kathuwakiya_innerpage
මැතිවරණය වෙනුවෙන් අපට කළ හැකි දේ
Nov 14 2019
මේ උදාව ඇත්තේ මැතිවරණ නොනගත සමයයි. ප්රචාරක කටයුතු ඊයේ (13 දා) මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත් වූ පසු, උදා වූ මේ මැතිවරණ නොනගතය, මැතිවරණ කොමිසම මගින් ලබා දී ඇත්තේ කුමක් සඳහා ද යන්න විමසා බැලීම වටී. එනම් එහි ප්‍රධාන අරමුණ මැතිවරණය සඳහා සූදානම් වීම (රට සූදානම් කිරීම) හා පශ්චාත් මැතිවරණ ප්රචාරක ගැටුම් අවම කිරීමය. නොහොත් පූර්ව මැතිවරණ ගැටුම් අවම කිරීම නැතහොත් ශූන්‍ය කිරීමය. තම තමන්ගේ මැතිවරණ පදනම තනා ගැනීම සඳහාත්, තම තම මැතිවරණ ප්‍රතිඵල උරගා බැලීම සඳහාත් මැතිවරණ කොමිසම මගින් සියලු අපේක්ෂකයන් සඳහා නාම යෝජනා භාරදුන් ඔක්තෝබර් 07 දා සිට මාසයකට වැඩි කාලයක් ලබාදුන්නේය. එම කාලසීමාවේදී ප්‍රධාන අපේක්ෂකයන් සියල්ලම පාහේ මැතිවරණ ප්රචාරක රැලි 150 කට වැඩි ගණනක් අමතා තම ප්‍රතිපත්ති ප්‍රකාශන ජනගත කරනු ලැබ ඇත. දැන් එළැඹ ඇත්තේ එසේ ගමින් ගමට ගොස් සිදුකරන ලද ඡන්ද ප්රචාරක කාර්යයන්හි ප්‍රගතිය අපේක්ෂකයන් විසින් සමාලෝචනයට ලක් කළ යුතු කාලය මිස, තවදුරටත් ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ ‘කුණු’ සොයමින් ‘මඩ’ නිර්මාණය කිරීම නොවේ. ඡන්දදායකයන් ඒවා අපේක්ෂා නොකරන...
Hits 280