Divaina - Kathuwakiya

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

රටක ළමා පරපුර ඕනෑම රටක ජීවනාලියයි. එහෙත් අපේ රටේ ළමා පරපුර ගැන බොහෝ විට යොදවන අවධානය ඉතාම අඩුය. රටේ ප‍්‍රධාන පුරවැසියා තෝරන ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින නවයකි. මීළඟ ජනාධිපතිවරයාගෙන් රටේ ළමා පරපුර සඳහා ඉටුවිය යුතු ක‍්‍රියා මාර්ග සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ප‍්‍රතිපත්ති මාලාවක් ද ප‍්‍රකාශයට පත් කර තිබේ. සැබවින්ම අපේ රටේ දරුවන් වෙනුවෙන් රජය වහාම පියවර රැුසක් ගත යුතුව තිබේ.
 
 ඒ සඳහා දරුවන්ගේ ආරක්ෂාව, පෝෂණය, අධ්‍යාපනය ආදිය වෙනුවෙන් නව ක‍්‍රියා මාර්ග රැුසක් ගත යුතුව තිබේ.
 
 අපේ රටේ පාසල් දරුවන් රැුසක් නිසි පෝෂණයක් නොලැබීම නිසා මන්ද පෝෂණයෙන් පෙළෙන බව ප‍්‍රසිද්ධ කරුණකි. විශේෂයෙන්ම පෝෂ්‍යදායී ආහාර සඳහා රජය මගින් අයකරන අධික බදු හේතුවෙන් ඒවා මිලදී ගන්නට සාමාන්‍ය දෙමාපියනට ශක්තියක් නොමැතිවීම මෙම මන්ද පෝෂණය සඳහා බෙහෙවින් බලපා තිබේ. විශේෂයෙන්ම ආනයනික බටර්, චීස්, පලතුරු ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති අතිවිශාල බදු නිසා ඒවායේ මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එසේම එම අධික බදු වලින් ඉහළ යන මිල නිසා දේශීයව නිපදවන එම ආහාර ද්‍රව්‍ය වල මිලද විශාල ලෙස ඉහළ දමන්නට දේශීය නිෂ්පාදකයන්ද කටයුතු කර තිබේ. මේ නිසා දරුවන්ගේ පෝෂණයට බලපාන ආහාර ද්‍රව්‍ය සඳහා ඇති සියලූ බදු ඉවත් කරන ලෙස හෝ ඒවා වහාම අඩු කරන ලෙස අප මීළඟ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. එසේම පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් හා කිරි වීදුරුවක් නොමිලේ සපයන්නට පියවර ගන්නා ලෙස අපි මීළඟ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.
 
 රටේ සියලූම දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමට වහාම පියවර ගත යුතුව තිබේ. ජනප‍්‍රිය පාසල් වල ඇති සියලූ පහසුකම් ඈත ගම්බද දුෂ්කර පාසල් සඳහාද ලබාදෙන නව ක‍්‍රමවේදයක් වහාම රටේ ඇති කළ යුතුව තිබේ.
 
 එසේම පාසල් දරුවන් සඳහා වන අභ්‍යාස පොත්, උපකාරක පොත් ඇතුළු පාසල් පොත් හා අධ්‍යාපන උපකරණ වෙනුවෙන් වහාම මිල පාලනයක් පනවන ලෙසද ඒවායේ නිෂ්පාදන වියදම අනුව සලකා වහාම මිල පාලනයක් ඇති කළ යුතුය. එසේම අද පාසල් දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා අහිමි කරමින් වරින් වර අසීමිත ලෙස ඉහළ නංවා ඇති ටියුෂන් ගාස්තු සඳහා වහාම මිල පාලනයක් ඇති කළ යුතුය. එය පහ වසර තෙක් එක ගාස්තුවක්ද, එතැන් සිට අට වසර දක්වා තවත් ගාස්තුවක්ද, එතැන් සිට සාමාන්‍ය පෙළ දක්වා තවත් ගාස්තුවක්ද, එතැන් සිට උසස් පෙළ සඳහා තවත් ගාස්තුවක් ලෙස දෙමාපියන්ට දැරිය හැකි සාධාරණ ගාස්තුවක් බවට පත් කරන්නට නව නීති ගෙන එන ලෙස අපි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.
 
 එසේම පාසල් වෑන් රථ ගාස්තු නියාමනය කරන ලෙසටද, ඞීසල් බින්දුවක් වත් වැය නොකර නිවාඩු මාස වලදී පාසල් වෑන් රථ දරුවන්ගෙන් මුළු ගාස්තුවම අයකිරීම තහනම් කරන ලෙසද, වෑන් රථ සඳහා වහාම නව නීති රීති පද්ධතියක් හඳුන්වා දිය යුතුය. දැනට රටේ ජනතා බදු මුදලෙන් පාසල් වෑන් රථ සඳහා නව වාහන මිලදී ගැනීම සඳහා ඉතාම අඩු පොලී අනුපාත යටතේ සහන ලබාදී ඇති බැවින් එහි වාසිය රටේ දරුවන් සඳහා ලබා දෙන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.
 
 එසේම පෙර පාසල් සඳහා නිසි ප‍්‍රමිතීන් හා ගාස්තු ක‍්‍රමවේද හඳුන්වාදී ඒවා නියාමනය කළ යුතුව තිබේ. එසේම ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික පාසල් වල කටයුතු, ගාස්තු හා අධ්‍යාපන තත්ත්වය වහාම නිසි නියාමනයකට ලක්කළ යුතුව තිබේ.
 
 එසේම දරුවන්ට පාසල් වලදී සිදු කෙරෙන කායික දඬුවම් නැවැත්වීම සඳහා කිසියම් නිශ්චිත ක‍්‍රියා මාර්ග ගත යුතුව තිබේ. දරුවනට පාසලේදී හෝ නිවසේදී සිදුවන මානසික හෝ ශාරීරික හිංසා බලපාන බව මනෝ විද්‍යාඥයන් පවා පිළිගෙන ඇති බැවින් එවැනි දඬුවම් වැළැක්වීම සඳහා කිසියම් නිශ්චිත ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ. විශේෂයෙන්ම ඇතැම් ගුරුවරුන් හා ගුරුවරියන් අතින් පයින් පවා දරුවන්ට පහරදීම් දිගින් දිගටම සිදුකළද ඒ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා ඒවායේ වැඩිවීමක් දක්නට ලැබේ. මේවා වැළැක්වීම සඳහා වහාම නව නීති ගෙන ඒම අත්‍යවශ්‍යවේ. එසේම පාසල් ගුරුවර ගුරුවරියන් සඳහා ළමා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් වසරකට දෙවරක්වත් පැවැත්විය යුතු අතර වාර්ෂිකව ගුරුවර ගුරුවරියන්ගේ මානසික තත්ත්වයන් පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේදයක්ද ඇති කළ යුතුය.
 
 එසේම බොහෝ දියුණු රටවල පාසල් දවස පුරා ක‍්‍රියාත්මක වේ. ඒ මගින් සවස් වරුවේදී ක‍්‍රීඩා හා විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ළමුන් යෙදවීම, අමතර පන්ති පාසල තුළදීම පැවැත්වීම වැනි බොහෝ දේ කළ හැකිය. පෙර මෙන් නොව මේ වන විට ගුරුවරුන් සඳහා ඉහළ වැටුප් ලබාදෙන බැවින් මෙරට පාසල් ද උදේ 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වීම සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය. එවිට දෙමාපියන්ට දරුවන් පාසලට ඇරලවා සේවය නිමවා නැවත පාසලෙන් දරුවන් රැුගෙන නිවසට යා හැකිය. ඒ මගින් දැනට බොහෝ දෙමාපියන් මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව, පාසල් වෑන් ප‍්‍රශ්න, ගෘහස්ත සේවකයන් සොයා ගැනීමේ ගැටලූ, දරුවන්ගේ ආරක්ෂාව වැනි ගැටලූ රැුසකට විසඳුම් ලැබේ. එපමණක් නොව රටට දක්ෂ ක‍්‍රීඩකයන් බිහිවීම මෙන්ම දරුවන්ගේ සැඟවුණු කුසළතා ඉස්මතුවීම සිදුවේ.
 
 රටේ ආරක්ෂාව පිළිිබඳ ප‍්‍රශ්න නිසා සියලූම දූ දරුවන්ට පාසැල තුළදී ආත්මාරක්ෂක සටන් ක‍්‍රම පුහුණුව ලබාදීම වහාම ආරම්භ කළ යුතුව තිබේ. දරුවන් සඳහා උපදේශනය පාසල් වල අනිවාර්ය කළ යුතු අතර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලින් පසු පාසල් හැරයන දරුවනට වෘත්තීය මාර්ග උපදේශනය ලබා දිය යුතුය.
 
 මේ කරුණු ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලූ දෙනා සැලකිල්ලට ගෙන නිසි ක‍්‍රමවේදයන් ඒ ඒ කරුණු සඳහා ඇති කරන්නේ නම් රටේ අනාගතය බෙහෙවින් සුන්දර වනු ඇතැයි යන්න අපගේ මතයයි.

  කෝටි 200 ක වටිනාකමකින් යුත් කුඩු (හෙරොයින්* තොගයක් පිටරටක සිට මෙරටට බහුදින ධීවර යාත‍්‍රාවකින් රැුගෙන එමින් තිබියදී ඉකුත්දා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් පුවතක් ඊයේ (15 දා* ‘දිවයින’ ප‍්‍රධාන සිරස්තලයෙන් අනාවරණය කළේය.
 
 මේ සමග සැකකරුවන් හත්දෙනකු සහ ජංගම දුරකථන, සැටලයිට් දුරකථන යනාදී උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
 

 

දිල්ලිය යළි ගෑස් කුටීරයක් බවට පත්ව තිබේ. ඒ වායු දූෂණය ඉතා දැඩිවීම නිසාය. මීට වසර දෙකකට පමණ පෙරදීද දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාහල් ප‍්‍රකාශ කර සිටියේ දිල්ලිය ගෑස් කුටීරයක් බවට පත්ව ඇති බවයි. එහෙත් මේ කුටීරයෙන් ජනතාව ගලවා ගැනීමට දිල්ලි ප‍්‍රාන්ත ආණ්ඩුවට හෝ නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යම රජයට හැකිව නැත. 2017 වාර්තා වූ දූෂිත වායු තත්ත්වය 2019 දීත් අත්දකින්නට සිදුව තිබේ. සංවර්ධනය වෙනුවෙන් දිවිදෙන්නට දිල්ලි වැසියන්ට සිදුව ඇත. ඇත්තෙන්ම ගෑස් කුටීරයක් යනු මිනිසුන් විෂ වායුවෙන් මරණයට පත්කරන කාමරයයි. දැන් දිල්ලි වැසියන්ට සිගරට් 50 ක විෂ ඇති දුමාරයක් ආඝ‍්‍රාණය කිරීමට සිදුව ඇත. මෙය කවර විපතක්ද? හිරු එළිය නොවැටෙන තරමටම මේ වායු මීදුම් දිල්ලිය පුරා පැතිර ඇත. හිරු එළිය නොවැටෙන අඳුරක් පැතිර තිබේ.
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද සමීක්‍ෂණයකට අනුව ලොව වායු දූෂිතම නගර 10 න් 9 ක්ම අයත් වන්නේ ඉන්දියාවටය. වායු දූෂණය හා ශබ්ද දූෂණය අතින් ඉහළම නගරය වන්නේ දිල්ලියයි. 2019 ජනවාරි මාසයේදී ඉන්දීය මධ්‍යම රජය ‘‘පිරිසිදු වායු ජාතික වැඩසටහන’’ ආරම්භ කරන ලද්දේ වායු දූෂණයෙන් අගනුවර හා අනෙකුත් නගර ගලවා ගැනීම සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම සඳහාය. මෙය පස් අවුරුදු වැඩසටහනකි. අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් මේ කි‍්‍රයාමාර්ග ආරම්භ කළ බව ඉන්දීය රජය ප‍්‍රකාශ කර තිබිණි. නමුත් මේ නොවැම්බරයේදී සිදුව ඇත්තේ කුමක්ද? කෙසේ වෙතත් මේ වායු දූෂණය සතියෙන් දෙකෙන් හෝ අවුරුද්දෙන් දෙකෙන් නැති කළ නොහැක. එය මනුෂ්‍යයා විසින්ම ඇති කළ ඛේදවාචකයකි. මේ විපතින් මිදීම ලෙහෙසි පහසු නැත. දිල්ලියට සිදුවන්නේ කුමක්දැයි කොළඹ සිටින අපත් අවධානයෙන් සිටිය යුතුය. සංවර්ධනය නාමයෙන් කිසිවිටක තමන්ගේ මිනීවළ කපාගත යුතු නැති බව සියලූ ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය.
 
 එනිසා ගස් කැපීමට නොව හැකි තරම් ගස් වැවීමට හුරුවිය යුතුය. පරිසර පේ‍්‍රමය හැකි තරම් වැඩිය යුතුය. හරිත පරිසරය ගොඩනැගෙන විට නගර ගෑස් කුටීර බවට පත්වන්නේ නැත. ගස් සිඳෙන විට මුඩුබිම් බිහිවන විට නගර ගෑස්කුටි බවට පරිවර්තනය වෙයි.
 
 මේ වනවිට දිල්ලිය අධික වායු දූෂණය හේතුවෙන් මිලියන 5 කට අධික මුඛ ආවරණ පාසල් දරුවන් වෙත බෙදාදීමට බලධාරීන් කටයුතු කර ඇත. එදා 2017 දී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයෝ දිල්ලියේ ටෙස්ට් ක‍්‍රිකට් තරගයට සහභාගි වූයේ මුඛ ආවරණ සහිතවය. එලෙසම මේ දිනවල කි‍්‍රකට් තරගාවලියක් සඳහා දිල්ලියට පැමිණ සිටින බංග්ලාදේශ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් මේ වායු දූෂණය නිසා බරපතළ අපහසුතාවයන්ට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. බංග්ලාදේශ කි‍්‍රකට් ක‍්‍රීඩකයෝ විවිධ අසාත්මිකතාවන්ට ගොදුරුව ඇත. විශේෂයෙන්ම උගුරේ වේදනාව, ඇස් කැසීම නිසා සමහර ක‍්‍රීඩකයන්ට පුහුණුවීම් කටයුතු කිරීමටද බාධා එල්ල වී ඇත. දිල්ලියේ අයහපත් පරිසර තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද මැදිහත් වී ඇත.
 
 වායු දූෂණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ තත්ත්වයද යහපත් නැත. අද ශ‍්‍රී ලංකාවේ වැඩිම වායු දූෂණයක් සහිත නගරය වන්නේ මහනුවර නගරයය. මහනුවර නගරය අවට දරුවන් රැුසක් ස්වසන රෝගවලින් පීඩා විඳිමින් සිටින්නේ නගරයේ මෙම වායු දූෂණය නිසාය. නමුත් රටේ මිනිසුන්ගේ අවාසනාවට අපට වායු දූෂණය මැන ගැනීමේ යන්ත‍්‍රයක්වත් නැත. මධ්‍යම පරිසර අධිකාරියට ඇත්තේ දූවිලි අංශු මැනීමේ යන්ත‍්‍ර පමණි. අඩුම තරමින් රටේ අගනුවරවත් වායු දූෂණය මැන ගැනීමට අපට යන්ත‍්‍රයක් නැත. නමුත් දිල්ලියේ කොතරම් වායු දූෂණයක් සිදුවුවද එම දූෂණය ජංගම දුරකථනයෙන් දැන ගැනීමේ තරමට තාක්‍ෂණය දියුණු කර තිබේ.
 
 1137/35 දරණ වායු විමෝචන, ඉන්ධන හා වාහන ප‍්‍රමිතිය යන ගැසට් පත‍්‍රයට අනුවද, 1557/14 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයට අනුවද දූෂිත වාතය වායුගෝලයට මුදාහැරීම නීති විරෝධීය. නමුත් මෙම නීතීන් බලාත්මක වේද? ඒවා බලාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවට තාක්‍ෂණයක් නැත. දිල්ලියේ විපත නොකියන ශ‍්‍රී ලංකාවේ ඛේදවාචකය මෙයය.


 
 ජනාධිපති මැතිවරණ වේදිකාව දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. ප්‍රධාන අපේක්‍ෂකයන් වන ගෝඨාභය රාජපක්‍ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ජනගත කර තිබේ. දැන් එළඹ ඇත්තේ ජනතාවගේ වාරයයි. ප්‍රතිපත්ති ප්‍රකාශන හොඳින් කියවා බලා රට හදන්න සුදුසු නායකයා ජනතාව විසින් තීරණය කරනු ඇත.
 
 ජනාධිපතිවරණය දින නියම කළ විගස අප අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ රට හදන ප්‍රතිපත්ති ගැන ජනතාව සමග සංවාදයක්‌ ඇති කරමු යන්නය. චරිත ඝාතන, මඩ ගසා ගැනීම් හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට බාධා කරන යටි උගුල් වැඩවලට මූලිකත්වය නොදී ඡන්ද සටන ගෙනයන්නේ නම් එය ඉතා අගනේ බවද අප මතක්‌ කළෙමු. නමුත් අප අපේක්‍ෂා කරන තරමටම එය සිදුවන්නේ නැත. ප්‍රධාන අපේක්‍ෂකයන් කෙසේ වෙතත් ඔවුන්ට සහය පළ කරන අනෙක්‌ කථිකයෝ මැතිවරණ වේදිකාවේදී ඇති තරමට මඩ ගසා ගනිති. අවලාද නගති. නමුත් මේ කිසිවකින් රටට හෝ රටේ අනාගතයට තීරණාත්මක සාධනීය දෙයක්‌ එකතු වන බව නොපෙනේ. අප රටේ මැතිවරණ වේදිකාවේ මේ දකින අසංස්‌කෘතික ලක්‍ෂණ නැති කර ගැනීමට තව කොපමණ කලක්‌ ගතවේ දැයි කිව නොහැක. නමුත් එක්‌ කාරණයක්‌ ප්‍රත්‍යක්‍ෂය. කවුරු කෙසේ මඩ ප්‍රහාර එල්ල කළත් රටේ ජනතාව එයට රැවටෙන්නේ නැත. පහළ ගැලරියේ කීපදෙනෙකුගේ සතුටට එවැනි ප්‍රහාර ගෝචර වුවත් ඉන් රටේ සමස්‌ත ඡන්දදායකයන්ගේ ජනමතය වෙනස්‌ කිරීමට එය බලපෑමක්‌ නොවනු ඇත.
 
 ගැලරිය පිනවන කතාවලින් පමණක්‌ මේ සටන දිනිය නොහැක. එනිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයෝ තමන්ගේ රට හදන වැඩපිළිවෙළ නිසි පරිදි ජනතාවට වටහා දිය යුතුව ඇත.
 
 අප රට හදන්න පුළුවන් රටකි. නිවැරැදි සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ ඔස්‌සේ අප රටේ ආර්ථිකය මෙහෙය වුවහොත් වසර කීපයක්‌ තුළ මේ රට හැදීමට පුළුවන. මේ වන විට අප රටට ඇල්පෙනිත්තේ සිට සියලු දේවල් ආනයනය කරනු ලැබේ. මේ රටේ ඉතා පහසුවෙන් වගා කර ගත හැකි භවභෝග පවා පිටරටින් ආනයනය කරන්නේ කාලයක්‌ තිස්‌සේය. කිරි කර්මාන්තය පහසුවෙන් අප රටේ ව්‍යාප්ත කළ හැකි වුවත් අපි පිටරට පිටිකිරිවලට යටවී සිටින්නෙමු. දියර කිරි නිෂ්පාදනය ගැන අද කවුරුවත් කතා කරන්නේ නැත. හෙට දවසේ මේ රට භාර ගන්නා නායකයා මෙම කාරණා ගැන අවධානය යොමු කළ යුතුය.
 
 අප රටේ උගත් තරුණ පරපුරක්‌ සිටිති. නමුත් මේ තරුණ පරපුරෙන් අප රටට වැඩක්‌ නොගෙන සිටින්නේ කාලයක්‌ තිස්‌සේය. රැකියා ඉල්ලා මේ තරුණයෝ පාරට බසිද්දී ඊට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ කඳුළු ගෑස්‌, අධි පීඩන ජල ප්‍රහාර හා බැටන් පොලු පහර පමණි. මෙම තරුණ පරපුර නව තාක්‍ෂණයෙන් සන්නද්ධ කර ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් අප රටේ ආර්ථිකයට උකහා ගැනීමේ වැඩපිළිවෙළක්‌ පහසුවෙන් සකස්‌ කළ හැකිය. යෑපුම් මානසිකත්වයක සිටින තරුණ පරම්පරාව හොඳ ආයෝජකයන් බවට පත් කළ හැකි නම් අප රටට වේගවත් සංවර්ධනයක්‌ ඉතාමත් කෙටි කාලයක්‌ තුළ ලබා ගැනීමට පුළුවන.
 
 අප රට සංවර්ධනය නොවන අනෙක්‌ කාරණා වන්නේ වංචාව, දූෂණය, නාස්‌තිය ඉහවහා ගොස්‌ ඇති බැවිනි. එනිසාම මේ රට හෙට දවසේ භාරගන්නා නායකයාට වංචාවට දූෂණයට තිත තැබිය යුතුමය.
 
 මේ රටට සුපිරි ආදායම් බදු ලැබෙන මර්මස්‌ථානවල කෙරෙන මහ පරිමානයේ බදු මුදල් වංචා නතර කිරීමට නව නායකයාට ශක්‌තියක්‌ තිබිය යුතුය. අප රට වෙලාගෙන තිබෙන ආර්ථික අවපාතයට ඉබේ ඇතිවූවක්‌ බව අප විශ්වාස කරන්නේ නැත. ඒ සඳහා රට පාලනය කළ සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. දැන්වත් මේ විෂම චක්‍රය නතර කළ යුතුය. එය කළ හැකි දෙයකි. අවශ්‍ය වන්නේ අවංකව යුක්‌තිගරුකව ඒ සඳහා මැදිහත්වීම පමණි. හෙට දිනයේ අප රට භාරගන්නා නායකයාට මේ දේවල් කළ හැකි මට්‌ටමේ සමාජ මතවාදයක්‌ නිර්මාණය කිරීම මාධ්‍ය මෙහෙවරෙහි යෙදී සිටින සගයන්ගේ යුතුකම බවද අවධාරණය කරනු කැමැත්තෙමු.
 
 

තරුණ පරපුර රටක ජීවනාලිය බඳුය. රටක වගකීම භාර ගැනීමට සිටින තරුණ පරම්පරාව අයාලේ ගියහොත් සිදුවන විපත අමුතුවෙන් කිව යුතු නැත. තරුණයා යනු සිල්ගත් අහිංසක පුරවැසියෙක් යැයි අර්ථකතනය කළ නොහැක. ජවසම්පන්න, එඩිතර තාරුණ්‍යය රටට සම්පතකි. අලූත් දෑ සොයන, අලූත් දෑ තනන විචක්‍ෂණශීලී බුද්ධියකින් කටයුතු කරන තරුණ පරම්පරාවක් රටකට සිටී නම් එය රටේ වාසනාවකි. නමුත් අද වන විට අප රටේ තාරුණ්‍යයෙන් රටට නිසි වැඩක් ගන්නවාද, ඔවුන් ඵලදායී ලෙස රටේ ඉදිරි ගමනට දායක කරගන්නවාද කියන ප‍්‍රශ්නය අප හමුවේ ඉතිරිව ඇත.

පසුගිය 2 වැනිදා රාති‍්‍රයේ දෙහිවල වැන්ඩර්වට් පෙදෙසේ වෙරළ තීරයේ හෝටලයක පැවති ෆේස් බුක් සාදයක් වටලා තරුණියන් 19 දෙනකු ද ඇතුළුව 104 දෙනකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අය සමග අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර කේරළ ගංජා, බීර, මත් මුද්දර, මත් ද්‍රව්‍ය සහ විදේශ නිෂ්පාදන සිගරැුට් තොගයක් ද විය. මෙම ෆේස් බුක් සාදයේ ස්වභාවය දෙස බැලූ විට පෙනී යන්නේ මතින් මත් වී අයාලේ යන තරුණ පරපුරක් බිහිවී ඇති බවයි. මේ අයුරින් වටලනු ලැබූ පළමු ෆේස් බුක් සාදය මෙය නොවන අතර එය අවසන් එක වේ යැයි අප විශ්වාස කරන්නේ ද නැත. මෙම ෆේස් බුක් සාදවල යටිපෙළ අරුත සලකා බැලූවිට පෙනී යන්නේ අප රටේ තරුණ පරපුර නිවැරදි පීල්ලට දමාගැනීමේ අර්ථාන්විත මෙහෙයුමක් දියත් කළ යුතු බවයි.

මේ අතර පසුගිය දිනක වතුපිටිවල රෝහලින් අසන්නට ලැබුණු පුවත හදවත කම්පා කරවන සුළුය. සිද්ධිය සැකවින් මෙසේය. උදරාබාධයක් ඇති බව පවසමින් පසුගිය දිනෙක 18 හැවිරිදි ශිෂ්‍යාවක වතුපිටිවල රෝහලට ඇතුළත් වන්නීය. ඇය රෝහලට ඇතුළත් වී ඉතාමත් කෙටි කාලයක් තුළදී රෝහලේ වැසිකිළියට ගොස් දරුවකු බිහිකරන අතර එම වැසිකිළියේ ජනෙල් කවුළුවෙන් එළියට දරුවා දැමීමෙන් පසු මියගොස් ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේදී සිසුවියගේ මව මෙන්ම ආච්චි අම්මා ද වැසිකිළියේ දොර අසල රැුඳී සිට ඇත.

මෙම පුවතින් පෙනී යන්නේ අප රටේ තරුණ පරපුරේ ඛේදවාචකයයි. ගැබිනියක් වූ මෙම දැරිය පාසලේ ශිෂ්‍ය නායිකාවකි. දරුවාගේ පියා ශිෂ්‍යයකු බවද හෙළිවී ඇත. අප සමාජ දේහය කඩාවැටෙමින් පවතින බව මෙම පුවත දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලිව පෙනෙන කාරණයකි. එනිසා අප රටක් ලෙස මෙම ප‍්‍රශ්නය දෙස ගැඹුරින් බැලිය යුතුව ඇත.

තාරුණ්‍යයට අයාලේ යන වටපිටාවක් නිර්මාණය වීමේලා වගකීම දෙපාර්ශ්වයකට පැවරෙන්නේය. එක් පාර්ශ්වයක් වන්නේ දෙමාපියන්ය. අනෙක් පාර්ශ්වය වන්නේ අප රට එදා මෙදාතුර පාලනය කළ අයයි. දෙමාපියන්ට සිය ¥ දරුවන් යහපත් පුරවැසියකු ලෙස සමාජගත කිරීමේ වගකීමක් ඇත්තා සේම තරුණ්‍යයට නිදහසේ, නිවහල්ව, බුද්ධිමත් පරිසරයක හැදෙන පරිසරය නිර්මාණය කළ යුත්තේ රටේ පාලකයන්ය.

තරුණ පරම්පරාව අයාලේ යෑමේ වගකීමෙන් මෙම දෙපාර්ශ්වයටම මිදීමට නොහැක.

මේ එළඹ ඇත්තේ ජනාධිපතිවරණ සමයකි. සෑම අපේක්‍ෂකයකුම තරුණ ඡුන්දවලට විවිධ ආකාරයට ආමන්ත‍්‍රණය කරති. අපි ඒ සැමට මතක් කළ යුතු කාරණයක් තිබේ. දැන්වත් ඔබලාගේ නිසි වගකීම ඉටුකිරීමට කාලය එළඹ ඇති බව පසක් කරගන්න. තරුණ අසහනයට තුඩු දෙන හේතු ඉවත් කිරීම මේ රටේ හෙට දවසේ වගකීම භාර ගන්නා නායකයාගේ යුතුකමක් මෙන්ම වගකීමක් වන බවද අවධාරණය කරනු කැමැත්තෙමු. 2018 මහ බැංකු වාර්තාවේ දක්වා ඇති පරිදි ශ‍්‍රම බළකායේ විශාල හිඟයක් තිබුණ ද තරුණ තරුණියන්ගේ සේවා වියුක්තිය ඉහළ ගොස් ඇත. 2017 වර්ෂයේදී 4.2% ක් ව පැවති සේවා වියුක්ති අවශ්‍යතාව 2018 වර්ෂය වන විට 4.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. රටක තරුණ පරපුර රටේ සංවර්ධනයට උකහා ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණේ නම් මෙම අනුපාතය යායුත්තේ පහළටය. නමුත් එවැන්නක් සිදුවී නොමැත. එනිසාම රටේ තරුණ පරම්පරාව හුදු සිහිනවල පා නොකර මහපොළොව මත පය ගසා සිටින සැබෑ තරුණ පරම්පරාවක් ගොඩනැඟීම හෙට දවසේ අප රට භාරගන්නා නායකයාගේ වගකීම විය යුතුය.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles