Divaina - ඡන්දය දෙන මිනිහාගේ නම තිබෙන්නේ කොහේද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

votdසතුටින් කිව යුතුය. මේ වනවිට රටේ ජනතාවට තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වී ඇත්තේ ජනාධිපතිවරණය සහ පළාත් සභාය. ඒ නිසාම මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන්නේ ද ඒ ගැනය. පෙනෙන්නට තිබෙන පරිදි ඒ ගැන වැඩිපුරම අමාරුව ඇති උදවිය දේශපාලනඥයන්ය. කෙසේ හෝ ඊයේ (03 දා* සියලූ පුවත්පත්වල ප‍්‍රධාන පුවතක් බවට පත්ව තිබුණේ ‘පළාත් සභා ඡුන්දය පවත්වන්නට ජනපතිට බලයක් නැත’ යන ප‍්‍රවෘත්තියයි. එහි සඳහන්ව තිබුණේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් අදාළ දැනුම්දීම අගෝස්තු 29 වැනිදා සිදුකරන ලද බවය. එමෙන්ම එම දැනුම් දීම ජනාධිපතිවරයා වෙත යොමු කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කරන්නේ පළාත් සභා ඡුන්ද විමසීමට අදාළව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සැදුම්ලත් සමාලෝචන කමිටුවේ වාර්තාව නොමැතිව සීමා නිර්ණය කමිටු වාර්තාවේ සඳහන් සීමා මායිම් ප‍්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයා සතුව නොමැති බවත්, එම හේතුව මත පළාත් සභා (සංශෝධන* පනත යටතේ පළාත් සභා ඡුන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත්ය. පසුගිය
 
 02 වැනිදා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා නිවේදනය කර ඇති පරිදි දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා ඡුන්ද විමසීම දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජනතාවගේ ඡුන්ද බලය කි‍්‍රයාත්මක කිරීමට ඇති අයිතිය ඔවුනට අහිමි වී ඇති බැවින් කඩිනමින් පළාත් සභා ඡුන්දය පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවය. ජනතාවගේ ඡුන්ද බලය ලබාදීම පිණිස පවත්නා නීතිය ප‍්‍රකාරව ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් ද සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව ද එහි සඳහන්ය.
 
 ඇත්ත වශයෙන්ම මේ සියලූ කාරණා එකින් එක සලකා බලන විට අපට පැහැදිලිවම පෙනෙන කාරණය වන්නේ්, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම කෙසේ වෙතත්, රට පාලනය කරන උදවිය ජනතා අයිතීන් පිළිබඳ තඹයකට මායිම් නොකරන බවය. ඇත්තෙන්ම මෙවැනි විකාර වැඩ නිසා රට තුළ විශාල අවුලක් නිර්මාණය වීම වළක්වාගත හැක්කේද? මේ ගැන වැඩි වශයෙන් කතා කරන දේශපාලනඥයින්ට පමණි. මේ මොහොතේ රට තුළ වැඩි කතාබහකට ලක්ව නැති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ කතාබහ මෙන්ම රටටත් ජනතාවටත් විශාල බරක්ව ඇති පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමට ද ප‍්‍රමුඛතාවක් ලබාදිය යුතු බව අපගේ විශ්වාසයයි.
 
 1987 ජූලි මස 29 වැනි දින ජේ. ආර්. ජයවර්ධන හා රජීව් ගාන්ධි අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම මගින් පළාත් සභා පිහිටුවන ලදුව 1988 දී ඇරඹුණු මෙම පළාත් සභා ක‍්‍රමය අද වනවිට රටේ ආර්ථිකයට විශාල බරක් වී තිබේ. ඊට අමතරව ඒ හරහා සමස්ත රටම පරිපාලනමය වශයෙන් අවුල් ජාලයක් බවට පත්ව තිබේ. මහජන මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බවට පත්ව ඇති පළාත් සභා ක‍්‍රමය රටට ආදරය කරන සියලූ දෙනා එකට එක්ව අහෝසි කිරීමට පෙරමුණ ගත යුතු බව අප අවධාරණය කරමු. වරෙක ජනාධිපතිවරයාම ප‍්‍රකාශ කළ පරිදි මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි කාලයක් වුව ද පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවට වෙන් කරන මුදලින් සංවර්ධන ප‍්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15 ක් පමණ ප‍්‍රමාණයක් බවය. ඒ අනුව පළාත් සභාවලට වෙන් කරන මුදලෙන් සියයට 85 ක්ම වෙන් වන්නේ පුනරාවර්තන වියදම් හා නඩත්තු වියදම් සඳහාය.
 
 ඇත්තෙන්ම කිවහොත් පළාත් සභා පිහිටුවීමත් සමගම සිදුව ඇත්තේ එතෙක් නොතිබුණු අන්දමේ අමුතුම පරිපාලනමය ගැටලූ කිහිපයක් ඉස්මතු වීම පමණකි. කොටින්ම කීවොත් රටේ ජනතාවට අඬන්නට, හිනා වෙන්නට මරා ගන්නට අලූත් ප‍්‍රශ්නයක් නිර්මාණය කර දීමය. දැන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරනවාට අමතරව දැන් ගමට පළාතට ද හොරු, මංකොල්ලකාරයන්, ¥ෂිතයන්, ස්තී‍්‍ර ¥ෂකයන් පත් කර ගන්නට ද ජනතාවට අවස්ථාව තිබේ. මේ අවුල් සහගත තත්ත්වය නිසා රටේ දේශපාලන සංස්කෘතිය ද අවුලෙන් අවුලට ගොස් තිබේ. ගමේ, පළාතේ පාරක්, බෝක්කුවක්, පාලමක් හදන්න ගිය විට කොටසක් මධ්‍යම ආණ්ඩුවේය. තව කොටසක් පළාත් සභාවේය. තව කොටසක් ප‍්‍රාදේශීය සභාවේය. අන්තිමේදී කරන වැඬේ බාගෙටය. එහෙමත් නැති නම් ලක්ෂ
 
 ගණනක කෝටි ගණනක ගසා කෑමක්ය. දැනට පවතින පාසල්වලට අමතරව, පළාත් සභා යනුවෙන් ද පාසල් තිබේ. ඒවා ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමක් නැත. කාගෙ කාගෙත් වාසනාවට පළාත් සභාවලට තවමත් (අවධාරණය කරමු! ‘තවමත්* ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබාදී නැත. එසේ වී තිබුණා නම් ලියැවෙන්නේ මීට වඩා වෙනස් ආකාරයකටය. පළාත් සභාවලින් අමාරුවෙන් හෝ යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් කළ පසු ඒ ගැන සඳහන් නාම පුවරුවක් කියවා බලන්න යැයි අපි ඔබට ඇරයුම් කරමු. එවැනි පුවරුවක ජනාධිපති, අගමැතිවරයාගේ සිට ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා, රාජ්‍ය ඇමැතිවරයා, පළාත් සභා ඇමැතිවරයා, පළාත් සභා මන්තී‍්‍රවරයා, ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා, මන්තී‍්‍රවරයා ආදී වශයෙන් බොහෝ නම් දක්නට ලැබේ. රට සංවර්ධනය කරන්නට, බදු මුදල් ගෙවන මිනිහාගේ නම? ඒ නම ඇත්තේ කොතනදැයි ඡුන්දෙ දා ගෙදරට එන අපේක්ෂකයාගෙන් ඔබ ඇසිය යුතුය.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles