ කළමනාකරණය කරමින් සනීපාරක්‌ෂක රටක්‌ ගොඩනඟයි.

* බලශක්‌තිය කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යැමට අවශ්‍ය ජවය ලබාදෙයි.

* වායුගෝලය කළමනාකරණය කරමින් පුරවැසියන්ට සුවදායක පරිසරයක්‌ ගොඩනඟයි.

* අධ්‍යාපනය කළමනාකරණය කරමින් රටේ අනාගත මාවත ගොඩනඟයි.

* ආර්ථිකය කළමනාකරණය කරමින් රට පියවරෙන් පියවර ඉදිරියට ගෙන යයි.

රටක දේශපාලන ක්‍රමය "බෝරිං" වීමත් සමඟ එහි යථාර්ථය විසින් ඉල්ලා සිටින, පෘථිවි ගෝලයේ පුරවැසියන්ගෙන් කොටසක්‌ මේ වන විටත් යථාර්ථයක්‌ බවට පත්කරගෙන තිබෙන දේශපාලන 'ෆැන්ටසිය' මෙයයි. නමුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවාසනාවට අපට තවමත් මෙම 'ෆැන්ටසිය' යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමට නොහැකි වී ඇත. නිදහසින් පසු ගත වූ වසර 69 පුරාම අපි රටේ දේශපාලකයාගේ කාර්ය භාරය හඳුනාගැනීමට පමණක්‌ මැතිවරණ අත්හදා බලමින් සිටින්නෙමු. එම අත්හදා බැලීම් අවසන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනකුට හා පළාත් පාලන නියෝජිතයන් (මන්ත්‍රීවරු) 4486 දෙනකුට වර්ග කිලෝමීටර් 65,000ක දූපතක පාලනය භාර කරමිනි. කොට්‌ඨාස ක්‍රමයට අනුව ලබන ජනවාරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයෙන් පසු මෙම නියෝජිතයන් ගණන 3870 කින් එනම් 8356 දක්‌වා ඉහළ යනු ලබයි. එවිට රටේ සමස්‌ත මහජන නියෝජිතයන් ගණන 8581 වනු ඇත. ඒ අනුව රටේ පුරවැසියන්ගේ සේවය පිණිස වර්ග කිලෝමීටරයකට සිටින මහජන නියෝජිතයන් ගණන 7.5 කි. මේ සා විශාල පිරිසක්‌ මහජන සේවය පිණිස කැපවී සිටියදී රටේ පුරවැසියන්ගේ දේශපාලන 'ෆැන්ටසිය' මායාකාරී, අද්භූත සිහිනවලින් පමණක්‌ පිරී තිබෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය විසින් රටේ කළමනාකරණය 'අල ගොඩක්‌' බවට පත්කර තිබේ. ජාතික ඇඳුම ඇඟලාගත් 'අල ගෝනි' වසර 69ක්‌ තිස්‌සේ ගත් දේශපාලන තීන්දුවලින් රට සියවසක්‌ ආපස්‌සට ගොස්‌ තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ සිට කොළොන්නාව තෙල් ටැංකිවලින් ගලායන අවසන් තෙල් බිංදුවෙන් කියාපාන්නේ අසමත් රාජ්‍යයක මඟ සලකුණු ය. අප ආපසු හරවා යෑවිය යුත්තේ බාල තෙල් නැව නොව ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයකට පාර කැපූ දේශපාලන ක්‍රමයය. එය ඉටුකිරීම පුරවැසියන්ට භාරය.

අනියත බියක්‌ එපා යෑයි ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කර සිටී. අනියත බිය වළක්‌වන්නේ කෙසේද? කලබල නොවී සැහැල්ලුවෙන් සිටින්නේ කෙසේද? පෙට්‍රල් හිඟවී සැතපුම් ගණනාවක්‌ දිගට පෝලිම් නිර්මාණය වී තිබියදී අර්ජුන රණතුංග මහතාගේ අමාත්‍යාංශය පවසන්නේ කලබල වන්න එපා කියාය. ත්‍රිරෝද රියෑදුරන් සිය ගණනින් පෝලිමේ සිටිමින් තෙල් හිඟය ගැනත් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ කාර්යක්‍ෂමතාවය ගැනත් ගුණ වයද්දී කිසිවකු කලබල විය යුතු නැත. අනියත බියක්‌ ඇතිකර ගැනීම සුදුසු නොවන්නේ ත්‍රිරෝද රථයෙන් යනවාට වඩා පයින් යැම ඇඟට සුවදායක නිසාද?
 
 ඇත්තෙන්ම තෙල් අර්බුදය පිළිබඳ විහිළු සපයන්නේ අමාත්‍යාංශයද? තෙල් පිරවුම්හල් හිමියන්ද? පවුල් සිය දහස්‌ ගණනක්‌ මේ ඉන්ධන හිඟය නිසා අපහසුවට පත්ව සිටිති. උදාහරණයක්‌ වශයෙන් ත්‍රිරෝද රථ රියෑදුරන් කීදෙනෙක්‌ මේ නිසා අපහසුතාවයට පත්ව සිටීද? පෙට්‍රල් හිඟවීමෙන් පසු පොල්තෙල්වලින් වාහන ධාවනය කළ නොහැකිය. එවිට සිදුවන්නේ කුමක්‌ද? එදා වේල සරිකර ගැනීමට නොහැකිවීම නොවේද? සැතපුම් ගණන් දිග තෙල් පෝලිම්වල බහුතරය ත්‍රිරෝද රථ රියෑදුරෝය. ඔවුන්ගේ ජීවිකාව සම්පූර්ණයෙන් නතර වී ඇත. ඒ අනුව පෙට්‍රල් හිඟය බත්පතට වැලි දැමීමක්‌ නොවේද? එහෙත් රජය කියන්නේ අනියත බියක්‌ එපා යනුවෙනි.
 
 ඉන්ධන පිරවුම්හල් අසලින් ගමන් කරන විට සිහිවන්නේ රට නැවත 70-77 යුගයට ගමන් කරමින් සිටීද යන්නයි. බූලි රැගෙන සිය ගණන් දෙනා පෝලිමේ සිටිති. තෙල් බවුසරයක්‌ දැකීම පෝයට හඳ දැකීමක්‌ හා සමාන අතිශය සුබ දැකුමකි. එහෙත් තෙල් බවුසර් නැති කල තෙල් බූලියට හුළං පිඹින්නට සිදුවෙයිද?
 
 තෙල් නැව එන්නේ හෙට යෑයි කියති. තෙල් නැව පැමිණි සැණෙකින් මේ ඉන්ධන අර්බුදය නිමවෙයිද? නැත. මේ නිසා සිදුව ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් වීම පමණකි. ජන ජීවිතය කඩාකප්පල් වීම නිසා ආණ්‌ඩුවේ ජනප්‍රියතාවය නම් තවත් වේගයෙන් ඉහළ යන බව නම් පැහැදිලිය. ඒ ඊනියා ජනප්‍රියතාවය ගැන සිතා අනියත බිය නම් ඇති කරගත යුතු නැත. පොල්, පරිප්පු, හාල්, ලූනු, කිරිපිටි, අල ආදී අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇත. පොල් කඩෙන් ගන්නවාට වඩා ගස්‌ නැග පොල් හොරෙන් කැඩීම වඩා අගනේ යෑයි ජනතාවට සිතී ඇත. සෑම අතින්ම පාරිභෝගිකයා පීඩාවට පත්වෙද්දී ඉන්ධන අර්බුදයක්‌ මතුවීම තවත් ෙ€දයක්‌ නොවන්නේද?
 
 මේ සියල්ලගෙන් හැඟී යන්නේ කවරක්‌ද? රජයේ අකාර්යක්‍ෂමතාවය නොවේද? නිසි කළමනාකාරිත්වයක්‌ නොමැතිවීම වර්තමාන ආණ්‌ඩුවේ සියලු අර්බුදවලට ප්‍රධාන හේතුවයි. ඇමැති එකක්‌ ප්‍රකාශ කරද්දී නියෝජ්‍ය ඇමැති තවත් කතාවක්‌ කියයි. මේ කැබිනට්‌ මණ්‌ඩලයේම ඇමැතිවරු අතර බරපතළ පරස්‌පරතා මතුව ඇත. නමුත් මහජනයා පීඩාවට පත් නොකර ඉන්ධන ටික හෝ නිසි පරිදි බෙදාහැරීමට නොහැකි නම් රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතළ ප්‍රශ්නයක්‌ උද්ගතව ඇති බව පැහැදිලිය.
 
 මේ සියල්ල නිසා රටේ ඉදිරි ගමන ගැන රටේ අනාගතය ගැන නම් අනියත බියක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැක. ඒ අනියත බිය තුරන් කළ හැකි වන්නේ ද ආණ්‌ඩුවට පමණි.

හදිසි අනතුරු සිදුවන්නේ කවර වේලාවේද කවර ස්‌ථානයේදීද යන්න කිසිවකුට කිව නොහැකිය. අනතුරු විටක සාමාන්‍ය අනතුරු විය හැකි වුවත් සමහර අවස්‌ථාවක මාරාන්තික වේ. මරණය කොයි මොහොතේ අප සොයා එන්නේදැයි කිව නොහැකි ය. නමුත් වඩා කල්පනාකාරීවීම වැදගත්ය. මන්ද මනුෂ්‍ය ආත්මයක්‌ ලැබීම පහසු දෙයක්‌ නොවන හෙයිනි. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ වාර්තා අනුව මාර්ග අනතුරු හා දියේ ගිලීම් නිසා පුද්ගලයන් හාර දහසක්‌ පමණ වසරක්‌ තුළදී පමණක්‌ මරණයට පත්වේ. මේ වසරේ එම ප්‍රමාණය තවත් ඉහළ යයිද?

නාත්තන්ඩියම කම්පා කරමින් මහා ඛේදවාචකයක්‌ සිදුව ඇත. නාත්තන්ඩියේ සිට ගිය විනෝද චාරිකාව අතිශය අභාග්‍යසම්පන්න ඉරණමකට ලක්‌ව ඇත. ලග්ගල තෙල්ගමුව ඔයට නෑම සඳහා ගිය පිරිස මෙවන් විපතක්‌ කිසිම විටක බලාපොරොත්තු නොවන්නට ඇත.

නමුත් වර්ෂාව දැඩි විය. නකල්ස්‌ කලාපයට වැස්‌ස වැඩිවෙත්ම තෙල්ගමු ඔයේ ජලය එක්‌ සැනින් ඉහළ යන්නේ කිසිවකුටත් දන්වා නොවේ. තෙල්ගමුව ඔයේ කෙලිදෙලෙන් සිටි රත්නායක පවුලටත් මේ මහා අනතුර ගැන අවබෝධයක්‌ තිබුණේ නැත. වැස්‌ස කඩා හැලුණ ද ඔයේ ජල කඳ සැහැසිවේ යෑයි ඔවුහු සිහිනෙනිදු පතන්නට නැත.

ජල කඳ මාරාවේෂවීම නිසා අට දෙනකුට තෙල්ගමුව ඔය මාරකයක්‌ම විය. ඉතිහාසයට මෙවන් අනතුරක්‌ වාර්තා වී නැති බව තෙල්ගමුව ඔය අවට වැසියෝ පවසති. වඩාත් කනගාටුදායක කාරණය ඔයේ ජලමට්‌ටම විටින් විට ඉහළ යා හැකි බවට අනතුරු අඟවන පුවරුවක්‌ හෝ කිසිම නැනක සවිකර නොතිබීමය. මේ විපතින් මරණයට පත්වූ සය දෙනෙක්‌ම කාන්තාවෝය. එයින් සිව්දෙනෙක්‌ කුඩා දැරියන් වීම සැවොම කම්පා කරන්නෙකි. දියනෑමට යැමේදී සැලකිල්ලට ගත යුතු කරුණු රැසකි. පිහිනීමේ ශූරයකු වුවද හදිසියේම ගලා එන මහා ජල කඳින් ගැලවෙන්නේ කෙසේ ද? අට දෙනකු දියෙහි සැඟවූයේද හදිසියේම ගලා ආ මහා ජල කඳ නිසාය. නොදන්නා ප්‍රදේශවල නොදන්නා ජලාශ ඇළ දොළ වල්වල නෑමට යැම නුවණට හුරු ක්‍රියාවක්‌ නම් නොවේ. තෙල්ගමුව ඔයේ නිරන්තරව ජල ප්‍රමාණය වෙනස්‌වීම් පිළිබඳව මේ පිරිසට යම් හෝ දැනීමක්‌ තිබුණේ නම් මේ අනතුර සිදුවන්නේ නැත. නමුත් දැන් ජීවිත අටකගේ ඉරණම තීරණය වී ඇත. කීදෙනකුගේ ප්‍රාර්ථනා තෙල්ගමුව ඔයේ ජල පහරට ගසා ගෙන ගොස්‌ ඇත්ද? පැය කිහිපයක්‌ ගතවූ පසු ජල ප්‍රවාහය නිසලව ගලා ගිය ද සඟවාගත් ජීවිතවලට යළි පණදිය නොහැකිය. මේ ඛේදවාචකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. එහෙත් මෙරට වැසියන් මේවා ගණනකට ගනී ද? වැස්‌ස අඩු වූ පසු තවත් කී දෙනෙක්‌ නැවත කෙළිදෙලෙන් පසුවන්නට තෙල්ගමු ඔයට බසීද? ඔයට බැස්‌ස ද අනතුර ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුය. අනතුර ගැන අවබෝධයෙන් සිටීමෙන් ඛේදවාචකයක්‌ වළක්‌වා ගැනීමට හැකිය. නමුත් තෙල්ගමුව ඔයේ ඛේදවාචකය වළක්‌වා ගැනීමට නොහැකිවූයේ කිසිවකු අනතුර වටහා නොගත් නිසාය.

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය දැන් යම් තරමකට හොඳය. ඒ ගැන විවාදයක්‌ නැත. කලකට ඉහතදී පැය ගණනක්‌ පාරේ ඇති වළ ගොඩැලි බේරමින් යන ගමන දැන් ඉතා සුළු කාලයකින් කොන්දට අපහසුතාවක්‌ නොමැතිව යන්න හැකිය. ඊට හේතුව 'කාපට්‌' කරන ලද පාරවල්ය. දැන් ඈත ගම්වල ගුරු පාරවල් පවා මේ වන විට 'කාපට්‌' කර තිබේ. එසේ නැත්නම් ඒ සුළු ප්‍රමාණයකි. කෙසේ හෝ මේ කාපට්‌ කිරීම රටේ සමහර අමන රියෑදුරන් තේරුම් ගෙන තිබෙන්නේ වැරදි ආකාරයට බව අපේ හැඟීමය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles