Divaina - දින හතළිකට පසු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ජනපතිවරණයට ඇත්තේ තව දින හතළිහක් පමණි. ඊයේ දින මධ්‍යම රාති‍්‍රයෙන් ජනපතිවරණයට ඇප තැන්පත් කිරීමේ කාලය අවසන් විය. ඒ අනුව මෙවර ජනපතිවරණයට වාර්තාගත අපේක්‍ෂක පිරිසක් ඇප තැන්පත් කර ඇත. එය 41 කි. ජනපතිවරණ සටනට අපේක්‍ෂකයන් ඉදිරිපත්වීම වැඩිවන විට මේ සටන සඳහා රජය වැය කරන මුදලද වැඩිවේ. මෙවර ජනපතිවරණ සටනට වඩා උණුසුම් වන බව හැෙඟන්නේ ඉදිරිපත්වන අපේක්‍ෂකයන් ප‍්‍රමාණයද ඉතිහාසයේ වාර්තාවක් වීම නිසාය.
 
 තව දින හතළියකට පසුව මේ ඇප තැන්පත් කරනු ලැබූ 41 දෙනාගෙන් එක් අයෙකු පමණක් ජයග‍්‍රහණය ලෙස ජනපති පුටුවේ වාඩිවනු ඇත. ඒ අනුව නොවැම්බර් 17 වැනිදා අලූත් රටක් අලූත් ජනපතිවරයෙක් කරළියට පැමිණෙනු ඇත. ජනතාවටද වෙනසක් අවශ්‍යව ඇත. මෙම අලූත් වෙනසත් විවෘත විය යුතුය. එකතැන පල්වීම නැවැත්විය යුතුය. ඉදිරියට යා යුතුය. බොහෝ දෙනෙකු සිතනුයේ පසුගිය කාලය පුරාම රට එකතැන පල්වූ බව නොවේද?
 
 ජනපතිවරණය ගැන ජනතාවගේ උනන්දුව වැඩිය. රටේ දිශානතිය තීරණය කරනු ලබන්නේ මේ හරහා නිසා ජනතා උනන්දුව පෙර නොවී විරූ තරම්ය. විය යුතු සේම ජනපතිවරණය වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමද ප‍්‍රතික්‍ෂේප විය. කිසිවෙකුට ජනපතිවරණ කල් දමන්නට හෝ අවලංගු කිරීමට අවශ්‍ය නැත. රටට වෙනසක් අවශ්‍ය නිසා ඡුන්දදායකයෝ නොවැම්බර් 16 වැනිදා එළඹෙන තෙක් ඇඟිලි ගනිමින් සිටිති.
 
 මෙවර ජනපතිවරණයේ තවත් සුවිශේෂ කරුණක් ඇත. එනම් ජනපතිවරයා, අගමැතිවරයා හෝ විපක්‍ෂ නායකවරයා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නැත. පසුගිය ජනපතිවරණවලදී ජනපතිවරයා, අගමැතිවරයා හෝ විපක්‍ෂ නායකවරයා යන තිදෙනාගෙන් කවරෙකු හෝ ඉදිරිපත් විය. 2015 ජනපතිවරණය සමග සටනට පිවිසියේ ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සගයෙකි. 2010 දී ජනපතිවරයාට එදිරිව හමුදාපති ඉදිරිපත් විය. 2005 දී අගමැතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර සටනක් දැක ගැනීමට හැකිවිය. දිගින් දිගටම ඉතිහාසය පරීක්‍ෂා කිරීමේදී මේ සටන දැක ගැනීමට හැකි විය. නමුත් එය මෙවර වෙනස්ව ඇත. වත්මන් ජනපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුලසිටම තමන් යළි තරග නොකරන බව ප‍්‍රකාශ කර තිබිණි. අගමැතිවරයා ජනපති සටනට ඉදිරිපත් කර ඇත්තේ සිය පක්‍ෂයේ නියෝජ්‍ය නායකයාය. විපක්‍ෂ නායකවරයා සිය සහෝදරයා ඉදිරිපත් කර ඇත. වත්මන් ජනපතිගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයද මෙවර අපේක්‍ෂකයකු ඉදිරිපත් කර නැත.
 
 මෙවර ජනපතිවරණයේදී භාවිතා වන්නේ 2018 ඡුන්ද හිමි නාම ලේඛනයයි. ඒ නිසා තරුණ ඡුන්ද ලක්‍ෂ තුනකට ඡුන්දය දීමේ අවස්ථාව අහිමිවී ඇති බව සති අන්ත පුවත්පතක සඳහන්ව තිබිණි. මෙවර ජනපතිවරණයේදී පළමුවරට ඡුන්දය භාවිතා කරන්නන්ගේ වයස අවුරුදු 19 මාස හයක් වන බව ගණන් බලා ඇත. රටේ වෙනසක් තීරණය කිරීමට තරුණ ඡුන්ද බෙහෙවින් බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. රට ගැන අලූතින් සිතන්නට තරුණයන්ට අවස්ථාවක් ලැබී ඇත.
 
 ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම පරිසර හිතකාමී ප‍්‍රචාරක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට පොරොන්දුව සිටිති. මැතිවරණ කොමිසම අපේක්‍ෂා කරන්නේද පොලිතීන් පෝස්ටර්වලින් තොර ප‍්‍රචාරක වැඩපිළිවෙළකි. සමාජ මාධ්‍ය ඉතා ප‍්‍රබල මෙවන් සමයක පෝස්ටර් ගසා ලබාගත හැකි ඡුන්දයක් නැත. ඒ පෝස්ටර් කන්නට එළුවන් පැමිණේද යන්නද සැක සහිතය. ජනපති අපේක්‍ෂකයන්ද ඉතා කල්පනාකාරීව තම සටන ගෙන යා යුතුය. සුළු වැරැුද්දක් හෝ සිදුවුවහොත් අනෙක් පාර්ශ්වය ඒ අඩුපාඩුව අල්ලාගෙන විශාල ප‍්‍රහාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කරනු ලබයි. ජනපති සටන වඩා උණුසුම්ව දැකිය හැකි වන්නේ මුහුණු පොත හරහාය. සමහර විවේචන ඉතා සාහසිකය. සමහර ප‍්‍රහාර හාස්‍යජනකය. ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සමකාමී මැතිවරණ සටනක් සැමගේ අපේක්‍ෂාවය. කිසිවකු තම නායකයා දිනවීම වෙනුවෙන් ලේ හැලිය යුතු නැත. ගහ මරා ගත යුතු නැත. අතපයේ හයියෙන් ජනපතිවරණය ජයගත නොහැක. භීෂණයක් මවා පෑමෙන්ද එය කළ නොහැකිය. රට වැසියා නොවැම්බර් 16 වැනිදා නිහඬව ඡන්ද පොළට ගොස් සිය කැමැත්ත පළ කරනු ඇත. එයට කිසිවෙකුට බලපෑම් කළ නොහැක. මැතිවරණ සටන පුරාම සාමය රජවේවායි යන්න අපේ පැතුමයි. එය සමස්ත රට වැසියාගේ ප‍්‍රාර්ථනය බවද අමුතුවෙන් කිව යුතු නැත.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles