Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

අපේ රටේ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරිකයන් හෝ ආනයනකරුවන් විසින් සිත්සේ මිල ඉහළ නැංවීම පාලනය කරන්නට නිසි ක‍්‍රමවේදයක් නොමැති වීම බරපතළ ගැටලූවක්වී තිබේ. අද වන විට විවිධ පුද්ගලික සමාගම්, ආනයනකරුවන් හෝ දේශපාලන හෙන්චයියන් විවිධ ආකාරවලින් රටේ ජනතාව සූරාකමින් සිටිති.
 
 රටේ ජීවන වියදම ඉහළ ගොස් ජනතාව දැඩි අසීරුවෙන් දිවි ගෙවන මෙවැනි අවස්ථාවක පවා රජය ඒ පිළිබඳව කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන බව පෙනේ.
 
 පසුගියදා කිරිපිටි මිල ඉහළ නැංවීමට පුද්ගලික සමාගම් කටයුතු කළේය. ඒ අනුව රුපියල් 920 කට අලෙවි වූ කිලෝ ග‍්‍රෑමයක් බරැුති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 935 කි. එසේම වෙළෙඳපොළේ රුපියල් 375 කට අලෙවි වූ ග‍්‍රෑම් 400 ක් බරැුති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 5 කින් ඉහළ නංවා ඇත. ශ‍්‍රී ලංකාවට ගෙන්වන කිරි පිටිවල තත්ත්වය සම්බන්ධයෙන් වරින් වර ගැටලූ මතුවෙමින් තිබේ. එසේ ගෙන්වනු ලබන කිරිපිටි වර්ගවලට මෙවැනි මිලක් ගෙවීම සාධාරණ දැයි සොයා බැලීමට නිසි කණ්ඩායමක් රජය මගින් පත් කළ යුතු බව අපගේ අදහසයි.
 
 මීට දින කීපයකට පමණ පෙර එක්වරම තිරිඟු පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් අටකින් වැඩි කළේය. පසුව ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් පැමිණි විරෝධය හේතුවෙන් එය යළිත් අහෝසි කරන ලදී. එහෙත් එය මිල සුත‍්‍රයක් හඳුන්වා දෙන බව පවසමින් යළිත් වරක් ළඟදීම ඉහළ නංවන්නට නියමිතව තිබේ. මේ තිරිඟු පිටි මාෆියාව පවත්වා ගෙන යනු ලබන්නේ බහු ජාතික සමාගම් දෙකක් හා එක්තරා දේශපාලනඥයන් පිරිසක් විසිනි. ඔවුන් මේ හරහා මාසයකට ලබන ශුද්ධ ලාභය රුපියල් බිලියන ගණනකි. වෙනත් පාර්ශවවලට ශ‍්‍රී ලංකාවට තිරිඟු පිටි ගෙන්වීම සිදුකළ නොහැකි පරිදි ඒ සඳහා විශාල බදු පැනවීමක් සිදුකර අදාළ ඒකාධිකාරය ලබාදී ඇත්තේ එම සමාගම් මගිනි.
 
 මෙරට සිමෙන්ති ව්‍යාපාරයද රටේ ජනතාව ගසා කන ප‍්‍රධානම ව්‍යාපාරයකි. ශී‍්‍ර ලංකාවේ සිමෙන්ති මිල ඉහළ දැමීමේ කිසිදු හේතුවක් නොමැතිව පසු ගිය කාලය පුරා වරින් වර ඉහළ ගියේය. සැබවින්ම අපේ රටේ පාරිභෝගික අධිකාරිය මගින් සිමෙන්ති සඳහා ලබාදී ඇති මිලට වඩා රුපියල් දෙසීයක් හෝ දෙසිය පනහක් අඩු මිලට මෙරට වෙළඳපොළේ මිලදී ගැනීමට තිබේ. මේ සිමෙන්ති වර්ග බොහොමයක නිෂ්පාදන රටවල් හා සමාගම් එකම වුවද මේවා මෙරටට ගෙන්වා විවිධ නම්වලින් ඇසුරුම් කර විවිධ මිල ගණන්වලට විකුණති.
 
 ලෝක වෙළඳපොළේ ගෑස් මිල සීඝ‍්‍රයෙන් පහළ ගොස් තිබේ. එහෙත් අපේ රටේ ජනතාව පැරණි මිලම තවමත් ගෙවමින් ගෑස් සමාගම් පොහොසත් කරමින් සිටිති. 2018 වසරේ ඇමරිකානු ඩොලර් 655 ක් වූ ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක මිල මේ වන විට ඩොලර් 370 කි. මේ සමාගම් ගසා කන්නේ රටේ අහිංසක ජනතාවය. මේවා ගැන සොයා බලන්නට ජනතාවට සහන සලසන්නට සිටින බොහෝ වගකිවයුත්තන් අදාළ සමාගම් සමග ඞීල් දමමින් ලාභය බෙදා ගනිති.
 
 රටින් ගෙන එන ඒවා පමණක් නොව අපේ රටේ නිෂ්පාදනය කරන බොහෝ නිෂ්පාදන පවා අතරමැදියන් විසින් විශාල ලාභ තබාගනිමින් විකිණීම පාලනය කරන්නට මේ දක්වා කිසිදු රජයක් අපොහොසත්වී තිබේ.
 
 අපේ රටේ ගොවීන්ගෙන් කුණු කොල්ලයට වී මිලදී ගෙන මෝල් හිමියන් රටේ සමස්ත ජනතාව ගසා කෑම පාලනය කරන්නට රජය අපොහොසත් වී තිබේ. මේවා පාලනය සඳහා අසරණ සිල්ලර වෙළඳසැල් හිමියන් අල්ලා නඩු පවරනු වෙනුවට මහාපරිමාණ මෝල් හිමියන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්නට කිසිවකු කටයුතු කරන්නේ නැත.
 
 ලොව අන්සියලූ රටවල අපේ රටේ මෙන් සතිපතා හෝ මාස්පතා භාණ්ඩ මිල වැඩිවීමක් සිදු නොවේ. ඒවායේ බොහෝ කාලයක් එකම මිල පවත්වා ගෙන යනු දැකිය හැකිය. පරිභෝහික අධිකාරිය අද වන විට තම කාර්ය භාරය ඉටු කිරීමට මුළුමනින්ම අපොහොසත්වී තිබේ. එම නිසා රටේ භාණ්ඩ මිල පාලනය සඳහා නිසි විනිවිදභාවයකින් යුතු ක‍්‍රමවේදයක් හා
 
 පාරිභෝගිකයන් ගසා කෑම වැලැක්වීම සඳහා දැඩි දඬුවම් ලබාදිය හැකි ක‍්‍රමවේදයක් වහාම ඇති කළ යුතුව තිබේ. ඒ හරහා නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට හා වෙළෙඳුන්ට ජනතාව ගසාකෑම සිදු කළ නොහැකි ආකාරයට නිසි ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. ඒ හරහා අදාළ සියලූ පාර්ශ්ව මෙන්ම ජනතාවද රැකෙන නව ක‍්‍රමවේදයක් හා පූර්ණ බලැති ආයතනයක් ඇති කළ යුතුව තිබේ. එසේම ඒ සඳහා විශ‍්‍රාම ගිය ඇතැම් හොර අමාත්‍යාංශ ලේකම්වරුන් නොව අවංක ජනතා හිතවාදී නිලධාරීන් පත් කළයුතු බව අපගේ අදහසයි.
 

අපේ රට උතුම් ධර්මද්වීපයක් ප‍්‍රකාශ කළද එහි සාරධර්මයන්ට ගැලපෙන ලෙස රට ඉදිරියට යන බවක් නොපෙනේ. සෑම තැනම අධර්මය රජවෙමින් පැවැතීම අතිශය කනගාටුදායකය. අපේ රට ආර්ථික අතින් අගාධයට යන්නේත් රටේ බොහෝ පිරිසක් විරැකියාවෙන් පෙලෙන්නේත් ධර්මානුකූලව මේ රට ඉදිරියට නොයන නිසාවෙනි. බලය අතට ගත් දේශපාලනඥයා කොමිස් ගසා, හොරකම් කර ආර්ථිකය කුඩු පට්ටම් කරද්දී රටක් ලෙස ඉදිරියට යන්නේ නැත. බදු බර අහස උසට නගිද්දී ජීවිතය ගැටගසා ගැනීම නැමැති මහ අභියෝගයට අපේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත. තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ඇතුළු නොයෙකුත් අගහිඟකම් මැද ජීවිතය ගෙවීම වධයකි. පවතින සමාජ විෂමතාවය නිසාම අපේ දරුවෝත් මේ සමාජයේ විවිධ අතොරක් නැති දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති. මෙම තත්ත්වය තුළ අපේ දරුවන්ට විශ්වවිද්‍යාලවලදී, කාර්මික විද්‍යාලවලදී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලදී නවක වධයට ලක්වී අලූතින් හදා ගැනීමට තරම් ජීවිතයක් නොමැති බව අප විශ්වවිද්‍යාල ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කල්පනා කළ යුතුය. එනිසාම නවක වධය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට කාලය එළැඹ ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි දර්ශන උදයංග නමැති ශිෂ්‍යයා නවක වධය හමුවේ අනේක විධ වධහිංසාවලට ලක්වීම පිළිබඳව පළවෙන මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී සරසවිවල ඇතැම් ශිෂ්‍යයන්ගේ හැසිරීම අන්තිම පහත් තත්ත්වයක තිබෙන බව පැහැදිලිය. රටේ පවතින නීතිය අනුවත් යම් පුද්ගලයකු කායිකව හෝ මානසිකව පීඩාවට ලක්කිරීමට කිසිදු කෙනෙකුට අයිතියක් නොමැත. විශ්වවිද්‍යාල තුළ පවතින උප සංස්කෘතිය ඇතුළේ විශ්වවිද්‍යාලයට එන අලූත් දරුවකු හඳුනාගැනීමට අහිංසක විහිළුවක් තහලූවක් කිරීම වරදක් නොවන මුත් ඊට මුවාවී එම දරුවන්ට අතිශය අමානුෂික හිංසා පීඩා කිරීම මුළු මහත් සමාජයම අනුමත කරන්නේ නැත.

මෙම හිරිකිත නවක වධය ගැන මුල්ම සිද්ධිය වාර්තා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. ඒ 1975 වර්ෂයේදීයි. තමන් පසුපස ලූහුබැඳි නවක වධකයන්ගෙන් බේරීම සඳහා රත්නශිලී නැමැති සරසවි ශිෂ්‍යයාව නේවාසිකාගාර ගොඩනැඟිල්ලේ දෙවෙනි මහලින් බිමට පනින්නීය. ඇයට අවසානයේදී මුළු ජීවිතයම රෝද පුටුවකට සීමා කිරීමට සිදුවිය. අවසානයේ ඇය සියදිවි නසාගන්නේ මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම කළු පැල්ලමක් එකතු කරමිනි. නවක වධය නිසා දැනට 20 දෙනෙක් මියගොස් තවත් 28000 ක් සරසවිය අතහැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභා ආරංචි මාර්ග පවසයි. මෙය ධර්මද්වීපය ලෙස සැලකෙන අපේ රටට නොගැලපෙන්නෙකි.

අද අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරු දැරියන්ට විශාල අභියෝගයක් පවතී. ඒ මේ රටේ ඉදිරි ගමන වෙනුවෙනි. රටේ ඉදිරි ගමනට නිර්මාණශීලී, ශක්තිමත් සම්පත්දායකයින් බිහිවිය යුත්තේ විශ්වවිද්‍යාලවලිනි. මේ රටට අවශ්‍ය වෛiවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන් ඇතුළු වෘත්තීය තනතුරු දරන්නෝ පමණක් නොව, රටේ ඉදිරි ගමනට කැපවෙන රටේ අනාගත වගකීම භාරගන්නා නායකාරකාදීන් පවා විශ්වවිද්‍යාල තුළින් බිහිවිය යුතුව ඇත. එසේ බිහිවන සියලූ දෙනා දැනුමෙන් පමණක් නොව ගුණයෙන්ද පොහොසත් මිනිසුන් විය යුතුය. විශ්වවිද්‍යාලවල පවතින නවක වදය තුරන් කිරීම නීතිරීතිවලින් පමණක් නතර කළ හැකි දෙයක් යැයි අප සිතන්නේ නැත. මේ සඳහා පෙරමුණ ගත යුත්තේද විශ්වවිද්‍යාල සිසුන් බව පැහැදිලිය. එනිසාම නවක වධය නැමැති අමානුෂික කි‍්‍රයාවලිය නවතා දමා රටට යහපත් පුරවැසියන්, විද්‍යාර්ථින් බිහිකරන කෙම්බිමක් බවට විශ්වවිද්‍යාල පත්කර ගත යුතු කාලය එළැඹ ඇත. සරසවිය කෙම්බිමක් කරනවාද නැතහොත් නවක වධය වැනි අමානුෂික කි‍්‍රයාවන්ට මුල්තැනදී සරසවි මුඩුබිම් බවට පත්කරනවාද යන තීරණය කළ යුත්තේද සරසවි සිසුන්ම බව ඉතාමත් පැහැදිලිය.

තවමත් ත‍්‍රස්ත බිය රටින් තුරන් වී නොමැති බව දිගින් දිගටම ප‍්‍රකාශ කරන සරත් ෆොන්සේකා මහතා මෙහිදීද යුද හමුදාපතිවරයාගෙන් ප‍්‍රශ්න කරන්නේ ‘‘සියල්ල තවමත් ඉවර නැහැ..... ත‍්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා නේද? යන්නය. සියල්ල තවමත් ඉවර නැහැ යන්න අපේද මතය යැයි කියන විට තේරීම් කාරක සාමාජික එම්. ඒ. සුමන්තිරන් මහතා එය ෆොන්සේකා මහතාගේ මතය යැයි වාදයක පැටලෙයි.

රුපියල් මිලියන 21 ක මාසික කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙන ගියේ තමන්ගේ තනි තීරණයක් මත නොව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව බව හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. කැබිනට් අනුමැතියෙන් තොරව මසකට රුපියල් ලක්‍ෂ දෙසිය දහයක් ගෙවා ගොඩනැඟිලි කුලියට ගන්නා මෝඩ ඇමැතිවරු ශ‍්‍රී ලංකාවේ නැත. ඒ අතින් දුමින්ද දිසානායක ප‍්‍රඥාවන්ත ලෙස කටයුතු කර තිබේ. නමුත් මෙහිදී අපට හැෙඟන ප‍්‍රශ්නය වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි සහනාධාර ලබාදීමට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් සඳහා මෙපමණ කුලී මුදලක් වැයකිරීමට ආණ්ඩුවට වත්කමක් තිබේද? යන්නය.

එම ප‍්‍රශ්නය ඇසිය යුත්තේ අප නොව පසුගිය ආණ්ඩුවේ නාස්තිකාර වියදම්වලට විරුද්ධව හඬ අවදි කරමින් මුලින්ම ආණ්ඩුවෙන් එළියට ආ දුමින්ද දිසානායක විසින්මය. අඩුම තරමේ කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගන්නා විට ඔහුට ඊට එරෙහිව නැගී සිටිය හැකිව තිබුණි. මන්ද ඔහුගේ දේශපාලන භාවිතාව ගොඩනැගී තිබුණේ එවැනි නාස්තිකාර වියදම්වලට එරෙහිවය. නමුත් ගොඩනැඟිල්ල කුලියට ගෙන වසර දෙකක් පමණ ගතවීත් දුමින්ද දිසානායක මේ වනතෙක් ඊට කිසිදු විරෝධයක් පළ කර නැත. ඉන් පැහැදිලි වන්නේ දුමින්ද දිසානායක දිගින් දිගටම ප‍්‍රඥාවන්ත අයුරින් කටයුතු කරමින් සිටීමය. ඔහුගේ ප‍්‍රඥාවන්තභාවය නිසා ශ‍්‍රී ලංකාවේ ජනතාව වසරකට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 2520ක කුලී මුදල් ගෙවමින් සිටිති.

රාජ්‍ය තොරතුරු දැක්වෙන අඅඅගටදඩගකන වෙබ් අඩවියේ දත්තවලට අනුව ආණ්ඩුවට අයත් මුළු අමාත්‍යාංශ ගණන 43කි. මෙම අමාත්‍යාංශවලින් බහුතරයක් පිහිටා ඇත්තේ පෞද්ගලික ගොඩනැගිලිවලය. රජයේ කුඩා ගොඩනැඟිලිවලට සීමාවී තිබූ මෙම අමාත්‍යාංශ, ආණ්ඩු මාරුවෙන් මාරුවට වඩා ඉඩකඩ ඇති, වැසිකිළි පහසුකම් ඇති පෞද්ගලික ගොඩනැඟිලිවලට මාරු වෙමින් තිබෙන්නේ එම අමාත්‍යාංශවල ගොඩනැඟිලිවලට ඔරොත්තු නොදෙන තරමට සේවකයන්ගෙන් පිරී ඇති බැවිනි. ඊට හොඳම උදාහරණය ලංකා විදුලි බල මණ්ඩලයය. පසුගියදා ඇමැති රවි කරුණානායක විසින් අමාත්‍යාංශයට නව ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් කැබිනට් පත‍්‍රිකාවක් යොමු කර තිබිණි. දැනට ආනන්ද කුමාරස්වාමි මාවතේ පවත්වාගෙන යනු ලබන විදුලි බල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි ගොඩනැඟිල්ලකට ගෙන යෑමට ඇමැතිවරයා සැළසුම් කර තිබේ. පසුගිය වසරේ රුපියල් කෝටි පන්දහසකට ආසන්න ගණනක් පාඩු ලැබූ විදුලි බල අමාත්‍යාංශය රුපියල් මිලියන 364 ක් වැයකර නව ගොඩනැඟිල්ලක් වෙත ගෙන යෑමට ඇමැතිවරයා ගත් ප‍්‍රඥාවන්ත තීන්දුවට මුදල් ඇමැති මංගල සමරවීර විසින් විරෝධය පළ කිරීමත් සමග එම කැබිනට් අනුමැතිය අතරමග නතර වී තිබේ. නමුත් ටික දිනකින් විරෝධය පහව ගිය පසු විදුලි බල අමාත්‍යාංශය නවම් මාවතට ගමන් කරනු ඇත.

ආණ්ඩුවට අයත් අමාත්‍යාංශ කොළඹ නගරයේම පිහිටා තිබිය යුතුය යන මෝඩ මානසිකත්වයක් ආණ්ඩුවට තිබේ. මෙය සෑම ආණ්ඩුවකටම වැළඳී තිබූ රෝගයකි. ශ‍්‍රී ලංකාවේ වානිජ නගරය වන කොළඹ පිහිටි ,්, ශ්‍රේණියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක වර්ග අඩියක මිල රුපියල් 150-200 ත් අතර වේ. එය වෙළෙඳ වටිනාකමකි. එවැනි මිලක් ගෙවා ගොඩනැඟිලි කුලියට ගනු ලබන්නේ පෞද්ගලික වෙළෙඳ ආයතන විසින් පමණි. මන්ද, ඔවුන්ට එවැනි මුදලක් ගෙවීමට ආදායමක් තිබේ. නමුත් විදේශ ණය මත නඩත්තු වන ශ‍්‍රී ලංකාව වැනි රටක ආණ්ඩුවකට තමන්ගේ අමාත්‍යාංශ වෙනුවෙන් එවැනි මුදලක් දැරිය නොහැක. ආණ්ඩුවේ මෙවැනි නාස්තිකාර වියදම්වලට වැය වන්නේ අසරණ පොදු ජනතාවගේ බදු මුදල්ය. එම මුදල්වලට නිසි වටිනාකමක් ලබාදීමට නම් කළ යුත්තේ රාජ්‍ය සේවයේ ගොඩනැඟිලි ප‍්‍රසාරණය කිරීම නොව කාර්යක්‍ෂම කිරීමය.

රාජ්‍ය ආයතන කාර්යක්‍ෂම කිරීමට නම් ආයතන බලය බෙදා හැරිය යුතුය. තාක්‍ෂණය දියුණු වී ඇති බැවින් ගොඩනැඟිලිවලට සීමා නොවී රාජ්‍ය සේවය ජනතාව අතරට ගෙනයෑමේ යාන්ත‍්‍රණය බල ගැන්විය යුතුය. එවැනි යාන්ත‍්‍රණ සඳහා කොළඹ නගරයෙන් පිටත හිස් රාජ්‍ය ගොඩනැඟිලි බොහොමයක් ඉතිරි වී තිබේ. එම ගොඩනැඟිලි සන්නිවේදන තාක්‍ෂණයෙන් සන්නද්ධ කිරීමෙන් ජනතාවට වඩා පුළුල් සේවා ලබාදෙන රාජ්‍ය ආයතන බවට පත්කළ හැක. ඒ සඳහා මුලින්ම කොළඹින් පිටතට ගෙන යා යුතු අමාත්‍යාංශය වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය ය. ඉන්පසු ඉතිරි අමාත්‍යාංශ ටික කොළඹ නගරයෙන් ඉවත් කිරීමෙන් නගරයේ තදබදය පමණක් නොව ජනතාවගේ බදු බරද අඩු කළ හැක. නමුත් අවාසනාව වන්නේ මෙම සැලසුම් දියත් කිරීමට ප‍්‍රඥාවන්ත ඇමැතිවරු ඉතිරිවී නොසිටීමය.

loww135පසුගිය 31 වැනිදා රත්නපුර මහාධිකරණයේ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා වෛද්‍යවරයකුට බරපතළ වැඩ ඇතිව වසර හතක සිරදඬුවමක්‌ නියම කර තිබිණි. මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ 13 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කිරීමයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles