Divaina - සවුදියේ ගිනි රස්නය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිල ඉහළ යද්දී සවුදි අරාබිය ගිනිගෙන ඇත. තෙල් මිල ඉහළ යද්දී සවුදිය ගිනි ගැනීම හෝ අස්ථාවර වීම එරටට පමණක් නොව සමස්ත ලෝකයටම සුබ නැත. කොදෙව් වැසියන් වන අපට ද එය සුබ නැත. මන්ද අපට ඇෙඟ් තෙල මිස පොළොවෙන් තෙල් ලබා ගත නොහැකි නිසා ය. සියල්ල ආනයනය කළ යුතුය.
 
 සවුදිය ගිනි ගන්නේ කවර හේතුව නිසාද? ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් ඉකුත් සෙනසුරාදා දිනයේ එල්ල කරන ලද ඩ්‍රෝන ප‍්‍රහාරවලින් එරට ප‍්‍රධාන ඛනිජ තෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් ගිනි ගෙන දැවුණු නිසාය. මෙය සවුදි ආර්ථිකයටම එල්ල කරන ලද මරු පහරකි. යේමනයේ ක‍්‍රියාත්මක හූති කැරලිකරුවෝ සවුදි අරාබියට එරෙහිව යුද ප‍්‍රකාශ කර ඇත. මීට පෙර ද සවුදියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප‍්‍රහාර එල්ල වුවද ඒවා සෙනසුරාදා ප‍්‍රහාර තරම් සාර්ථක වූයේ නැත. මෙය මරු පහරකි.
 
 සවුදි අරාබි ආණ්ඩුව සතු ඇරම්කෝ තෙල් සමාගමේ ප‍්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් හූති ඩ්‍රෝන ප‍්‍රහාරවලට ඉලක්ක වී ඇත. ඉන් එකක් ලොව වැඩියෙන්ම බොර තෙල් පිරිපහදු කරන ස්ථානයකි. එය සවුදි අරාබියේ අබ්කේක්වල පිහිටා ඇත. සෙනසුරාදා අළුයම හතරට පමණ මේ ප‍්‍රහාර එල්ල වී ඇත. සවුදිය සුරැුකෙන්නේ තෙල් අපනයනය මතය. ඒ මුදල් රටට ගෙන එන ප‍්‍රධානම සමාගම වන්නේ ඇරම්කෝ සමාගමයි. සවුදි රාජ්‍යයට ඇරම්කෝ නැතිව පැවතිය නොහැක. ෂියා මුස්ලිම් නිකායට අයත් හූති කැරලිකරුවෝ සවුදියේ වැදගත්ම නිලයටම ප‍්‍රහාර එල්ල කර තිබෙන බව පෙනී යයි. 2015 සිට යේමනයේ ආණ්ඩුවට එරෙහිව සටන් වදින හූති කැරලිකරුවෝ කලාපයම අස්ථාවර කිරීමට සමත් ප‍්‍රබල සන්නද්ධ කණ්ඩායමක් බවට පත්ව සිටිති. 2015 සිටම සවුදි අරාබි ගුවන් හමුදාව යේමනයේ හූති කැරලිකරුවන්ට ප‍්‍රහාර එල්ල කරන නිසා ඒ වාඩුව ගැනීමට මොවුනට අවශ්‍යව තිබිණි. එසේම සවුදියේ තෙල් පිරිපහදු බිම් ගිනි ගන්නා විට ඉරානය ද සිනාසෙයි. මන්ද තමන් විසින් පෝෂණය කරන හූති කැරලිකරුවෝ සවුදියට පහර දෙන නිසාවෙනි. සුන්නි බලකොටුව වන සවුදිය බැබලීම ඉරානය කමා කරන්නේ නැත. මෙය එදා පටන් පවතින ආරවුලකි. ඉරානයට ඇමරිකන් හමුදා ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඒ ගැන වැඩියෙන්ම සතුටු වන්නේ සවුදි අරාබියයි. යේමනයේ පවතින ගැටුමට හේතුව වන්නේ ද ඉරානය හා සවුදි අරාබිය අතර ඇති බල පොරයයි. යේමනයේ ෂියා ආගමික කැරලිකාරීත්වයට ඉරානය සහාය පළකරද්දී අනෙක් පැත්තෙන් එය මර්දනය කිරීමට සවුදි අරාබිය නොපැකිලව ඉදිරිපත් වෙයි. මේ අවුල නිසා යේමන රාජ්‍යය අරාජිකත්වයට පත්ව ඇත. යේමන දරුවෝ කුසගින්නේ මියයති. එයත් තවත් ගින්නකි.
 
 2015 දී හූති කැරලිකරුවන් සතු වූයේ ඒ. කේ. 47 වර්ගයේ තුවක්කු පමණි. නමුත් අද ඔවුන් සවුදි අරාබියට ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කිරීමට සමත් දියුණු සන්නද්ධ කණ්ඩායමක් බවට පත්ව ඇත. මේ ගිනි ගැනීම් කොතනින් නතර වන්නේද? හූති කැරලිකරුවන් ප‍්‍රකාශ කරන්නේ සවුදි තෙල් පිිරිපහදු මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන ප‍්‍රහාර දහයක් පමණ එල්ල කළ බවයි. මේ ගැටුම ඉදිරියේදී සමනය වන බවක් නම් දැකිය නොහැක. සවුදි ගුවන් යානා ද යේමනය උඩින් පියාසර කරමින් හූති කැරලිකරුවන්ගේ කඳවුරු වෙත බෝම්බ හෙළනු ඇත. මේ ගින්න නිසාම ලෝක තෙල් මිල ද ඉහළ නඟිනු ඇත. තෙල් මිල ඉහළ නඟිද්දී, මුදල් අමාත්‍යාංශයේ මිල සූත‍්‍රය ද වෙනස් වනු ඇත. මෙරට ඉන්ධන මිල ඉහළ නඟින විට පටි තදකර ගන්න වෙන්නේ දුප්පත් ලාංකිකයාට ය. තෙල් ගින්න සමඟම බඬේ ගින්දරේ රස්නය ද හොඳින් දැනෙනු ඇත. එවිට බැණ අඬ ගසන්නට වෙන්නේ කාට එරෙහිවද? සවුදි රජුට එරෙහිවද? හූති කැරලිකරුවන්ට එරෙහිවද? නැත්නම් මුදල් ඇමැතිට එරෙහිවද?

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles