Divaina - අන්තර්ජාල උගුල් හා ‘මැටිමෝල්’ කාන්තාවන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 බිනර පොහෝ දිනය ඊයේට (13 දා* යෙදී තිබිණි. බිනර පොහොයෙහි සුවිශේෂත්වය වනුයේ මහා ප‍්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට භික්‍ෂුණී ශාසනයට එක්වීමට බුදුරජාණන් වහන්සේගේ් අනුමැතිය හිමිවීමයි. ස්ත‍්‍රියට ද දහම් මග ප‍්‍රගුණ කිරීමෙන් හා ප‍්‍රඥාව දියුණු කිරීමෙන් බුදුදහමෙහි අපේක්‍ෂිත ඉහළම ප‍්‍රතිඵලය වන නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විශාඛා, යසෝදරා වැනි උතුම් ස්ත‍්‍රී චරිත ඉස්මතුවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
 
 භික්‍ෂුණී ශාසනයෙන් මෙපිටටත් කථා කළත් ස්ත‍්‍රිය යනු උදාර චරිතයකි. දෙමවුපියන් යටතේ දියණියක වශයෙන්ද, තම සැමියා යටතේ දයාබර ස්වාමි දියණියක වන ඇය උත්තරීතර මවු පදවියෙන් පිදුම් ලැබීම භාග්‍යයක් ලෙස සැලකේ.
 
 අදටත් එම උදාරතර මවු පදවියේ ගෞරවය රකිමින් සිය ස්ත‍්‍රී භූමිකාවට සුභාෂිතයක් වන ස්ත‍්‍රීීහු අප රටේ වෙති. අදටත් වැඩිම විදෙස් විනිමයක් අප රටට උපයා දෙනුයේ කාන්තාවන් විසිනි. ඊට අමතරව සමාජයේ විවිධ ක්‍ෂේත‍්‍රවල විවිධ වෘත්තීන්හි යෙදෙමින් ස්තී‍්‍රන් නැතහොත් කාන්තා පාර්ශවය අප රටට කරන සේවය සුවිශාලය.
 
 රැුකියා නොකරන ලක්‍ෂ සංඛ්‍යාත කාන්තාවෝද ගෘහණිය ලෙස සිය යුතුකම් ඉටුකරමින් යහපත්ත පරපුරක්් රටට දායාද කිරීමට කරනා සේවයද අපත අමතක කළ නොහැක.
 
 දැන් අප කියන්නේ වෙනත් කතාවකි. අප ඉහතින් සඳහන් කළ කාන්තාවන්ට අමතරව ස්ත‍්‍රීත්වය ලැබූ ‘මැටිමෝල්ලූ’ දහස් ගණනක්ද අප රටේ සිටිති. මේ මැටිමෝල් කාන්තාවෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වී මුුහුණු පොතද ඇසුරු කරති. මුහුණු පොතෙහි සිටින කපටි, කෛරාටික, සල්ලාලයන්ට මේ අය ඉබේටම අසුවෙති. හැඳිමිටේ නුවණවත් නැත්තේ මේ අයට විය යුතුය. අප මෙසේ කියන්නේ ඇයි? ඊට ආසන්නතම නිධාන කතාව මෙසේය.
 
 මුුහුණු පොත හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් ලෙස පෙනී සිටින 23 හැවිරිදි සල්ලාලයකු අවුරුදු 17 ත් 30 ත් අතර කාන්තාවන්ට අලූතින් නිෂ්පාදනය කරන බව කියන චිත‍්‍රපටයක් සඳහා ඇරයුම් කර සිටී. ඒ සඳහා මුහුණු පොතෙහි දැන්වීමක් පළකරමින් ඊට ප‍්‍රතිචාර දක්වන කාන්තාවන්ට පළමුවෙන් තම වයස, ගම සහ පාසල පිළිබඳ විස්තර කෙටි පණිවිඩ (එස්.එම්.එස්.* මගින් එවන ලෙස කියා සිටී. එසේ කෙටි පණිවිඩ එවන කාන්තාවන්ට මෙම සල්ලාලයා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු කියන අයකුගේ දුරකථන අංකයක්ද ලබාදෙයි. අනතුරුව වට්ස් ඇප් පහසුකම් ඔස්සේ පළමුව සාමාන්‍ය ඡුායාරූප දහයක්ද, දෙවනුව ‘හොට්’ ඡුායාරූප දහයක්ද, තෙවනුව ‘බිකිණි’ ඡුායාරූප 25 ක් ගෙන්වාගනු ලබයි.
 
 මෙම සල්ලාලයා සිය අවසන් මෙහෙයුම් දියත් කරනුයේ ඉන් අනතුරුවය. ඒ අනුව සිරුරේ රහස් පෙදෙස් ආශ‍්‍රිතව වීඩියෝ දර්ශන එවන ලෙස දන්වා සිටී. පසුව අදාළ ඡුායාරූප සකස් කිරීම සඳහා ලක්‍ෂ 1-1/2 ක මුදලක් වැයවී ඇති බව පවසමින් එම මුදල එවන ලෙසට කාන්තාවන්ට දැනුම් දීමක් කෙරේ. මුදල් ගෙවීමට නොහැකි බව කාන්තාවන් පැවසූ විට තනියම ඇවිත් තමා හමුවන ලෙසට මෙම සල්ලාලයා තර්ජනය කර සිටී. මෙලෙස මෙම සල්ලාලයාගේ කපටි බසට හසුවූ කාන්තාවෝ 7000 ක් පමණ වෙති. කිරිබත්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිලි අනුව මෙම සල්ලාලයාගේ දැලට හසුවූ කාන්තාවන් අතර අවුරුදු 13, 14 සහ 15 යන වයසේ පාසල් දැරියන්ද සිටීම ඛේදවාචකයකි.
 
 මෙම සල්ලාලයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඉදිරියේදී අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
 
 අප මේ රටේ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනුයේ මේ වගේ කෛරාටිකයන්ට ඉදිරියේදීවත් හසුනොවන ලෙසයි. තමුන් නොදන්නා අය සමග අන්තර්ජාලයේදී ගනුදෙනු කිරීමේදී ඉතාමත් ප‍්‍රවේශම් විය යුතුය. තාක්‍ෂණය දියුණු වෙද්දී අන්තර්ජාල පහසුකම් අපට අත්හල නොහැක. එහෙත් අපි එහි වහළුන් නොවිය යුතුය. විශේෂයෙන් කාන්තා පාර්ශවය සල්ලාලයන් කපටි කෛරාටික පුද්ගලයන්ගෙන් අන්තර්ජාලය ඔස්සේ අටවන උගුල්වලට හසු නොවීමට වගබලා ගත යුතුය. දියණියක, බිරිඳක සහ මවක ලෙස සිය ජීවන භූමිකාව නිසි ලෙස හැඩගසා ගන්නේ නම් කාන්තාවෝ ‘මැටිමෝලූන්’ බවට පත්වන්නේ නැත. අපට උරුම වූ සභ්‍යත්වයටත්, සංස්කෘතියටත් අනුගතව ක‍්‍රියාකරන්නේ නම් මේ විපත්තියෙන් මිදීම අපහසු නොවනු ඇත.
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles