Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

උතුරේ ප්‍රශ්නය කුමක්‌ද? උතුරේ තිබූ සැබෑ ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තවාදයයි. මේ ත්‍රස්‌තවාදය 2009 මැයි මාසයේදී සහමුලින්ම අතුගා දැමීමට ශ්‍රී ලංකා හමුදාවට හැකිවිය. නමුත් 2009 න් පසුව උතුරේ උද්ගතව ඇති ප්‍රශ්නය කවරක්‌ද? උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පසුගිය දිනක උතුරේ ප්‍රශ්නය විසඳන්නැයි ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලෝකයේ කවර ප්‍රශ්න විස¹ ඇත්ද? ජාත්‍යන්තර මාධ්‍ය මැදිහත්වී ලෝකයේ රටවල් කීයක සාමය ඇතිකර ඇත්ද? නමුත් විග්නේෂ්වරන් හැම විටම උතුරේ ප්‍රශ්න ජාත්‍යන්තර කිරීමේ වලිප්පුවකින් පෙළෙන බවනම් සහතිකය. මේ ඊනියා ජාත්‍යන්තර මාධ්‍යවලට අවශ්‍ය වන්නේ හමුදාවට යුද අපරාධ චෝදනා නඟා ශ්‍රී ලංකා රාජ්‍යය හුදකලා කිරීමටය. උතුරේ යුද්ධය පැවැති කාලයේදී මේ ඊනියා මාධ්‍ය සෑම විටම කොටි ත්‍රස්‌තවාදීන් වීරත්වයට පත් කිරීමට උත්සාහ කළ බව අපි දනිමු. මේ මාධ්‍යකරුවන් තුළ පැවැති කොටි හිතවාදීත්වය නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා පත් යවන්නේද? බීබීසියේ ෆ්‍රන්සස්‌ හැරිසන් මාධ්‍යවේදිනියගේ කොටි හිතාවාදිත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එසේනම් මෙවැනි මාධ්‍යකරුවන්ගෙන් උතුරේ මහ ඇමැති බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? ජාත්‍යන්තර මාධ්‍යවල මැදිහත් වීමෙන් ෆෙඩරල් ලබා ගැනීමටද? නැත්නම් ඊළම ලබා ගැනීමටද? බඩේ අමාරුව සුවකර ගැනීමටත් වැසිකිළියට නොගොස්‌ ජාත්‍යන්තර මාධ්‍යයට කතා කිරීමේ රුදාවක්‌ මේ මහ ඇමැතිට ඇතිව තිබෙන බව පැහැදිලිය. ඒකීය රාජ්‍යයට විරුද්ධව විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?
 
 රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමෙන් උතුරේ වැසියන්ට යහපතක්‌ ඇති නොවේ. උතුරේ දුගී භාවය නැති නොවේ. උතුරේ ජල හිඟය දුරුනොවේ. නමුත් මහ ඇමැති ලෙස උතුරේ ජනයාට කිසි සේවයක්‌ කිරීමට නොහැකිවූ අකාර්යක්‍ෂම විග්නේෂ්වරන් දෙමළ ජනයා රැවටීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවලට ආරාධනා කරයි. රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීමෙන් සිදුවන්නේ ලංකා ආණ්‌ඩුව අපහසුතාවයට පත්වීමය. එසේනම් විග්නේෂ්වරන්ගේ හිතුවක්‌කාරි කටයුතු පාලනයට යහපාලන රජය මැදිහත් විය යුතුය. සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් විග්නේෂ්වරන්ට ඩෙඟා නටන්නට ඉඩදිය යුතු නැත.
 
 "දෙමළුනි නැගිටිව්" ව්‍යාපාරය හරහා දෙමළ ජනතාව තුළ බෞද්ධ විරෝධය ඇවිළීමට උත්සාහ කළේද මේ මහ ඇමැතිවරයාය. දැන් එළුඟ තමිල් ව්‍යාපාරය ගැන හාහූවක්‌ නැත. එය අසාර්ථක ව්‍යාපාරයක්‌ වූ නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා කරන්නේ යුද්ධය කාලයේ දෙමළ වැසියන්ට පීඩා සිදුවූවා යෑයි කියා නැවත නැවතත් ලෝක ප්‍රජාව හමුවේ කරුණු දැක්‌වීමටය. ඇත්තෙන්ම ජාත්‍යන්තර මැදිහත් වීමෙන් සිදුවන්නේ කුමක්‌ද? උතුරේ ප්‍රශ්න මෙන්ම රටේ ප්‍රශ්නද උග්‍රවීමය. එම නිසා හිටපු විනිසුරුවරයාගේ කූට උපායන්ට ඉඩ ලබාදිය නැත.
 
 යුද්ධය නිමාවී දස වසරකට ආසන්න වූවත් දෙමළ ජනතාව නිදහස්‌ නැති බව විග්නේෂ්වරන් ජාත්‍යන්තරයට පවසා ඇත. දෙමළ ජනයාගේ නිදහස නැති කළේ හමුදාවද? ප්‍රභාකරන්ද යන්න විග්නේෂ්වරන් ප්‍රකාශ නොකරයි. පාසල් යන ළමුන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් යුගය අවසන් වීම ගැන දෙමළ ජනයා සතුටු වුවත් විග්නේෂ්වරන් සතුටු නැත. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ හෝ බෙදුම්වාදය තහවුරු කිරීමට මොහුට අවශ්‍යව ඇත. එනිසාම විග්නේෂ්වරන්ගේ ජාත්‍යන්තර මාධ්‍ය කුමන්ත්‍රණය පරාජය කළ යුතුය.

තෙල් ප්‍රශ්නය යාන්තමින් අහවරය. දැන් තිබෙන්නේ අරක්‌කු ප්‍රශ්නයකි. මෙවර අයවැයේ කතාබහට ලක්‌වුණු මාතෘකා දෙකක්‌ තිබිණි. එකක්‌ වාහන ප්‍රශ්නයයි. දෙවැන්න අප ඉහත කී අරක්‌කු ප්‍රශ්නයයි. වාහන ගන්නට හිටි අය දැන් හිත හදාගෙන තිබෙන වාහන හදාගෙන පාවිච්චි කරන්නට කටයුතු කරමින් සිටිති. අරක්‌කු බොන අයට එවැනි විකල්පවලට යන්නට බැරිය.

මෙවර අයවැය ගැන කතා කරන විට එක්‌වරම අපේ මතකයට එන්නේ ජෝන් අමරතුංගය. කිසිවෙකුට හෝ ඒ ගැන හරි හැටි නිනව් නැත්තේනම් ඒ මහතා මේ රටේ ඇමැතිවරයෙකු බව අපි මතක්‌ කර දෙන්නෙමු. ඒ මහතා "කෙළින්" වැඩවලට දක්‍ෂයෙකි. කතාවද හරි කෙළින්ය. අයවැය සමග ඔහුගේ සම්බන්ධය ගොඩනැඟෙන්නේ ඔහු කලින්ම කළ කෙළින් කතාවක්‌ නිසාය. කලින්ම කීවේ, බොහෝ කලකට ඉහතදී ආණ්‌ඩුව වැට්‌ බදු වැඩිකර ජනතාවගේ බොටු නහුතෙටම හිර කරන මොහොතේය. ඔහු එදා කී කතාව කෙළින්ම ගලපාගත යුත්තේ මංගල ඇමැතිවරයාගේ මංගල අයවැයේ "වාහන" මිල සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනා සමගය. ජෝන් අමරතුංග මහතාට තුන්කල් දක්‌නා නුවණක්‌ ඇති බවද පෙන්වන ඒ කතාව මෙසේය.
 
 "ඕනෑ එකයි එපා එකයි සේරම වාහන ගන්න නිසා බදු වැඩිකරනවා" මෙවර සිදුව ඇත්තේ අමරතුංග මහතා කී කතාව ආණ්‌ඩුව සිය තෙවැනි අයවැයෙන්ද සනාථ කර තිබීමය. එකල රටේ මෝඩයන් මෙය ජෝන් අමරතුංග මහතාගේ මෝඩ කතාවක්‌ ලෙස කීවද එය සැබෑවක්‌ බව සියල්ලෝම දැන් තේරුම් ගනිත්වා. අමරතුංග මහතාගේ කටේ මසුරන්, රත්තරන් බිස්‌කට්‌, ඩොලර් එබුවත් මදිය.
 
 අයවැය ඉදිරිපත් කරන විට රටේ ජනතාව තුළ තිබූ බලාපොරොත්තු බොහෝමයකි. "සහන" ගැන හිතනවාටත් වඩා ජනතාව වාහන මිල (පුංචි කාර්, එසේත් නැත්නම් දැරිය හැකි මිලකට ගත හැකි වාහන පිළිබඳව) ගැන යම් බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටි බව කිව යුතුය. බොහෝ දෙනෙක්‌ සිතා සිටියේ අවම වශයෙන් එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යනු ඇති බවකි. එහෙත් එම වාහනවල බදු වෙනසක්‌ සිදුව නැත. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ එම වාහනවල මිල ලක්‍ෂයකින් හෝ එක්‌ලක්‍ෂ පනස්‌දහසකින් පමණක්‌ අඩුවනු ඇති බවයි. ඉලෙක්‌ටි්‍රක්‌ වාහන සඳහා ලබාදී ඇති රුපියල් ලක්‍ෂ දහයක බදු සහනයද ප්‍රායෝගික නොවන බව එම සංගමයේ අදහසයි. කොටින්ම කීවොත් අයවැයේ අපට ඇහුණු දේ සහ පෙන්වන දේට වඩා යමක්‌ තිබේ. ඒ අනුව එම සහනය හිමිවන්නේ අලුත්, (ඊRAභෘ භෑඋ) වර්ගයේ මෙන්ම කිලොවොට්‌ 100 දක්‌වා ධාරිතාවකින් යුත් රථ සඳහා පමණි.
 
 එම රථ නඩත්තුව සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව තුළ තවමත් දියුණු කර නැති නිසා ජපන් නිෂ්පාදකයන් එම රථ මෙරට ඒජන්තයන්ට ලබා නොදේ. ඒ අනුව පුංචි වාහනයක්‌ මිලදී ගන්නට සිටි ජනතාවගේ බලාපොරොත්තුවත්, පරිසර හිතකාමී වාහන ගැන රජයට ඇති බලාපොරොත්තුවත් ලත් තැනම ලොප්වී තිබේ.
 
 එන්ජින් ධාරිතාව 2500 ට වැඩි සුඛෝපභෝගී වාහන සඳහා රුපියල් ලක්‍ෂ 25 ක පමණ විශේෂ බද්ධක්‌ අයකර ගැනීමට නියමිත බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරයා කීවේය. එහෙත් මේ රටේ "අමුතු පොහොසතුන්"ට මේ බද්ධ එතරම් දෙයක්‌ නොවන බව අපේ හැඟීමය. දේශපාලනඥයාටද තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ පහසුකම හිමිවන නිසා මෙය එතරම් බරපතළ ප්‍රශ්නයක්‌ හැටියට ගණන් ගත යුතු නැත. එවිට ජෝන් අමරතුංග ඇමැතිවරයා කී පරිදි "ඕනෑ එකයි එපා එකයි" වාහන ගන්නේ නැත. වාහන ගන්නේ "ඇති හැකිs" "ඕනෑ කම" තිබෙන එකා පමණි.
 
 ඉතිං අපි ආණ්‌ඩුවට යෝජනාවක්‌ කරන්නට කැමැත්තෙමු. ජනතාවගේ කුණු බැනුම්වලින් බේරෙන්නවත්, ඊළඟ ඡන්දය වෙනුවෙන් කරන ආයෝජනයක්‌ හැටියට මේ යෝජනාව වටිනා බව කිව යුතුය. එනම්, මේ වන විට අතරමග ඇනහිට ඇති (යෝජනා කළ) කුලියාපිටිය "වොක්‌ස්‌වැගන්" කර්මාන්ත ශාලාවේ "පාපැදි සහ බර කරත්ත" නිෂ්පාදනය කරන එකය. එය ඔය කියන හැම වාහනයකටම වඩා පරිසර හිතකාමීය.

ඒකපුද්ගල ආදායම ඩොලර් 5000ක්‌, රැකියා දස ලක්‌ෂයක්‌, ඩොලර් බිලියන 5 ක සෘජු ආයෝජන, අපනයනයෙන් ඩොලර් බිලියන 20ක ආදායමක්‌, විදුලි වාහන ආනයන බද්ද රුපියල් ලක්‌ෂ 10කින් අඩු කිරීමක්‌, ලංගමට විදුලියෙන් ධාවනය වන බස්‌ රථ 50ක්‌, විද්‍යාපීඨ සිසු දීමනාව රුපියල් 5000 දක්‌වා ඉහළ දැමීමක්‌, පාසල් සිසු රක්‌ෂණය සරසවි සිසුන්ටත් ලබාදීමක්‌ ආදී සිත් ඇද ගන්නා යෝජනා රැසකින් යුත් "නීලහරිත - ව්‍යවසායකත්ව" තේමාවෙන් 2018 වසර සඳහා වන අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පෙරේදා (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වත්මන් ආණ්‌aඩුවේ අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ මෙවර අයවැය ලේඛනය ජනතාව මත වැඩි බරක්‌ පැටවෙන ආකාරයට සැකසුණු එකක්‌ බවය. අපට කියන්නට ඇත්තේ මේ ආණ්‌ඩුවේම සමහර ඇමැතිවරුන්ගේ කෙරුවාවල් නිසා ජනතාවගේ බෙල්ල මිරිකා හෝ මුදල් ඉපැයීමට ආණ්‌ඩුවට සිදු වන බවය.
 
 පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදීම ඇසුණු පරිදි රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය සතු භාවිත නො කරන සුවිසල් ගොඩනැඟිල්ලේ මෙම වසරේ මාස තුනක විදුලි බිල සඳහා රුපියල් ලක්‌ෂ පනහකට ආසන්න මුදලක්‌ වැයවී තිබේ. එමෙන්ම 2016.04.07 දින සිට 2017.07.31 දක්‌වා එහි විදුලි බිල සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌නව ලක්‌ෂ තිස්‌දෙදහස්‌ හත්සිය හැටක මුදලක්‌ද ගෙවා තිබේ. මේ අපූරු ගෙවීම් කරන ගොඩනැඟිල්ලේ කතාවද අපූරු එකකි. කෙටියෙන් කීවොත් ඒ මෙසේය. කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැගිල්ලක්‌ වුවමනා වී තිබිණි. ඒ දැනට එය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය වූ බැවිනි. ඒ නිසාම කෘෂිකර්ම අමාත්‍යාංශයට වගකියන තරුණ ඇමැතිතුමා ඉක්‌මනින්ම අලුත් ගොඩනැඟිල්ලක්‌ සොයා ගත්තේය. ඒ රාජගිරියෙනි. ඇමැතිවරයා එසේ කළේ ගන්නටම වුවමනා නම් රජයේ ගොඩනැඟිල්ලක්‌ සොයා ගැනීමේ හැකියාව තිබියදීය. ලැබුණු තොරතුරු අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීතිවලට පටහැනිය. එහෙත් ගනුදෙනුව සිදු විය. ඒ ගනුදෙනු ප්‍රකාරව 2017 වර්ෂය ආරම්භ වන විට ඒ ගොඩනැඟිල්ලට රුපියල් අසූනව කෝටි හැටඅට ලක්‍ෂයක මුදල් ගෙවා තිබේ. එහෙත් තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය වසර දෙකහමාරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අලුත් ගොඩනැඟිල්ලට ගෙනගොස්‌ නැත. එසේ තිබියදීත් මාසෙකට රුපියල් දෙකෝටි තිස්‌හත් ලක්‍ෂයක මුදලක්‌ එම ගොඩනැඟිල්ල සඳහා කුලී ගෙවමින් තිබේ. මෙසේ වන්නේ එම ගොඩනැඟිල්ලේ "පදිංචියට" යැමට කෘෂිකර්ම අමාත්‍යවරයාට විවේකය නැතිකමවත්, නැකතක්‌ උදාවී නැතිකමවත් නොවේ. තවත් කෝටි හතරක පහක මුදලක්‌ වැයකර එම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට නියමිත නිසාය. අපට මේ කිසිදු කාරණයක්‌ වැදගත් නැත. අපට වැදගත් වන්නේ මේ රටේ ජනතාවට අනේක විධ බදු බර පටවා ජනතාවගේ රීරිමාංශ උලාකන තත්ත්වයක්‌ තුළ මහජන මුදල් නිර්ලඡ්ජිතව නොසැලකිලිමත් ලෙස නාස්‌ති කිරීමය. ඇත්ත වශයෙන්ම මේ ගොඩනැඟිල්ලට වැයකර ඇති සහ වැය කිරීමට ඇති මුදල වත්මන් ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියට හෝ යහපාලන ආණ්‌ඩුව කියන නාස්‌තිය, දූෂණය අවම කිරීමේ ප්‍රතිපත්තියට කොහෙත්ම ගැළපෙන්නේ නැත.
 
 මෙවැනි නාස්‌තිකාර වියදමක්‌ දරා ගොඩනැඟිල්ලක්‌ මිලදී ගන්නා අමාත්‍යාංශයක්‌ රටේ ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවා දැයි අහන්නට අප ඉක්‌මන් වන්නේ නැත. ඊට හේතුව අපට "පටි තද කරගෙන "ඉන්න යෑයි වත්මන් ආණ්‌ඩුව බලයට ආ විගසම කාරුණිකව ඉල්ලා ඇති නිසාය. රජයේ ආදායම හා වියදම අතර පරතරය වැඩි වන්නට මෙවැනි නාස්‌තිකාර වියදම් බලපාන්නේ නැතිදැයි අපි මුදල් ඇමැතිවරයාගෙන් අසා සිටිමු.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles