Divaina - ඡන්ද ප‍්‍රතිඵල මෙන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 2019 ජනාධිපතිවරණයේ ප‍්‍රධාන ඡන්ද ප‍්‍රතිඵල දෙකක් මේ වන විටත් ජනතාවට දැන ගන්නට ලැබී තිබේ. ඉන් එක් ප‍්‍රතිඵලයක් ජනතාවගේ බඩට කෙලින්ම වදින ප‍්‍රතිඵලයකි. එය නම් ජනාධිපතිවරණයට අපේක්‍ෂිත වියදම වන රුපියල් කෝටි 550 මුදල කෝටි 750 දක්වා ඉහළ යෑමය. මෙලෙස වියදම ඉහළ යෑමට බලපෑවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගේ ගණන 35 දක්වා ඉහළ යෑම ය. මෙලෙස අපේක්‍ෂකයන් ඉහළ යෑමත් සමඟ ඡන්ද පත‍්‍රිකාවේ දිග අඩි දෙක දක්වා ඉහළ ගිය අතර, මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා විශාල රාජ්‍ය නිලධාරීන් ප‍්‍රමාණයක් යෙදවීමට සිදුව තිබේ. මේ හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආයතනවල නිලධාරීන් බොහොමයක් මැතිවරණ මෙහෙයුම් සඳහා යෙදී සිටින බැවින් රජයේ ආයතන වෙත පැමිණෙන ජනතාව බලවත් අපහසුතාවට පත්ව සිටිනු දැක ගත හැක.
 
 දෙවැනි ඡුන්ද ප‍්‍රතිඵලය රටේ ජනතාව තිගැස්මකට සහ දොම්නසට පත් කරන්නකි. එය නම් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා විසින් මේ දක්වා රුපියල් මිලියන දහසකට ආසන්න මුදලක් වැය කර තිබීම ය. මෙම සංඛ්‍යා ලේඛන අනාවරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිසමේ අනුමැතිය ලත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය විසිනි. මෙම මධ්‍යස්ථානය මගින් නියාමන ව්‍යාපෘතියක් ලෙසට පළමුවරට මැතිවරණ ප‍්‍රචාරණ පිරිවැය නිරීක්‍ෂණය කරනු ලබන අතර එහි පළමු අතුරු වාර්තාව පසුගියදා (05 දා* මාධ්‍යයට නිකුත් කෙරිණි. එය මාධ්‍යයට ඉදිරිපත් කරමින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසා සිටියේ ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ප‍්‍රචාරණ පිරිවැය නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් හෝ යාන්ත‍්‍රණයක් ඇතිකර ගැනීම සඳහා මෙම දත්ත මාධ්‍යයට නිකුත් කළ බවය.
 
 මැතිවරණවලදී අපේක්‍ෂකයන් වැය කරන පිරිවැය පිළිබඳව නියාමනයක් සිදුවිය යුතුය. එය රටේ සියලූ මැතිවරණවලට අදාළ විය යුතුය. අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්‍ෂකයකු විසින් ලක්‍ෂ 400 කට ආසන්න මුදලක් ප‍්‍රචාරණ කටයුතු සඳහා වැය කර තිබූ බව මැතිවරණ කොමිසමට වාර්තා වී තිබිණි. මැතිවරණ ප‍්‍රචාරණ වියදම් පිළිබඳව යාන්ත‍්‍රණයක් නොමැති නිසා දේශපාලනඥයන් ඡුන්ද ලබා ගැනීමට කරන වියදම් පිළිබඳව නිසි තොරතුරු මාධ්‍යයට වාර්තා වන්නේ නැත. එපමණක් නොව රටේ දේශපාලන බලය හොබවන පක්‍ෂ සාමාජිකයන් විසින් රාජ්‍ය දේපළ මැතිවරණ සඳහා යොදා ගැනීම විශාල වශයෙන් සිදු වේ. මේ පිළිබඳව වාර්තා වීමට ද නිසි යාන්ත‍්‍රණයක් රටේ නොමැත.
 
 2017 වසරේ සකස් කරන ලද මැතිවරණ වියදම් නියාමනය සඳහා වූ සංශෝධනය සහිත පනත් කෙටුම්පත :ඍැටමක්එසදබ දෙ ෑකැජඑසදබ ෑංචැබාසඑමරු ෘර්ඓ ්ජඑ* මේ වන විට තිබෙන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේය. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයෙන් සම්මත කර නීතිගත කර ගැනීමට හැකි වුවහොත් මැතිවරණ වියදම් නියාමනයට පැහැදිලි ක‍්‍රමවේදයක් බිහිකළ හැකිය. නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට කිසිදු වුවමනාවක් නැත. එලෙස වුවමනාවක් තිබුණේ නම් මෙම ජනාධිපතිවරණයේදීම එය කි‍්‍රයාත්මක කළ හැකිව තිබිණි. නමුත් අඩුම තරමේ ඒ පිළිබඳව පක්‍ෂ අතර එකඟතාවක් හෝ ඇති නොවීම අවාසනාවකි.
 
 මැතිවරණ සඳහා රජය විසින් වැය කරන මුදල වාර්ෂිකව ඉහළ යමින් තිබේ. 2005 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 712 කි. එය රටේ ඡුන්දදායකයන්ගෙන් බෙ¥ විට එක් පුද්ගලයකු වැය කරන මුදල රුපියල් 54 කි. 2010 ජනාධිපතිවරණයේදී මෙම මුදල මිලියන 1825 දක්වා ඉහළ ගොස් ඡුන්දදායකයකු වැය කරන මුදල රුපියල් 132 දක්වා ඉහළ ගොස් තිබේ. 2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ වැය බර මිලියන 2705 ක් වූ අතර ඊට ඡුන්දදායකයකු වැය කරන මුදල රුපියල් 180 දක්වා ඉහළ ගියේය. 2019 ජනාධිපතිවරණයේදී වැය බර මිලියන 5500 දක්වා ඇස්තමේන්තු කර ඇති අතර එය මිලියන 7500 දක්වා ඉහළ යා හැකි බව පැවසේ. මේ සියලූ බර පැටවෙන්නේ අසරණ පොදු ජනතාවගේ කර මතය. රාජ්‍ය කළමනාකරණය කෙසේ වෙතත් අඩුම තරමේ මැතිවරණ වියදම් කළමනාකරණය කර ගැනීමට හෝ ක‍්‍රමවේදයක් සකසා ගැනීමට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ මීට වඩා උනන්දු විය යුතුය. රටේ ජනතාවගේ බඩට නොව හදවතට දැනෙන රාජ්‍ය පාලනයක් බිහිකර ගත හැක්කේ එවිටය.


 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles