Divaina - රට අන්නන කැබිනට් සංදේශ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

පෙරේදා (3දා* පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කැබිනට් සංදේශ දෙකක් පසුවට සාකච්ඡුා කිරීම සඳහා හකුලාගන්නට එම සංදේශ ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍යවරුන්ට සිදුවූ බව මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඊට එරෙහිව (ප‍්‍රබල* ඇමැතිවරු විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීම නිසාය.

එකක් ඉදිරිපත් කර තිබුණේ පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසිනි.

ඉන් කියැවුණේ පළාත් සභා අටක හිටපු මැති - ඇමැතිවරුන් 418 ක් සඳහා එක් අයකුට ඇමරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව, තීරු බදු සහන යටතේ වාහන ආනයනය සඳහා අවසර ලබාදීමය.
එනම්, දළ වශයෙන් එක් අයකු සඳහා ලක්‍ෂ 64 ක් බැගින් 418 දෙනකුට (කෝටි 265 ක* බදු සහන සහිත වාහන ලබාදීමේ කැබිනට් සංදේශයකි.

වජිර අබේවර්ධනගේ මෙම සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා තම විරෝධතාව ප‍්‍රකාශ කර ඇත.

එසේම, ඔහු පවසා ඇත්තේ මෙම බදු සහනය දීම මගින් රජයට අතිවිශාල පාඩුවක් සිදුවන බව හා භාණ්ඩාගාරයට දැරිය නොහැකි වැය බරක් සිදුවන බවකි.

මංගල ඇමැතිවරයාගේ විරෝධතාව සඳහා පදනමක් ඇතිවා සේම, අපිදු ඔහුගේ විරෝධතාවට සහාය පළකරමු.

මන්ද, හොම්බෙන් දුවන රටේ ආර්ථිකය ගොඩගන්නට තරම් සූක්‍ෂම ආර්ථික සැලසුම් සහිත කැබිනට් සංදේශ ඉදිරිපත් විය යුතු කාලයක ආර්ථිකය කාබාසිනියා කරන, තවත් කැබිනට් සංදේශ හෝ එවැනි මොන මල ඉලව්වක්වත් ඉදිරිපත් නොවිය යුතු බැවිනි.

ඒ නැතත් පළාත් සභා කිසිවක් කි‍්‍රයාත්මක තත්ත්වයේ නැති මේ මොහොතේ හිටපු මැති - ඇමැතිවරුන්ට තීරුබදු සහන සහිත වාහන බලපත‍්‍ර ලබාදෙන්නට වජිර අබේවර්ධන ඇමැතිවරයාට ඇත්තේ මොන අමාරුවද යන්න ජනතාව ප‍්‍රශ්න කරනවා නොඅනුමානය.

නමුත් වජිර ඇමැතිවරයා කල්පනා කරන සාධාරණ පැත්තක්ද නැතිවා නොවේ. ඉන් පළමුවැන්න නම්, ආණ්ඩුවේ අවසන් කාලසීමාව ගෙවෙන මේ මොහොතේ මෙවන් කැබිනට් තීන්දුවක් නොගතහොත් බලයට එන ඊළඟ ආණ්ඩුවෙන් මෙවන් දෙයක් කරගන්නවා බොරුය. (විටෙක ඒ ආණ්ඩුවෙන් මීට වඩා හොඳ උපකාරයක් වුව මේ පළාත් මැති - ඇමැතීන්ට ලැබෙන්නටද බැරි නැත. මන්ද දේශපාලනඥයින් ඔක්කොම එක ගොඬේ නිසාය.*
වජිර ඇමැතිවරයා කල්පනා කරන දෙවැනි කාරණය නම්, ඔහු ඉදිරිපත් කර නැති උතුරු පළාත් සභාවේ මැති - ඇමැතීන් 37 දෙනකුට දැනටමත් මෙවන් සහනයක් ලැබී තිබීම නිසා අනෙකුන්ට සිදුව ඇති අසාධාරණයය.
මීට ප‍්‍රථම අනෙකුත් පළාත් සභාවලට නොදී උතුරු පළාත් මැති ඇමැතිවරුන්ට මෙසේ තීරු බදු රහිත වාහන ආනයනය සඳහා විශේෂ වරප‍්‍රසාදයක් රජය මගින් ලබාදී තිබේ. එහි අසාධාරණයක් ඇති බව ඇත්තකි. එසේම ඔවුන් සුවිශේෂී කණ්ඩායමක් වූයේ කෙලෙස ද යන්න ගැන අපට ද ප‍්‍රශ්නයක් තිබේ.

ඒ, කෙසේ හෝ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප 68 වැනි මහා සම්මේලනය අමතමින් ප‍්‍රකාශ කරන ලද්දේ පළාත් සභා යළිත් රට තුළ කි‍්‍රයාත්මකවේද නැද්ද යන්නත් සැක සහිත බවය.
එවන් තත්ත්වයක් තිබියදී හා පළාත් සභා සුදු අලියකු බවට පත්ව තිබියදී නැති නාස්ති කරන කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් ගොඩට තවත් තීරු බදු රහිත වාහන වරප‍්‍රසාද එකතු කළ යුතු නොවේ.
ජනතාව ජීවත්වන්නේ වේලක් නොකා වේලක් බවද වජිර ඇමැතිවරයා දැනගත යුතුය.

තුන්වැනිදා කැබිනට් රැුස්වීමේදී පසුපසට ගිය අනෙක් කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබුණේ වනජීවි, සංචාරක හා කි‍්‍රස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසිනි.
විල්පත්තුව ජාතික උiානය මැද පිහිටා ඇති කතෝලික පල්ලියකට අක්කර හයක් උiානයේ ඉඩම් වලින් වෙන්කරදීම සඳහා ඉදිරිපත් කර තිබූ මෙම ඉල්ලීමට චම්පික රණවක, සජිත් පේ‍්‍රමදාස සහ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා ඇමැතිවරු විරෝධය ප‍්‍රකාශ කර තිබිණි.

ජෝන් අමරතුංග මහතාට එකිනෙකට නොගැලපෙන වනජීවී හා සංචාරක ඇමැතිකම් දෙකම ලබාදීම මෙවන් අර්බුදවලට මුල යැයි අපි කල්පනා කරමු.

රිෂාඞ් බදුර්දීන් විසින් වනසන විල්පත්තුව සුරක්‍ෂිත කළ යුතු බවට මාරාන්තික උපවාස විරෝධතා පවා සිදුවන මොහොතක ජෝන් මහතාගේ මෙම ඉල්ලීම තනිකරම පටු, අන්තවාදී ආත්මාර්ථකාමී ඉල්ලීමකි. ඉදින් මොහුට වනජීවී ඇමැතිකම දුන්නේ ඇයිදැයි ජනතාවට ප‍්‍රශ්ණයක් ඇතිවේ. ඇමැතිවරයා කළ යුත්තේ විල්පත්තු උiානයේ සංරක්‍ෂණ කටයුතු මිස, පල්ලියකට ඉඩම් වෙන්කිරීම නොවේ.
මේ, ජෝන් ඇමැතිවරයාගේ එවැනි පළමු මැදිහත්වීමද නොවේ. ගාල්ල අකුරල තෙත්බිම් ප‍්‍රදේශය අභය භූමියක් බවට ප‍්‍රකාශයට පත්කිරීමට සියලූ කටයුතු සිදුවෙමින් පවතිද්දී ඔහුගේ මැදිහත්වීමෙන් එය සංචාරක උiානයක් සඳහා යොදාගෙන දැන් එහි එළිපෙහෙළි කිරීම් සිදුවෙමින් පවතී.

මෙහි වරද ජෝන් ඇමැතිවරයාගේම නොවේ. වරද ඇත්තේ ඔහුට නොගැලපෙන ඇමැති තනතුරු කිහිපයක්ම ලබාදුන් කැබිනට් ප‍්‍රධානීන්ගේය.

කොහොමත් සංවර්ධනයත් සංරක්‍ෂණයත් එකට නොපෑහේ. වැඩිමනත් ඔළුවක් ඇති ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ සිටීම වටී.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles