Divaina - හිස්‌ ටිං සහ ඡන්දායකයා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ දේශපාලන කථිකාව මේ වනවිට ඉහළ තැනකට පත්ව තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ, සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන පක්‍ෂවල සන්ධානයේ අපේක්‍ෂකයන් දෙදෙනා මෙන්ම ජවිපෙ අනුර කුමාර දිසානායක, පෙරටුගාමී පක්‍ෂයේ දුමින්ද නාගමුව ඇතුළු අපේක්‍ෂකයෝ ද ජනාධිපතිවරණය සටනට පැමිණ සිටිති. ඊයේ වනවිට ස්‌වාධීන අපේක්‍ෂයන් ද ඇතුළු ඉදිරි ජනාධිපතිවරණ සඳහා තරග කරන අපේක්‍ෂකයෝ 35 ක්‌ ඇප මුදල් තැන්පත් කර තිබිණි.
 
 ජනාධිපතිවරණ ඉතිහාසයේ වාර්තාගත අපේක්‍ෂකයන් ප්‍රමාණයක්‌ ඉදිරිපත් වන්නේ මෙවරය. ඊට ජනාධිපතිවරණය සඳහා යන වියදම රුපියල් කෝටි 450 ක්‌ පමණ විය හැකි යෑයි මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබිණි.
 
 මැතිවරණ කොමසාරිස්‌වරයා පවසන අයුරින් දැන් පිච් එක සෙට්‌ය. දැන් ඉතිරිව ඇත්තේ මැච් ගැසීම පමණි. නමුත් මැච් එක ගැසීමේදී නීති විරෝධී ක්‍රියා නොකිරීමට අපේක්‍ෂකයන්ගේ වගකීමකි.
 
 ඒ සඳහා මැතිවරණ කොමිසම ප්‍රජාතාන්ත්‍රික මැදිහත්වීමක්‌ සිදුකිරීම අගය කළ යුතුය. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට දින කිහිපයක්‌ තිබියදී එජාප අපේක්‍ෂකයකු වැඩිහිටි සමිතියක 68 දෙනකු අනුරාධපුරයේ වන්දනා චාරිකාවට එක්‌කර ගැනීමට ගත් උත්සාහයට මැතිවරණ කොමිසම විසින් වළක්‌වා තිබිණි. එසේම එක්‌සත් ජාතික පක්‍ෂයේ සමුළුව නීති විරෝධී අයුරින් රූපවාහිනී නාළිකාවක ප්‍රචාරය වෙද්දී එය වළක්‌වාලීමට ද මැතිවරණ කොමිසම ක්‍රියා කළේය.
 
 මෙයින් අපි දකිනුයේ යහපත් ප්‍රවණතාවක්‌ ලෙසිනි. ඡන්දයක්‌ ආසන්න වීම අපේ රටේ දේශපාලනඥයන්ට අමුතු රෝගයක්‌ සෑදෙන්නේ කලක සිටය. වැසිකිළි කටවල්, සිමෙන්ති, උදලුතල, ඇතුළු විවිධ දැ ජනතාවට බෙදාදීමට අපේ රටේ දේශපාලනඥයන්ට මතක්‌ වන්නේ ඡන්ද කාලයේදීය. ජනතාවගේ කරමතින් බලයට පැමිණි දේශපාලනඥයෝ බලය ලැබුණු පසු ජනතාව අමතක කරති. ඡන්දයක්‌ පැමිණි විට යළිත් ජනතාව අතරට එන අය තවත් දහසකුත් බලාපොරොත්තු ජනතාව හමුවේ තබති.
 
 උදලු තලයත්, ටකරං තහඩුවත් වැනි දේද අල්ලස්‌ ලෙස දෙති. මේ කැත දේශපාලන සංස්‌කෘතියට දැන්වත් තිත තැබිය යුතුය.
 
 මෙවැනි අවස්‌ථාවලදී දේශපාලනඥයන් ගැන ජනතාව කල්පනාකාරී විය යුතුය. පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවලට මෙන්ම පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ පරම බලය ඇත්තේ ජනතාවටය. එනිසා ජනතාව තමන්ගේ වටිනාකම් තේරුම් ගෙන තුට්‌ටු දෙකේ දේශපාලනඥයන්ට රැවටුණු යුගය දැන්වත් නතර කළ යුතුය. ජනතාවගේ දෙපාමුලට එද්දී ඔවුන්ගෙන් ගම රට හදන විදිහ ප්‍රශ්න කිරීමට ජනතාව වගබලාගත යුතුය. සාම්ප්‍රදායික ඡන්දදායකයා වෙනුවට නව චින්තකයන් විචක්‌ෂණශීලී ලෙස සිතන අලුත් ඡන්දදායකයන් රටට අවශ්‍යය. එලෙස සිතන ඡන්දදායකයා තමන්ගේ ඡන්දයෙන් පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවට පාර්ලිමේන්තුවට යෑවිය යුත්තේ ඵලක්‌ ඇති මිනිසුන්ය. හිස්‌ ටිංවලින් මේ ආයතන පිරවීම රටට කරන හානියක්‌ බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුය. එවැනි පසුබිමක ඡන්ද කාලයේදී අල්ලස්‌ දෙන දේශපාලනඥයන් ගැන මැතිවරණ කොමිසම ඇස්‌ ගසාගෙන සිටීම ද යළිත් අගය කළ යුතුය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles