Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

ලෝකයේ ‘පෙනහල්ල’ ගිනිගනිමින් තිබේ. සති කිහිපයක සිට ඇවිල යන ගිනි හේතුවෙන් දැනටමත් ලෝකයේ පෙනහල්ල යැයි නම් දරා ඇති ඇමසන් වනාන්තරය හොඳටම දැවී ගොස් ඇත. ලැබෙන ආරංචි අනුව දැනටමත් දැවී ඇති වනාන්තර ප‍්‍රමාණය ශ‍්‍රී ලංකාව තරම් විශාලය.
 
 ශ‍්‍රී ලංකාව මෙන් 83 ගුණයක් විශාල ඇමසන් වනාන්තරය ලොව පවතින විශාලතම වර්ෂා වනාන්තර (නිවර්තන තෙත් සදාහරිත) ය වේ. එසේම වර්තමානයේ ලොව මුහුණ පා සිටින දේශගුණික විපර්යාස :ජකසප්එැ ක්‍ය්බටැ) ය නම් වූ දැවැන්ත ඛේදවාචකයේ ලොව අධික කාබන් (ඩයොක්සයිඞ්) ගබඩා කරගන්නා සුවිශාලම කාබන් සංචිත කරන්නා ද වේ. දැනටමත් මෙහි ගබඩා කර පවතින කාබන් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් බිලියන 90 - 140 අතර යැයි ගණන් බලා ඇත.
 
 එසේම, ජෛව විවිධත්වය අතින්, ජල පෝෂණය අතින්, කාලගුණික - දේශගුණික වැදගත්කම අතින් මේ හා සමකළ හැකි තවත් වනාන්තරයක් ලොව නොමැත.
 
 බ‍්‍රසීලය, පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනා, ඉක්වදෝරය, බොලීවියාව ඇතුළු දකුණු දිග ඇමරිකානු කලාපයේ රටවල් 9 ක පැතිර පවතින ඇමසන්, ලොවට අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රතිශතයෙන් 30% ක් නොහොත් තුනෙන් දෙකක් සපයන්නා වේ.
 
 එසේ හෙයින් ඊට ලෝකයේ පෙනහල්ල නොකියා තවත් වෙන කුමක් කියම්ද? එසේම, ඊට ගිනි තැබූවන් අල්ලා පරසක්වල ගසනු හැර තවත් දියයුතු දඬුවම් තිබේද?
 
 ඇමසන් හි 60% ක් පැතිර පවතින බ‍්‍රසීලයේදී මෙලෙස දැඩි ලෙස ගිනි ගනිමින් තිබෙන අතර, ඊයේ (27 දා) වාර්තා වූයේ බොලීවියාව ප‍්‍රදේශයෙන් ද තවත් ගිනි ගැනීම් හටගෙන ඇති බවයි.
 
 බොලීවියානු ජනාධිපතිවරයා ද ගිනි නිවීම සඳහා එක්ව සිටින අයුරු මාධ්‍ය වාර්තා කළත්, බ‍්‍රසීල ජනාධිපති පෙයාර් බොල්සොනාරෝ සමග ප‍්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා තවත් ලෝක නායකයන්, පර්යේෂණ ආයතන ප‍්‍රධානීන් පැටලී සිටින්නේ ඇමසන් හි ගිනි ගැනීම් වැළැක්වීම සඳහා බ‍්‍රසීල ජනාධිපතිවරයාගේ උනන්දුව අඩුකම ඔවුන් විවේචනය කිරීමේ හේතුවෙනි.
 
 කෙසේ හෝ ඇමසන් ගින්න මේ දිනවල ප‍්‍රංශයේ පැවැත්වෙන කාර්මික බලවතුන් (ඨ - 7) ගේ සමුළුව ද උණුසුම් කර තිබේ.
 
 හේතුව අන්ත දක්‍ෂිණාංශිකයකු ලෙස සැලකෙන බ‍්‍රසීල ජනාධිපතිවරයා ඇමසන් විනාශයට පාර කපමින් දැව ජාවාරම්කරුවන්ට හා වතුකාරයන්ට උදව් දෙන බවට පරිසරවේදීන් චෝදනා කරන නිසාය. නොහොත් මේ ගින්න දැන් බ‍්‍රසීල ජනාධිපතිවරයාගේ කර මත පැටවී ඇත.
 
 ඇමසන් විනාශය ලෝක ප‍්‍රජාවට මෙන්ම අපට ද එක සේ බලපායි. අපට එය වඩාත් වැදගත් වන්නේ ඇමසන් මගින් නිපදවන ඔක්සිජන් වායු අංශු අප නැහැපුඬු අතරින් ද ගොස් අපේ පෙනහලූ පිරිසිදු කර අප ජීවත් කරවන්නට උදව් කරනා නිසාය.
 
 ඒ නැතත්, කාබන් ගබඩාවක් සේ ක‍්‍රියාකරමින් ඇමසන් වායුගෝලයේ හරිතාගාර වායු උරාගෙන අපට සිදුවන ස්වාභාවික ආපදා ද අවම කරවයි.
 
 අප මේ ඇමසන් ගිනි ගැනීම ගැන කතා කරන්නේ විල්පත්තුවේ ගණ වනාන්තරය හෙක්ටයාර් 2500 ක් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව විනාශ කළ වටපිටාවක හිඳවීම ද සිහිපත් කළ යුතුය.
 
 නැතහොත් රටේ වනාන්තර ඈලියාවට ගියාදෙන් කියා ලෝකයේ වනාන්තර ගැන කතා කරන අපට මේ රටේ සුවහසක් පරිසරලෝලීන් දෙස් දෙවොල් තියන්නට ද බැරි නැත.
 
 එනමුත් ලොව කොතැනක හෝ විනාශ වුවත්, වනාන්තරයක් යනු ගෝලීය වස්තුවකි. ලෝක උරුමයකි. එබැවින් විල්පත්තුවේ විනාශය ගැන බ‍්‍රසීලියානුවන්ද. ඇමරිකානුවන්ද, ප‍්‍රංශය ද, ඉතාලිය ද, ජර්මනියද වශයෙන් කතා කළ යුතුය. එහෙත් එවන් හඬක් අපට ඇසුණේ නැත. අවම තරමින් විල්පත්තු විනාශය අපේ රටේ නායකයන්ට ඇසුණේද නැත. එනිසාම විල්පත්තුව විනාශ කළවුන් අදටත් යෙහෙන් වැජඹේ.
 
 එසේම, මේ දිනවල අපේ හදවත බඳු, කඳුකරයෙන් ද වනාන්තර ගිනි තැබීම් ගැන අසන්නට ලැබේ. හැමදාමත් ඇසෙන පරිදි, ඇල්ල, වැල්ලවාය, බෙරගල. හපුතලේ මොනරාගල, බෙරගල ජෛව විවිධත්ව කඳුවැටියෙන් ද ගිනි ගැනීම් වාර්තා වේ. මේ හේතුවෙන් අක්කර සිය ගණනක් දැවී ගොස් ඇත.
 
 ඇමසන් වනාන්තරයේ ද. අපේ රටේ ද වශයෙන් එසේ වාර්තා වන සියලූම ගිනි ගැනීම් ගිනි තැබීම් බවට හඳුනාගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ කොහොමටත් ලැව්ගිනි (ඉබේ ඇවිලෙන) නැත. කොහේ හෝ වාර්තා වන ගින්නක් කුමන හෝ පාපතරයකුගේ නොහොබිනා නොසණ්ඩාල ක‍්‍රියාවකි.
 
 ඇමසන් ගින්න ද එවැන්නකි. දැනටමත් සතුන් සිය දහස් ගණනක් දවා හළු කර ඇති ඒ ගින්න එක්කෝ හරක් කාරයන් තම තෘණපිටි වැඩිකර ගැනීම සඳහා තබන ලද්දක් බව ද කියනු ලැබේ. නැතහොත් හිතාමතා විනාශකාරී අදහසකින් තැබූ ගින්නකි.
 
 මේ කොයි ආකාරයෙන් වුවද, දැවී යන්නේ පෙර කී පරිදි සමස්ත ලෝකයාටම ජලය, වාතය, ආහාර, වාසස්ථාන සපයන පෙනහලූ, හදවත බඳු වටිනා ක්‍ෂේම භූමිය. මෙවන් වටිනා පරිසර නිකේතන විනාශය මගින් මිනිසා පමණක් නොව සමස්ත ජීවී සංහතියම විනාශ වී යෑම සිදු වන බැවින්, මෙවන් අපරාධ කරන්නෝ අල්ලා ‘උල’ තැබිය යුතුය. නැතහොත් උන්ගේ කටේ ලෝදිය වත්කළ යුතුය.
 
 වන හා වනජීවී අපරාධකරුවන් නීතියේ රැුහැනට හසුකර දඬුවම් දෙන අතරේ එක් එක් රාජ්‍යයන්හි ප‍්‍රතිපත්තීන් ද පරිසර සංරක්‍ෂණයට දැඩිව සැකසිය යුතුවා සේම, එක් එක් රටවල රාජ්‍ය නායකත්වය, දේශපාලන නායකත්වය ද පරමාදර්ශී විය යුතුය. ඒ බ‍්‍රසීල ජනාධිපතිවරයා ලෙස නොවේ. විල්පත්තු විනාශයට පාර කැපූ දේශීය නායකයන් ලෙස ද නොවේ.
 
 අපේ හදවත බඳු කඳුකරය දැඩිව විනාශය කරා ඇදෙමින් පවතින අතර ඉක්මන් තීන්දු තීරණ නොගත හොත් ශ‍්‍රී ලංකාව ද මරු කතරක් වන දිනය වැඩි ඈතක නොවේ.

pale135ආරක්‍ෂක අංශ සිය මෙහෙයුම් දිගින් දිගටම කි‍්‍රයාත්මක කරමින් මෙම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම ගැන අප සතුටු විය යුතුය. මාවනැල්ලේ බුදුපිළිම කඩා ජාතිවාදී ගින්නක් ඇවිලීමට උත්සාහ කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා ද පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ සමත් වී ඇත. එක අතකින් එල්.ටී.ටී.ඊ.ය හිස එසවීමට වලිකද්දී අනෙක් අතින් සහරාන්ලාගේ ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වීම අප රට මුහුණ දෙන අලූත් අභියෝගය විය හැකිය.
 

ත‍්‍රස්තවාදයට පසු ශ‍්‍රී ලංකාවේ මිනිසුන් බිලිගන්නා තවත් නිහඬ ත‍්‍රස්තවාදයක් තිබේ. එය වන්නේ මාර්ග ත‍්‍රස්තවාදයයි. මෙම ත‍්‍රස්තවාදය උපත ලබන්නේ රටේ මාර්ග නීති කළමනාකරණ පද්ධතියේ දුර්වලතා ඉහළ යෑමෙනි. කෙටියෙන් පැවසුවහොත් ‘සිස්ටම්’ එක අවුල් වීමෙනි. ශ‍්‍රී ලංකාවේ බොහෝ අර්බුදවල මුල ‘සිස්ටම්’ එකක් නොමැති වීමය. මෙම ‘සිස්ටම්’ අර්බුදය දැන් පාර්ලිමේන්තුවේ සිට මහපාර දක්වා පැමිණ තිබේ. දැන් ජනතාවට සිදුව ඇත්තේ කාණුවකට පැන හෝ ජීවිතය බේරා ගැනීමටය.
 
පසුගිය 23 දා දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප‍්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් ගැටී 27 දෙනකු රෝහල්ගත කර තිබේ. ඉන් හතර දෙනකුගේ තත්ත්වය බරපතළ බව දඹුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි. දිගම්පතහ ප‍්‍රසිද්ධ වූයේ ශ‍්‍රී ලංකාවේ හමුදාවට එල්ල වූ ම්ලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාරයක් නිසාය. එම ත‍්‍රස්තවාදය නිමා වී දශකයකට පසු යළි ලංකාවේ බොහෝ ප‍්‍රදේශ මාර්ග ත‍්‍රස්තවාදය හේතුවෙන් ප‍්‍රසිද්ධ වීමට පටන්ගෙන තිබේ. මෙය උපහාසාත්මක ඛේදවාචකයකි.
 
 පොලිස් වාර්තාවලට අනුව 2016 වසරේ සිදුවී ඇති මාරක රිය අනතුරු ගණන 2798 කි. 2017 වසරේදී එය 2922 දක්වා ඉහළ ගොස් තිබේ. මේ දෙවසර තුළ පුද්ගලයන් 2961 සහ 3100 වශයෙන් 6061 දෙනෙක් මියගොස් තිබේ. 2018 වසරේ පළමු මාස හය තුළදී සිදුවූ මාරක රිය අනතුරුවලින් 1514 දෙනකු මියගොස් තිබේ. මෙම දත්ත අනුව මාර්ග අනතුරුවලින් දිනකට 8 දෙනකුට වඩා මියයමින් තිබේ. මෙලෙස රටේ අසරණ පුරවැසියන් බල්ලන්, පූසන් මෙන් මියයමින් තිබෙන්නේ රටේ ආරක්‍ෂක මාර්ග පද්ධතියක් ගොඩනැ`ගීම සඳහා ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය යාන්ත‍්‍රණයක් තිබියදීය. එම යාන්ත‍්‍රණයේ ‘සිස්ටම්’ එක අවුල් වීමෙන් ඊට ජනතාව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම ත‍්‍රස්තවාදයක් නොවේද?
 
 මීට වසර දහයකට පමණ පෙර එනම් 2009 වසර වන විට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබූ සමස්ත වාහන ප‍්‍රමාණය ලක්‍ෂ 33 කි. අද එය ලක්‍ෂ 74 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කාලය තුළ යතුරුපැදි ලක්‍ෂ 42 ක් සහ ත‍්‍රිරෝද රථ ලක්‍ෂ 11 ක් ලියාපදිංචි වී තිබේ. මෙතරම් වාහන ප‍්‍රමාණයක් ලියාපදිංචි කළද, ඊට සාපේක්‍ෂව රටේ මාර්ග නීති පද්ධතිය යාවත්කාලීන (Update) කර නැත. තිබෙන මාර්ග නීති නිසි අයුරින් පිළිපැදීම ගැන රියැදුරන් දැනුවත් කර නැත. රිය අනතුරු අවම කර ගැනීමේ මාර්ග සංවර්ධන සැලැස්මක් කි‍්‍රයාත්මක කර නැත. රිය අනතුරු අවම කර
 
 ගැනීමේ ගෝලීය සැලසුම් ක‍්‍රියාත්මක කර නැත. පොලිිසියට මේවා පිළිබඳ කිසිදු දැනුමක් නැත. ඔවුන් ප‍්‍රගුණ කර ඇත්තේ කසිප්පු අල්ලන ක‍්‍රමවේදයට සැ`ගවී සිට රියැදුරන් අත්අඩංගුවට ගැනීම පමණි. මෙය ආණ්ඩුවට දඩ ආදායම වැඩිකරගත හැකි හොඳ ව්‍යාපාරයකි. රියැදුරන් වැඩියෙන් වැරදි කරන තරමට පොලිසියේ ‘කමිෂන්’ ඉහළ යන අතර ආණ්ඩුවේ ආදායම ද ඉහළ යයි. ඊට සාපේක්‍ෂව මල්ශාලා හිමිකරුවන්ගේ ආදායමද ඉහළ යා නම් මීට වඩා තුච්ඡු ‘සිස්ටම්’ එකක් ලෝකයේ තිබිය හැකිද?
 
 මාර්ග නීති කඩ කරන්නන් සම්බන්ධයෙන් වසර 13 කට පසු දඩ මුදල් අයකර ගැනීමේ ගැසට් පත‍්‍රය නිකුත් වූයේ 2018 ජනවාරි 15 වැනිදාය. මෙම ගැසට් පත‍්‍රය මගින් රථ වාහන වැරදි 33 ක් සම්බන්ධයෙන් දඩ මුදල් අය කළ හැකි පරිදි නීති සකස් විය. එම නීති 2018 ජුලි 15 වැනිදා සිට ක‍්‍රියාත්මක වේ. නමුත් දඩ මුදල් ඉහළ දැමීමෙන් පමණක් මාර්ග අනතුරු අඩු කළ නොහැක. ඒ සඳහා දර්ශනයක් සහිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුය. නමුත් අර්බුදය වන්නේ රටේ ආරක්‍ෂිත මාර්ග පද්ධතියක් ගොඩනැ`ගීමේ වගකීමෙන් බැඳී සිටින මෝටර් රථ ප‍්‍රවාහන අමාත්‍යාංශයට එවැනි දැක්මක් තිබේද යන්නය.
 
 1997 වසරේ ස්වීඩනය තම රටේ මාර්ග අනතුරු අවම කර ගැනීමට ‘Vision Zero’ නමින් සැලැස්මක් හඳුන්වා දුන්නේය. එම සැලැස්මේ දැක්ම වූයේ ‘ජීවිතය හා සෞඛ්‍යය කිසි විටෙකත් සමාජයේ වෙනත් ප‍්‍රතිලාභ සමග හුවමාරු කරගත නොහැක’ යන්නය (Life and health can never be exchanged for other benefits within the society). මෙම දැක්ම අනුව සැලසුම් ක‍්‍රියාත්මක කළ ස්වීඩනය ඉතා කෙටි කලක් තුළ රිය අනතුරු මරණ අවම කර ගැනීමට සමත් වී තිබේ. ස්වීඩනයේ අරමුණ ඉදිරියේදී රටේ රිය අනතුරු ‘සීරෝ’ (0) කර ගැනීමය. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ජීවිත ‘සීරෝ’ කරන රිය අනතුරු වළක්වා ගැනීමට ආණ්ඩුවට තවමත් දැක්මක් නොමැත. එසේ දැක්මක් තිබුණේ නම් රියැදුරන් සුක්කානම ඉහළින් ‘රියැදුරු දෑතට දෙවි පිහිටයි’ කියා ලියන්නේ නැත.

viduමෙරට අඩු වියදම් බලාගාර ඉදිකිරීමේදී විදුලි බල ඉංජිනේරු මාෆියාව හා නිලධාරී මාෆියාව පරාජය කරන්නට කිසිදු රජයකට නොහැකිවී තිබේ. ඩීසල් බලාගාර හා හදිසි විදුලි මිලදී ගැනීම් හරහා ලැබෙන අධික ලාභය හේතුවෙන් එය ඉතාම බලවත් ලෙස සියලු පාර්ශ්ව යටපත් කරමින් ක්‍රියාත්මක වේ. කෙරවලරපිටිය බලාගාරයේ ඉදිකිරීම් මේ 2019 ආරම්භ කළහොත් එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ 2021 දීය. මෙරට විදුලි අවශ්‍යතාව සෑම වසරකදීම මෙගාවොට්‌ 200කින් වැඩි වන අතර ඒ අනුව විදුලිය සඳහා ඉල්ලුම වාර්ෂිකව සියයට හතකින් පමණ වැඩි වේ. මෙම වැඩි වන අවශ්‍යතාව සපුරාලීම සඳහා තවමත් වගකිවයුතු අංශ වලට නිසි සැලසුම් නොමැත.

රජයට අයත් ලංකා සතොස ආයතනය සම්බන්ධයෙන් පසුගියදා කෝප් කමිටුවේදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමුවී තිබේ.
 
 රටේ ජනතාවට අතිශය සමීප ආයතනයක් බවට පත්වෙමින් මෙරට සාමාන්‍ය මහජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන අතරතුර මෙරට ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදනවලට ද සාධාරණ මිලක් සපයන ලද සතොස ආයතනය අද වනවිට විනාශ මුඛයට පත්වෙමින් තිබේ. අද වනවිට ලංකා සතොසේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අනෙකුත් සුපිරි වෙළෙඳසල්වලට වඩා ඉහළ මට්ටමක පැවතීම නිසා සාමාන්‍ය ජනතාව සතොස තුළින් ඈත් වී තිබේ. එසේම මෙරට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම ද සිදු නොකරන තරම්ය. මෙය ඍජුවම මෙරට ජනතාවගේ ජීවන වියදම ඉහළ යෑමට බලපා ඇති අතර රජයේ ජනප‍්‍රියතාවට ද ඍජු බලපෑම් එල්ලකර තිබේ.
 
 සතොස ආයතනය 2015, 2016 හා 2017 වසරවලදී සතොස ආයතනය කෝටි 1064 ක පාඩුවක් ලබා තිබේ. 2006 වසරේ ආරම්භ කරන ලද ලංකා සතොස 2008 වසරේ සිට අඛණ්ඩව වසර හතක් ලාභ ලැබූ අතර 2015 වසරේ සිට මේ දක්වා මේ තරම් විශාල පාඩුවක් ලැබීම පුදුමසහගතය.
 
 පසුගිය වසර හතර තුළ අලෙවි ඉලක්ක සපුරාගත නොහැකි පාඩු ලබන නව ශාඛා 150 ක් විවෘත කිරීම නිසා සියලූම ලංකා සතොස ශාඛා ජාලයම අද පාඩු ලබන තත්ත්වයට පත්ව තිබේ.
 
 එසේම සතොස ආයතනය ප‍්‍රධාන ධාරාවේ නොවන එක්තරා රූපවාහිනී චැනලයකට මාසයකට රුපියල් ලක්ෂ පහළොව බැගින් ගෙවා තිබේ.
 
 එසේම 2014 වසර අවසන් වනවිට සේවකයන් 2750 ක් සේවය කළ ලංකා සතොස ආයතනයේ මේ වනවිට සේවකයන් ගණන හාර දහසකි. පාඩු ලබන ආයතනයකට මෙය කෙසේවත් ඔරොත්තු නොදෙන අතර එම නිසා සමස්ත සේවකයන්ගේ රැුකියාවන් දැඩි අවදානමක පවතී.
 
 එසේම භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් නවසියයකට රුපියල් මිලියන හාරදහසක් ගෙවීමට ඇති අතර එම නිසා බොහෝ සැපයුම්කරුවන් මේ වනවිට සතොසට භාණ්ඩ සැපයීම නතර කර දමා තිබේ.
 
 එසේම වේගයෙන් නොවිකිණෙන භාණ්ඩ දේශපාලන අවශ්‍යතා සහ පුද්ගලික හිතවතුන්ගෙන් තොග පිටින් මිලදී ගැනීම නිසා ඒවා වෙළෙඳසල්වල ගොඩගැසී තිබේ.
 
 සතොස ආයතනය මඟින් සහල් ආනයනය කර වසරක කාලයක් වරායේ රඳවා තබා ගැනීම නිසා සතොස ආයතනයට රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදුව තිබේ. එසේම සහල් ආනයනය සඳහා ලබාගත් ණය මුදල් රාජ්‍ය බැංකුවලට ගෙවා නොමැත.
 
 එසේම පරිගණක හෝ මෘදුකාංග පිළිබඳ කිසිදු සුදුසුකමක් හෝ පළපුරුද්දක් නොමැති සතොසට සහල් සපයන සැපයුම්කරුවකුට එහි පරිගණක පද්ධතිය හා මෘදුකාංග පද්ධතිය සවි කිරීමට ලබාදීම නිසා සතොස ආයතනයට සිදුවූ පාඩුව රුපියල් මිලියන පන්සියයකි.
 
 එසේම නිසි සුදුසුකම් ලබා නැති පුද්ගලයන් සතොස ඉහළ කළමනාකාරීත්වයට හා උපදේශකයන් ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර, ලක්ෂ හතර, ලක්ෂ හය ආදී වැටුප්වලට පත්කර තිබේ.
 
 එසේම 2015 වසරේ සිට මේ දක්වා ලංකා සතොස ආයතනයේ සභාපතිවරුන් හත්දෙනකු ඉවත්කර නැතහොත් ඉල්ලා අස් වී තිබේ. එම නිසා ආයතනයට නිසි නායකත්වයක් නොලැබීම ද මේ තත්ත්වයට බලපා තිබේ.
 
 ලංකා සතොස ආයතනය පවත්වාගෙන යෑම සඳහා 2015 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන හත් දහසක් එනම් රුපියල් ලක්ෂ හැත්තෑ දහසක් මහා භාණ්ඩාගාරය විසින් ලංකා සතොසට ලබාදී තිබේ. එහෙත් එම සුවිශාල මුදලින් ද ආයතනය ගොඩගැනීමට ලංකා සතොස කළමනාකාරීත්වයට නොහැකි වී තිබේ. මේවා මහජන මුදල්ය. එම මහජන මුදල්වලට සිදුවූ දේ රටට වහාම හෙළි කළ යුතුව තිබේ.
 
 මේ සියල්ලෙන් පෙනී යන්නේ ලාභ ලබමින් රජයට බරක් නොවෙමින් තිබූ ආයතනයක් විනාශ කළ අන්දමය. මේ විනාශය කළ අයට තරාතිරම හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොබලා දැඩි දඬුවම් පමුණුවන ලෙස අපි රජයට බලකර සිටින්නෙමු.
 
 එසේම අද වනවිට රටේ ජනතාව ජීවන වියදම ඉහළ යෑම නිසා අතිශය බරපතළ අසීරුතාවන්ට මුහුණදෙමින් සිටිති. ලංකා සතොසට නිසි කළමනාකාරීත්වයක් හා නිසි දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ නම් මේ තත්ත්වයට මාසයක් හෝ දෙකක් තුළ විසඳුම්දීමට තරම් පුළුල් ජාලයක් ඔවුන් සතුව තිබේ. එම නිසා වහාම අප‍්‍රමාදීව එම කටයුත්ත සිදුකර මේ මහා ජාතික සම්පතක් වන ලංකා සතොස ආයතනය යළිත් ගොඩගන්නා ලෙසත් ඒ හරහා ජනතාවට සහන සලසන ලෙසත් අපි රජයට යළි යළිත් බලකර සිටින්නෙමු.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles