Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

පීඩන අවපාතය රටින් ඉවතට ගියද මහ සුළඟින් සිදුවූ විපතින් ගොඩ ඒමට තවම අපහසු වී ඇත. සැඩ සුළඟ සැහැසි වූයේ කිසිවකු නොසිතූ නොපැතූ අයුරිනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රතු නිවේදන නිකුත් වනවාත් සමඟම මහ වැස්‌සක්‌ හා සැඩ සුළඟ හමා ගියේ මහජනතාවට මරණ බය ඇති කරමිනි. මේ නිසා දිවයිනේ පළාත් හයක දිස්‌ත්‍රික්‌ක පහළොවක පවුල් දහඅට දහසක පිරිසක්‌ පීඩාවට පත්විණි.
 
 ඔකී සුළි කුණාටුව ලංකාවෙන් පිටව ගොස්‌ කේරළයට ද කඩා වැදිණි. ඔකී සුළි කුණාටුව කඩාවැදුණේ "ගල්ගමුවේ දළ පූට්‌ටුවා" මරා දැමීමේ සාපයටැයි බොහෝ දෙනා කියනු අසන්නට ලැබිණි. කවරක්‌ නමුත් ස්‌වභාව ධර්මය සැහැසි ලෙස ප්‍රචණ්‌ඩ ලෙස මනුෂ්‍යයාට පහර දෙන බව නම් පෙනේ. අසත්පුරුෂ අසත්ජන ක්‍රියා වැඩි වීම ස්‌වභාව ධර්මය කැළඹීමට හේතුවක්‌ වන්නට පුළුවන. අන්ධ ගල්ගමුවේ දළ පූට්‌ටුවා මරා දැමීම සැබැවින්ම මහපොළොව නූහුලන අපරාධයක්‌ බව නම් සටහන් කළ යුතුය. ඒ අපරාධකරුවන්ට නම් දැඩි දඬුවම් ලැබිය යුතුය. නීතියෙන් දඬුවම් නොලැබුණොත් ස්‌වභාව ධර්මයෙන් හෝ දඬුවම් හිමි වනු ඇත.
 
 ඇත්තෙන්ම මේ වසර පුරාම ස්‌වාභාවික විපත් ගණනකි. දිවයිsනේ පැත්තකට මහා නියඟයක්‌ පැවති අතර තවත් පැත්තක්‌ වර්ෂාවෙන් ගංවතුරෙන් පීඩාවට පත්විය. එම නිසාම සාමාන්‍ය ජනයාට නොයෙක්‌ පීඩාවන්ට පත්වන්නට සිදු විය. වගා පාළු විය. අස්‌වැන්න නෙළාගත නොහැකිව වස පානය කළ ගොවීන් ගැන දඹුල්ලෙන් පවා අසන්නට ලැබිණි. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ස්‌වාභාවධර්මය ඉතා සැහැසි ලෙස ලාංකිකයන්ට සලකන බවද? කිසිවකුට වැස්‌ස සහ සුළඟ සමඟ සටන් කළ නොහැකිය. ත්‍රස්‌ත ප්‍රහාර වැළැක්‌විය හැකි වුවත් ස්‌වභාවික විපත් වැළැක්‌විය හැක්‌කේ කෙසේද? ත්‍රස්‌තයන් සමඟ සටන් විරාම සාම සාකච්ඡාවලට එළඹිය හැකි වුවත් ඔකී සුළි කුණාටුව සමග නම් සාම සාකච්ඡාවලට එළඹීමට නොහැකිය. එම නිසා අයාගත් මුවින් යුතුව අහස දෙස බලා සිටිනවා හැරෙන්නට කවරක්‌ කරමුද? මේ ස්‌වාභාවික විපත්වලින් ජනතාවට ලබාදෙන පණිවිඩය කුමක්‌ද? සැමවිටම ජීවත් විය යුත්තේ ස්‌වභාව ධර්මයට ගරු කරමින් මිස අවමන් කරමින් නම් නොවේ. වැස්‌සක්‌ ඇදහැළුණු වහාම අවදානම් කලාප වලින් ජනයා ඉවත් කරන්නට සිදු වන්නේ මන්ද? අවදානම් කලාප යනු ස්‌වාභාව ධර්මයට එරෙහිව නිර්මාණය කරනු ලැබූ ජනාවාස නොවේද? දිනෙන් දිනම මෙවැනි අවදානම් කලාප වැඩිවනවා මිස අඩුවීමක්‌ නම් නැත. වෙනදා දවසකදී ලැබෙන වර්ෂාපතනය දැන් පැයකදී ලැබේ. ඒ කාලගුණයේ වෙනසයි. කාලගුණය වෙනස්‌වීමත් ලෝක උෂ්ණත්වයත් ඉහළ ගොස්‌ ඇති නිසාම මනුෂ්‍ය වර්ගයාටම මුහුණ දීමට සිදු වන ස්‌වාභාවික විපත් ප්‍රමාණය වැඩි වේ. එය වසරින් වසර ඉහළ යන බව පෙනේ.
 
 පසුගියදා ඇතිවූ සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රදේශවලට ඊයේ දිනය වන විටත් විදුලිය ලැබී තිබුණේ නැත. සමහර ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගේ නිද්‍රd සහගත ස්‌වභාවය ගැන කෝපයෙන් පසුවන බවත් වාර්තා විය. කෙසේ නමුත් විපතේ හානිය අධික නිසා වහ වහා කඩිනමින් ක්‍රියා කිරීමට ද අපහසු බව තේරුම් ගත යුතුය. ඒ නිසා වැස්‌සෙන් සුළඟින් පාඩම් ඉගෙන ගෙන මතු විපත් වළකා ගැනීමට සූදානම් විය යුතුය.

ඉන්දියන් සාගරය, අරාබි මුහුද හා බෙංගාල බොක්‌ක ඔස්‌සේ පැමිණෙන, ශ්‍රී ලංකාව හරහා හමා යන සුළං ධාරා යනු ලංකාව නමැති දූපතේ ජීවනාලියයි. සුළඟ නොපැමිණියහොත් වැසි ලැබෙන්නේ නැත. වැසි නොලැබුණොත් ජල සම්පත උපදින්නේ නැත. ජලය යනු ලංකාවේ පමණක්‌ නොව සමස්‌ත පෘථිවි තලයේම ජීවයයි. එම නිසා සුළඟ පැමිණීමත්, සුළඟට පසු වැසි ඇද වැටීමත් යන ස්‌වභාවික ක්‍රියාවලිය සිදුවිය යුතුමය. නමුත් අර්බුදය මෙම ස්‌වභාවික ක්‍රියාවලිය මගින් උපදින ස්‌වභාවික ආපදා කළමනාකරණය කර ගැනීමට අප තවමත් අපොහොසත් වීමය.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාව මණ්‌ඩපය දින නියමයකින් තොරව වසා දැමීමට එහි උපකුලපතිතුමා තීරණය කර ඇත. වව්නියාව මණ්‌ඩපය දින නියමයකින් තොරව වසා දැමුණේ උණ රෝගය හා පාචනය පැතිරෙන නිසා නොවේ. ඊනියා සහජීවනයේ තරම හොඳින් ප්‍රකට වන නිසාය. මහවිරු සැමරුම වව්නියාව මණ්‌ඩපයේදී ද පැවැත්විණි. ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තවාදියාගේ උපන්දිනය වෙනුවෙන් කේක්‌ කපා ඒ කේක්‌ බලහත්කාරයෙන් සිංහල සිසුන්ටත් කැවීමේ උත්සාහයක්‌ නිසා එම පීඨයේ උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති විය. මෙහිදී ඇතිවූ ආරවුල නිසා සිංහල සිසුන් විශ්වවිද්‍යාලයෙන් බැහැරව ආරක්‌ෂාව පතා වෙනත් ස්‌ථාන කරා ගිය බව මාධ්‍යවල සඳහන් විය. ඊනියා මහවිරු සමරුවෙන්ම කොටි හිතවාදීන්ගේ සහජීවනය මනාව අවබෝධ විය.
 
 මේවා පාලනයට රජය පියවරක්‌ නොගන්නේ මන්ද? දකුණේ විශ්වවිද්‍යාලයකදී සිංහල සිසු පිරිසකගේ අඩම්තේට්‌ටම්වලට උතුරේ දෙමළ සිසුන් ලක්‌වූවා නම් සිදුවන්නේ කුමක්‌ද? එවිට නම් රජයේ බලධාරීන් වහා කලබල වනු ඇත. මේ අවුල ගැන ඉහළ පෙළේ පරීක්‌ෂණද කැඳවනු ඇත. සහජීවන අමාත්‍යාංශය හඬා වැටෙනු ඇත. නමුත් සිදුව ඇත්තේ කුමක්‌ද? වව්නියාවේදී තර්ජනයට ලක්‌වූයේ සිංහල සිසුන්ය. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් රැඟුම් පාන අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලය මේ ගැන කියන්නේ කවරක්‌ද?
 
 වව්නියාව මණ්‌ඩපයේ සිද්ධියෙන් අපට වැටහෙන්නේ කුමක්‌ද? එහි අධ්‍යාපනය ලබන කවර ශිෂ්‍යයකු වේවා මහවිරු සැමරුමට සහභාගිවීම අනිවාර්ය බවද? මහවිරු සැමරුමට බලහත්කාරයෙන් සිංහල සිසුන් ඈ¹ ගැනීමට උත්සාහ කරන්නේ සමස්‌ත ජාතියටම නිග්‍රහ කිරීමට නොවේද? මේ උමතු නාසිවාදයට එරෙහිව නැගී සිටිය යුතුය. එසේ නොවන්නේනම් යළිත් උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අයිතිය සිංහල සිසුන්ට නැතිවනු ඇත. මෙය බරපතළ තත්ත්වයකි. මහවිරු සැමරුමට පසුවද යළිත් තර්ජන එල්ල විය හැකිය. නමුත් සිංහල සිසුන් පීඩාවට පත්වෙද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කුමක්‌ කරන්නේද? ආරක්‌ෂක රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ උතුරේ ත්‍රස්‌ත සැමරුම් සිදුකළ පුද්ගලයන් පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වෙන බවයි. නමුත් දැන් සියලු උත්සව හමාර වූ පසු පරීක්‌ෂණ පැවැත්වීම විහිළු සහගතය. මේ ත්‍රස්‌ත සැමරුම් සිදුවෙද්දී රජය කටයුතු කළේ දීන භාවයෙනි. ඒ දීන භාවය නිසාම උතුරේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන්ද නිග්‍රහයට ලක්‌විය. ඔවුන් නිග්‍රහයට ලක්‌වන්නේ සංහිඳියාව නිසාද? ජාතිය නිග්‍රහයට ලක්‌කර සංහිඳියාව ජයග්‍ර්‍රහණය කළ යුතුද?
 
 යහපාලන රජයේ සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තවදුරටත් අපහසු වන බව පැහැදිලි වන්නේ මේ ත්‍රස්‌ත සැමරුම් උතුරු නැගෙනහිර ඉතාම උත්සවශ්‍රීයෙන් පැවැත්වීම නිසාය. ප්‍රභාකරන්ට පහන් පත්තු කරමින් සංහිඳියාව පතුරවන්නේ කෙසේ දැයි අපට අවබෝධයක්‌ නැත. එදා පොංගු තමිල් උත්සව සඳහා සහභාගි වූ වර්තමාන සංහිඳියා ඇමැතිවරයාට මේ ගැන පිළිතුරු දිය හැකිද? ඔහු වව්නියාවේ සිද්ධිය සංහිඳියාවට පහරක්‌ බව ප්‍රකාශ කර තිබේ. කරුණු කාරණා සලකා බලනවිට මේ සංහිඳියාව ඉතා ඉක්‌මනින්ම කුඩුපට්‌ටම් වන බවට ලකුණු තිබේ.

සංහිඳියාව වෙනුවෙන් බොහෝ විහිළු වැඩකරන රටක අලුත්ම සුපිරි විහිළුව වී ඇත්තේ "විරු සැමරුම්ය" ඒ, දකුණේ නොව උතුරේය. 1976 වඩුක්‌කොඩෙයි සමුළුවෙන් පටන්ගෙන ඒ සමුළුවද ඉක්‌මවා ගොස්‌ රට ලේ විලක්‌ කළ කෲරතර ත්‍රස්‌ත නායකයකු සහ ඒ සහපිරිවර සැමරීම මේ විරු සැමරුම්වල ඉලක්‌කය වී තිබේ. එම විරු සැමරුම් පවත්වන්නේද සාමකාමීව නොවේ, සංහිඳියාව ආරක්‍ෂා වන ආකාරයට නොවේ.  

දැනට මාස එකහමාරකට පෙර සිට "දළ පූට්‌ටුවා" සිටියේ අතුරුදන්වය. "දළ පූට්‌ටුවා" යෑයි අපි කෙලින්ම කතාවට එන්නේ ඒ ගැන නොදන්නා කෙනෙක්‌ මේ රට තුළ හිඳිවී යෑයි අප විශ්වාස කරන නිසාය. එසේ සිටින්නේ නම් ඒ උදවියට අප ස්‌ථිර වශයෙන්ම කියන්නේ "දළ පූට්‌ටුවා" යනු පාතාල නායකයකු හෝ රටින් පැන ගිය කුඩු ජාවාරම්කාරයකු නොවන බවය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles