Divaina - ”ප්‍රෝඩාවේ තොණ්ඩුව”

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය හේතුවෙන් රට උග‍්‍ර මූල්‍ය අර්බුදයක ගිලී සිටී. මෙම අර්බුදයෙන් ගැලවීමට ඇති එකම විසඳුම වී ඇත්තේ විදෙස් ණය ගෙවීමට තවත් ණය ලබා ගැනීම පමණි. රට එවැනි මාරාන්තික ණය අර්බුදයක ගිලී සිටියදී රටේ පුරවැසියෝද ණය උගුලක සිරවෙමින් සිටිති. එම ණය උගුල වන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලය. නමින් ක්‍ෂුද්‍ර නොහොත් කුඩා ණය උගුලක් වූවාට මේ වන විට මෙම ණය ක‍්‍රමයේ වාරික ගෙවා ගත නොහැකිව ශී‍්‍ර ලංකාවේ පුද්ගලයන් 170 දෙනකු පමණ දිවි නසාගෙන
 
 තිබේ. ඛේදවාචකය වන්නේ මෙපමණ සමාජයීය අර්බුදයක් බවට පත්ව ඇති මෙම ණය උගුල තවත් රට පුරා කි‍්‍රයාත්මක වෙමින් තිබීමය.
 
 2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 14 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු ණය සහන හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥවරයාගේ වාර්තාවට අනුව ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති ශී‍්‍ර ලාංකිකයන්ගේ සංඛ්‍යාව විසිඅටලක්‍ෂ අනූඅටදහස් දෙසිය තිස්දෙකකි (2898,232*. ණය ලබාගත් පිරිසෙන් බොහෝ දෙනකු කාන්තාවෝය. මෙම ණය ලබාගත් පුද්ගලයන් බොහෝ දෙනෙක් වාරික ගෙවාගත නොහැකිව අසරණ වී සිටිති. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ක්‍ෂුද්‍ර වාරික ණය මුදල් සඳහා අය කෙරෙන ඉහළ පොලී අනුපාතිකයය.
 
 2018 දෙසැම්බර් 3 වැනි දින ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගයකට අනුව ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කළ හැකි වාර්ෂික පොලී අනුපාතිකය සියයට තිස්පහකි (35%*. නමුත් ඇතැම් මූල්‍ය සමාගම්
 
 ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සඳහා සියයට 20 සේ සිට 220 දක්වා පොලී මුදල් අයකරන බවට ණය ලබාගත් පුද්ගලයන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. අඩුම තරමේ ගමේ පොලී මුදලාලිලාවත් මේ විදියට පොලියට මුදල් දෙන්නේ නැත. ඔවුන්ගේ
 
 උපරිම පොලී අනුපාතිකය සියයට දහයකි. ඒ වගේම ණය මුදල් අයකර ගැනීමේදී පොලී මුදලාලි සෑම විටම ණයකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කළේය. නමුත් මෙම මූල්‍ය සමාගම් ණය මුදල් අයකර ගැනීමේදී ණයකරුවන් මානසික පීඩාවට පත් කරමින් ණය වාරික එකතු කරන බවට පැමිණිලි ගලා යමින් තිබේ. ණය ලබාගෙන ඇති පිරිසෙන් බොහොමයක් කාන්තාවන් වන නිසා මෙම ණය වාරික එකතු කරන නියෝජිතයන්ගේ හැසිරීම සීමාව ඉක්මවා යමින් කටයුතු කරන බවට පැමිණිලි පොලිසියට ලැබෙමින් තිබේ. මින් පැහැදිලි වන්නේ මේ වන විට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුල උග‍්‍ර සමාජයීය අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන බවය.
 
 ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමය හඳුන්වා දීමේ මූලික අරමුණ වූයේ දිළින්දන්ට නැඟී සිටීමට අත්වැලක් සපයා දීමය. නමුත් ක්‍ෂුද්‍ර මූල්‍ය
 
 සමාගම්වල ණය ප‍්‍රතිපත්ති හේතුවෙන් මහ බැංකුවේ අත්වැල දිළින්දන්ගේ ගෙල සිරකරන තොණ්ඩුවක් බවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් දිනකට මහ බැංකුවටද විශාල පැමිණිලි ප‍්‍රමාණයක් ලැබෙමින් තිබේ. එම නිසා මෙම ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම සඳහා මහ බැංකුවේ විශේෂ අවධානය යොමුව තිබේ. නමුත් ඔවුන් ඒ සඳහා මැදිහත් වීම සිදුවන්නේ ඉතා මන්දගාමීවය. මහ බැංකුව ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා මුලින්ම පනතක් හඳුන්වා දෙන්නේ 2016 වසරේදීය. 2016 අංක 6 දරණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පනත මගින් ණය ලබාදෙන සමාගම් 54 ක් පමණ නියාමනයට ලක්වේ. නමුත් මහ බැංකුවේ නියාමනයට ලක් නොවන මූල්‍ය ආයතන රැුසක් නිදහසේ රට පුරා කි‍්‍රයාත්මක වෙමින් තිබේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාතේ වැසියන් බොහොමයක් මේ වන විට මෙම සමාගම්වල ගොදුරු බවට පත්ව තිබේ. වවුනියාව ඕමන්ත ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් අවුරුදු දෙකහමාරක සිය දරුවා සමග ළිඳට පැන දිවි නසා ගන්නේ ක්‍ෂුද්‍ර ණය වාරිකය ගෙවා ගත නොහැකිවය. මෙය මේ ණය උගුලේ එක් ඛේදණීය මරණයක් පමණි.
 
 රටේ සෑම ආණ්ඩුවක්ම බලය ලබා ගැනීම සඳහා භාවිත කළ ව්‍යසනකාරී කි‍්‍රයාව වූයේ දිළින්දන්ට සහනාධාර ලබාදීමය. එම සහනාධාර වැඩපිළිවෙළේ අරමුණ වූයේ දිළින්දන් නඟා සිටුවීම නොව ඔවුන්ට අං තට්ටුවක් පළඳවා ඡුන්ද ටික ඩැහැ ගැනීමය. අද සමෘද්ධි නමින් කි‍්‍රයාත්මක වන්නේ මෙම වැඩපිළිවෙළය. සමෘද්ධියේ උපරිම දීමනාව වන රුපියල් 3500 ක් හිමිවන පුද්ගලයකුට දිනකට ලැබෙන මුදල රුපියල් 116 කි. රුපියල් දහසේ දීමනාව ලැබෙන පුද්ගලයකුට දිනකට ලැබෙන මුදල රුපියල් 33 කි. මෙවැනි දීමනාවක් ලබාදී රටේ දිළිඳුකම තුරන් කළ හැකිද? විහිළුව වන්නේ ලංකාවේ සෑම ආණ්ඩුවක්ම වසර 25 ක් තිස්සේ මෙම ‘දිළිඳු ප්‍රෝඩාව’ කරගෙන යෑමය. මෙම ‘ප්‍රෝඩාවේ’ අවසන් ජවනිකාව වන්නේ මේ දිළිඳු ජනතාව ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වල සිරවී යෑමය. ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් අසරණ දිළින්දන් ජීවිතවලින් වන්දි ගෙවිය යුතු නැත. එබැවින් මෙම මාරාන්තික ණය උගුලෙන් ජනතාව ගලවා ගැනීමට ආණ්ඩුව නොපමාව මැදිහත් විය යුතුය. ආණ්ඩුව දැනටමත් එම වගකීම පැහැර හැර ඇති බව මතක තබාගත යුතුය.

 


 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles