Divaina - Kathuwakiya

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

පවත්නා ‘අලූත්ම’ දුම්රිය වැඩවර්ජනය ඊයේ (02 දා) වන විට ‘ජයග‍්‍රාහී’ 7 වැනි දිනටත් සිදු වෙමින් පැවතිණ. ‘අලූත්ම’ දුම්රිය වැඩ වර්ජනය ලෙස අප මෙය හඳුන්වන්නේ වසරේ වැඩි කාලයක් දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හෝ රිය සහායකයන්, සංඥා සේවකයන් ආදී වශයෙන් දුම්රියේ වර්ජනය කළ හැකි හැම සේවක කොට්ඨාශයක්ම කලින් කලට වර්ජන දියත් කරන නිසාය. ජයග‍්‍රාහී යැයි කීවේ වර්ජිතයන්ට වර්ජනය ඇදගෙන යෑමත්් ජයග‍්‍රහණයක් නිසාය.

මේ මොන ප‍්‍රශ්නට සහනය දුන්නත් තවත් සති 2 - 3 ක් යන විට තවත් දුම්රිය වැඩර්ජනයක් මඟ එන බව ද මගීී ජනතාව අත්දැකීමෙන් දන්නා කාරණයකි.

කෙසේ හෝ (01 දා) අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයේදී දුම්රිය සංවෘත සේවාවක් බවට පත් කර, පවතින දුම්රිය වැටුප් ගැටලූවලට විසඳුමක් ලබා දෙන්නට රජය තීන්දුවක් ගත්තේය.

එනමුත් එය සෑහීමකට පත් විය නොහැකි බව පවසා මෙන්ම තවත් කරුණු දෙකක් ඉටුකර ගන්නා තුරු දුම්රිය වැඩ වැරුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට වර්ජිතයෝ තීන්දු කර ඇත.

ඒ අනුව ඉකුත් බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ සිට මේ සතිය පුරා ක‍්‍රියාත්මක කෙරුණු දුම්රිය වැඩ වර්ජනයෙන් පාසල් සිසු - සිසුවියන්, කාර්යාල සේවකයන් ඇතුලූ දුම්රිය භාවිතයට ගන්නා දහසකුත් මගී ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

කොහොමටත් ශ‍්‍රී ලංකාවේ දුම්රිය ‘සේවය’ යනු සුව පහසු, සුඛෝපභෝගී මඟී සේවාවක් නොවේ. දිනපතා රාජකාරි කටයුතු සඳහා පැමිණ යළිත් එම දුම්රිය සේවයෙන් ම ගෙදර යන අය දිනපතා ‘වෙනිවැල්ගැට’ තම්බා පානය කළ යුතු තරමටම දුම්රිය සේවය කටුක අත්දැකීමකි.

නමුත් බොහෝ දෙනෙකු එසේ නොකරන්නේ වසර ගණනාවක් දුම්රියේ ම ගොස් හොඳ හැටි ඊට පත්තියම් වීම නිසාම හා තවත් සමහරු දුම්රියේ මිතුරු සමාගම් පවත්වා කේක් කා විනෝද වී ‘ ඕමි’ පාරක් ද දමාගෙන ඇඟට නොදැනී ම දුම්රියෙන් බැස යෑමෙනි.

සැබැවින් ම රාජ්‍ය, පෞද්ගලික සේවකයන්, පාසල් සිසුන් ඇතුලූ එහි ජනතාව දුම්රිය භාවිතයට ගනු ලබන්නේ මාර්ග තදබදයෙන් ගැලවී යාන්තම් හෝ තමන් අපේක්‍ෂා කරන වේලාවට පාසලට, රැකියා ස්ථානයට පැමිණීම සඳහා ය. ඒ නැතිව දුම්රියේ දුක දන්නෝ දුම්රිය භාවිතා කරන්නෝ ම (කාර්යාල සේවකයෝම) වෙති.

දිනපතා කොළඹට පැමිණෙන ලක්‍ෂ 5 කට අධික මගී ජනතාව අතරින් බහුලවම භාවිතා කරන්නේ දුම්රියයි. දිනකට ගමන් වාර 300 ක් පමණ සිදුකෙරෙන දුම්රිය සේවාව මගින් මසකට දළ වශයෙන් 968000 (නවලක්‍ෂ හැටඅටදහසක්) ජනතාව එගොඩ මෙගොඩ කෙරේ. මෙයින් 955000 ක් (නවලක්‍ෂ පනස්පන්දහසක්) දෙනා දෛනිකව ටිකට් රැුගෙන ගමන් කරන අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ වාර ප‍්‍රවේශපත‍්‍රකරුවන් 128000 (එක්ලක්‍ෂ විසිඅටදහසක්) දෙනෙක් ඒ අතර සිටිති.

අප විශ්වාස කරන පරිදි මේ සමස්ත මඟී පිරිසටම දුම්රිය වැඩ වර්ජනයෙන් අසාධාරණය සිදුවන අතර, වැඩියෙන්ම අසාධාරණයට ලක්වන්නේ මෙම වාර ප‍්‍රවේශපත‍්‍රකරුවන් ය. මන්ද ඔවුන්ට දැන් සිදුවී ඇත්තේ දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර පරෙස්සමට ළඟ තබාගෙන බස් රථයේ හෝ වෙනත් වාහනයක පිහිට පැතීමට නිසාය.

කෙසේ හෝ ශ‍්‍රී ලංකාවේ දුම්රිය සේවය යනු නොකර බැරි නිසා සිදු කරන සේවයක් බව එය විමසීමෙන් පැහැදිලි වේ. රාජ්‍ය අංශය පැත්තෙන් සැලකූ කල දුම්රිය සේවාව සඳහා විශාල ආයෝජනයක් ඊට සිදුකරනු පෙනේ. පැවැති ආණ්ඩු හා පවතින ආණ්ඩු මගින් බලවේග දුම්රිය කට්ටල රැුසක් චීනය, ඉන්දියාව වැනි රටවලින් ආනයනය කර ධාවනයට යොදවා ඇත. (ඒ යට ඇති අතයට ගනුදෙනු ගැන කතා කරන්නට මෙය අවස්ථාවක් නොවේ.)

එනමුත් දුම්රිය සේවය දුවන්නේ අති විශාල පාඩුවක් පිටය. එකතැන පල්වෙමිනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව 2017 වසර තුළ පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට විඳින්නට සිදුව ඇති පාඩුව රු. මිලියන 7600 (හත්දහස් හයසියයකි.) මෙයින් බහුතරය වැය වන්නේ දුම්රිය සේවක අතිකාල, පඩි නඩි සඳහා බව අපගේ විශ්වාසයයි.

මෙසේ අතිකාල දිමනා, වැටුප් වර්ධක ලබා ගනිමින් දුම්රිය මඟීන්ට හා රජයට බලහත්කාරකම් පෙන්වමින් ක‍්‍රියාත්මක දුම්රිය ‘මාෆියාව’ රටකට වැදගත් නොවන අතර, එය තරයේ ප‍්‍රතික්‍ෂේප කර පරාජය කළ යුතු තත්ත්වයක් බවට ද යෝජනා කරමු. මන්ද, මෙසේ වැඩි වැටුප්, වැටුප් විෂමතා වෙනස් කරන ලෙස ඉල්ලා දිගින් දිගටම සිදුකරන වර්ජන හේතුවෙන් දුම්රිය වළපල්ලටම යන අතර මඟී ජනතාවගේ ඉවසීමේ සීමාව ද පනින නිසාය.

මන්ද මගීන්ට දැන් අත්‍යවශ්‍ය වී ඇත්තේ කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් පමණක් ම මිස අනිකක් නොවේ.


මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ලිඛිත ඉල්ලීමකට අනුව දිවයිනේ සියලූම ආගමික මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙලෙස ආරක්‍ෂාව තරකර ඇත්තේ යළි අන්තවාදී ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු අනතුරු ඇ`ගවීමකට අනුවය. අප‍්‍රියෙල් 21 වැනිදායින් පසු විටින් විට රටේ මෙවැනි ක්‍ෂණික ආරක්‍ෂක සැලසුම් කිහිපයක් දියත් වෙමින් තිබේ. එය යහපත් ප‍්‍රවණතාවකි. අන්තවාදී ප‍්‍රහාර සම්බන්ධයෙන් සියලූ තොරතුරු ගලා එන්නේ සමාජ බුද්ධි ජාලය හරහාය. ආරක්‍ෂක අංශ විසින් කළ යුත්තේ මෙම බුද්ධි තොරතුරු කළමනාකරණය කරමින් රටේ ආරක්‍ෂාව තර කිරීමය. අප‍්‍රියෙල් 21 වැනිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබුණද ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකිවීමෙන් වටිනා මිනිස් ජීවිත

අලින්ට මිනිස් කටහඬ තේරුම් ගත හැකි බව මීට වසර කිහිපයකට පෙර කෙන්යාවේදී සිදුකළ පර්යේෂණයකින් හෙළිදරව් වී තිබිණි. මිනිස් කට හඬ ඇසුරෙන් ගැහුණ -පිරිමි- ළමා - කාන්තා සහ ජන වර්ග වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් අලින්ට ඇති බව එහිදී හෙළිවීම වඩා සුවිශේෂ බව මේ ගැන බීබීසී වෙබ් අඩවිය පළ කළ පුවතේ සඳහන්ව තිබිණි. පටිගත කරන ලද විවිධ හඬ අලින්ට ඇසෙන්නට සැලැස්වූ විට අලින් එකිනෙකට වෙනස් ප‍්‍රතිචාර කර ඇත. කෙන්යාවේ දී වනගත අලින් සම්බන්ධයෙන් විමසුමක යෙදුන පර්යේෂකයින් ප‍්‍රකාශ කර තිබුණේ ‘මසායි’ බසින් කෙරුණු පටිගත කිරීම් වලට අලින් බිය පළ කළ නමුත් එම පණිවුඩයම ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බවයි. මෙම පර්යේෂණයට මූුලික වූ බි‍්‍රතාන්‍ය සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කැරන් මැක්කොම්බ් සහ ආචාර්ය ග්‍රෙමි ෂනොන් පවසා තිබුණේ තමන් මීට පෙර සිදු කළ පර්යේෂණ වලදී සිංහයෙකුගේ සහ සිංහ ධේනුවකගේ හඬ වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් අලින්ට තිබෙන බව සනාථ වූ බවයි. ඇත්තෙන්ම අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැතැයි යැයි කියමනක් අපේ ජනවහරේ එයි. එය සත්‍යයකි. එය කෙන්යාවේ කතාවට වඩා වෙනස්ය.
 
 එසේ නමුත් මේ සියල්ල සිහි කරන්නට සිත්වූයේ හබරණින් අසන්නට ලැබුණු ඛේදජනක පුවත් නිසාය. හබරණ හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් හත් දෙනෙකුගේ සිරුරු හමුවී තිබූ අතර එක මියගිය ඇතින්නකගේ පැටියා සිය මව ඇත නොහැර හොඬයෙන් පනසුන් සිරුරු පිරිමදින අයුරු රූපවාහිනියෙන් දකින විට සියලූ දෙනාගේ හදවත් කම්පා කළ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අවාසනාවන්ත සිදුවීම ගැන අදහස් දක්වන සීගිරිය වනජීවී අඩවි ආරක්ෂක ආර්. එම්. චන්ද්‍රා බණ්ඩාරනායක මහතා ප‍්‍රකාශ කර ඇත්තේ මියගිය ඇතින්නියන් කිහිපදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ බවත් යම්කිසි විෂක් ශරීර ගත වීමෙන් මිය ගිය බවට දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බවත්ය. මේ සතුන්ට වස දුන්නේ කවරෙකුද? අලි නුවර පෙරහැරේ ගමන් කිරීමත් මහා වරදක් සේ දකින සමහරුන් මේ අලි ඝාතන ගැන කවරක් පවසයිද? මේ ඇතින්නියන්ගේ මරණයන් සම්බන්ධ වගකීම රජය භාර ගන්නා බව වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ මහතා හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ සිදු කළ සංචාරයකින් පසුව ප‍්‍රකාශ කර තිබිණි. වගකීම කවරක් වෙතත් මේ මහා අපරාධය සිදු කළ පුද්ගලයින් හෝ කණ්ඩායම සෙවීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. මේ අලි මරණ එකක් දෙකක් නොව හතකි. මේ අතර ගැබ්බර ඇතින්නක්ද විය. රට පුරා වන අලින් 5800ක් පමණ සිටින අතර මේ සියලූම සතුන් පිළිිිබඳ වගකීම රජය සතුවේ. එසේ නැත්නම් වනජීවී අමාත්‍යංශ වනජීවී දෙපාර්තමේන්තු පවත්වාගෙන යාමෙන් පලක් නැත.
 
 නිකරුනේ අලින් මියයාම කිසිසේත් අනුමත කළ නොහැක. 2012 වසරේ සිට 2018 වසරේ ඔක්තෝබර් 21 වෙනි දින දක්වා දුම්රියේ ගැටී මරණයට පත්ව ඇති වන අලි සංඛ්‍යාව 71 දෙනෙකි. එසේම ලංකාව පුරා අලි ඇතුන් 500 ක් පමණ කසළ ආහාරයට ගන්න හුරුවී ඇති බවත් හෙළිව තිබේ. මෙය අලින්ගේ පැවැත්මට ඉතා අසුභය. පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට පසුගිය වසර 55ක කාලසීමාව තුළ වන අලින්ට උන්ගේ වාසභූමිවලින් සියයට දහසයක් (16%* අහිමි වී තිබේ. එනම් පසුගිය දශක හය පමණ කාලය තුළ අලිඇතුන්ගේ වාසභූමි ප‍්‍රදේශවලින් සියයට පහළොවක් පමණ ඔවුන්ට අහිමි වී තිබේ. එම වාසස්ථාන අහිමි වීමෙන් එම වාසස්ථානවල දිවිගෙවූ අලි ඇතුන් සදහටම වඳවී ගොස් ඇත. මෙම වනඅලි ජනගහනයෙන් සියයට හැත්තෑවක්ම රක්ෂිත ප‍්‍රදේශවලින් බැහැරව ජීවත් ජීවත්වීම බරපතළ ගැටලූ රාශියක් ඇති කිරීමට හේතුව තිබේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් අවම වශයෙන් වසරකට අලින් 200 පමණත් මිනිසුන් 100 කට ආසන්න ප‍්‍රමාණයකුත් මරණයට පත්වේ. 2008 වසරේ සිට 2012 වසර දක්වා පමණක් අලි ප‍්‍රහාර හේතුවෙන් මියගිය ගණන පුද්ගලයන් 341 කි. එම කාලය තුළ පමණක් අලින්ගෙන් සිදුවූ දේපළ හානි හා සිදුවීම් සංඛ්‍යාව 8000 කට ආසන්නය. අවම වශයෙන් මේ හා සම්බන්ධ වගා හානි, ජීවිත හානි, අල ි
 
 මරණ හා ඒ සම්බන්ධ ජනතා උද්ඝෝෂණ සම්බන්ධ පුවත් 10ක්වත් දිනකට මාධ්‍ය තුළ පළවෙයි. මෙම ගැටලූවට දිස්ත‍්‍රික්ක 18 ක ජනතාව මුහුණදී සිටිති.
 
 ලෝකයේ ආසියානු අලි ජීවත් වන රටවල් 13 අතරින් ශ‍්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී  ස්ථානයකි. ලක්වැසියන් වන අපට අලි ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. අපගේ සමාජ හා සංස්කෘතික හර පද්ධති සමග අලි ඇතුන් ඉතා තදින් බද්ධව ඇත. එනිසාම මෙලෙස නිකරුනේ ඇතින්නන් මියයාම කිසිසේත් සුළු කොට තැකිය නොහැක. වන අලි පලවා හැරීමට පසුගිය කාලයේ හඳුන්කූරක්ද හඳුන්වාදුන් බව අසන්නට ලැබිණි. එය සාර්ථකද නැද්ද යන්න පැහැදිලි නැති වුවත් වන අලියා සමග සහජීවනයක් ගොඩනගා ගැනීම වැදගත්ය. සහජීවනයට එරෙහි පාපතරයෙක් මේ ඇතින්නට වස දුන්නේද? මේ ඇතින්නන් මිය ගියේ රක්ෂිතයක් තුළදීය. ගම්මානවලට පහරදීමට ගොස් සිටියදී නම් නොවේ. එසේ නම් මෙතන සිදුව ඇත්තේ බරපතළ අපරාධයකි. මෙවන් අපරාධ මතුවට සිදු නොවීමට වගකිව යුත්තෝ වහා පියවර ගත යුතුය. අප සියලූ සතුන් කෙරෙහි මෙත්සිත පැතිරවිය යුතු නොවේද?

 සජිත් ජනපති වූ පසු ගෝඨාභය රාජපක්‍ෂට ජම්පර් ඇඳීමට සිදුවනු ඇතැයි හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්‌වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවා ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිවාදි අපේක්‍ෂකයාට ජම්පර් ඇන්ඳවීමට කතා නොකර පක්‍ෂය දිනවන වැඩපිළිවෙළ ගැන කතා කළ යුතු බවයි. අගමැතිවරයාගේ එම පරිණත කතාව අන් දේශපාලනඥයින්ටද ආදර්ශයකි.

විවිධ වෘත්තිකයන් රැසක් ක‍්‍රියාත්මක කරමින් සිටින වැඩ වර්ජනවලින් මුළු රටම නතර වී තිබේ. ඉහළ සිට පහළට විවිධ ශ්‍රේණිවලට අයත් රජයේ සේවකයන් වැඩ වර්ජන ආරම්භ කර තිබෙන්නේ වැටුප් විෂමතාවයන් නිසාය. මේ වන විට රාජ්‍ය සේවයේ වැටුප් සඳහා රුපියල් කෝටි 80,000 ක් පමණ වැය වන අතර වෘත්තීය සමිති ඉල්ලා සිටින රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට තවත් රුපියල් කෝටි 11,500 ක් වැය වන බව ගණන් බලා තිබේ.

රටේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත් කරමින් ක‍්‍රියාත්මක කරන කවර අන්දමේ හෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග අනුමත කළ නොහැක. විශේෂයෙන්ම රටේ බරපතල ආර්ථික ගැටලූවක් තිබියදී හා ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි ආකාරයේ වැඩ වර්ජන පැවැත්වීම සාධාරණීකරණය කළ නොහැක.

අනෙක් අතට ජනතා බදු මුදලින් නඩත්තු වන අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් හා නිදහස් සෞඛ්‍යයෙන් පෝෂණය වී ඉහළ තනතුරුවලට ගිය අපේ රටේ ඉහළ වෘත්තිකයන් මේ ආකාරයට රටේ සාමාන්‍ය ජනතාව පෙළමින් වැඩි වැටුප් ඉල්ලා ජනතාවම ප‍්‍රාණ ඇපයට ගැනීමද අසාධාරණය.

එහි වඩාත්ම කනගාටුවට කරුණ නම් වැඩ වර්ජනය කර ඇති බොහෝ වෘත්තිකයන් සාමාන්‍ය රජයේ සේවකයන් මෙන් තුන් හතර ගුණයක් හෝ එසේත් නැතිනම් ඊටත් වඩා වැටුප් ලබන අය වීමය.

ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් රජය විසින් වරින් වර ඇතැම් ශ්‍රේණිවලට පමණක් වැටුප් වැඩි කිරීම මේ බොහෝ විෂමතාවලට බලපා ඇති අතර එම නිසා ඇතිවී තිබෙන විෂමතා නැති කිරීම සක්කරයාටවත් කළ නොහැකි බව රහසක් නොවේ.

අපේ රටේ සාමාන්‍ය ලිපිකරුවකුගේ සියලූ දීමනා සහිත වැටුප රුපියල් තිස්පන්දහසක් පමණ වේ. උපාධිධාරියකුගේ සියලූ දීමනා සහිත වැටුප රුපියල් හතලිස් තුන්දහසක් පමණ වේ.

වැටුප් විෂමතාවන්ට බෙහෙවින් බලපා තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ වැටුප හා සසඳන විට මෙය කවර ආකාරයෙන් හෝ සාධාරණය කළ නොහැකි බව අපගේ හැඟීමයි. මේ වන විට රජයේ අධිනීතිඥවරයකුගේ සියලූ දීමනා සහ ප‍්‍රතිලාභ සහිත මුළු වැටුපෙහි එකතුව රුපියල් තුන්ලක්ෂ අසූහතර දහසකි. ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකුගේ දීමනා සහිත වැටුප හාරලක්ෂ විසිපන්දහසකි. වෛද්‍යවරුන්ගේ සියලූ දීමනා සහිත වැටුප රුපියල් 163,000 සිට 225,000 අතර ද ඉංජිනේරුවන්ගේ රුපියල් 82,000 ත් 139,000 අතර ද වේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියලූ දීමනා සහිත වැටුප රුපියල් 176,000 සිට රුපියල් 340,000 දක්වාද , අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දීමනා සහිත වැටුප රුපියල් 126,000 සිට රුපියල් 225,000 දක්වාද වේ. අනෙක් අතට මේ ඉහළ පෙළේ වෘත්තිකයන් රැුසකට තීරු බදු සහන යටතේ වාහන බලපත‍්‍ර පවා හිමිවේ. මේ බොහෝ දෙනකු ඒවා විකිණීමෙන් පස් වසරකට වරක් තවත් විශාල මුදලක් උපයති.

මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, වරාය ආදී ආයතනවල වැටුප් ඉතාම ඉහළ මට්ටමක පැවතීම එම ආයතන කඩා වැටීමට මෙන්ම රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමටද බලපා තිබේ. රටේ සාමාන්‍ය රජයේ ලිපිකරුවකුගේ, රියැදුරකුගේ වැටුප මෙන් පස් හය ගුණයක වැටුපක් මේ ආයතනවල රියැදුරන්ට හා ලිපිකරුවන්ට ලැබේ. සේවය කරන ආයතනය කුමක් වුවද රියැදුරු හා ලිපිකරු වැනි සේවාවල සිදුකරන්නට ඇත්තේ එකම කාර්යයක් නිසා මෙවැනි විෂමතාවයන් බරපතල අසාධාරණයකි. අනෙක් අතට දුම්රිය සේවකයන්ද විශාල අතිකාල දීමනා ලබන පිරිසක් වන අතර ඔවුන්ගේ වැඩ වර්ජන හා ඉල්ලීම් ද සාධාරණ නොවේ. අනෙක් අතට බඳවා ගැනීම් සඳහා අනවශ්‍ය පරිදි ඉහළ අධ්‍යාපන සුදුසුකම් නිර්මාණය කර ගැනීම හරහා මොවුන් විසින්ම දුම්රිය සේවයට නව වෘත්තිකයන් ඇතුළුවීම සීමා කරගෙන අතිකාල දීමනා වැඩි කරගෙන තිබේ. එම නිසා ඉංජිනේරු හැර සෙසු දුම්රිය වෘත්තීන් සඳහා අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත්වීම වුවද සෑහේ. මෑතක් වනතුරු දුම්රිය රියැදුරන් ලෙස පවා කටයුතු කළේ එවැනි සුදුසුකම් ලැබූවන්ය. ”පයිලට්” නාමය ඉල්ලා සිටියද ඔවුන්ගේ කාර්යය පීල්ලක් දිගේ දුම්රිය ධාවනය කරවීමය.

රටේ ජීවන වියදම සියලූ දෙනාට එකසේ බලපාන බව අපගේ අදහසයි. එම නිසා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනවිත් රටේ දැනට ඇති සියලූ වැටුප් ක‍්‍රම අත්හිටුවා රටේ ජීවන වියදමට සරිලන වැටුප් ක‍්‍රමයක් සියලූ ක්ෂේත‍්‍රවලට ලබා දිය යුතු බව අපගේ අදහසයි. ඒ සඳහා සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි වැටුප් කමිටුවක් ඇති කළ යුතුය. දැනට සිදුකරන ආකාරයට පරිපාලන සේවා නිලධාරීන්ගෙන් පමණක් එම කමිටු සකස් කළහොත් මේ විෂමතා කිසි දිනක ඉවත් නොවේ.

එසේම ඊට එරෙහිව කිසියම් හෝ වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් ඊට රටේ සමස්ත ජනතාව එක්ව මුහුණදිය යුතු අතර වැඩ වර්ජකයන්ට දැඩි දඬුවම් පමුණුවිය යුතු සේම විදෙස් රට වලින් හෝ තාවකාලිකව අදාළ වෘත්තිකයන් ගෙන්වා වැඩ වර්ජනවලට මුහුණ දීම කළ යුතුය.

අනෙක් අතට මේ ආකාරයට වැටුප් වැඩිකිරීම සඳහා මුදල් සොයා ගැනීමට බදු වැඩි කිරීමෙන් සිදුවන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් රටේ සාමාන්‍ය ජනතාව තවදුරටත් අපහසුවට පත්වීමය.

එසේම වැඩ වර්ජනවලට බියෙන් හදිසියේ සිදු කෙරෙන වැටුප් වැඩිකිරීම්වලින් සිදුවන්නේ වැටුප් පරතරය තව දුරටත් ඉහළ ගොස් වැටුප් විෂමතා තවත් වැඩිවීමය. එම නිසා මේ මොහොතේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ ලක්ෂ දෙසිය විස්සක් වන රටේ සමස්ත ජනතාවට සහන සැලසීම මිස සුළු පිරිසක් සනසන්නට රටේ සියලූ දෙනා අපහසුවට පත් කෙරෙන ආකාරයෙන් නොවන බව අපගේ අදහසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles