Divaina - Kathuwakiya

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන බොහොමයක් මේ වනවිට එළි දක්වා තිබේ. වර්ණවත් ති‍්‍රමාණ ඡුායාරූප සහ දත්ත සටහන් ඇතුළත්ව රට හමුවේ ඇති අනාගත අභියෝග ජය ගැනීම පිළිබඳව පියවරෙන් පියවර සඳහන් කර ඇති මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන බැලූ බැල්මට ඉතා චිත්තාකර්ෂණීයය. එපමණක් නොව එම ප‍්‍රකාශන එළිදැක්වීමේ අවස්ථාව ද ඉතා විචිත‍්‍රවත්ව සිදු කෙරුණු අයුරු දැකගත හැකි විය. ඉතා විශාල වියදමක් දරා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළිදැක්වීමේ ප‍්‍රධාන අරමුණ අපේක්ෂකයා කෙරෙහි ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමය. පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සෑම ජනාධිපති අපේක්ෂකයකුම මෙවැනි වර්ණවත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළිදක්වා තිබූ ආකාරය අපට මතකය.

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2019 ඉකුත් 29 දා නෙළුම් පොකුණ රඟහලේදී නිමාව දුටුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අවසන් පරිසර සම්මාන උළෙල වශයෙනි.
 
 මෙවර සම්මාන උළෙලට පමණක් නොව, 2015 වසරේ පටන්ම ඊට මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගිවූයේ ජනාධිපතිවරයා ලෙස පමණක් නොව පරිසර ඇමැතිවරයාද වශයෙනි. මෙරට ජනාධිපතිවරයකු විසින් පරිසර අමාත්‍යධුරය පළමු වතාවට හොබවන ලද්දේත්, නොකඩවා එය රඳවාගෙන සිටියේත් මෛත‍්‍රිපාල ජනාධිපතිවරයාගේ ධුර කාලයේදීය. එබැවින් එය ඉතිහාසගත වන්නකි. මන්ද, ජනාධිපතිවරයාම කියන පරිදි, ඒ හෙතෙම පරිසරය සුරැුකීම සඳහා තමා තුළ තිබුණු කැපවීම හා ඇල්ම නිසාමය.
 
 ජනාධිපතිවරයාම පරිසර ඇමැතිවරයා වීම හේතුකරගෙන ලෝක පරිසර සමුළුවලදී සිරිසේන මහතාට හිමිවූ ලෝක අවධානය හා ගෞරවයද මෙහිදී අප සිහිපත් කළ යුතුය. 2015 වසරේදීම ප‍්‍රංශයේ පැරිස් නුවරදී පවත්වන්නට යෙදුණු ලෝක දේශගුණික සමුළුවට සහභාගිවූ ජනාධිපතිවරයා එහිදී ලෝකයේ පැවැත්ම සහතික කරනු වස් ලෝක නායකයින් එළැඹුණු ‘පැරිස් සම්මුතියේ තිරසර සංවර්ධන (Sustainable Goals) ඉලක්ක සඳහා තම එකඟතාව පළකර පසු වසරේදීම ඊට අත්සන සහතික කිරීම කැපී පෙණුන සිද්ධියකි.
 
 එසේම, තවත් පරිසර සමුළු ගණනාවකදීම ලෝක නායකයින් හා එක්ව පරිසරය නොහොත් පෘථිවිය රැුකගැනීම සඳහා කටයුතු කිරීමට ඔහුට ලැබීම අතිශය විරල, වැදගත් අවස්ථාවන්ය.
 
 එතෙකින් නොනැවතී ජනාධිපතිවරයා ලෝකය හා යමින් ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්‍ෂණයටද මහත් කැප කිරීමක් සිදුකළ අයෙකි. ‘ශ‍්‍රී ලංකා නෙක්ස්ට්’ ‘නීල-හරිත යුගයක්’ (Blue-Green Era) වාර්ෂික පරිසර සමුළුව ඊට කදිම උදාහරණයකි. වසර හතර හමාරක ඔහුගේ පාලන සමයේදී විල්පත්තු වන සංහාරකයින්ට දඬුවම් නොදීම, මහවැලියේ වැලිගොඩදැමීමේ අර්බුදය වැනි නොවිසඳුණු කාරණා කිහිපයක් තිබුණද, රටේ වනගහනය 32% කින් වැඩිකිරීමට යත්න දැරීම, කර්මාන්ත හා සේවා ක්‍ෂේත‍්‍රයන්හි විශිෂ්ඨ පරිසර හිතකාමීන් අගයන ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල’ වැනි වැදගත්දෑ රැුසක් ඔහු සිදුකළේ අවංක හා එඩිතර චේතනාවෙන් බව අපි විශ්වාස කරමු.
 
 අවසාන පරිසර සම්මාන උළෙලට සහභාගි වෙමින් 29 දා ජනාධිපතිවරයා පැවසූ කාරණාද ඊට සාක්‍ෂි සපයයි.
 
 එනම්, ඔහු එහිදී පැවසුවේ, ජනාධිපතිවරණ උණුසුමක් පවතින මේ අවස්ථාවේ තමන් දන්නා පරිදි තවමත් එක් ජනාධිපති අපේක්‍ෂකයකු හෝ පරිසරය පිළිබඳ තම මතය හෝ සංරක්‍ෂණය පිළිබඳව වන තමන්ගේ වැඩපිළිවෙළ ජනතාව වෙත ඉදිරිපත් කර නොමැති බවය.
 
 එය අනිවාර්ය අවශ්‍යතාවක් බවත්, පරිසරයෙන් බැහැර කුමන හෝ ප‍්‍රතිපත්තියක් ගැන කතා කළ නොහැකි බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර සෑම අපේක්‍ෂකයකුම තම පරිසර ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න රටට ප‍්‍රකාශ කළ යුතුව ඇති බවකි.
 
 සැබෑය! ඊට අපගේද එකඟතාව පළකරන්නෙමු. එසේම පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලූ සිවිල් සංවිධාන එකතුවක් මගින්ද එළැඹෙන 5 වැනිදා මෙවන් පරිසර ප‍්‍රතිපත්තියක් සකසා සියලූ අපේක්‍ෂකයන්ට ලබාදීමට කටයුතු කර ඇත.
 
 මෙවර මැතිවරණයේදී පෝස්ටර්, බැනර්, කටවුට්වල විශාල අඩුවක් පවතින බව අප පිළිගත යුතු කාරණයකි. මැතිවරණ කොමිසම මගින් ඊට වාරණ පනවා තිබීම එක් හේතුවකි. අඩුම තරමින් යම් අපේක්‍ෂකයකු ප‍්‍රවර්ධනය කරනු සඳහා ප‍්‍රචාරක වැකි, පින්තූර, කොඩි යනාදිය වාහනයක පවා ප‍්‍රදර්ශනය කිරීම තහනමට ලක්කර ඇත. ඒ අනුව 2015 මැතිවරණයට සාපේක්‍ෂව 2019 මැතිවරණය පරිසර දූෂණය අතින් ඉතා අවම මට්ටමක පවතින බව කවුරුත් පිළිගන්නා කාරණයකි. එදා මෙන් කොළඹ වීථි වසාගත් පොලිතින් සැරසිලි සහ පී.වී.සී. (යෝධ* කටවුට් මෙවර ඉදිවී නැති තරම්ය.
 
 ඊට ප‍්‍රධාන හේතුව මැතිවරණ කොමිසමම පමණක් නොවේ. 2017 සැප්තැම්බර් 1 දා අංක 2034/33-38 දරණ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් සියලූ ආකාරයේ (මළ ගෙවල්ද ඇතුලූව* උත්සව සඳහා පොලිතින්, සැරසිලි තහනමට ලක්කිරීම ඊට තදබල ලෙස බලපෑවේය. මෙවර සෑම අපේක්‍ෂකයකුගෙන්ම අප දුටුවේ පරෙස්සමට, සීරු මාරුවට භාවිත කළ රෙදි වලින් නිර්මිත ධජ සැරසිලිය. එසේ හෙයින් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පරිසර ප‍්‍රකාශනය (ප‍්‍රතිපත්තිය* ඔහු විශ‍්‍රාම ලබන මේ මොහොතේ බෙහෙවින් අගය කළ යුත්තකි.
 
 ඔහු ගෙන යන දෑ කතා කරන උදවිය ඔහු ඉතිරි කර යන මෙවන් දෑ ගැන කතා නොකරති.
 
 එසේම, ඔහු කියන පරිදි වහාම සෑම ජනාධිපති අපේක්‍ෂකයකුගෙන්ම තමාගේ ඉදිරි පරිසර ප‍්‍රතිපත්තිය කුමක්වේද යන්න වහාම ප‍්‍රකාශයට පත්විය යුතුය.
 
 අප ඔහු සමඟ එකඟය.

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම දූෂණය, වංචාව පිටුදකින බවටත් දේශීය ආර්ථිකය හා දේශීය ව්‍යාපාර නඟා සිටුවන බවටත් මේ වන විට රටේ ජනතාව ඉදිරියේ ප‍්‍රතිඥා දී තිබේ.
 
 එම නිසා මේ දෙදෙනාගෙන් කවුරුන් ජයගත්තත් රටේ ජනතාවත් රටත් ජයග‍්‍රහණය කරන්නට නම් සැබැවින්ම දේශීය ව්‍යාපාර ගොඩනැංවීම තුළින් දේශීය ආර්ථිකය දියුණු කළ යුතුව තිබේ.
 
 ඒ සඳහා දේශීය ගොවියා, දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ හරහා මෙරට ජනතාවට රැුකියා සැපයීම හරහා විරැුකියාව ද තුරන් කර රට සමෘද්ධිමත් කළ හැකි බව අපගේ අදහසයි.
 
 අනෙක් අතට මීට කලකට පෙර රජය විසින්ම සිදු කළ බොහෝ සේවාවන් මේ වන විට සිදු කරන්නේ විදේශීය සමාගම් හරහා ඉතාම අධික මිල ගණන් යටතේය.
 
 මේවා රජය මගින් හෝ දේශීය සමාගම් මගින් සිදු කළ හැකි නම් අපේ රටෙන් විදේශ විනිමය ගලා යෑම ද විශාල වශයෙන් පාලනය වනු ඇත.
 
 අද වන විට දේශීය සමාගම් ඕනෑතරම් රටේ තිබියදී මෙරට ඉදිකිරීම් හා මිලදී ගැනීම් බහුතරයක් සිදු කරන්නේ විදේශීය සමාගම් හරහාය.
 
 උදාහරණයක් ලෙස අපේ රටේ ඉදිකිරීම් සමාගම් ඕනෑ තරම් තිබියදී ප‍්‍රධාන පෙළේ මහාමාර්ග, පාලම් ආදී සියල්ල ඉදි කරන්නේ චීන හෝ වෙනත් රටවල සමාගම් මගිනි. එහෙත් ප‍්‍රධාන කොන්ත‍්‍රාත්තුව විදේශීය සමාගම් විසින් ලබා ගත්ත ද සැබැවින්ම මේ කටයුතු සිදු කරනු ලබන්නේ උප කොන්ත‍්‍රාත්තුව සිදු කරන ශ‍්‍රී ලාංකික සමාගම් විසිනි.
 
 ආසියානු රටවල් වන ඉන්දියාව හා චීනයේ ඉදි කෙරෙන මහා දැවැන්ත මහාමාර්ග, පාලම් සියල්ල ඉදි කරන්නේ ඒ ඒ රටවල ඉංජිනේරුවන් විසිනි.
 
 මේ නිසා ප‍්‍රධාන අපේක්ෂකයන් සියලූ දෙනා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුය. ඒ හරහා දැනට විදේශ සමාගම් යටතේ සිදු කෙරෙන රාජ්‍ය අංශයේ සේවාවන් රැුසක් රජය යටතේ ඇති දෙපාර්තමේන්තු හා සංස්ථා හරහා සිදු කිරීම මගින් රජයට අතිවිශාල ආදායමක් ලබා ගත හැකිය.
 
 මේ වන විට අපේ රටේ රියදුරු බලපත‍්‍රය මුද්‍රණය කරනු ලබන්නේ දකුණු අප‍්‍රිකානු සමාගමක් මගිනි. ඒ සඳහා වැය වන මුදල මෙන් දොළොස් ගුණයකට වඩා ශ‍්‍රී ලංකා රජය මගින් අදාළ අප‍්‍රිකානු සමාගමට ගෙවනු ලබයි. මාසිකව අදාළ සමාගමට ගෙවනු ලබන මුදල රුපියල් කෝටි පහළොවකි. වාහන අංක තහඩුව ජර්මානු සමාගමක් මගින් සිදු කරන අතර ඒ සඳහා මාසිකව ගෙවනු ලබන මුදල රුපියල් කෝටි දොළහකි. මේ අංක තහඩු කාලයක් තිස්සේ අපේ රටේ ප්ලාස්ටික් අංක තහඩු නිෂ්පාදකයින් විසින් සාර්ථකව කර ගෙන ගිය අතර කොමිස් කාක්කන් විසින් ඒ සියලූ දෙනාගේ ආදායම් මාර්ග අහිමි කර ඒ සියල්ල ජර්මානු සමාගමකට ලබා දෙන ලදී.
 
 විදේශ ගමන් බලපත‍්‍රය බි‍්‍රතාන්‍ය සමාගමකට ලබා දීමටත්, ජාතික හැඳුනුම්පත සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් හරහා යුරෝපා සංගමයටත් ලබා දීමට මේ වන විට පිඹුරුපත් සකසා අවසන්ය. ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඞ්පත් අවසන් වීමෙන් ජනතාවට විශාල ප‍්‍රමාදයන් සිදුව තිබේ.
 
 මේ වසරේ මේ දිනවල ජනාධිපතිවරණය හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව වසර දෙකකට පමණ පෙර අපි දන්නා කරුණක් වුවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ බව නොදැන සිටීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ. අදාළ කාඞ්පත් නිසි කලට මිලදී නොගැනීම නිලධාරි මාෆියාවක් බව සඳහන්ය. එවිට හිඟයක් ඇතිවූ විට අධික මිල ගණන් යටතේ කාඞ්පත් මිලදී ගැනීම සිදුවේ.
 
 පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නියෝගය අනුව වහාම රජයට පවරා ගත යුතු රියදුරු බලපත‍්‍ර ව්‍යාපෘතිය තවත් වසරකින් පුද්ගලික සමාගමටම ලබා දීම සඳහා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප‍්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති.
 
 අදාළ දීර්ඝ කිරීම ලබාදීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් මුළු කැබිනට් මණ්ඩලයම නොමග යවා ඇතැයි ද මේ වන විට එම කටයුතු සිදුකරන අප‍්‍රිකානු සමාගමට මහජන මුදල් රුපියල් මිලියන එක්දහස් අටසියයක් වැඩිපුර ගෙවා ඇතැයි ද රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී පසුගිය සතියේ හෙළි වී තිබේ. වහාම නව නීති හඳුන්වා දී අදාළ මුදල ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කරගන්නට රජය කටයුතු කරන්නේ නම් එය සමස්ත රාජ්‍ය සේවයටම පාඩමක් වනු ඇත.
 
 2016 වසරේ රජයට පවර ගත යුතු මෙම ව්‍යාපෘතිය රජයට පවරා නොගෙන අවස්ථා හයකදී අදාළ අප‍්‍රිකානු සමාගමට ටෙන්ඩරය දීර්ඝ කරමින් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අදාළ සමාගමට පක්ෂපාතීව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී පවා හෙළිදරව් විය. එම නිසා මේ නිලධාරි මාෆියාවට එරෙහිව වහාම පියවර ගත හැකි ජනාධිපතිවරයකු රටට අවශ්‍යව තිබේ.
 
 අපේ රටේ රියදුරු බලපත‍්‍රය, පාස්පෝර්ට් හා ජාතික හැඳුනුම්පත්, රථවාහන අංක තහඩු ආදී ටෙන්ඩර්වලදී ටෙන්ඩර පත‍්‍රිකා වැරදියට සකස් කර ටෙන්ඩරය වරින්වර අවලංගු කර අදාළ සමාගමටම දීර්ඝ කරදීම දැවැන්ත නිලධාරී මාෆියාවකි.
 
 ටෙන්ඩර් පත‍්‍රිකාවක් නිවැරදිව සකස් කළ නොහැකි රජයේ නිලධාරීන්ට දැඩි දඬුවම්දී රටට සිදුවන පාඩුව ඔවුන්ගෙන් අයකර ගත හැකි ක‍්‍රමවේදයක් මීළඟ ජනාධිපතිවරයා විසින් වහාම ඇති කළ යුතුය.
 
 මේ නිසා අප මීළඟ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ විදේශ රටවලට යන මුදල ශ‍්‍රී ලංකා රජයට ඉතිරි කර ගැනීම සඳහා මේවා රජයේ ආයතන මගින් හෝ ශ‍්‍රී ලාංකික සමාගම් මගින් හෝ පමණක් සිදු කරන්නට හැකි නව නීති පනවන ලෙසත්, අපේ රටේ සිටින උපාධිධාරීන් ඇතුළු තරුණ තරුණයන් එක්කරගෙන ඔවුන්ට රැුකියාවන් ද රජයට ආදායම ද රටට විදේශ විනිමය ද ලැබෙන නව ක‍්‍රමවේදයක් ඇති කරන ලෙසය. ඒ සඳහා දායකත්වය ලබාදිය හැකි අතිදක්ෂ වෘත්තිකයන් අපේ රටේ ඕනෑ තරම් සිටිති. ඒ සඳහා රටට ආදරය කරන නිසි දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය අතර එවිට දේශීය ආර්ථිකය, දේශීය ව්‍යාපාර පමණක් නොව මුළු රටම සමෘද්ධිමත් වනු ඇත.

ඇමරිකානු ආරක්‍ෂක අංශ ඊයේ නිවේදනය කර සිටියේ අයිසිස් නායක අබුබකර් බග්දාදි සිරියාවේ ඉඞ්ලිබ් ප‍්‍රදේශයේදී මරා දැමූ බවයි. ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ කුමක්ද? ‘වැදගත් විශාල යමක් මේ දැන් සිදුවුණා’ යනුවෙනි. අයිසිස් නායකයාගේ හිසට ඇමරිකානු රජය ඩොලර් කෝටි දෙකහමාරක් වෙන්කර තිබිණි. මොහු විනාශ කිරීම ඇමරිකාවට පමණක් නොව ලෝකයටම යහපතකි. 2014 සිට අතුරුදන්ව සිටි අයිසිස් නායකයා යළි කරළියට පැමිණෙන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුවය. සහරාන් හෂීම් මෙරට ක‍්‍රිස්තියානි පල්ලිවලට ප‍්‍රහාර එල්ල කරන්නට ප‍්‍රහර්ශය ලබන්නේද අයිසිස් කි‍්‍රයාකාරකම් හරහාය. කාත්තන්කුඩියේ සහරාන් සිරියාවේ පිහිටුවන මුස්ලිම් කාලිපාතය, ආදර්ශයට ගත්තේය. ඇමරිකානු හමුදා මීට පෙරත් අයිසිස් නායකයා සැ`ගවී සිටි ස්ථාන වෙත ප‍්‍රහාර එල්ල කළ බව ප‍්‍රකාශ කර ඇත. එක් වතාවකදී පෙන්ටගනය පැවසුවේ අබුබකර් තම ගුවන් ප‍්‍රහාරයකින් තුවාල ලබා ඇති බවය. නමුත් පසුගිය අපේ‍්‍රල් මාසයේ කරලියට පැමිණි මේ ත‍්‍රස්ත නායකයා කිසිදු ආබාධයකින් තොරව සුවෙන් වසන බවක් පෙනිණි.
 
 අයිසිස් නායකයාට ප‍්‍රහාර එල්ල කළ ඇමරිකාව ලංකා හමුදාපතිට ඔරවන්නේ කවර හේතුවක් නිසා දැයි අපට වටහාගත නොහැකිය. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලික් වේල්ස් සඳහන් කර ඇත්තේ ඉදිරි ජනපතිවරණයේ කවරෙකු බලයට පත්වුවත් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. මේවා කවර නියෝගද? කැකිල්ලේ තර්ජනද? අපට වටහාගත නොහැකිය. නමුත් ත‍්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය සැපයූ වත්මන් යුද හමුදාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට මෙරට ජනතාව මෙන්ම කිසිම දේශපාලන පක්‍ෂයක් කැමැති වන්නේ නැත.
 
 මෙරට යුද හමුදාපති පත් කිරීම සිදුවිය යුත්තේ කොල්ලූපිටියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුදැනුම හා සහයෝගය මතද? මුස්ලිම් අන්තවාදයේ තර්ජනයට මුහුණපා ඇති මේ දූපත් රාජ්‍යයට අවශ්‍ය වන්නේ දක්‍ෂ හමුදාපතිවරයෙකි. නැත්නම් බෝම්බ පුපුරනතෙක් තමා කිසිවක් නොදන්නේ යැයි පවසන හමුදා ප‍්‍රධානියෙක් නම් නොවේ. මීට දශක කිහිපයකට පෙර පැවැති ත‍්‍රස්ත තර්ජන හා වර්තමානයේ එල්ලව ඇති ත‍්‍රස්ත අභියෝග එකිනෙකට වෙනස්ය. ලෝකය වේගයෙන් දියුණු වන්නා සේම ත‍්‍රස්තයෝද වඩා සූක්‍ෂම වෙති. මේ අභියෝගයට වඩා හොඳින් මුහුණදිය හැකි හමුදාපතිවරයා වන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා බව සැක නැත. නමුත් මොහුට යුද අපරාධ චෝදනා ඇතැයි පරසක්වල ගසමින් ඇමරිකාව වියරු වැටී ඇත. ඇමරිකානු හමුදාවලට ඇති යුද අපරාධ චෝදනා ගැන පරීක්‍ෂණ කළහොත් එරට කිසිම හමුදා නායකයෙකුට සමාවක් ලැබෙයිද යන්න සැක සහිතය. නමුත් තමන් අත දහසක් වැරදි තබාගෙන සිටින වොෂින්ටන් පාලනය අත දිගු කරන්නේ කා දෙසටද? මේ කුඩා දූපත් රාජ්‍යය දෙසටය. මෙය බලවත් විහිළුවකි.
 
 2009 දී ශ‍්‍රී ලංකා හමුදාව ප‍්‍ර‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත සේනාව පරාජය කළදා පටන්ම ඇමරිකාව උත්සාහ කරන්නේ ලංකාව මානව හිමිකම් උගුලක සිර කිරීමටය. ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත්වී පැය දෙකක් ගතවන්නට මත්තෙන් මෙරට සිටින ඇමරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුම හරහා මේ නව පත්වීම පිළිබඳව කනස්සල්ල පළ කළාය. ඇයට මෙවන් බලයක් ලැබුණේ කෙසේද? ලංකාවේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට පත්කරන හමුදාපති ගැන වගකියන්නේ ඇමරිකාවද? මෙය සැබවින්ම රටේ ස්වෛරීත්වයට කරන අතපෙවීමකි. කාශ්මීරයේ වැසියන් මාස කිහිපයක සිට ඉන්දීය හමුදා යකඩ හස්තයෙන් පාලනය කරන බව රහසක් නොවේ. නමුත් දිල්ලියේ සිටින ඇමරිකානු තානාපතිවරයා කිසිම විටක ඉන්දියානු යුද හමුදාපතිවරයා හෝ එහි ක‍්‍රියාකාරකම් විවේචනය කරන්නේද? සියල්ලන්ටම ප‍්‍රශ්නයක් වී ඇත්තේ ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්වීමය. කවර තත්ත්වයක් යටතේ හෝ ඇමරිකාවේ වුවමනාවට හමුදාපති වෙනස් කිරීමට කිසිම රජයක් හෝ ජනපතිවරයෙක් කටයුතු කළ යුතු නැත. අපේ රට ඇමරිකාවේ කොලනියක් නොවන බව සියලූ දෙනාම හොඳින් සිත්හි තබාගත යුතුය.
 
 

තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජීවත් වූ දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවා ගැන අද ලෝකයම කතා කරන්නට පටන් ගෙන තිබේ. සුජිත් එතරම් ප‍්‍රසිද්ධයට පත් වූයේ ඔහු බොලිවුඞ් තාරකාවක් වීම නිසා හෝ ඉන්දියාවෙන් අභ්‍යවකාශයට ගිය පළමු දරුවා නිසා හෝ නොව ඔහු මරණයට පත් වූ ඛේදජනක සිදුවීම නිසාය. සුජිත් මිය යන්නේ මීටර් 180 ක් පමණ ගැඹුරු පටු ළිඳකට වැටීම හේතුවෙනි. ආලෝකයේ දිනය නොහොත් දීපවාලි දිනය දා ළිඳට වැටුණු සුජිත් දින තුනක් තිස්සේ්් ජීවිතය හා මරණය අතර සටනින් පැරදී, සිය අවසන් හුස්ම පොද අඳුරු ළිං පතුළට මුදා හරින්නේ මනුෂ්‍ය හදවත් සන්තාපයට පත් කරමිනි. පසුගිය දශකය පුරා සුජිත් වැනි අසරණ දරුවන් 34 දෙනකු මෙවැනි ළිං පතුල් තුළ සැඟ වී ගියේ තමිල්නාඩු දරුවන්ගේ අනාගතය ප‍්‍රශ්නාර්ථයක් බවට පත් කරමිනි. රොකට් විද්‍යාව දන්නා ඉන්දීය ආණ්ඩුවට තවමත් මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වී තිබීම ඛේදවාචකයකි.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles