Divaina - 'ඉන්න හිතෙන රටක්‌'

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

mahabanlමහ බැංකු බැඳුම්කර වංචාවේ චූදිතයකු වන අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව කතාව අලුත් වෙමින් තිබේ. පසුගිය දිනක නීතිපති දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ මෙම වංචාවට එරෙහිව පිටු 21,000 ක ලියවිලි රජයට භාරදුන් බවයි. ඒ අනුව අදාළ නීතිමය ලියකියවිලි සිංගප්පූරු රජයට ඉදිරිපත් කිරීම හරහා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමේ උත්සාහයක්‌ ජනාධිපති පාර්ශ්වය ගෙන තිබේ.
 
 මේ අතර සිංගප්පූරුවේ 'ස්‌ටෙට්‌ස්‌ ටයිම්ස්‌' පුවත්පත වාර්තා කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවයි. ශ්‍රී ලාංකික සම්භවයක්‌ සහිත සිංගප්පූරු ජාතිකයකු ලෙස අර්ජුන් මහේන්ද්‍රන් හඳුන්වා දී තිබුණි. අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක්‌ එල්ල කළ මෙම හාදයා වහාම ලංකාවට ගෙන්වා උපරිම දඬුවම් ලබා දිය යුතුව ඇත. වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ තමාට ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන් අයුරින් බැඳුම්කර වංචා නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුව ඇති පාඩුව ටි්‍රලියනයක්‌ වන බවයි. එය රුපියල් කෝටිවලට අනුව ගණනය කළහොත් කෝටි 10,000 කි.
 
 යහපාලන රජය බලයට පැමිණියේ හොරුන්, වංචාකාරයන්ට දැඩි `දඩුවම් ලබා දෙන බව පවසමිනි. ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවලදී මහින්ද රාජපක්‍ෂ පාලනයේ සිටි හොරුන්ට, වංචාකාරයන්ට උපරිම දඬුවම් දෙන බවද කියා සිටියේය. එනිසා අලුත් රටක්‌ උදෙසා ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළහ. නමුත් අවාසනාවකට අර්ජුන මහේන්ද්‍රන් මහ දවල්, මහ බැංකුව අමු අමුවේ සුද්ද කිරීම නිසා වත්මන් රජයටද විශාල කළු පැල්ලමක්‌ එක්‌විය. එනිසා සිංගප්පූරුවේ සැ`ගව සිටින අර්ජුන් මෙරටට ගෙන්වා ගැනීම වත්මන් ආණ්‌ඩුවේද සෞඛ්‍යයට හිතකර වනු ඇත. මේ සම්බන්ධයෙන් ඊයේ වන විට වාර්තා වූ අලුත්ම ආරංචිය වූයේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය ලියකියවිලිවලට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි.
 
 මහ බැංකු වංචාවට පසුවද තවත් විවිධ ක්‌ෂේත්‍රවල සිදුවූ වංචා දූෂණවල තොරතුරු පසුගිය දිනවල පුවත්පත් පිටුවල පළවී ඇති අයුරු දැකගන්නට ලැබිණි.
 
 ජාතික ගිණුම් කාරක සභාවේද හෙළිවූයේ ස්‌මාර්ට්‌ රියෑදුරු බිල්පත් ගනුදෙනුවෙන් රජයට කෝටි 400 ක පාඩුවක්‌ වී ඇති බවය. බස්‌නාහිර පළාතේ මන්ත්‍රීවරයකු මාස තුනට රට සවාරි සඳහා රුපියල් කෝටි 4 ක්‌ වියදම් කර ඇති බවද පසුගිය දිනවල වාර්තා විය. ඇතැම් බස්‌නාහිර මන්ත්‍රීවරු රට සවාරිවල ගොස්‌ තිබුණේ පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුවය. මේ අතර පසුගිය රජය එයාර් බස්‌ හතරක්‌ මිලදී ගැනීමට අත්සන් කළ ගිවිසුම වර්තමාන රජය අවලංගු කිරීම නිසා රජයට විඳදරා ගැනීමට සිදුවූ පාඩුව කෝටි 1706 කි.
 
 කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැ`ගිල්ලක්‌ බදු ගැනීමෙන් මාසයකට වැයවන මුදල රුපියල් මිලියන 25 කි.
 
 අප ඉහතින් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකයට සිදුවූ විනාශයන් කිහිපයකි. තව දුරටත් මේ රට මේ අයුරින් පාලනය වුවහොත් අප රටේ ජනතාව සිදුවනුයේ කබලෙන් ලිපට වැටීමය. අද අපේ රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට පත්වී ඇත්තේ දේශපාලනඥයන්ගේ දූෂණ, වංචා නිසාය. එනිසා ඉදිරි කාලයේදී කවුරු රට පාලනය කළත් දැඩි මූල්‍ය විනයක්‌ පවත්වාගත යුතුය. ඒ වගේම ආර්ථිකයේ දියුණුවට බලපාන දැඩි තීන්දු තීරණ ගත යුතුය. රටක මූල්‍ය විනය පරිහුණු විට එය රටට පමණක්‌ නොව ජනතාවට ගොඩයැමක්‌ නොමැත. එනිසාම ඉදිරියේදී රටේ ජාතික ආරක්‍ෂාව සේම මූල්‍ය ආරක්‍ෂාවටද මුල්තැන දීමට රජය කටයුතු කළ යුතුය.
 
 සැබෑවටම 'ඉන්න හිතෙන රටක්‌' ගොඩනැෙ`ගන්නේ එවිටය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles