Divaina - Kathuwakiya

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ඇල්පිටියේ පැවැත්වූයේ ප්‍රාදේශීය සභාවකට සභිකයන් තෝරා ගන්නා ඡන්දයකි. නමුත් මුළු රටේම අවධානය ඇල්පිටිය දෙසට හැරුණේ දේශපාලන වටපිටාවේද උණුසුම තීව්‍ර කරමිනි. ඇල්පිටිය දිනාගත් පාර්ශ්වයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට ඇල්පිටියෙන් පිටිය සකස්‌ කළ බවකි. පරාජය ලැබූ කණ්‌ඩායම ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභා ඡන්දයකින් රටට ජනාධිපතිවරයකු තෝරන ඡන්දයට සමපාත කළ නොහැකි බවකි. ඒ පිළිබඳව අප කිසිවක්‌ ප්‍රකාශ කරන්නේ නැත. නමුත් ඇල්පිටියෙන් මුළු රටටම දුන් ආදර්ශය පිළිබඳ කතා බහ කළ යුතුව ඇත.
 
 සුළු සිද්ධීන් කීපයක්‌ හැරුණු විට ඇල්පිටියේ පළාත් පාලන ඡන්දය විමසීම සාමකාමීය. පැµරල් සංවිධානය පවසනුයේ ඇල්පිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයන් දියුණු සංස්‌කෘතික ලක්‍ෂණ පෙන්නුම් කරමින් සිය ඡන්ද ව්‍යාපාරය කරගෙන ගිය බවයි. පූර්ව මැතිවරණ සමයේ සිට මැතිවරණය අවසන් වනතුරු ඇල්පිටිය ඡන්ද කොට්‌ඨාසයෙන් කිසිදු ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ වාර්තා වී නොමැත. ඡන්ද මධ්‍යස්‌ථානයේදීම ඡන්ද ගණනය කිරීමේ ක්‍රියාවලියක අත්දැකීම් විඳ ගැනීමට ඇල්පිටිය වැසියන්ට අවස්‌ථාව ලැබීම ද සුවිශේෂී අවස්‌ථාවකි. එනිසාම ඇල්පිටියෙන් ලැබුණු මෙම ආදර්ශය රටේ අනෙකුත් මැතිවරණවලට අදාළ කරගත හොත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්‌ ඡන්ද විමසීමකට මග පෑදෙනු ඇත.
 
 ඇල්පිටියට සාපේක්‍ෂව ගතහොත් මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ හදාගත යුතු තැන් තිබෙන බව පැහැදිලිය. මැතිවරණ කොමිසන් සභාව පවසන ආකාරයට ඊයේ (14 දා) වන විට ජනාධිපතිවරණයට සම්බන්ධව පැමිණිලි 513 ක්‌ ලැබී තිබේ. ඒ අතර ප්‍රචණ්‌ඩ ක්‍රියා 12 කි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 485 කි. වෙනත් පැමිණිලි ගණන 16 කි. ජනාධිපතිවරණය සඳහා ඡන්දය විමසීමට තවත් මාසයක පමණ කාලයක්‌ තිබේ. එනිසාම ප්‍රචණ්‌ඩ ක්‍රියා අවම කරගෙන සාධාරණ ඡන්ද විමසීමකට පිටිය සකස්‌ කිරීම කාගේත් යුතුකමකි. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකර තිබේ.
 
 පැමිණිලි ලැබුණු විගස ක්‍රියාත්මක වීමට ද මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරමින් සිටියි. නමුත් මැතිවරණ කොමිෂන් සභාවට පමණක්‌ සාධාරණ ඡන්ද විමසීමකට අවශ්‍ය පසුබිම සකස්‌ කළ නොහැක. එහිදී ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ටද විශාල වගකීමක්‌ තිබේ. විශේෂයෙන් තම ආධාරකරුවන් නීති විරෝධී ක්‍රියාවන්ට යොමු නොකිරීමට ඔවුන් වගබලා ගත යුතුය. කොටින්ම කිය තොත් මෙම ඇඟේ හයිය පෙන්නන ඡන්දයක්‌ නොකර ගත යුතුය. රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපැවැත්ම උදෙසා සාධාරණ ඡන්ද විමසීම් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු අපේක්‍ෂකයෝ මේ ගැන තම ආධාරකරුවන් දැනුවත් කළ යුතුය. මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ද ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදුන් දිනයේදී අපි මේ කියන කාරණය ජනාධිපති ධුර අපේක්‍ෂකයන් හමුවේ අවධාරණය කර තිබිණි.
 
 මෙහිදී දේශපාලනඥයෝ තේරුම් ගත යුතු තවත් කාරණයක්‌ තිබේ. රටේ ඡන්දදායකයා වෙනදා මෙන් ඇන්දවිය නොහැක. සිමෙන්ති කොට්‌ටයකට, ටකරං තහඩුවකට, වැසිකිලි කටකට හෝ පොඩි පොඩි වරප්‍රසාදවලට රැවටී ඔවුන් තමන්ට ඡන්දය පාවිච්චි කරන්නේ යෑයි සිතන්නේ නම් එය අනුවනකමකි. අද මේ රටේ සියලු ජනතාව බලා සිටිනුයේ රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්නය. රටට අවංකව වැඩක්‌ කළ නායකයා කවුරුන්ද යන්නය. ඔවුන් කිරා මැන බලා අවසන් තීන්දුව ගනු ඇත. එනිසාම දේශපාලන ආධාරකරුවන් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් පිස්‌සු කෙළියහොත් එහි අවාසිය ලැබෙන්නේ ද ඔවුනගේම අපේක්‍ෂකයාට බව ඕනෑම පුංචි ළමයකුට වුවත් තේරුම් යන කාරණයකි. එනිසාම ඇල්පිටියේ ජනතාවගෙන් පාඩම් උගෙන ඉදිරි මැතිවරණ සඳහා සියලු දෙනා පෙළගැසුනහොත් ඉන් අප රටට ලොකු කීර්තියක්‌ අත්පත් වෙනු ඇත. එය එසේ සිදුවුණහොත් අප රට දෙස බලා සිටින ජාත්‍යන්තරයට ද එය සුබ පණිවිඩයක්‌ වනු ඇත.

”විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් බිහි කළ යුතු යි.” යනුවෙන් ප‍්‍රකාශ කළේ කවරෙක් ද? ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර නොහොත් අප සියලූ දෙනාම හොඳින් දන්නා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ය. එතුමා විරුදාවලිය ලබන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසය. කන්නන්ගර දිනය ඊයේට යෙදී තිබුණද අදත් එතුමා සිහිපත් කිරීම වරදක් නොවේ. එතුමා නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් එවක රාජ්‍ය මන්ත‍්‍රණ සභාව හමුවේ පැවසුවේ කුමක්ද? ‘‘ගරු සභිකවරුනි, එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුවා මා එන විට ගඩොලින් බැඳ තිබු රෝමය වෙනුවට ඉතිරි කොට ආවේ කිරි ගරුඬෙන් තැනූ රෝමයකි. අන්න ඒ වගේ අප යන විටත් මිල අධික අධ්‍යාපනය මිල බැස්සුවා ය. වසා මුද්‍රා තබන ලද අධ්‍යාපන විවෘත ලිපියක් බවට පත් කළා ය. ධනවතුන්ගේ වරප‍්‍රසාදයක් වූ අධ්‍යාපන දිළින්දන්ගේ දායාදයක් බවට පත් කළායැ යි උදම් අනන්න පුළුවන් නම් එය කොයි තරම් අගේදැ යි” මේ අනුව 1945 ජූලි මාසයේ දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ අතර, දහසක් ¥ දරුවන්ගේ හා දෙමාපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් එම වසරේ ඔක්තෝබර් මස පළවෙනිදා සිට එය බලාත්මක කෙරිණි. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන යෝජනාවල ප‍්‍රතිඵලයන් වැඩි කල් නොගොස්ම රටට මහත් වාසියක් අත් කෙළේය. 1931 දී 89%ක් වූ පාසල් නොගිය ළමුන් ප‍්‍රමාණය 1947 දී 37%ක් දක්වා පහළ ගියේය. 1967 දී විශ්වවිද්‍යාල ළමුන්ගෙන් 73% ක්ම ගම්බද ළමුන් තුළින් පැහැදිලිව කියන්නේ කුමක්ද? කන්නන්ගර ප‍්‍රතිපත්ති ඔස්සේ අධ්‍යාපනය ගමට ගලා ගිය ආකාරය නොවේද?
 
 ඇත්තෙන්ම 1939 වනවිට රජයේ ඉහළ රැුකියා ලබාගත හැකි වූයේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ද්විතීයික අධ්‍යාපනය දෙන ලද රජයේ එකම පාසල වූ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ධනවත් පවුල්වල දරුවන්ට මුදල් ගෙවා ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාගත හැකි වූ නගරබද ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල්වලින් පිටවූ අයට පමණය. ගම්බද දරුවන්ට ස්වභාෂා මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනයක් ලැබුණු අතර ඔවුන්ට උපරිම වශයෙන් ඉලක්ක කළ හැකි වූයේ ස්වභාෂා ගුරුවරයකු වීමටය. මෙම තත්ත්වය මඟහැරවීමට සෑම මැතිවරණ බල ප‍්‍රදේශයකම ගම්බද මධ්‍යස්ථානයක ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන මධ්‍ය විද්‍යාල පිහිටුවීම 1939 අධ්‍යාපන ප‍්‍රඥප්තියේ අරමුණ විය. ඒ අනුව ප‍්‍රථම මධ්‍ය විද්‍යාලය 1940 ඔක්තෝබර් මස හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙහි වීරකැටියේ විවෘත කරන ලද අතර 1947 කන්නන්ගර යුගය අවසන් වනවිට මධ්‍ය විද්‍යාල 54 ක් බිහිකොට තිබිණ.
 
 කන්නන්ගර මැතිඳුන්ගේ වඩාත් වැදගත්ම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූයේ 1945 අංක 21 දරන නිදහස් අධ්‍යාපන පනතින්ය. එමඟින් එතුමන් අපේක්ෂා කළේ ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම් නොතකා සෑම දරුවකුට ම බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය තෙක් නොමිලයේ අධ්‍යාපනය ලබාදීම සහ 1945 දී බාලාංශයෙන් පටන් ගෙන වසරින් වසර ක‍්‍රමයෙන් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමයි.
 
 1926 කාලයේදී පවා රජයේ සේවයට සිදුකළ ඇතැම් බඳවාගැනීම්වලදී කුලය සලකන සාධකයක් විය. ව්‍යවස්ථාදායක සභා වලට පත් වූයේ සිංහල ඉහළ කුලවල වංශවතුන් බැවින් වැඩිදෙනෙක් ඒ ගැන කතා කළේ නැත. නමුත් කන්නන්ගර මහතා රජයේ රැුකියාවලදී කුලය සැළකීමට දැඩි ලෙස විරුද්ධ වූයේය. ඒ ගැනත් මෙහිදී සිහිකළ යුතුය. ඇත්තෙන්ම එතුමා දාර්ශනික ඇමැතිවරයකු බව පැවසිය යුතුය. එතුමා සිදු කළේ විප්ලවය නිසා බමුණු කුලය බිද වැටිණි. ජනයා බෙදනු ලැබූ බෙදුම් රේඛාව එතුමා ඉවත් කර දැමීය. එනිසාම මේ උතුම් මිනිසා සැමවිටම සිහිකළ යුතුය. එය දිනයකට සීමා විය යුතු නැත. කළු සුද්දන් නිර්මාණය කරන අධ්‍යාපනය ගැන එතුමා 1944 දී මෙලෙස අදහස් දක්වා තිබිණි. එය උපුටා දක්වන්නේ කන්නන්ගර මහතාට උපහාර වශයෙනි.
 
 ‘‘අප විසින් ජනයා කොටස් දෙකට බෙදා ඇත. එක කොටසක් උසස්ය. අනෙක පහත්ය. එක් කොටසක් කලිසම් ඇඳී. අනෙක් කොටස අඳින්නේ රෙද්දය. ඉංග‍්‍රීසි අධ්‍යාපනය නිසා අපේ රට සමාජයේ පංති 2 ක් වශයෙන් බෙදී ඇත. ඉසුරුමත් වූත්, ධනවත් වූත්, බලසම්පන්න වූත්, ගෙවීමට හැකියාව ඇත්තා වූත් අය විදේශීය භාෂාවකින් උසස් අධ්‍යාපනයක් දෙන පාසලකට යති. ඔවුන් ඒ සඳහා ගෙවිය යුතුය. එසේ මුදල් ගෙවීම ප‍්‍රයෝජනවත්ය. කවර හෙයින්ද මේ රටේ රාජ්‍ය භාෂාව ඉංග‍්‍රීසි වන හෙයිනි. එසේම ඉංග‍්‍රීසි නොදන්නා කිසිවෙකුට කිසිදු උසස් නිලයකට පත්විය නොහැකි හෙයිනි.”
 

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් පිරිසක් තරග කරන ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 37 කි. අපේක්‍ෂකයන් 35 දෙනා වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සකස් කළ ආදර්ශ ඡුන්ද පත‍්‍රිකාව මේ වන විට මැතිවරණ කොමිසමට ලැබී ඇති අතර එහි දිග අ`ගල් 26 කි. මෙය අඩිවලින් ගණනය කළහොත් අඩි දෙකකට වඩා වැඩිවේ. මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡුන්ද පත‍්‍රිකාවයි. එය ඇතැම් විට ලෝකයේ දිගම ජනාධිපතිවරණ ඡුන්ද පති‍්‍රකාව විය හැක. මෙවැනි අසාමාන්‍ය ඡුන්ද පත‍්‍රිකාවක් මුද්‍රණය වීමත් සමග මැතිවරණ කොමිසම අර්බුද රැුසකට මුහුණ දෙමින් සිටින බව එහි සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි. මෙම අර්බුද ගැන සඳහන් කරමින් සභාපතිවරයා නිකුත් කළ නිවේදනයට අනුව ජනාධිපතිවරණයට ඇස්තමේන්තු ගතකර ඇති රුපියල් කෝටි 400 මුදල තවත් වැඩිවනු ඇත. අවාසනාව වන්නේ මේ සියලූ වියදම් පියවනු ලබන්නේ පත්වන නව ජනාධිපතිවරයාවත්, මැතිවරණ කොමිසමවත් නොව අසරණ පොදු ජනතාව වීමය. ණය බරින් පීඩිතව සිටින රටකට තමන්ගේ පාලකයන් පත්කර ගැනීම සඳහා මෙපමණ ධනස්කන්ධයක් වැයකිරීමට සිදුවීම ඛේදවාචකයක් නොවේද?

ජනාධිපතිවරණ සටන ඇරඹී ඇත. වෙනත් රටවල නම් ජනාධිපතිවරයා, අගමැතිවරයා වැනි එම රටවල රාජ්‍ය නායකයා පත්කර ගැනීමට පවතින්නේ තරගයකි. ඇතැම් රටවල නිතරගයෙන් ද රාජ්‍ය නායකයන් පත්වනු අප අසා තිබේ. එනමුත් ශ‍්‍රී ලංකාවේ ඒ සඳහා ඇත්තේ තරගයක් නොව, සහසුද්දයෙන් ම ‘සටන’ කි.
 
 ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් නම් කරන්නටත් පෙර පක්‍ෂ, පාට අතර පටන් ගන්නා මේ ‘සටන’ බොහෝ විට පිරී ඇත්තේ මඩ, අවලාද, පළිගැනීම් වැනි වැඩිහිටියන් දරුවන් අන්දමන්ද කරන වාග් ප‍්‍රහාරවලිනි. පරිසරය වනසන පෝස්ටර්, කටවුට්, බැනර්වලිනි. අපේක්‍ෂකයන් නොව බොහෝ විට මෙම අවලාද, වාග් ප‍්‍රහාර පතුරන්නෝ ඒ ඒ අපේක්‍ෂකයන්ගේ ආධාරකාර කථිකයෝ ය. මෙම කථිකයන්ගේ අමිහිරි, තිත්ත රස කතා (වොයිස් කට්* නිසාම මීට පෙර ජනාධිපතිවරණයට ඉල්ලූ අපේක්‍ෂකයන්ගේ ඡුන්ද ප‍්‍රමාණාත්මකව අඩුවන හැටි අපි දැක ඇත්තෙමු.
 
 මෙවරත් එවන් ‘වාචාලයන්ට’ තැන දුන්නොත් මේ අපේක්‍ෂකයන්ට ද එවන් සන්තෑසියකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එබැවින් ආධාර කථිකයන් තෝරා ගැනීමේදී එක් එක් අපේක්‍ෂකයා තමන්ගේ ඡන්ද ගොඩ අඩු කරන, මඩ අවලාද, ප‍්‍රචාරය කරන්නන්ට තැන දෙන්නේ ද යන්න දෙවරක් සිතා බැලීම වැදගත් ය.
 
 මැතිවරණ කොමසාරිස්වරයා ද නාමයෝජනා අවසන් වූ සැනින් සපථ කරන ලද්දේ අනුන්ට හිරිහැරයක් නොවන පරිදි තමන්ගේ ආධාරකරුවන් හසුරුවා ගැනීමේ වගකීම අපේක්‍ෂකයන් විසින් දැරිය යුතුවීම වැදගත් බවය. එසේ හෙයින් මහත්මා මැතිවරණයක් පවත්වා රටට ගැලපෙන මහජන මතයට ගරු කරන අපේක්‍ෂකයෙක් තෝරා ගැනීම සඳහා සියලූ පක්‍ෂ, අපේක්‍ෂකයන් අවස්ථාව ලබා දිය යුතු වන අතර, මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය මහජනතාවට ආදර්ශවත් අයුරින් කරගෙන යෑම ඔවුන්ගේ වගකීමකි. වැදගත් රටක් ගොඩනැගීම සඳහා එය ද එක් නිර්ණායකයකි.
 
 මෙවර ජනාධිපතිවරණ නාමයෝජනා භාරදීම ආරම්භ වූයේ රට තුළ විරෝධතා, වැඩ වැරුම් රැුල්ලක් පවතින මොහොතකය. දුම්රිය වැඩ වැරුම එවන් කැපී පෙනෙන වැඩ වර්ජනයකි. ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව ද එවැන්නකි. රණවිරුවන්ගේ නැතත්, දුම්රිය වැඩ වර්ජනය මගී ජනතාවට ඉමහත් පීඩාවක් ගෙන දෙමින්, ක‍්‍රියාත්මකවී ඊයේ (09 දා* වන විට දුම්රිය යථා තත්ත්වයට පත්ව ඇත. ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ද විසඳුම් තීන්දු වී ඇත.
 
 එසේ හෙයින් මෙම විරෝධතා වැඩවැරුම් සමථයකට පත්වීම මහජනතාවට මහත් අස්වැසිල්ලකි. එසේම ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් වී ඇති මෙවන් මොහොතක වැඩ වර්ජන ක‍්‍රියාත්මක කිරීම් අභියෝගයට ලක්වන තත්ත්වයකට ද පත්ව ඇත. එසේ හෙයින් තවත් වැඩ වර්ජන, විරෝධතා අපි ප‍්‍රාර්ථනා නොකරන්නෙමු.
 
 එනමුත් මැතිවරණ උණුසුම අස්සේ වැඩි කතා බහකට ලක් නොවී පැවැත්වෙන තවත් වර්ජනයක් වේ. රජය ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවක් පෙනෙන්නට ඇති අතර, මේ නිසා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය වී ඇත.
 
 එනම් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැඩ වර්ජනයයි. පුරා මාසයක පමණ කාලයක් තිස්සේ වැටුප් විෂමතා මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩ වර්ජනය හේතුවෙන් සියලූ අධ්‍යයන කටයුතු මෙන්ම විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු ද දැඩි සේ බිඳවැටීමට ලක්ව තිබේ.
 
 ඊයේ (09 දා* ‘දිවයින’ පුවත්පතේ ප‍්‍රවෘත්තියක සඳහන් වන පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා විසින් මෙම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වැරුම ගැන රජය දක්වන ප‍්‍රතිචාරය දැඩි සේ විවේචනයට ලක් කරන අතර, වහාම ඊට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරයි.
 
 සැබැවින්ම, ජනාධිපතිවරණයට මුවා වී එම අර්බුදය නොසලකා සිටීම නොකළ යුත්තකි. පෙනෙන්නට ඇති පරිදි එහි බරපතළ අර්බුදයක් පවතී.
 
 එසේම, විශ්වවිද්‍යාලවල කටයුතු පවත්වා ගෙන යා නොහැකි නිසා, සිසුන් ඇත්තේ ගෙවල්වලය. දේශන, විශ්වවිද්‍යාල පරීක්‍ෂණ, ප‍්‍රායෝගික කටයුතු සියල්ලම අඩාල වී ඇති බැවින් බරපතළ අර්බුදයක් එහි පවතී.
 
 එහෙත් බලධාරීන් ඒවාට නෑසූකන්ව සිටිති. මන්ද අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලයිට් කණු උඩ නොනගින නිසා විය යුතුය. නැතහොත් දුම්රිය වර්ජනය මෙන් ජනතාවට එය දැනෙන පීඩාවක් නොවන නිසා විය යුතුය.
 
 එනමුත්, විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටීම යනු සමස්ත ජාතියේම කඩා වැටීමයි. ඊට ජාති, ආගම්, කුලමල භේද නැත. ඇඟට දැනෙන්නේ නැති වුවද, මේ වැඩ වර්ජනයේ මහා බිඳවැටීමක් ඇත. එබැවින් වහා ඊට පිළියම් යොදා, විශ්වවිද්‍යාල පද්ධතිය යථාවත් කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැතිය.

 ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මංගල රැලිය පැවැත්වූයේ අනුරාධපුර සමනල ක‍්‍රීඩාංගණයේදීය. ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා සිය මංගල රැලිය පැවැත්වූයේ ගෝල්ෆේස් පිට්ටනියෙනි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගමෙන් සිය ජනපතිවරණ සටන ආරම්භ කළේය. මේ අතරතුර සෙසු ජනාධිපතිවරණ අපේක්‍ෂකයෝ විවිධ තැන්හිදී ජනතාව අමතමින් සිටිති.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles