Divaina - දිග අඩි 2 යි; වියදම කෝටි 400යි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය



 
 ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් පිරිසක් තරග කරන ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 37 කි. අපේක්‍ෂකයන් 35 දෙනා වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සකස් කළ ආදර්ශ ඡුන්ද පත‍්‍රිකාව මේ වන විට මැතිවරණ කොමිසමට ලැබී ඇති අතර එහි දිග අ`ගල් 26 කි. මෙය අඩිවලින් ගණනය කළහොත් අඩි දෙකකට වඩා වැඩිවේ. මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡුන්ද පත‍්‍රිකාවයි. එය ඇතැම් විට ලෝකයේ දිගම ජනාධිපතිවරණ ඡුන්ද පති‍්‍රකාව විය හැක. මෙවැනි අසාමාන්‍ය ඡුන්ද පත‍්‍රිකාවක් මුද්‍රණය වීමත් සමග මැතිවරණ කොමිසම අර්බුද රැුසකට මුහුණ දෙමින් සිටින බව එහි සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි. මෙම අර්බුද ගැන සඳහන් කරමින් සභාපතිවරයා නිකුත් කළ නිවේදනයට අනුව ජනාධිපතිවරණයට ඇස්තමේන්තු ගතකර ඇති රුපියල් කෝටි 400 මුදල තවත් වැඩිවනු ඇත. අවාසනාව වන්නේ මේ සියලූ වියදම් පියවනු ලබන්නේ පත්වන නව ජනාධිපතිවරයාවත්, මැතිවරණ කොමිසමවත් නොව අසරණ පොදු ජනතාව වීමය. ණය බරින් පීඩිතව සිටින රටකට තමන්ගේ පාලකයන් පත්කර ගැනීම සඳහා මෙපමණ ධනස්කන්ධයක් වැයකිරීමට සිදුවීම ඛේදවාචකයක් නොවේද?
 
 ශ‍්‍රී ලංකාව සැලකෙන්නේ ආසියාවේ පැරැුණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙසය. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ දකුණු ආසියාවෙන් මුලින්ම සර්වජන ඡුන්ද බලය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවට වීමය. 1928 දී එංගලන්තය තම රටේ අවුරුදු 21 කට වැඩි පිරිමි පාර්ශ්වයට හඳුන්වා දුන් ඡුන්ද බලය ඉන් වසර තුනකට පසු 1931 දී ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ මගින් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි. දකුණු ආසියාවේ විශාලතම රාජ්‍යය වන ඉන්දියාවට ඡුන්ද බලය හිමිවන්නේ 1952 වසරේදීය. ශ‍්‍රී ලංකාවට වඩා වසර 21 ක් පසුවී ඡුන්ද බලය ලැබුණද අද වන විට ඉන්දියාව දකුණු ආසියාවේ වියදම් අඩුම, කාර්යක්‍ෂමම මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන රට බවට පත්ව සිටී. ඔවුන් එම ජයග‍්‍රහණය අත්කරගෙන ඇත්තේ ජනතාවගේ මුදල් විනාශ කරන සාම්ප‍්‍ර‍්‍රදායික ‘පෙට්ටි’ ඡුන්ද ක‍්‍රමය පසෙකලා විiුත් ඡුන්ද ක‍්‍රමය (ෑකැජඑරදබසජ ඪදඑසබට ීහිඑැප* වෙත වේගයෙන් ගමන් කිරීමෙනි.
 
 කෝටි 120 ක පමණ ජනගහණයක් සිටින ඉන්දියාවේ මැතිවරණ ජාලය මේ වන විට සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වන්නේ විiුත් ඡුන්ද යාන්ත‍්‍රණවලිනි. ඉන්දියාවේ ක‍්‍රියාත්මක මෙවැනි ‘‘ෑඪඵ’’ යන්ත‍්‍රයක් මගින් එකවර අපේක්‍ෂකයන් 64 දෙනකු සඳහා ඡුන්දය ප‍්‍රකාශ කළ හැක. සාක්‍ෂරතාව අතින් ශ‍්‍රී ලංකාවට වඩා පහළින් සිටින ඉන්දියාව වැනි රටක් ‘ඉලෙක්ට්‍රොනික් ඡුන්ද මැෂිමක්’ වෙත ජනතාව ආකර්ෂණය කර ගැනීමට හැකි වූවා නම් ශ‍්‍රී ලංකාවට එම අභියෝගය ජය ගැනීම අසීරු කරුණක් නොවේ. නමුත් අවාසනාව වන්නේ තවමත් එවැනි ඵලදායී මැතිවරණ ක‍්‍රමයක් වෙත යෑමට රටේ දේශපාලන නායකයන්ට පොදු එක`ගතාවක් නොමැති වීමය.
 
 මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ඉල්ලීමක් අනුව මැතිවරණ නීති යාවත්කාලීන කිරීම සඳහා රජය තේරීම් කාරක සභාවක් පත් කිරීමට පියවර ගෙන තිබුණි. මෙම තේරීම් කාරක සභාව පිහිටුවීමේ මූලික අරමුණ වසර 2020 න් පසු විiුත් මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමය. ඒ සඳහා ඉන්දියානු විiුත් මැතිවරණ ක‍්‍රමය ආදර්ශයට ගැනීම කෙරෙහි එම කමිටුවේ අවධානය යොමුවී තිබේ. නමුත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡුා මට්ටමේය. ආසියාවේ පැරැුණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය එසේ සාකච්ඡුා පවත්වද්දී ඉන්දියානු ‘ඉලෙක්ට්‍රොනික් ඡුන්ද මැෂිම’ මේ වන විට රටවල් 31 ක භාවිතයට ගනිමින් සිටී. අද වන විට ඉන්දියාව, නේපාලය, භූතානය, නැම්බියාව වැනි රටවලට ‘‘ෑඪඵ’’ යන්ත‍්‍ර අලෙවි කරමින් විශාල ආදායමක් උපයමින් සිටී. නමුත් ශ‍්‍රී ලංකාව තවමත් වාර්තාගත ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කරමින්, මහජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් සිටී.
 
 ඉන්දියානු ජනතාවට විiුත් ඡුන්ද ක‍්‍රමය හඳුන්වා දීමේදී ඉන්දීය මැතිවරණ කොමිසමට විශාල අර්බුදවලට මුහුණපෑමට සිදුවිය. මුලදී, ජනතාව පමණක් නොව දේශපාලනඥයන්ද ‘‘ඉලෙක්ට්‍රොනික් මැෂිම’’දෙස බැලූවේ සැකමුසු බැල්මකි. ඊට හේතුව ‘‘කම්පියුටර් ජිල්මාට්’’ වැනි මැතිවරණ ¥ෂණ සිදුවේ යැයි යන අනියත බිය නිසාය. මෙම යන්ත‍්‍රයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා පෙත්සම් ගොනු විය. නමුත් ඒ සියලූ විරෝධතා අභිබවා ඉන්දියාව විiුත් ඡුන්ද ක‍්‍රමය ජයගෙන තිබේ.
 
 අද එම ජයග‍්‍රහණයේ සියලූ ප‍්‍රතිලාභ හිමිවන්නේ ඉන්දීය පුරවැසියන්ටය. එබැවින් මෙතැන් සිට හෝ ශ‍්‍රී ලංකා පුරවැසියන්ගේ බදු මුදල් කාබාසිනියා කරන මැතිවරණ සැණකෙළි නතර කිරීමට රටක් ලෙස අප නිවැරැුදි තීන්දුවක් ගත යුතුය. ඒ සඳහා රටේ දේශපාලන පක්‍ෂ නායකයන්ට විශාල වගකීමක් පැවරී තිබේ. ඊළ`ග ජනාධිපතිවරණය විiුත් ක‍්‍රමයට පැවැත්වීමට හැකි වුවහොත් එය ශ‍්‍රී ලංකාව රටක් ලෙස ලබන නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය වනු ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles