Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

faceb134 මේ වන විට අප රටේ ලක්‍ෂ 67 ක් පමණ අන්තර්ජාලය හා සම්බන්ධ වී සිටිති. ඉන් ලක්‍ෂ 60 ක් පමණ සමාජ මාධ්‍ය ජාල කි‍්‍රයාකාරීන්ය. එම පිරිස අතරින් 96% ක්ම මුහුණු පොත හා සම්බන්ධව සිටිති. එනිසාම අප රටේ අන්තර්ජාලය පාවිච්චි කරන පිණිස සමාජයට ප‍්‍රබල බලපෑම් කළ හැකි කණ්ඩායමක් බව පැහැදිලිය. මෙම පිරිසේ කි‍්‍රයාකාරීත්වය අහිතකර වුවහොත් ඉන් රටට සිදුවන බලපෑම ආපසු හැරවීම නොහැකි තරම්ය.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු මාධ්‍ය වෙත විවෘත කර තිබේ. මෙය මෙරට ඉතිහාසයේ ගන්නා ලද යහපත් තීරණයක් බව අපගේ අදහසයි.
 
 රජය ගිණුම් කාරක සභාව මන්ත‍්‍රීවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත වන අතර මෙම කාරක සභාවේ කාර්යය වන්නේ පොදු විය හියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් දෙනු ලබන මුදල් ඒ ඒ කටයුතුවලට යෙදැවුණු අන්දම දැක්වෙන ගිණුම් පරීක්ෂා කිරීමය.
 
 එනම් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ, එහි අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි.
 
 පොදු ව්‍යාපාර කාරක සභාව යනු සාමාජිකයන් දොළොස් දෙනකුගෙන් සමන්විත වන පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය.
 
 ඕනෑම පුද්ගලයකු හෝ නිලධාරියකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියැවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප‍්‍රවේශ වීමටත් මේ කාරක සභා දෙකට බලය තිබේ.
 
 මෙම කාරක සභාවලට අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා වගකිවයුතු අනෙකුත් නිලධාරීන් යන අයගෙන් සාක්ෂි ලබාගැනීම, කරුණු විමසීම, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ගිණුම් හා ජාතික අයවැය යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් කාරක සභාව හමුවට කැඳවීම සඳහා මෙන්ම ඔවුන් වෙත නියෝග ලබාදීම සඳහා බලය තිබේ.
 
 සිය අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තුවල මූල්‍ය කටයුතු පිළිබඳ පැහැදිලි කිරීම් හා සාධාරණීකරණයන් කිරීම පිණිස පෞද්ගලිකව කාරක සභාව හමුවේ පෙනී සිටීමටත් එමගින් ලබාදෙන නියෝග ක‍්‍රියාත්මක කිරීමටත් අමාත්‍යාංශ ලේකම්වරු බැඳී සිටිති.
 
 අමාත්‍යාංශවලට හා රජයේ දෙපාර්තමේන්තුවලට කරනු ලබන නියෝග කාරක සභාවේ නිර්දේශවලට ඇතුළත් විය හැකි අතර ඒවා පාර්ලිමේන්තුව විසින් නිකුත් කරනු ලබන නියෝග ලෙස සැලකේ.
 
 එහෙත් ගැටලූව ඇත්තේ අදාළ කාරක සභා මඟින් ලබදෙන නියෝග හා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් කටයුතු නොකිරීමය. ඊට හොඳම උදාහරණය පසුගිය කාලය මුළුල්ලේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් ලබාදුන් නිර්දේශ කිසිවකුත් ප‍්‍රවාහන අමාත්‍යාංශය හා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නොසලකා හැරීමය. මේ හේතුවෙන් එනම් අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීමෙන් රටට අහිමි වූ මුදල රුපියල් බිලියන ගණනකි.
 
 ශ‍්‍රී ලංකා රජයට 2016 වසරේදී පවරා ගත යුතු වූ මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය රජයට පවරා ගන්නා ලෙස 2016 වසරේ සිට වසර තුනක් තිස්සේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ප‍්‍රවාහන අමාත්‍යාංශයටත් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවටත් අවස්ථා ගණනාවකදී නියෝග ලබාදී තිබේ. එයින් පමණක් අපේ රටට අහිමිවී දකුණු අප‍්‍රිකානු සමාගමක් වෙත මාසිකව ගෙවන මුදල රුපියල් මිලියන සියයකි. එම දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශවල ද වෙනස්කම් නොකිරීම නිසා මාසිකව තවත් මිලියන සිය ගණනක් රටට අහිමි වෙමින් තිබේ.
 
 වරෙක වර්තමාන පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ හා විපක්ෂ සියලූ දෙනා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව රටේ ¥ෂිතම දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වමින් එහි ප‍්‍රධානීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ප‍්‍රවාහන ඇමැතිවරයාගෙන් ඉල්ලූ ආකාරය අපට මතකය. එහෙත් මුළු පාර්ලිමේන්තුවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවත් රට හමුවේ විහිළුවට ලක්කරමින් අදාළ ප‍්‍රධානීන් අදටත් එම තනතුරුවලම සිටින්නට තරම් රටේ නීතිය සාධාරණය වල්වැදී ¥ෂණය රජ වී ඇත. රාජ්‍ය ගිණුම් කාරක සභාව ලබාදුන් නියෝග ක‍්‍රියාත්මක නොකිරීම වෙනුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට විවිධ සමාගම්වලින් මාසිකව අතිවිශාල වරදාන ලැබෙන බව සඳහන්ය.
 
 මෙම නියෝග ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම කාරක සභාවලට අවශ්‍ය නම් අධිකරණය හමුවේ නඩු දැමීමට වුව ද බලය තිබේ. එහෙත් වසර ගණනක් තිස්සේ ඒවා ක‍්‍රියාත්මක නොකිරීම ගැන මේ කාරක සභාවන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට ද අපොහොසත් වී තිබේ. මේ කාරක සභාවන් විසින් එසේ නොකිරීමට හේතු ද රටට අනාවරණය කළ යුතුය. හේතුව ජනතා බදු මුදලින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බැවින් ඒවා දැනගැනීමට ජනතාවට අයිතියක් තිබේ.
 
 එම නිසා මෙම කාරක සභා මාධ්‍ය වෙත විවෘත වීම වැදගත් සේම ඊටත් වඩා වැදගත් වන්නේ ඒවායේ නිර්දේශ හා නියෝග ක‍්‍රියාත්මක නොකරන අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට එරෙහිව නඩු පැවරීමය. එපමණක් ද නොව අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව අදාළ නියෝග ලබාදුන් දවසේ සිට මේ දක්වා සේවය කළ ප‍්‍රධානීන්ගෙන් (විශ‍්‍රාම ගිය නිලධාරීන් ද ඇතුළුව* රටට සිදුවූ පාඩුව ද අධිකරණ ක‍්‍රියාමාර්ග ඔස්සේ ආපසු අයකර ගත යුතුය. හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට රාජකාරිය පැහැර හැරීම යටතේ නඩු පවරා ඇති ආකාරයටම මෙම නිලධාරීන්ට ද නඩු පවරන ලෙස අපි රජයට බල කර සිටින්නෙමු.
 
 එසේම ප‍්‍රධාන පක්ෂ මේ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ කර තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් තම ප‍්‍රතිපත්තිය තම තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළු කරන ලෙස සියලූම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට අපි බලකර සිටින්නෙමු.

kunsරටක්‌ ලෙස කුණු පිළිබඳව අපේ ආකල්ප වෙනස්‌ කරගෙන මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය. ''කුණු'' සම්පතක්‌ කර ගැනීම පිළිබඳව අප සිතන්නේ නැත. කුණු නිසි ලෙස ප්‍රතිචක්‍රිකරණය කර පොහොර නිෂ්පාදනය කිරීම, විදුලිය නිෂ්පාදනය කිරීම වැනි දේට යොමුවීම අත්‍යවශ්‍ය කාරණයකි. මේ සඳහා රට පුරා තිබෙන පළාත් පාලන ආයතන ඔස්‌සේ ක්‍රියාත්මක විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ 8 වැනි ජනාධිපතිවරණය සඳහා දින ළං වෙද්දී ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයෝ පිළිබඳ සමාජය තුළ විශාල කතිකාවක් ගොඩනැගී තිබේ. විධායක ජනාධිපතිවරුන් හත් දෙනකු බිහි කළ එක්සත් ජාතික පක්‍ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තමන්ගේ අපේක්‍ෂකයන් නම් කිරීම, ජනාධිපතිවරණයට පෙර පක්‍ෂයේ බෙදීම් ඇති කිරීමේ අර්බුද දක්වා දුර දිග ගොස් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව රටේ ප‍්‍රධාන පක්‍ෂ සම`ග සන්ධානගත වීමට සිටින අනෙකුත් දේශපාලන පක්‍ෂවලට අත්වී ඇත්තේ මෙවැනිම ඉරණමකි. රටේ සියලූම දේශපාලන පක්‍ෂ විසින් තමන්ගේ අර්බුද ජනාධිපතිවරණය ජයග‍්‍රහණය වෙනුවෙන් කළමනාකරණය කරගැනීමට සමත් වුවද එම ක‍්‍රියාවලියෙන් බලයට පත්වන ජනාධිපතිවරයාට රටේ අර්බුද කළමනාකරණය කළ හැකිද යන්න ගැටලූවකි.
 

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විට නම් කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න ඉදිරි දිනවලදී කරලියට පැමිණෙනු ඇත. ඒ අනුව අපේ රටේ අනාගත නායකයා තෝරන ජනාධිපතිවරණ සටන සමග යළිත් මැතිවරණයක උණුසුම ශ‍්‍රී ලාංකික ජනතාවට දැනෙමින් පවතී.
 
 අප රටට ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ රට තීරණාත්මක අභියෝගයන් රැසකට මුහුණ දෙන අවස්ථාවක බව අමතක කළ යුතු නැත. එනිසා අප රටේ අනාගත නායකයා කොයි කඳවුරෙන් පත් වුවද අප රට ඉහළට උසවා ගැනීම සඳහා ඔවුන් හමුවේ සුවිශාල යුතුකමක් හා වගකීමක් තිබෙන බව මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.
 
 මේ වසරේ (2019) ශ‍්‍රී ලංකා ආර්ථිකය කලින් අපේක්‍ෂා කළ අගයටත් වඩා පහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. මහ බැංකුව මේ වසර මුලදී ඇස්තමේන්තු කර තිබුණේ මේ වසරේ ආර්ථික වේගය 4% ක් වනු ඇති බවයි. එහෙත් පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතුවලට එල්ල වූ බලපෑම් නිසා එම ඉලක්කය පවා ළ`ගාකර ගත හැකි වේදැයි යන සැකය මතුවෙමින් පවතී. එනිසා අනාගතයේදී අප රටේ බිහිවන නායකයාගේ එක් ප‍්‍රමුඛ කාර්යයක් වනු ඇත්තේ වැටුණු ආර්ථිකය න`ගාසිටුවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා මේ රටේ මානව සම්පත් කළමනාකරණය කරමින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා අප රට මෙහෙයවීම අනාගත නායකයා හමුවේ ඇති ප‍්‍රබල අභියෝගයක් වනු ඇත.
 
 නිෂ්පාදන ආර්ථිකයට සමගාමීව සේවා අංශ හා අනෙකුත් ආර්ථික ක‍්‍රියාවලීන් සාර්ථක කිරීමට අනාගත නායකයාට හැකි වුවහොත් එය අප රටේ කාලයක් තිස්සේ පවතින විරැකියාවටද විසඳුමක් වනු ඇත.
 
 අද පවා අප රටේ විශාල රාජ්‍ය අංශයක් පැවතිය ද එතුළින් ආර්ථිකය නඟාසිටුවීමට ලැබෙන දායකත්වය පවතිනුයේ ඉතාම අල්ප මට්ටමකය. දිනකට දහස් ගණනක මිනිස් ශ‍්‍රම පැය ගණනක් අපතේ යයි. මෙසේ අපතේ යන මිනිස් ශ‍්‍රමය රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා යොදා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. එසේම රජයේ විවිධ ආයතනවල සිදුවන දූෂණ සහ නාස්තිය නැවැත්වීම සඳහා අප රටේ අනාගත නායකයාට පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතුය.
 
 ඊළඟට වඩා ප‍්‍රමුඛත්වය දිය යුතු කාරණය වන්නේ රටේ ජාතික ආරක්‍ෂාවයි. පාස්කුදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ අප රටේ ජාතික ආරක්‍ෂාව හෙල්ලූම් කෑ බව කාටත් නොරහසකි. රජයේ පාර්ශ්වයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කර තිබේ. පක්‍ෂ, පාට භේදයකින් තොරව අනාගත නායකයා කවුරුන් වුවද ජාතික ආරක්‍ෂාවට ඔහු මුල්තැන දිය යුතුය.
 
 මේ සියලූ කටයුතු කරගෙන යෑමේදී ජාතීන් අතර සාමය, සංහිඳියාව ඇති කිරීම ද අනාගත නායකයා සතු වගකීමකි. පාස්කු දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සමඟ ජාතීන් අතර බිඳුණු සිත් යාකර රටේ අනාගතය ගොඩ නැංවීම සඳහා සියලූ ජාතීන් එක්කර තැබීමට අපේ අනාගත නායකයා ප‍්‍රඥාවන්ත විය යුතුය. අන්තවාදයට ඉඩ නොදෙන රටේ සියලූ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අනාගත නායකයාගේ වගකීම වනු ඇත.
 
 කෙසේ වෙතත් අපේ රටේ මැතිවරණයකදී බොහෝ විට එක්කෝ් මඩ ගසා ගැනීම්, විවිධ චරිත ඝාතන සිදුකිරීම් සැලසුම් කි‍්‍රයාත්මක වේ. මෙවර ජනාධිපතිවරණයට එවැනි ක‍්‍රියාවලින් තොරවූ මාර්ගයකට ඉඩදෙමින්, සත්‍ය ජනතාවට තේරුම් ගැනීමට හැකිවන අයුරින් මෙහෙයවීම ඡුන්ද සටනේ සියලූ පාර්ශ්වවල වගකීමක් බවද අවධාරණය කරනු කැමැත්තෙමු.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles