Divaina - මූල්‍ය කාරක සභාවල මාධ්‍ය සංදර්ශන...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


මෙම වසරේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 29 දෙනකු විදේශගත වීම සඳහා රුපියල් කෝටි හතරහමාරකට ආසන්න මුදලක් වැය කර තිබෙන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මෙම නඩය විදෙස්ගත වීමට ප‍්‍රතිපාදන ලබාගෙන ඇත්තේ පුහුණු වැඩසටහන්වලට සහභාගි වන බව පවසමිනි. මෙම සිද්ධියේ හාස්‍යජනක කාරණය වන්නේ පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අපේ‍්‍රල් 21 වැනිදායින් පසුව ද මන්තී‍්‍රවරු පිරිසක් රුසියාවේ සංචාරයක නිරත වීමය. මේ මොහොත වනවිට ද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු පස්දෙනකු සිටින්නේ වියට්නාමයේය. මොවුන් තමන්ගේ මුදල්වලින් රුසියාවට හෝ වියට්නාමයට යෑම ගැන අපට කිසිදු ඉරිසියාවක් නැත. අපට මොවුන් සම්බන්ධයෙන් ඇති විරසකය වන්නේ මෙම පාදඩ නිලධාරීන් සහ මන්තී‍්‍රවරු තමන්ගේ සතුට වෙනුවෙන් කිසිදු ලැජ්ජාවක් නොමැතිව දිගින් දිගටම මහජන මුදල් කබාසිනියා කරමින් සිටීමය.
 
 රාජ්‍ය ගිණුම් කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ ඇති මූල්‍ය කාරක සභා දෙකෙන් එකකි. තේරීම් කාරක සභාව මගින් නම් කරනු ලබන මන්තී‍්‍රවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විතව පිහිටුවා ඇති මෙම කාරක සභාවේ කාර්යය වන්නේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කළමනාකරණය සහ මූල්‍ය විනය පිළිබඳව සොයා බැලීමය. මෙහිදී සිදුවන්නේ පාර්ලිමේන්තුව මගින් රාජ්‍ය ආයතන වෙත වෙන් කළ මුදල්, වියදම් කළ ආකාරය පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව සමඟ පරීක්ෂා කිරීමය. මෙම කි‍්‍රයාවලිය යටතේ රාජ්‍ය ගිණුම් කාරක සභාව ආයතන 837 ක් විමර්ශනයට ලක් කර තිබේ. මෙම විමර්ශනවලදී රාජ්‍ය ආයතනවල ¥ෂණ, වංචා රැුසක් හෙළිකර ගැනීමට කාරක සභාව සමත් වී තිබේ.
 
 පාර්ලිමේන්තුව මගින් රාජ්‍ය ආයතන වෙත මුදා හරිනු ලබන්නේ භාණ්ඩාගාරයේ ඇති ජනතාවගේ මුදල්ය. එම නිසා මෙම මුදල් වියදම් වන ආකාරය සොයා බැලීමට මහජනතාවට අයිතියක් තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් සිදු කරනුයේ එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය ජනතාව අතරට ගෙන යෑමය. නමුත් අර්බුදය වන්නේ මෙහිදී අනාවරණය වන ¥ෂණ, වංචාවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට හා මහජන නියෝජිතයන්ට එරෙහිව නීති කි‍්‍රයා මාර්ග ගැනීමට කමිටුවට බලයක් නොමැති වීමය. රාජ්‍ය පොදු ව්‍යාපාර කාරක සභාව නොහොත් ‘කෝප්’ කමිටුවට ද අත් වී ඇත්තේ මෙම ඉරණමමය.
 
 රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් මේ වනවිට අනාවරණය කරගෙන ඇති බරපතළම මූල්‍ය අවභාවිතය වන්නේ පසුගිය ආණ්ඩු සමයේදී සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 6300 ක් ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම හා හෝටලයක් ඉදිකිරීමට ආයෝජනය කිරීමය. මින් කිසිදු ලාභයක් අර්ථසාධක අරමුදලට ලැබී නොමැත. ඒ වගේම ‘කෝප්’ කමිටුව හමුවේ අනාවරණය වූ බරපතළම මූල්‍ය වංචාව වන්නේ වර්තමාන ආණ්ඩුව යටතේ සිදු වූ මහ බැංකුවේ බැඳුම්කර වංචාවය. මෙම වංචාවට සම්බන්ධ කිසිවකුට මේ වන තෙක් දඬුවම් ලැබී නොමැත. මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී මුදලකට
 
 ගොඩනැඟිල්ලක් ලබාගෙන ඇත්තේ කාරක සභා නිර්දේශවලට පිටිනි. එපමණක් නොව පිටරටින් කිරි ගවයන් ගෙන්වීමේදී, සහල් ගෙන්වීමේදී සිදු වූ මූල්‍ය වංචා රැුසක කරුණු කාරක සභා හමුවේ අනාවරණය වී තිබේ. නමුත් මේ කිසිදු මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නීති කි‍්‍රයාමාර්ග ගැනීමට කාරක සභාවලට බලයක් නැත. ඇති එකම බලය නිර්දේශ නිකුත් කිරීමය. නමුත් එම නිර්දේශ ද පාර්ලිමේන්තුවේ කාරක සභා අවසන් වාර්තාවලට පමණක් සීමා වී තිබේ. ජනතාවට අවශ්‍ය නම් එම වාර්තා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක.
 
 අද ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන දේශපාලන සංවාදය බවට පත් වී ඇත්තේ ජාතික ආරක්ෂාවය. නමුත් ජාතික ආරක්ෂාව තරමට වැදගත් මූල්‍ය විනය
 
 ගැන කිසිදු සංවාදයක් රට තුළ ගොඩනැඟී නොමැත. ජනතාව ඒ පිළිබඳ ප‍්‍රශ්න නොකරන්නේ ඔවුන්ට මූල්‍ය සාක්ෂරතාව (Financial literacy) සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නිසාය. සාක්ෂරතාවය literacy නොහොත් අකුරු ලිවීමේ, කියැවීමේ හැකියාව සියයට 92 ක් වූවාට රටේ මූල්‍ය සාක්ෂරතාව සියයට 35 කි. මේ නිසා රජයේ මූල්‍ය වංචා ගැන ජනතාවට අවබෝධයක් නැත.
 
 මෙවැනි රටක, පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා මගින් සිදු විය යුත්තේ මූල්‍ය වංචා අනාවරණය කිරීම පමණක් නොව එම වංචාකාරයන්ට දඬුවම් ලබාදිය හැකි පරිදි පාර්ලිමේන්තු යාන්ත‍්‍රණය සකස් කිරීමය. එය සිදු නොවන තාක්, මෙම අනාවරණ මාධ්‍යවල ප‍්‍රධාන සිරස්තලවලට පමණක් සීමා වනු ඇත.


sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles