Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

votdසතුටින් කිව යුතුය. මේ වනවිට රටේ ජනතාවට තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වී ඇත්තේ ජනාධිපතිවරණය සහ පළාත් සභාය. ඒ නිසාම මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන්නේ ද ඒ ගැනය. පෙනෙන්නට තිබෙන පරිදි ඒ ගැන වැඩිපුරම අමාරුව ඇති උදවිය දේශපාලනඥයන්ය. කෙසේ හෝ ඊයේ (03 දා* සියලූ පුවත්පත්වල ප‍්‍රධාන පුවතක් බවට පත්ව තිබුණේ ‘පළාත් සභා ඡුන්දය පවත්වන්නට ජනපතිට බලයක් නැත’ යන ප‍්‍රවෘත්තියයි. එහි සඳහන්ව තිබුණේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් අදාළ දැනුම්දීම අගෝස්තු 29 වැනිදා සිදුකරන ලද බවය. එමෙන්ම එම දැනුම් දීම ජනාධිපතිවරයා වෙත යොමු කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කරන්නේ පළාත් සභා ඡුන්ද විමසීමට අදාළව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සැදුම්ලත් සමාලෝචන කමිටුවේ වාර්තාව නොමැතිව සීමා නිර්ණය කමිටු වාර්තාවේ සඳහන් සීමා මායිම් ප‍්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයා සතුව නොමැති බවත්, එම හේතුව මත පළාත් සභා (සංශෝධන* පනත යටතේ පළාත් සභා ඡුන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත්ය. පසුගිය

ශ‍්‍රී ලංකාව ස්වෛරී රටකි. එහෙත් එම ස්වෛරීත්වයට විවිධ බලපෑම් එල්ල කරමින් ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට විවිධ  ගිවිසුම් හරහා ඇඟිලි ගැසීම් සිදු කිරීම මේ වන විට බොහෝ දැඩි වී තිබේ.
 
 ජනාධිපතිවරයා මෙන්ම රටේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (Millennium Challenge Corparation)  කෙසේ හෝ හැකිතාක් ඉක්මනින් අත්සන් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ගන්නා උත්සාහය තවමත් අත්හැර නොමැති බව පෙනෙන්නට තිබේ.
 
 ආර්ථිකමය වශයෙන් ශ‍්‍රී ලංකාව තම ග‍්‍රහණයට ගැනීමේ ඇමෙරිකා එක්සත් ජනපද අභිප‍්‍රාය මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් පිළිබිඹු වන බව මේ වන විට චෝදනා එල්ලවී තිබේ.
 
 මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඉදිකෙරෙන ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ලබාදීම සඳහා නව නීති ඇති කරන්නටත් ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වා කිලෝ මීටර් 200 ක් දිවෙන ඉඩම් අක්කර ලක්ෂ 12 ට ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්, පරිසර සංවේදී කලාප ඇතුළත්
 
 වන සේ මිනුම් කටයුතු සිදු කරන බවටත් බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ. මේ යටතේ මෙරට ඉඩම් වෙළඳපොළ විදේශිකයන්ට විවෘත වන බවටත් ඉඩම් සංවර්ධන විශේෂ පනත මගින් බලපත‍්‍රලාභීන්ට ඉඩම් හිමිකම් ලබාදීම තුළින් හා රජයේ ඉඩම් බැංකුවකට පැවරීම හරහා ඇමරිකාවට මෙම ඉඩම් කිසිදු අපහසුවකින් තොරව අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන බවටත් චෝදනා එල්ලවෙමින් තිබේ.
 
 එම නිසා මෙවැනි ඉඩම් පනත් ගෙන ඒමට ප‍්‍රථම මෙරට කිසිදු ඉඩමක් ශ‍්‍රී ලාංකික පුරවැසියන් නොවන අයට සින්නක්කරව මිලදී ගත නොහැකි වන ලෙස නව නීති රීති ගෙන ආ යුතු බව අපගේ අදහසයි.
 
 එසේම ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට, නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත‍්‍රාත්කරුවන්ට ඇමරිකාවේදීවත් නැති වරප‍්‍රසාද ඉල්ලමින් සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව උත්සහ කරමින් සිටී.
 
 ශ‍්‍රී ලංකාවට වීසා නොමැතිව පැමිණෙන්ටත්, ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කිරීමෙන් තොරව මෙරටට ගෙන එන්නටත්, නිදහසේ ශ‍්‍රී ලංකාව තුළ සැරිසරන්නටත්, අධිආරක්ෂිත කලාපවලට ඇතුළු වීමත් ඇතුළු බොහෝ කාරණා එය තුළ තිබේ.
 
 එසේම මෙම ගිවිසුම් දෙකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බව සාමාන්‍ය නීතිමය දැනුමක් ඇති අයකුට වුවද පෙනේ. ඒ අනුව මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡුන්දයෙන් සම්මත කර ගෙන ඉන් පසුව රටේ ජනතාව වෙත ගොස් ජනමත විචාරණයකින් ද සම්මත කර ගත යුතුය. එම නිසා වර්තමාන පාර්ලිමේන්තු ව්‍යුහය තුළ මෙන්ම රට තුළ ද එය යථාර්ථයක් බවට පත් කර ගැනීම පහසු කටයුත්තක් නොවේ.
 
 මේ අතර Millennium Challenge Corparation  ගිවිසුම යනු සංවර්ධනය සඳහා සහායවීමේ ආධාරයක් බවටත්, ඉදිරි කටයුතු කරගෙන යාමටත්, ගිවිසුම අත්සන් කිරීමටත් අවසාන අනුමැතිය ලැබෙන තුරු තමන් බලා සිටින බවටත් ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙස්ලිට්ස් පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.
 
 ඉඩම් හිමිකම් තොරතුරු පරිගණක ඩිජිටල්කරණයට භාජන කිරීම මගින් ඉලෙක්ට්‍රොනික පිටපත් ඇති කිරීම, රජයේ ඉඩම් සිතියම්ගත කිරීම ආදිය සිදුකරන බවත් මෙරට ආර්ථික වර්ධනයට බාධකයක්ව පවතින්නේ ප‍්‍රවාහනයේ අඩුපාඩු, යටිතල පහසුකම් හා ඉඩම් පරිපාලනය බවත් ඇය පවසා තිබේ.
 
 ශ‍්‍රී ලංකාවට බලහත්කාරයෙන් ආධාර ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදයට ඇති වුවමනාව අපට බරපතළ ප‍්‍රශ්නයකි. එය තමන්ට අවශ්‍ය පරිදි ශ‍්‍රී ලංකාව හසුරුවා ගැනීමේ ක‍්‍රමවේදය යැයි බොහෝ දෙනා සැක කරන්නේ එම නිසාය.
 
 මේ බලපෑම් අතරතුර අපේ රටේ නව යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පවා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට බලපෑම් කරන්නට පටන් ගෙන තිබීමද බරපතළ සැක උපදවන කාරණයකි.
 
 අවසානයේ කිව යුතුව ඇත්තේ රටට අහිතකර මෙවැනි ගිවිසුම් අත්සන් නොකරන බවට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ප‍්‍රතිඥාවක් රටේ ජනතාවට වහාම ලබා දිය යුතු බවය.

ළමා අපයෝජන සහ අපරාධ වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවුල් ආරවුල් මෙන්ම ගෝත්‍රික ලක්‍ෂණ ඉස්‌මතු වූ සමාජ වටපිටාවක්‌ අප රට තුළ නිර්මාණය වී ඇති නිසාවෙනි. අප රටේ පොලිස්‌ ස්‌ථාන බොහෝමයකටට වැඩියෙන්ම ලැබෙනුයේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිළිය. දරුවන්ගේ ජීවිතවලට සෘජුව බලපෑම් සිදුකරන මෙවැනි ක්‍රියා අප රටේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ.

 

මෙම වසරේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 29 දෙනකු විදේශගත වීම සඳහා රුපියල් කෝටි හතරහමාරකට ආසන්න මුදලක් වැය කර තිබෙන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මෙම නඩය විදෙස්ගත වීමට ප‍්‍රතිපාදන ලබාගෙන ඇත්තේ පුහුණු වැඩසටහන්වලට සහභාගි වන බව පවසමිනි.

 

පාසල් සිසුවියක් හා පාසල් සිසුන් එකොළොස්දෙනකු ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයකු බදුල්ල පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 මෙම කාලකණ්ණි ගුරුවරයා පාසලේ ක‍්‍රීඩා විෂය උගන්වන අතරේ සිසුන්ගේ රහසඟ ප‍්‍රදේශය ප‍්‍රදර්ශනය වන පරිදි ඡුායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මෙම සිසුන් අපයෝජනයට ලක්කර ඇත. මෙම නරුමයා 2018 වර්ෂයේ සිට මෙම ක‍්‍රියාවල නිරතව ඇති බව ද වාර්තා වේ. හාලිඇළ ප‍්‍රදේශයේ පදිංචි මෙම ගුරුවරයා අදාළ පාසලේ වසර විස්සකට වඩා සේවය කර ඇති බව පැවසේ. මොහුගේ සේවා කාලය සැසඳීමේදී එකම පාසලේ වසර විස්සක් රැඳී සිටියේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුය. දශක දෙකක් දිගු ඔහුගේ සේවා කාලය තුළ හෙළි වූ අපයෝජනවලට අමතරව තවත් එවැනි ක‍්‍රියා සිදුව ඇත්ද යන්නත් සොයා බැලිය යුතුව ඇත. දරුවන්ගේ අනාගතය විනාශ කරන මෙවැනි පව්කාර ගුරුවරුන්ට රජ කාලයේ දඬුවම් දිය යුතුය.
 
 ගුරුවරයකු යනු අප සමාජයේ ශ්‍රේෂ්ඨ චරිතයකි. ඔහුට සමාජයේ එවන් තත්ත්වයක් ලබාදී ඇත්තේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම පමණක් නොව දරුවන්ගේ අනාගතය සකස් කරන ප‍්‍රධාන සැලසුම්කරුවා ඔහු වන නිසාවෙනි. මෙවැනි දුෂ්ට චරිත වලින් හෙබි ගුරුවරු හාලිඇළ ප‍්‍රදේශයෙන් පමණක් නොව දිවයිනේ විවිධ පළාත්වලින් ද පසුගිය කාලයේදී වාර්තා විය. එනිසා ගුරු වෘත්තියට පිවිසීමට අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව ඔහුගේ චරිත සහතිකය පිළිබඳව ද ඉදිරියේ සොයා බැලිය යුතුව ඇත. දරුවන්ගේ ජීවිත විනාශ කරන මෙවැනි ගුරුවරුන්ට උපරිම දඬුවම් දීමටත්, ගුරුවරුන්ගේ ක‍්‍රියාකාරකම් නියාමනය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
 
 මෙහිදී විශේෂයෙන් පාසල්වල විදුහල්පතිවරුන්ට ද සුවිශේෂී වගකීමක් පැවරේ. පාසලේ ක‍්‍රියාකාරකම් පිළිබඳව මෙන්ම පාසලේ උගන්වන ගුරුවරුන්ගේ හැසිරීම පිළිබඳව ද සොයා බැලීමේ වගකීමක් ඔහුට ඇත. හාලිඇළ ගුරුවරයාගේ ප‍්‍රශ්නය දෙස සියුම්ව නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඔහුට පාසලක් තුළ මෙවැනි ක‍්‍රියාකාරකම් සිදුවෙන්නේ යැයි කිසියම් හෝ හෝඩුවාවක් මේ ගුරුවරයා පිළිබඳව නොලැබුණේ ඇයිද යන ප‍්‍රශ්නයයි. පාසලක් තුළදී දරුවන් මුහුණ දෙනු ලබන මානසික හා ශාරීරික පීඩාවන් පිළිබඳව ඉහළට දැනුම් දීමේ ක‍්‍රියාවලියක් සකස් කළ යුතුව ඇත. සමහර පාසල්වල ගුරුවරුන්ගේ මන්ද බුද්ධික වැඩ නිසා දරුවන් පාසල් යැවීමට පවා අදිමදි කරන අවස්ථා වාර්තා විය. පසුගිය කාලයේදී ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයට අයත් බාලිකා පාසලක ගුරුවරියකට අමුතුම පිස්සුවක් හැදී තිබිණි. ඇය එම අවස්ථාවේදී උගන්වනු ලැබුයේ පහ වසර පන්තියට වීම ද විශේෂත්වයකි. ඇයට හැදී තිබුණු උන්මාදය වූයේ ඇගේ පන්තියේ වැඩි දරු පිරිසක් අනිවාර්යයෙන්ම සමත් විය යුතු යන සිතුවිල්ලකි. එනිසා ඇය දරුවන් පුංචි හෝ වැරැුද්දක් කළොත් දරුවන්ට පහරදීමටත්, මුව නොසෑහෙන සේ පුංචි සිත් රිදෙන අයුරින් කතා කළාය. ඇතැම් අවස්ථාවලදී දරුවන්ගේ දෙමාපියන්ට ද ඇය පරිභව කරමින් බනින්නට වූවාය. අප මේ කතාව සඳහන් කළේ රටක අනාගතය සඳහා ගුරුවරයා මේ තරම් පහත් තත්ත්වයකට පත්නොවි යුතු බව පසක් කර දීමටය. දරුවන්ගේ සිත් නොතලා තමාගේ පෞද්ගලික කාලය, ධනය පවා වැය කරමින් සේවය කරන දෙවියන් වැනි ගුරුවරුන් ද මේ සමාජයේ සිටින බව ද අප මේ මොහොතේ මතක් කළ යුතුය.
 
 කවරක් නමුත් අප නැවත අවධාරණය කරනු ලබනුයේ ‘‘ශ‍්‍රී ලාංකීය ගුරු භූමිකාව’’ මීට වඩා ශක්තිමත් හා මානවවාදී ඉසව්වකට යා යුතු බවයි. දරුවන් අතර අනවශ්‍ය තරගයක් ඇති නොකර රටට යහපත් ගුණවත් දරුවන් බිහිකිරීම අත්‍යවශ්‍යය. ඒ රටේ හෙට දවස වෙනුවෙනි. ඒ භූමිකාවේ නායකයන් වන්නේ ගුරුවරුන් ය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles