Divaina - වවමු... හැදෙමු

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 මීට දශක කීපයකට පෙරදී අප රටට විදේශ විනිමය ලබාදුන් ප්‍රධාන මාර්ගය වූයේ කෘෂිකර්මාන්තයයි. එම කාලයේදී රටට විදේශ විනිමය ලබාදුන් වාණිජ භෝගයක්‌ වූයේ තේ, පොල් සහ රබර්ය. නමුත් කාලයාගේ ඇවෑමෙන් අප රටේ කෘෂිකර්මාන්තයට තිබූ තැන අහිමි විය. මේ වන විට අප රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ අපගේ විදෙස්‌ගත ශ්‍රමිකයන්ය. විශේෂයෙන් මැදපෙරදිග රටවල අරාබි හාම්පුතුන්ගේ නිවෙස්‌වල දහදුක්‌ විඳින අපේ අම්මලා, අක්‌කලා සහ අනෙකුත් සහෝදරියන්ගෙන් ලැබෙන විදෙස්‌ මුදල් මේ අතර ප්‍රධාන වේ. මෙම වහල් බැඳීමෙන් අපගේ අම්මලා ඇතුළු සහෝදරියන් බේරාගත යුතු කාලය එළඹ තිබේ. මේ සියලු දෙනා පිටරටට වී දුක්‌ විඳිනුයේ තම කුටුම්භය ජීවත් කරවීම පිණිසය. එනිසාම ඉදිරි කාලය තුළ අප රටේ පවුල් ඒකකය ශක්‌තිමත් කරන ආර්ථිකයක්‌ ගොඩනැගිය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි අංශ කීපයක්‌ තිබේ. නමුත් අද අපගේ විශේෂ අවධානය යොමු වන්නේ කෘෂිකර්මාන්තය කෙරෙහිය.
 
 අප රටේ කාලගුණික දේශගුණික තත්ත්වයන් අනුව භව භෝග නිෂ්පාදනයට සුදුසු පරිසරයක්‌ තිබේ. එනිසාම අවුරුද්ද මුළුල්ලේම මෙකී කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙනගිය හොත් අප රටේ පාරිභෝගික අවශ්‍යතා සපුරා අතිරික්‌ත නිෂ්පාදන අපනයනය කිරීමෙන් විශාල විදෙස්‌ මුදල් ප්‍රමාණයක්‌ උපයා ගැනීමට පුළුවන. නමුත් මේ සඳහා වූ ක්‍රමානුකූල වැඩපිළිවෙළක්‌ නොමැතිකමින් මේ වන විට කෘෂිකර්මාන්තය අයාලේ යන බවක්‌ පෙනේ. විශේෂයෙන් ගොවියාත් පාරිභෝගිකයාත් රැකෙන අයුරින් අප රටේ කෘෂිකර්මාන්තය ගොඩනැගිය හැකිය. එය රටේ ආර්ථික අර්බුදය නිමා කර ගැනීමට යහපත් පියවරක්‌ වනු ඇත.
 
 සාමාන්‍යයෙන් අප රටේ දැකිය හැකි ලක්‍ෂණය වනුයේ යම් භෝගයක්‌ වගා කළ විට එහි අතිරික්‌ත නිෂ්පාදනයට ගත හැකි නිසි ක්‍රියාමාර්ගයක්‌ තවමත් නොමැති වීමයි. සමහර කාලයට කඳු තරම් ගෝවා වගා කරති. එම කාලයට මිනිසුන් ගෝවා පරිභෝජනය කරනවාට වඩා වැඩි ප්‍රමාණයක්‌ අපතේ යනු දැකිය හැකිය. තක්‌කාලි වැනි භෝග සම්බන්ධයෙන් ද උදාවී ඇත්තේ එවැනිම තත්ත්වයකි. තක්‌කාලි සරුවට වැඩුණු කාලයේද දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථාන එළවළු කුණු කඳුවලට ඒවා එකතු වන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි. තක්‌කාලි, ගෝවා වගේම තවත් බොහෝ නිෂ්පාදන මේ අයුරින් විනාශවීම කාලයක්‌ තිස්‌සේ අප රටේ සිදුවෙයි. එසේම අප රටේ වගා කරන ලද භව භෝගවල අස්‌වනු නෙලීමේදී, ප්‍රවාහනයේදී ගොඩබෑමේදී විනාශ වන්නේ කාලයක්‌ තිස්‌සේය. මෙම විනාශය වළකා ගතහොත් අප රටේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට භව භෝග මිලදී ගැනීමටත් ගොවියාට සාධාරණ මිලක්‌ ලබාගැනීමටත් හැකිවනු ඇත.
 
 කෘෂිකර්මාන්තය පිළිබඳ කතාබහ කිරීමේදී මේ දිනවල ජනාධිපතිවරණ වේදිකාවේ ඇසෙන ජනප්‍රිය මාතෘකාවක්‌ වී ඇත්තේ පොහොර සහනාධාරයයි. පොහොර නොමිලේ දෙන බව අපේක්‍ෂකයෝ පවසති. නමුත් බෙදා දෙන්නේ රසායනික පොහොර නිසා එය ධෛර්යමත් කළ යුතු නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ රසායනික පොහොර භාවිතය වැඩිවීම වකුගඩු රෝගයට අතවැනීමක්‌ බවයි. එහි සත්‍යතාවයක්‌ තිබේ. එනිසා අප ක්‍රමානුකූලව කාබනික පොහොරවලට ගොවියා යොමුකළ යුතුය. සමහර අපේක්‍ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල එම අංශය කෙරෙහි අවධානය යොමුකර තිබීම ද සතුටට කරුණකි.
 
 කෘෂිකර්මාන්ත ගැන කතා කිරීමේදී වඩා වැඩි අවධානයක්‌ යොමු කළ කාරණය වන්නේ මිලයි. ගොවීන් බොහෝ විට මැසිවිලි නගන්නේ තමන්ගේ නිෂ්පාදනවලට නිසි මිලක්‌ නොලැබෙන නිසා කෘෂිකර්මාන්තයේ යෙදීම තවදුරටත් ලාභ ලබන කටයුත්තක්‌ නොවන බවයි. විශේෂයෙන් වී ගොවීහු මෙම ප්‍රශ්නයට බලවත් ලෙස මුහුණ දෙති. එනිසාම අලුතින් මේ රට භාරගන්නා නායකයා ගොවියාටත් සාධාරණ මිලක්‌ ලැබෙන පාරිභෝගිකයාත් සුරැකෙන සමාජයක්‌ නිර්මාණය කළ යුතුය. එය කළ හැකි කාර්යයකි. අවශ්‍ය වන්නේ දැක්‌මක්‌ සහිතව කෘෂිකර්මාන්තය මෙහෙයවීමයි. ඒ සඳහා අපට කෘෂිකාර්මික විශේෂඥයන්ගේ සහය ලබාගත හැකිය. අප රටේ කෘෂිකර්මාන්තය නිසි දැක්‌මක්‌ සහිතව මෙහෙය වුවහොත් ඉතාමත් කෙටි කාලයක්‌ තුළ අප රට භව භෝග අතින් ස්‌වයංපෝෂිත කළ හැකිය.
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles