Divaina - කට පරිස්සමින්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මංගල රැලිය පැවැත්වූයේ අනුරාධපුර සමනල ක‍්‍රීඩාංගණයේදීය. ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා සිය මංගල රැලිය පැවැත්වූයේ ගෝල්ෆේස් පිට්ටනියෙනි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගමෙන් සිය ජනපතිවරණ සටන ආරම්භ කළේය. මේ අතරතුර සෙසු ජනාධිපතිවරණ අපේක්‍ෂකයෝ විවිධ තැන්හිදී ජනතාව අමතමින් සිටිති.
 
 ජනාධිපතිවරණ සටනකදී වඩා වැදගත් වනුයේ ප‍්‍රතිපත්ති ගැන කතා කිරීමය. (අප මීට කලිනුත් මේ බව අවධාරණය කර ඇත.* නමුත් බොහෝ විට මේ වනවිට මැතිවරණ වේදිකාවල එකිනෙකාට චෝදනා කර ගැනීම්, මඩගසා ගැනීම්, අවලාද ඉහළ ගොස් තිබේ. රට හදන ප‍්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන ඡුන්දදායකයාට එක අතකින් මේ අය කරනුයේ අසාධාරණයකි. එනිසා ජනාධිපති අපේක්‍ෂකයන් මැතිවරණ වේදිකාව රට හදන ප‍්‍රතිපත්ති ගැන කතා කරන වේදිකාවක් කර ගන්නේ නම් එය රටේ ජනතාවගේ හිතසුව පිණිසම හේතු වනු ඇත.
 
 විශේෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයන්ටත් වඩා ඔහුට ආධාර කරන දේශපාලනඥයෝ සිය කතා පැවැත්වීමේදී පරිස්සම් වීම තම අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ හැකි ලොකුම සේවයක් වනු ඇත.
 
 හේෂා විතානගේ මතුගම පැවති ජන රැලියකදී කළ ජම්පර් අන්ඳන කතාව දුරදිග ගියේය. එසේම පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද කළ මුස්ලිම් ජනතාව මුල්කරගෙන කී කතාවත් සමාජ මාධ්‍ය ජාලවලට පට්ට ගසනු පසුගිය දිනවල දැනගත හැකි විය. ඔහුට අවසානයේදී පිවිතුරු හෙළ උරුමයෙන් ඉවත්වීමට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එම කතා ගොන්නට පසුගිය කාලයේදී එකතු වූ අලූත්ම කතාව වූයේ රණවිරුගාය ඇති අයට බෙහෙත් දෙන බව කී කතාවයි. ඒ කතාව කියා තිබුණේ සිවිල් සමාජ ක‍්‍රියාකාරියෙකි.
 
 මේ අය කියන කතා ගැලරියට තාවකාලික ‘චූන්’ එකක් වුවත් ඉන් තමන්ගේ අපේක්‍ෂකයාට කරනුයේ දැඩි හානියකි. අපේක්‍ෂකයන්ගේ ඡුන්ද ව්‍යාපාර කණපිට පෙරළීමට තරම් මේ කතා ප‍්‍රබල විය හැකිය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තම ඡුන්ද ව්‍යාපාරය ඉහළම තැනක තිබූ අවස්ථාවක කලවැද්දකුගේ කතාවක් කියා කරගත් හානිය ඊට හොඳම නිදසුනකි.
 
 අතීතයෙන් උගත හැකි මෙම පාඩම වත්මන් දේශපාලනඥයන්ට අතිශය වැදගත් වනු ඇත.
 
 විශේෂයෙන් අප රටේ රණවිරුවා ගැන කතා කිරීමේදී කවුරු වුණත් දෙවරක් සිතිය යුතුය. යුද්ධයක් පැවති කාලයකදී රණවිරුවන් යුද්ධ කළේ සිල්ගත් පිරිසක් සමග නොවන බැවින් යම් යම් අඩුපාඩු දුර්වලතා සිදුවිය හැකිය. නමුත් අප රටට නිදහස ලබාදීමට රණවිරුවන් කළ කැප කිරීම කාට වුවද අමතක කළ නොහැක. රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව තම ජීවිත පවා රට වෙනුවෙන් දන් දුන්හ. අද ජීවත්වන වර්තමාන පරපුර නිදහසේ ජීවත් වන්නේ රණවිරුවන් කළ මහා පරිත්‍යාගය නිසාවෙනි. ඔවුහු අප වෙනුවෙන් අභයදානය දුන් පිරිසකි. එනිසා ඔවුනට ගෞරව කිරීම, ඔවුන්ව රැකබලා ගැනීම වර්තමාන පරපුරේ යුතුකමකි. එනිසාම රණවිරුවන්ට අපහස කරන කතා නොකීමට දේශපාලනඥයෝ වගබලාගත යුතුය. මේ රටේ ජනතාවගේ ඡුන්දය ලබාගැනීම
 
 පිණිස බාල බොළඳ දේ තවදුරටත් මාර්කට් කළ හැකි යැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මුලාවකි. එනිසා අද අපේ රටේ ජනතාව අපේක්‍ෂා කරනුයේ රට හදන වැඩපිළිවෙළ බව අමතක නොකළ යුතුය. මාර්කට් කළ යුත්තේ එය ය.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles