Divaina - දරුවන්ට සුරක්‍ෂිත රටක්‌ හීනයක්‌ පමණයිද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

අප රටට ශිෂ්ට සම්පන්න අතීතයක්‌ තිබිණි. ආගම ධර්මයට මුල්තැන දීම මෙන්ම ඒ හා බැඳුණු සංස්‌කෘතිය තුළ යහපත් පවුල් පසුබිමක්‌ නිර්මාණය වී තිබිණි. එම පවුල් සංස්‌කෘතිය තුළ දරුවන්ට නිදහසේ වැඩීමටත් ඔවුන්ගේ ළමා කාලය සුන්දරව ගත කිරීමටත් අවස්‌ථා හිමිය.
 
 නමුත් අද වන විට මෙම තත්ත්වය වෙනස්‌ වී තිබේ. අප රටේ දරුවන්ගේ සුරක්‍ෂිතභාවය පමණක්‌ නොව ඔවුන්ගේ ජීවත්වීමේ නිදහස ද අහිමිව යමින් තිබීම දරුණු ෙ€දවාචකයකි.
 
 මීට සතියකට පමණ පෙරදී වයික්‌කාලේ පියකු 09 හැවිරිදි සහ 06 හැවිරිදි පුතුන් දෙදෙනාට වස පොවා ඔහු ගෙල වැලලාගෙන තිබිණි. මෙකී සිද්ධියට මූලික වී තිබුණේ පවුල් ආරවුලකි.
 
 මේ අතර පසුගිය 27 වැනිදා උඩප්පුව ප්‍රදේශයේ නරුමයකු දහනව හැවිරිදි දියණියක සහ අට හැවිරිදි පුතකු ඝාතනය කර තිබුණේ කඩුවලින් කපමිනි. නිවෙසක වැසි වතුර ගලා යැමේ සුළු සිද්ධියක්‌ මීට ආසන්නම හේතුව වී තිබිණි. නරුමයාගේ ඉලක්‌කය වූයේ ඝාතනයට ලක්‌ වූ දරුවන්ගේ දෙමාපියන් ය. සිත්පිත් නැති මෙම නරුමයා දෙමාපියන් හමු නොවුන තැන දරුවන්ගෙන් පළිගෙන තිබිණි.
 
 ධර්මද්වීපය ලෙස හැඳින්වුණ අප දේශය නරුමයන්ගේ සහ පාපතරයන්ගේ දඩබිමක්‌ බවට පත්වීම අතිශය කනගාටුදායකය. මෙවැනි සිද්ධීන් නතර කර ගැනීම සඳහා පුළුල් කතිකාවක්‌ ගොඩනගා ගත යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා සියලු දෙනා එළඹි සිsහියෙන් කටයුතු කළ යුතුය.
 
 දරුවන් යනු රටට සම්පතකි. එසේම අප රටේ ඊළඟ පරම්පරාව නිර්මාණය වන්නේ ද මෙම දරුවන් අතිනි. එනිසාම හොඳම දේ දරුවන්ට ලබාදිය යුතු යෑයි ප්‍රකාශ වුවද එවැන්නක්‌ සිදුවන බවක්‌ නොපෙනේ.
 
 ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් පිහිටුවා ඇති අණ පනත් කිහිපයකි. මෙම පනත් අතුරින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්‍ෂණ පනත, 2005 අංක 34 දරන ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීමේ පනත, 2008 අංක 16 දරන සුනාමි (විශේෂ විධිවිධාන) පනත හා ළමා හා යෞවනය ආඥ පනත ප්‍රධාන පනත් වේ. මෙවැනි පනත් මගින් දරුවන්ට සිදුවන ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම බලාත්මක කර තිබුණද, දරුවන්ට එල්ල වන හිංසා සම්බන්ධයෙන් පැමිණිලි වල අඩුවක්‌ ද නැත. 2018 වසරේ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට වාර්තා වුණු ළමා හිංසන පැමිණිලි ගණන 9512 කි. මේ අතරට විවිධ හිංසා 2622, කුරිරු ක්‍රියා 2413, අනිවාර්ය අධ්‍යාපන 1267, ලිංගික අතවර 555, දරුවන් නොසලකා හැරීම 536, බරපතළ ලිංගික අපයෝජන 375, බාල අපරාධ 374, හිඟමනේ යෙදවීම 315, අතවර 311, ළමා කම්කරුවන් 262, ජාවාරම් ක්‍රියා 125, නීත්‍යනුකූල භාරකාරත්වයෙන් පැහැර ගැනීම 120, ගෘහස්‌ත හිංසන 104, පැහැර ගැනීම් 45 ක්‌ සහ අසත්‍ය ප්‍රකාශන සඳහා දරුවන් යොදා ගැනීමේ සිද්ධීන් 15 ක්‌ ද ඇතුළත් වේ.
 
 2010 වර්ෂයේදී ළමා අපයෝජන පිළිබඳව පැමිණිලි ලැබී තිබුණේ 3892 කි. එය 2017 වසරේ පැමිණිලි 9014 ක්‌ ලෙස වැඩි වී තිබිණි. 2018 වර්ෂයේදී එම පැමිණිලි ප්‍රමාණය 9512 දක්‌වා ඉහළ යැමෙන් පෙනෙන්නේ ලංකාව තවදුරටත් දරුවන්ට සුරක්‍ෂිත දිවයිනක්‌ බවට පත්නොවෙමින් පවතින බවය.
 
 ළමා අපයෝජන සහ අපරාධ වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවුල් ආරවුල් මෙන්ම ගෝත්‍රික ලක්‍ෂණ ඉස්‌මතු වූ සමාජ වටපිටාවක්‌ අප රට තුළ නිර්මාණය වී ඇති නිසාවෙනි. අප රටේ පොලිස්‌ ස්‌ථාන බොහෝමයකටට වැඩියෙන්ම ලැබෙනුයේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිළිය. දරුවන්ගේ ජීවිතවලට සෘජුව බලපෑම් සිදුකරන මෙවැනි ක්‍රියා අප රටේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. පවුල් ආරවුල් නිරවුල් කිරීම සඳහා ප්‍රමාණික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන තෙක්‌ දරුවන්ගේ ජීවිත ද සුරක්‍ෂිත නොවනු ඇත. එනිසාම අප රටේ දරුවන් කායිකව සහ මානසිකව අගාධයට ඇද දමන මෙම අසංස්‌කෘතික ලක්‍ෂණ මුළුමනින් ම නැති කිරීම සඳහා සමස්‌ත සමාජයම අවදි විය යුතුය. ඒ සඳහා ආගමික නායකයන්ගෙන් මෙන්ම දෙමාපියන්ගෙන් ද විය යුතු වගකීම් විශාලය. ලෝක ළමා දිනයට පමණක්‌ කෑමොර දෙන එන්.ජී.ඕ. සංවිධානවලට ද, දරුවන් ගැන පැය 24 ම කෑමොර දෙන දේශපාලකයෝ ද, වචනයට පමණක්‌ සීමා නොවී අප රටේ දරුවන් රැකීමට නිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුය. සේයා ඝාතනයේදී සහ යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කළ අවස්‌ථාවේදී අප රටේ දරුවන් රැකීමට බොහෝ දෙනා විවිධ යෝජනා ඉදිරිපත් කළහ. නමුත් එම දැරියන් දෙදෙනාගේ ඝාතනවල උණුසුම ක්‍රමයෙන් පහව යද්දී ''දරුවන් රකිමු'' යි සමස්‌ත සමාජයම නැගූ හඬ අද නිහඬය. අප අවදි කළ යුත්තේ එම හඬය. ඒ හඬට යථාර්ථවාදී වැඩපිළිවෙළක්‌ නොවන තාක්‌ අප රටේ දරුවන්ගේ හෙට දවස අවිනිශ්චිතය.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles