Divaina - කොරහේ කිඹුල්ලූ පමණක් නොව කොටිත් සිටින වග

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

 

pale333

එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකකරමින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබූ පලෙයි රෝහලේ අධිකරණ වෛi නිලධාරියා හෙවත් සින්නයියා සිවරූබන් මේ වන විට පසුවනුයේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේය.
 
 මෙම දොස්තර සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවද මේ වන විට ඔහුගේ සැබෑ කොටි පුල්ලි මතුවෙමින් තිබේ. මෙම කොටි හිතවාදී දොස්තර කළ අනාවරණයකට අනුව පලෙයි කරන්ඩිය ප‍්‍රදේශයේ සඟවා තිබූ අවි ආයුධ රැුසක් අත්අඩංගුවට ගෙන ඇත.
 
 එම අවි ආයුධ අතර ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක්, අත් බෝම්බ එකොළහක්, පී. ඊ. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ දහයක්, දුරකථනයක් සහ තවත් ආයුධ තිබිණි. කොටින්ම කියතොත් මේ වෛiවරයා හෙළිදරව් කර ඇත්තේ කොටින්ගේ පුංචි ගිනිඅවි ගබඩාවක් ගැන තොරතුරුය. මෙම දොස්තරගෙන් ලද තොරතුරු අනුවම එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ තවත් තිදෙනකු පලෙයි සහ පුදුකුඩුඉරිප්පුවලින් ද ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. එනිසාම ආරක්‍ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී පුළුල් සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කර එල්.ටී.ටී.ඊ. යට පණ දෙන මේ සත්තු ටික කොටුකර ගත යුතුය.
 
 ශී‍්‍ර ලංකාවේ පැවති යුද්ධය නිසා 80000 කට වැඩි සිවිල් පුරවැසියෝ ජීවිතක්‍ෂයට පත් වූහ. ශී‍්‍ර ලාංකික සොල්දාදුවෝ  21000 ක් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළහ. දශක තුනක් තිස්සේ ඇදී ගිය අප රටේ යුද්ධය නතර කරගත හැකි වූයේ වීරෝදාර රණවිරුවන්ගේ ජීවිත කැපවීම නිසාය. අප පරාජය කරනු ලැබුවේ ලොව අංක එකේ අතිබිහිසුණු ත‍්‍රස්ත කණ්ඩායමකි. මෙම ත‍්‍රස්ත කණ්ඩායම පරාජය කළ හැක්කේ යුද්ධයෙන් පමණක් යැයි ‘දිවයින’ කියා සිටි අවස්ථාවේදී ඇතැම් එන්. ජී. ඕ. නඩ පමණක් නොව සමහර දේශපාලනඥයෝ ද අපට ජාතිවාදී ලේබල් ඇළවූහ. නමුත් අවසානයේදී ජයග‍්‍රහණය කළේ අපේ මතවාදය මිස අන් යමක් නොවන බව පැහැදිලිය.
 
 යුද ජයග‍්‍රහණයෙන් පසුව වුවද එල්. ටී. ටී. ඊ. ය යළි නැගී සිටිය හැකි බවට අපි අනතුරු හැඟවූයෙමු. කොටියා යුද්ධයෙන් වගේම මතවාදීව ද පරාජය කළ යුතු යැයි අප පෙන්වා දුන්නෙමු. එහෙත් එය බීරි අලින්ට වීණා ගැයීමක් විය. ඇතමෙක් මෙය අරුත් ගැන්වූයේ කොරහේ කිඹුල්ලූ දැකීමක් ලෙසය. නමුත් කොරහේ කිඹුල්ලූ පමණක් නොව කොටිත් ද සිටින බව කාට කාටත් දැන් පැහැදිලිය. එනිසාම ආරක්‍ෂක හමුදා මෙන්ම බුද්ධි අංශවල කි‍්‍රයාකාරිත්වය දැඩි කොට කොටි සොයා මෙහෙයුම් දැඩි කළ යුතුය. එසේ සෝදිසි මෙහෙයුම් දැඩි කිරීම යළි අප රටේ ත‍්‍රස්තවාදයට එරෙහි කි‍්‍රයාමාර්ගයක් පමණක් විනා උතුර නැගෙනහිර ජනතාවට එරෙහි මෙහෙයුමක් නොවන බව කිව යුතුය. අප එසේ කියන්නේ මෙම කතාවට එන්.ජී. ඕ. පප්පෙක් හෝ හතරෙන් එකේ කාල්මාක්ස් කෙනෙක් වැරදි අර්ථකථන දීමට ඇති ඉඩකඩ වැඩි නිසාය.
 
 මේ අතරතුර වරින්වර දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් තව්හිද් ජමාත් සංවිධානයට අයත් ත‍්‍රස්තවාදීන් ද අත්අඩංගුවට ගන්නා බව වාර්තා වෙයි. ආරක්‍ෂක අංශ සිය මෙහෙයුම් දිගින් දිගටම කි‍්‍රයාත්මක කරමින් මෙම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම ගැන අප සතුටු විය යුතුය. මාවනැල්ලේ බුදුපිළිම කඩා ජාතිවාදී ගින්නක් ඇවිලීමට උත්සාහ කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා ද පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ සමත් වී ඇත. එක අතකින් එල්. ටී. ටී. ඊ. ය හිස එසවීමට වලිකද්දී අනෙක් අතින් සහරාන්ලාගේ ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වීම අප රට මුහුණ දෙන අලූත් අභියෝගය විය හැකිය.
 
 එම අභියෝගය ජය ගැනීමට නව හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලූ ආරක්‍ෂක අංශවලට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles