Divaina - මිත්‍යාවෙන් ජනතාව අන්දන්නන්ට දඬුවම් නැද්ද?

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 සමාජයක පැවැත්ම සඳහා සංස්කෘතික හා සදාචාරාත්මක බැඳීම් අතිශය වැදගත්ය. මෙම බැඳීම් සඳහා අඩිතාලම වැටෙනුයේ එකිනෙකා අදහන ආගම තුළිනි. අන්තගාමී නොවන ඕනෑම ආගමකින් මිනිසුන්ට හික්මීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ඇත. සැබෑ ආගමිකයෝ මිත්‍යාවේ නොඇලෙති. මිත්‍යාවේ නොවැටෙති. ඔවුහු සත්‍යම සොයති. එසේම අන්තගාමී නොවන සැබෑ ආගමික නායකයෝ තම අනුගාමිකයන්ව නිසි මග යවමින් නිසි දහම් කරුණු කියා දෙමින් ඔවුන්ගේ සාමාජික ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරති. කාලයක් තිස්සේ අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ද මෙසේ අප සියලූ ජාතීන් අතර පැවැති ආගමික සහජීවනය නිසාවෙනි. සහරාන්ලාගේ අන්තවාදී ආගමික මූලධර්මවාදීන් හැර අන් සියලූ ආගමික ශාස්තෘවරු ජනතාවගේ හිතසුව පිණිසම සේවය කරති. බෞද්ධ වේවා, කතෝලිකයන් වේවා ඉස්ලාම් භක්තිකයෝ වේවා, හින්දු භක්තිකයෝ වේවා මේ සියලූ ආගමිකයන් තමන් අදහන ආගම අනුව සිය ජීවිත සනසා ගනිති.
 
 ආගමක් ඇදහීම, විශ්වාස කිරීම මූලික මානව හිමිකමක් වන අතර අප රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද එය පිළිගෙන ඇත.
 
 අප රටේ ආගමික පරිසරය සම්බන්ධයෙන් පවතින මෙම සහජීවනය බිඳ දමන මිත්‍යා මත වපුරන අය පසුගිය කාලයේදී කරලියට පැමිණීම අභාග්‍යයකි. පසුගියදා අනුරාධපුර හොරොව්පතාන ප‍්‍රදේශයේදී ද එවැනි සිද්ධියක් වාර්තා විය. විශ්ව ශක්තියෙන් මිනිසුන්ගේ රෝග සුවපත් කරන බව පවසමින් ජනතාව මුලාවේ දැමූ අයකු නිසා ජීවිත තුනක් දැනට අහිමි වී ඇත. තවත් කීපදෙනකු අසාධ්‍යව රෝහල්ගත කර සිටිති. මෙම මරණවලට අදාළ වැඩසටහන මෙහෙය වූ පුද්ගලයා ඍජුව වගකිව යුතු නොවන මුත් එම මරණවල වගකීමෙන් ඔහුට නිදහස් විය නොහැක. මිනිසුන්ගේ ලෙඩ රෝග සුවපත් කිරීමේ බලයක් ඔහුට ඇත්නම් ඔහු කියන විශ්ව දැනුමෙන් මෙම ජීවිතවල ඉරණම වෙනස් කර ගැනීමට හැකි විය යුතුව තිබිණි. ඔහුට ඔය තරම් ශක්තියක් තිබුණේ නම් තමා ළඟට පැමිණි අයගේ ජීවිත අවදානමට වැටෙන අයුරු ඔහුට දැන ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.
 
 විiාත්මකව ගතහොත් විශාල පිරිසක් ඒකරාශී වීම, අවට පවතින උෂ්ණත්වය සහ ඒ සමග ජනතාව ඔරොත්තු නොදෙන පරිසරයක් ගොඩනැගීම තුළ මෙම මිනිස් ජීවිත නැතිවුණ බව පැහැදිලිය. අපගේ ගැටලූව වන්නේ විශ්ව ශක්තිය ඇතැයි කියන මොහුට මෙකී විපත නොපෙනුනේ ඇයිද යන්නයි.
 
 මිනිසකුට කායික හා මානසික රෝග ඇතිවීම ජීව විiාත්මක කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයකි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර කළ යුත්තේ වෛi විiාවෙනි. අද වන විට වෛi විiාව ඉහළම තැනකට පැමිණ ඇති නිසා ඉතිහාසයේ අප නොඇසූ විස්මිත ශල්‍යකර්ම සිදුකරමින් මිනිසුන්ගේ ජීවිත ගලවා ගන්නා වෛiවරු සිටිති. හදවත, මොළය ඇතුළු අප ශරීරයේ විවිධ අවයව විවෘත කර අදාළ ශල්‍යකර්ම සිදුකර මිනිසාගේ ආයුෂ වැඩි කරන එවැනි වෛiවරු මිහිපිට දෙවියෝ වෙති. එනිසා රෝගී තත්ත්වයක් ඇති වූ විට දක්‍ෂ වෛiවරයකු සොයා යනවා විනා ආගමට මුවාවී ජනතාව මුලා කරන මිත්‍යා දෘෂ්ඨිකයන් සොයා නොයන්නැයි අපි
 
 ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
 
 අන්ධභාවය, අංශභාග තත්ත්වය හා විවිධ රෝගාබාධ විශ්ව ශක්තියෙන් සුවකළ හැකි යැයි කවුරුන් හෝ පවසන්නේ නම් රජය කළ යුත්තේ ඔහුට අවශ්‍ය පහසුකම් සපයා එය ඔප්පු කරන ලෙස අදාළ පුද්ගලයන්ට අභියෝග කිරීමය. නැතහොත් එවැනි රෝගීන් සිටින රෝහල්වලට ඔහුව රැුගෙන විත් මේ දේවල් ඔප්පු කරන ලෙසය. එසේ කළ නොහැකි නම් මේ උදවියට ජනතාව මිත්‍යාවෙන් මුලා කිරීමේ වරදට උපරිම දඬුවම් ලබාදිය යුතුය. එවැනි වරදට දඬුවම් කිරීමට නීති නොමැති නම් ඒවා අලූතින් සම්පාදනය කළ යුතුය.
 
 මිත්‍යාවෙන් ජනතාව මුලා කරන මෙම මානසික රෝගීන්ට ජනතාව බිලි ගැනීමට ඉඩදී බලා සිටීම කවර රජයකට වුවද ගැලපෙන්නේ නැත.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles