Divaina - කෝප් ‘බ්‍රේකින් නිවුස්’

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) The Committee on Public Enterprises නොහොත් ‘කෝප්’ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත වරක් පත්වී තිබේ. පසුගිය ආණ්ඩුව යටතේ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරූ හඳුන්නෙත්ති මහතාව නැවත වරක් එම තනතුරට පත්කිරීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ වර්තමාන ආණ්ඩුවට ද රාජ්‍ය දූෂණ අනාවරණය කිරීමේ අවංක වුවමනාවක් තිබෙන බවය.
 
 පසුගිය ආණ්ඩුව සමයේ කෝප් කමිටුව හමුවේ රාජ්‍ය ආයතනවල විශාල දූෂණ අක‍්‍රමිකතා හෙළිදරව් වූ අතර වර්තමාන ආණ්ඩුව යටතේද එවැනි ෆයිල් රැුසක් අනාවරණය වීමට නියමිතය. මේ නිසා ඉදිරියේදී රැුස්වන කෝප් කමිටුව
 
 මගින් එම අනාවරණ පිළිබඳ පුවත් බ්‍රේකින් නිවුස් ම`ගින් ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇත.
 
 1979 වර්ෂයේ ජූනි 21 වැනි දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබ`ද කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන කාරක සභා වර්ග ද්විත්වය අතුරින් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ගණයට අයත් වේ. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන ආකාරයෙන් එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී පත් කරනු ලබයි. පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන ආකාරයට එහි සාමාජිකයින් පත්කිරීම සිදුවන අතර කාරක සභාවේ පළමු සැසිවාරයේදීම එහි සාමාජිකයන් විසින් සභාපතිවරයකු පත්කර
 
 ගැනීම සිදුකරයි. කාරක සභාව විසින් රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රජයේ ව්‍යාපාර ආයතනවල පරීක්ෂාවට බ`දුන් කරනු ලැබූ ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා කළමනාකරණය පිළිබඳව තොරතුරු පරීක්ෂාකොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරන අතර ඔවුනට සාක්ෂි ලබාගැනීම පිණිස ඕනෑම පුද්ගලයකු කමිටුව ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ආකාරයේ ලේඛනයක්, වාර්තාවක් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ ඊට අදාළ දේපළ වෙත ප‍්‍රවේශ වීමටත් බලය හිමිවී තිබේ. කාරක සභාවේ විෂය පථයට, අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැරුණු විට රාජ්‍ය ආයතන 244 ක් අයත් වන අතර සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තිබෙන රජය සතු සමාගම්ද කාරක සභාවේ සුපරීක්ෂාවට යටත්ය. මෙවැනි රාජ්‍ය බලතලවලින් පරිපූර්ණ වුවද, කෝප් කමිටුවට තමන් හෙළිකරගන්නා දූෂණ, අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නඩු පැවරීමට බලයක් නොමැත. එවැනි බලයක් තිබුණේ නම් මේ වන විට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දූෂිතයන් පමණක් දැමීමට අලූත්ම බන්ධනාගාරයක් ඉදි වී තිබිය යුතුය.
 
 2019 අගෝස්තු 09 වන දින සිට කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍ය ආවරණයට විවෘත කිරීමත් සමග කමිටුවේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගික ද යන්න පිළිබඳ ජනතාව අතර කතිකාවතක්
 
 ගොඩනැෙ`ගමින් තිබේ. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ මෙතෙක් කෝප් කමිටුව මගින් අනාවරණය කෙරුණු දූෂණවලට වගකිව යුතු රාජ්‍ය නිලධාරියකුට අධිකරණයෙන් ද`ඩුවම් හිමි නොවීමය. ඊට හොඳම උදාහරණය ශ‍්‍රී ලංකන් ආයතනයේ දූෂණ වංචාය. මේ වන විට ශ‍්‍රී ලංකන් ආයතනයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රිමාන්ඞ් භාරයේ පසුවන්නේ කෝප් කමිටුවේ බලපුළුවන්කාරකම් නිසා නොව එංගලන්ත අධිකරණයකදී හෙළිදරව් වූ දූෂිත ගුවන්යානා ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් වශයෙනි. කෝප් කමිටුව මගින් අවස්ථා ගණනාවකදීම මෙම දූෂණ ක‍්‍රියා පිළිබඳව හෙළිදරව් කළද කිසිදු ආණ්ඩුවක් ඊට අදාළ දූෂිතයන්ට ද`ඩුවම් ලබා දීමට කිසිදු පියවරක් ගත්තේ නැත. ඔවුන් කළේ දිගින් දිගටම එම දූෂිතයන්ට රාජ්‍ය තනතුරු පිරිනැමීමය.
 
 2019 වසරේ කෝප් වාර්තාව ඉදිරිපත් කරමින් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ කෝප් කමිටුවේ කටයුතු පිළිබඳ ගෞරවයක් හා ප‍්‍රසාදයක් ජනතාව අතර ගොඩනැ`ගී ඇති නිසා කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශවලට ඊළ`ගට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ මහජනතාව ප‍්‍රශ්න කරන බවයි. එහිදී සභාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ සිය කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ මත කඩිනමින් අදාළ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා කෝප් කමිටුවේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ බලයක් සහිත නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසය. මෙමගින් කෝප් කමිටුවට ඉදිරිපත් කෙරෙන ආයතනවල දූෂණ, අක‍්‍රමිකතා ඇසින් දුටු සාක්ෂි ලෙස පදනම් කරගනිමින් නීතිමය ක‍්‍රියාමාර්ගවලට එළඹීමේ හැකියාව හිමි වනු ඇති බව ද මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය. ඇත්තටම, කෝප් කමිටුවේ ක‍්‍රියාවලිය ප‍්‍රතිඵලදායක වීමට නම් හඳුන්නෙත්ති මහතාගේ ඉල්ලීම ඉටුකිරීමට කථානායකවරයා කටයුතු කළ යුතුය. නව ආණ්ඩුවේ කෝප් කමිටුවට හෝ එම නීතිමය ප‍්‍රතිපාදන ලබා ගැනීමට හැකි වුවහොත් එමගින් රාජ්‍ය දූෂිතයන් රැුසක් අධිකරණය වෙත රැුගෙන ගොස් එතනින් වැලිකඩ වෙත රැුගෙන යෑමට හැකි වනු ඇත. එම ජාතික මෙහෙවර ඉටුකර ගැනීමට නොහැකි ‘කෝප්’ කමිටුවකින් බලාපොරොත්තු විය හැක්කේ ‘බ්‍රේකින් නිවුස්’ පමණි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles