Divaina - ජාතියේ ඉදිරිමග සුරකිමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

සෑම වර්ෂයකම ඇසළ මාසයේ සිට වප් මාසය දක්‌වා යෙදෙන වස්‌ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. කඨ§න මහා පිංකම් ඇරඹෙන්නේද අද වැනි උතුම් වප් පොහෝ දිනයක සිටය. විහාරස්‌ථානයක සිදුකෙරෙන පිංකම් අතුරෙන් වඩාත් උත්කර්ෂවත් පිංකම වන්නේ කඨ§න පිංකමයි.
 
 ශාසන ඉතිහාසය ගත් විට වප් පොහොය ඉතා වැදගත්ය. කප් ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රි බෝසතාණන් ගෞතම බුදුන්ගේ ශාසනයෙහි පැවිදි වූයේ අද වැනි පොහෝ දිනයකදීය. සත්වන වස්‌ කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ ගෞතම බුදුන්වහන්සේ දෙව්ලොවින් නික්‌ම සංකස්‌ස පුරයට මහා පෙළහර පාමින් වැඩියේ අද වැනි දිනකය.
 
 එවන් උතුම් පොහොය දිනය වර්තමාන බෞද්ධ සමාජයට විශේෂයෙන් මහා සංඝරත්නයට එල්ලවී ඇති අවලාද ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. මන්ද පසුගිය කාලය පුරාම සංවිධානාත්මකව මහා සංඝරත්නයට නිග්‍රහ කිරීම සිදුවිය. මෙය කනගාටුදායක කරුණකි. මහා සංඝරත්නයට අපහාස උපහාස සිදුකිරීම බෞද්ධ සමාජයම නිග්‍රහයට ලක්‌ කිරීමකි. මෙය බරපතළ ශාසන විරෝධී ක්‍රියාවක්‌ නොවේද. මේ අපහාස පිළිබඳව රාමඤ්ඤ නිකාය මඟින් විශේෂ නිවේදනයක්‌ නිකුත් කර තිබූ අතර එය ඊයේ "දිවයින" පුවත්පතේ මුල්පිටුවේම පළවී තිබිණි. අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේදී පවා සිදුනොකළ ආකාරයෙන් දැන් යහපාලන රජයක්‌ යටතේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේට නින්දා අපහාස සිදුකිරීම දැඩි කනගාටුවක්‌ බව රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්‌ඩිත නාපාන පේමසිරි හිමිපාණන් ප්‍රධාන කාරක සංඝ සභාවේ නිවේදනයක්‌ මගින් දැක්‌වේ.
 
 මෙම අපහාස සිංහල බෞද්ධයන්ගේ උරුමය විනාශ කරන්නේ අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කිරීමේ උපායක්‌ පිණිස බවද රාමඤ්ඤ නිකාය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙරට ඉතිහාසය පුරාම මහා සංඝරත්නයට කිසිවකුට අභියෝග කළ නොහැකි බලයක්‌ තිබිණි. එම බලයට රාජ්‍ය පාලකයනට පවා අභියෝග කළ නොහැකි විය. රජුන් තැනීමේ බලය මෙන්ම රජුන් පලවා හැරීමේ බලයද සතුවූයේ මහා සංඝරත්නයටය. එහෙත් වර්තමානයේ සිදුවන්නේ කුමක්‌ද? භික්‍ෂූන් වහන්සේට නිග්‍රහ කිරීම තුළින් බෞද්ධ බලය බිඳීමේ උපාය ජාතියේ මුරදේවතාවුන් අවඥවට ලක්‌ කිරීම තුළින් බලවත් වන්නේ කවුරුන්ද ඒකීය රාජ්‍යය විරෝධී රට ෙµඩරල් කිරීමට උත්සාහ දරන බලවේග මෙරට බහුතර මතයට විරුද්ධ බව රහසක්‌ නොවේ.
 
 ගාල්ලේ විහාරස්‌ථානයක පැවැති උත්සවයකට සහභාගි වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මහ සඟරුවනට සිදුකරන නින්දා අපහාස දැඩිලෙස හෙළා දැක්‌කේය. ඔහු ප්‍රකාශ කළේ සියලු දෙනාම මේ රටේ මහා සංස්‌කෘතිය ගැන වඩා හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවයි. එසේ නම් මහා සංස්‌කෘතියට නිග්‍රහ කරන්නේ කවරහුද? යම් භික්‍ෂූන් කිහිප දෙනෙකුගේ නොහික්‌මුණු ක්‍රියාකලාපයන් නිසා සමස්‌ත මහා සංඝරත්නයටම නින්දා අපහාස සිදුකළ හැකිද? රාමඤ්ඤ නිකාය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජාතිය ආරක්‍ෂා කළ ජාතිය වෙනුවෙන් දිවි කැප කළ භික්‍ෂූන් වහන්සේ මේ මොහොතේ චීවරධාරීන්, පිස්‌සන්, චීවරධාරී රස්‌තියාදුකාරයන්, චීවරධාරී මදාවියන්, චීවරධාරී මුදලාලිලා, චීවරධාරී හොරුන් වැනි වදන්වලින් උපහාසයටත් අපහාසයටත් ලක්‌ කිරීම ඉතාම කනගාටුදායක බවකි.
 
 ජාතිය ආගමට යම් තර්ජනයක්‌ එල්ලවූ විට භික්‍ෂූන් වහන්සේ ඉදිරියට පැමිණ කරුණු දැක්‌වීම සැමදා සිදු වූවකි. බුරුමයේ ථෙරවාදී බෞද්ධයන්ට එල්ලවන තර්ජන ගැන මෙරට මහා සංඝරත්නයද නිරන්තර අවධානය යොමු කරති. ථෙරවාදී බෞද්ධ ලෝකය වෙනුවෙන් පෙනී සිටීමට සිංහල භික්‍ෂුවටද අයිතියක්‌ ඇත. ඒ අයිතියට නිග්‍රහ කිරීමට කිසිවකුට නොහැකිය. බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීම භික්‍ෂුවට විනය විරෝධී නැත. එහෙව් භික්‍ෂූන්ට චීවරධාරීයා යෑයි නිග්‍රහ කරන්නෝ කවරහුද? එනිසාම අපි අපේ මහා සංඝරත්නය ආරක්‍ෂා කරගත යුතුය. ජාතියට ඉදිරිමග පෙන්වන්නේ උන්වහන්සේලාය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles