Divaina - රටේ කළු පැල්ලම් මකා දැමීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ලොව වැඩිම සියදිවි නසාගන්නන් සිටින රට ලෙස ශ‍්‍රී ලංකාව ලෝක වාර්තා පොතට එක්විය. 1995 පමණ වන විට ජනගහනයෙන් ලක්‍ෂයකට 47 දෙනකු සියදිවි නසාගැනීම ඊට හේතුවයි. ඒ අතර ඉතා මෑතකදී ශ‍්‍රී ලංකාව හැඳින්වූයේ වගාවන් සඳහා වැඩිම කෘෂි රසායන යොදන රටවල් පහ අතර සිටින රටක් ලෙසය.
 
 මේ අතරට දැන් තවත් ‘ප‍්‍රමෝෂන්’ දෙකක් අපට ලැබී තිබේ. ඒ, ප්ලාස්ටික් හා පොලිතින් මගින් සාගරය දූෂණය කරන රටවල් අතර පස්වැන්නා ශ‍්‍රී ලංකාව ලෙසත්, ස්වභාවික ආපදා වැඩිම රටවල් අතර දෙවැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමිවන බවටත් ය.
 
 ‘ඉන්දියන් සයුරේ මුතු ඇටය’ වැනි මෘදු, අමිල වදන් වලින් හැඳින්වූ අපේ රට මෙවැනි නරක නාම ඔස්සේ ‘කළු’ තවරාගත්තේ ඇයි දැයි අප අපෙන්ම ප‍්‍රශ්න කරගත යුත්තකි.
 
 කෙසේ හෝ මෙවැනි ‘කළු’ නාම, සංවර්ධනය වෙමින් පවතින, සංචාරක ආර්ථිකයක් බලාපොරොත්තු වන අපට එතරම් සුබදායක නොවන්නකි. ‘එතරම්’ නොව කිසිසේත්ම සුබදායක නොවන්නකි. මන්ද, මේවායේ ප‍්‍රතිඵල ජනතාවට භුක්ති විඳින්නට සිදුවන්නේ පාරාවළල්ලක් ලෙසිනි. වාසනාවකට මෙන් සියදිවි නසාගැනීම් අතරින් අංක එකේ සිටි අප දැන් සෑහෙන තරම් එම ලේඛනයේ පල්ලම් බැස තිබෙන බව ඉකුත්දා වාර්තා විය. එසේම, කෘෂි රසායන භාවිතය අතින්ද අපේ රට පාඩමක් උගෙන එම ලේඛනයේද සැලකිය යුතු මට්ටමකට පල්ලම් බසිනු ඇතැයි අපි කල්පනා කරමු.
 
 ඊට කදිම ප‍්‍රවේශයකට රට දැන් පැමිණ තිබේ.
 
 එනම් පසුගිය සඳුදා (9දා) මහවැලි සහ පරිසර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් පවත්වා එම අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක සහ එම නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහත්වරුන් ප‍්‍රකාශ කර සිටියේ නයිට‍්‍රජන් තිරසාර භාවිතය (වහාම පාලනය) සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට තම සහාය පළකිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තීන්දු කර ඇති බවයි.
 
 අධික පොහොර (නයිට‍්‍රජන්) භාවිතය හේතුවෙන් පස, ජලය දූෂණය වී ලෙඩ රෝගවලට ඒවා හේතුවීමත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මගින් ආපදා ඇති කිරීමත් ඊට හේතුවන නිසාය.
 
 මේ අනුව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නයිට‍්‍රජන් කළමනාකරණ වැඩසටහනේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ‘මාර්ක් සට්න්’ මහතාද ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට එක්වූ අතර ඔහු කියා සිටියේ මෙතෙක් ලෝකයේ වෙනම මාතෘකාවක් නොවූ නයිට‍්‍රජන්, නයිටේ‍්‍රට් හා ඇමෝනියා ප‍්‍රශ්නය පිළිබඳව වහ වහා එක්සත් ජාතීන් අවධානය යොමුකළ යුතු බවකි.
 
 වායුගෝලයේ පවතින 78% ක් වන නයිට‍්‍රජන් වායුවේ සංයුතිය, රසායනික (නයිට‍්‍රජන් අඩංගු) පොහොර භාවිතය හා කර්මාන්ත, වාහන දුම් හේතුවෙන් විශාල වෙනස්වීමකට බඳුන් වෙමින් පවතින බැවින් විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී නයිට‍්‍රජන් භාවිතය දැඩි පාලනයකට යොමුකළ යුතු කාරණයක් බවද ඔහු සඳහන් කළේය.
 
 ඒ නැතත් යොදන නයිට‍්‍රජන් ප‍්‍රතිශතයෙන් 80% ක් ජලයේ දියවී ඉවත්ව යන බැවින් ඒ සඳහා ලෝකයේ වාර්ෂිකව සංසරණය වන ඩොලර් මිලියන 200 න් 80% ක් ඉතිරි කරගැනීම සඳහා කි‍්‍රයා කළයුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
 
 නයිට‍්‍රස් ඔක්සයිඞ් හා ඇමෝනියා වායුව මගින් මෙසේ වායුගෝලීය නයිට‍්‍රජන් ප‍්‍රතිශතය වෙනස් කෙරෙන බව විශ්වාස කරන අතර ජලයේ දියවී ගංගා, ඇළ, දොළ ඔස්සේ වැව් පොකුණු හා මුහුදට එක්වන නයිටේ‍්‍රට්, ඇමෝනියම් හා සල්පේට් මගින් සුවිශාල ගොඩබිම හා ජල දූෂණයක් සිදුවන බව විශ්වාස කෙරේ.
 
 එසේ හෙයින් ලෝකයේ තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ
 
 ගෝලීය වැඩසටහනට සහාය පළකරමින්, එම වැඩසටහන (අන්තර්ජාතික සමුළුවක් සමඟ) ඔක්තෝබර් මස 23 දා ‘කොළඹ ප‍්‍රකාශනය’ :ක්‍දකදපඉද ෘැජක්ර්එසදබ) එළිදැක්වීමටද කටයුතු යොදා තිබේ. එය ඓතිහාසික අවස්ථාවකි.
 
 එසේ හෙයින් රසායන පොහොර භාවිතයේ හා ආපදාවලට ලක්වීමේ ඉඩකඩ සහිත ලේඛනයේ ඉහළින්ම සිටින අප ඒවා අවම කරගන්නට දරණ කැපවීම ලෝකයා හමුවේ ප‍්‍රදර්ශනය කරන්නක්ද මේ වනු ඇත.
 
 එනමුත් සාගර දූෂණය අතින් පස්වැනි ස්ථානයට පත්ව සිටින අප, එම ‘කළු’ පැල්ලම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කරනු ඇත්තේ කෙලෙසද යන්නද දැනගැනීමට කැමැතිය.
 
 මේ දිනවල තුල්හිරිය ඵ්ී ්එයැබ් පරිශ‍්‍රයේදී පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපයේ ‘නිවර්තන ජීව විiා සහ සංරක්‍ෂණ’ සංගමයේ 13 වැනි සමුළුවේදී හෙළිදරව් වූ කරුණු අනුව චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමයෙන් පසුව සාගර දූෂණයේ මීළඟ රාජ්‍යය ශ‍්‍රී ලංකාවයි. ශ‍්‍රී ලංකාව ගංගා, ඇළ, දොළ ඔස්සේ සාගරයට පොලිතින්, ප්ලාස්ටික් තොග පිටින් එක් කරන රටක් බවට පත්ව සිටින අතර, ‘වරක් භාවිතකර’ ඉවත දමන ප්ලාස්ටික්, පොලිතින් ඒ අතර ඉදිරියෙන්ම වේ.
 
 ඒ කෙතෙක්ද යත් ශ‍්‍රී ලංකාව වාර්ෂිකව මුහුදට මුදාහරින ප්ලාස්ටික් පොලිතින් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයකි.
 
 ඉදින්, ‘කළු’ පැල්ලම් මකා ගැනීමට අප කුමක් කළ යුතුද? රාජ්‍ය ආයතනවලට පමණක් නොව ජනතාවටද කිරීමට බොහෝ දේ ඇත.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles