Divaina - රාජ්‍ය දූෂිතයෝ

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

විවිධ චෝදනා ලැබූ දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකුට එරෙහිව අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදුවෙමින් පවතින බව හෙළිදරව් වී තිබේ.
 
 මෙම පිරිසට ලිංගික අපයෝජන, අයථා ලෙස මුදල් ලබා ගැනීම්, නීති විරෝධී ලෙස දේපළ රැස්‌කිරීම් නීති විරෝධී ලෙස බලපත්‍ර දීම ආදී චෝදනා ගණනාවක්‌ ඉදිරිපත්ව තිබේ.
 
 මෙම නිලධාරීන් හැත්තෑ දෙනා අතර ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනකුට ආසන්න පිරිසක්‌ සිටින බවත් එයින් ඇතැම් නිලධාරීන්ට ළමා අපයෝජන චෝදනා සහ නිල රාජකාරී ඉටුකිරීම සඳහා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ඉල්ලා ඇති බවටත් අනාවරණය වී තිබේ.
 
 අද වන විට තනතුරේ බලය යොදවා කාන්තාවන්ට එරෙහිව සිදුකරන ලිංගික බලපෑම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එය ඉහළම රැකියා ස්‌ථරයේ සිට පහළම ස්‌ථරයේ කාන්තාවන්ට එක ලෙස මුහුණ දෙන්නට සිදුව තිබෙන ෙ€දවාචකයක්‌ බවට පත්ව තිබේ. ආයතන ප්‍රධානීන් ලෙස ඇති අසීමිත බලය යොදවා කාන්තාවන්ට කරන මෙම බලපෑම් නවතාලන්නට කිසිවකුට නොහැකි වී තිබේ.
 
 විශේෂයෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් තම ආයතනවලට මුල් පත්වීම් ලබා එන කළමනාකාර සහකාර, සංවර්ධන නිලධාරීනී වැනි තනතුරු දරන තරුණියන් තම වසඟයට ගැනීම බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ.
 
 තම රැකියාවට ඇති ආදරය මෙන්ම එම බලපෑම්වලට විරුද්ධවීමෙන් මුහුණ දෙන්නට වන අපහසුතා මෙන්ම ලැඡ්ජාව හේතුවෙන් බොහෝ කාන්තාවන් මේවා තනියම විඳ දරා ගනිති.
 
 මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ රජයේ කාර්යාලවල එවැනි ක්‍රියාවල යෙදෙන තරුණියන් හෝ කාන්තාවන් භුක්‌ති විඳින වරප්‍රසාද දකින අලුතින්ම රාජ්‍ය සේවයට එන තරුණියන් තමන්ට පහසුවෙන්ම ඉහළට යා හැකි මාර්ගය ලෙස මෙය තෝරා ගැනීමේ ප්‍රවණතාවයක්‌ ඇතිවීමය.
 
 ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෞද්ගලික කරුණු සහ තරහ පිරිමහ ගැනීම සඳහා ඔවුන් යටතේ සිටින නිලධාරීන් ක්‍රියාපටිපාටිවලට පටහැණිව යමින් මාරුකර ඇති බව ද අනාවරණය වී තිබේ. තමන්ට අවනත නොවන බොහෝ නිලධාරිනියන් දුර බැහැර ප්‍රදේශවලට මාරු කර යෑවීමේ සිද්ධීන් ගණනාවකි.
 
 අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ද මේ ප්‍රශ්නය බරපතළය. පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමට එන තරුණ මවුවරුන්ට හා පාසල්වල ගුරුවරියන්ට සිදුවන ලිංගික බලහත්කාරකම්වලට චෝදනා එල්ලවී ඇත්තේ විදුහල්පතිවරුන්ටය. තම දරුවට පාසලක්‌ ලබා ගැනීමට අද මව්වරු බොහෝ දෙනකු ඕනෑම කැප කිරීමක්‌ කරති. මෙය ප්‍රයෝජනයට ගන්නා ඇතැම් විදුහල්පතිවරු මේ මහපොළොව නුහුලන අපරාධ කරති.
 
 ලොව මුල්ම අගමැතිවරිය බිහි කළ රට මෙන්ම කාන්තා ජනාධිපතිවරියක්‌ වසර එකොළහක්‌ පාලනය කළ ශ්‍රී ලංකාවේ කාන්තාවන් මෙම ලිංගික බලහත්කාරකම්වලට එරෙහිව නැගී සිටින්නට නිසි ක්‍රමවේදයක්‌ ඇති කර නොගැනීම ද බරපතළ තත්ත්වයකි.
 
 ඇතැම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් නීති විරෝධී ලෙස වැලි කැණීම් බලපත්‍ර ලබා දී ඇති බවටත් ඇතැම් නිලධාරීන් ඒවා විකුණා ඇති බවටත්, ඇතැම් නිලධාරීන් නීති විරෝධී අයුරින් බලපත්‍ර නිකුත්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේවා නිකුත් කිරීමේ නිසි ක්‍රමවේද නොවීම මේ තත්ත්වයට බලපා තිබේ.
 
 අද වන විට ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු ලබා කිසියම් ප්‍රදේශයකට යන බොහෝ දෙනකු මාස කීපයකට පසු එම ප්‍රදේශයේ නව නිවසක්‌ ඉදි කරන්නට පටන් ගැනීම සාමාන්‍ය සිදුවීමක්‌ බවට පත්ව තිබේ. එවිට එම නිවාස ඉදිකිරීමට සියලු ද්‍රව්‍ය ලබා දෙන්නේ එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ය. එම නිසා අදාළ නිලධාරියා ටික දිනක්‌ යන විට ඔවුන්ගේ සිරකරුවකු බවට පත්වීම සිදුවේ. එවිට රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නටද නොහැකිය. මේ නිසා මේ තත්ත්වයට රජය මැදිහත් වී නිසි ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතුව තිබේ.
 
 ඇතැම් පරිපාලන සේවා නිලධාරීන් මේ ආකාරයට දූෂිත වන්නට හේතුවී ඇත්තේ ඔවුන්ට හිමිව ඇති අසීමිත බලය නිසාය. මේ නිසා රටේ සෑම රජයේ කාර්යාලයකම වංචා, දූෂණ, අක්‍රමිකතා, කාන්තා අතවර සිදුවන්නේ නම් ඒවා නිර්නාමිකව පැමිණලි කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක්‌ රටට අවශ්‍යව තිබේ.
 
 අනෙක්‌ අතට මේ චෝදනා ගැන පරීක්‌ෂා කරන්නේ ද පරිපාලන නිලධාරීන් වීමද ගැටලුවකි. එවිට බොහෝ විට උත්සහ කෙරෙන්නේ එම චෝදනා යටපත් කිරීමටය. එම නිසා මෙම චෝදනා පිළිබඳව පරීක්‌ෂා කර බැලීමට වෙනත් ක්‌ෂේත්‍රද නියෝජනය වන පරිදි පූර්ණ බලැති කමිටුවක්‌ පත් කළ යුතුව තිබේ. විශේෂයෙන්ම ලිංගික බලපෑම් සම්බන්ධ චෝදනා පරීක්‌ෂා කිරීම සඳහා කාන්තාවන් වැඩි සංඛ්‍යාවක්‌ සිටින කමිටු පත් කළ යුතුව තිබේ.
 
 අනෙක්‌ කාරණය නම් එවැනි චෝදනා ඔප්පු වී ඇති අයට දැඩි දඬුවම් ලබාදිය යුතුය. ඊට හේතුව මේවා පාලනය කරන්නට ඇති එකම ක්‍රමවේදය එය වීමය. එසේ නොවන්නේ නම් අනාගතයේ රාජ්‍ය සේවයේ දැවැන්ත බිඳවැටීමක්‌ සිදුවීම වැළැක්‌විය නොහැක.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles